ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ උනේ.. මමත් ඉතිං සිංහල බ්ලොග් කරුවෙක්නේ..
ලියන්න ටෙක්නිකල් දේවල් ගොඩක් තිබුනත් ලියන්න වෙලාවක් නැ..
කතාව මෙහෙමයි.. සිද්දිය උනේ මම වැඩ කරන workshop එකේ.. සාමාන්‍යයෙන් තේ වෙලාවට කට්ටිය තේ බීලා කතා බහ කර කර ඉන්නවා.. වැඩ කරන අය මාත් එක්ක ටිකක් එකතුයි.. මුලිං trainee කෙනෙක් විදිහට උං එක්ක එකට වැඩ කරපු නිසා හැමෝම බොහොම විවෘත්තව කතා කරනවා..
අද කට්ටියගේ පඩි දවස.. එක්කෙනෙක් තමන්ගේ ඉන්ෂුවරන්ස් එකේ වාරිකය ගෙවලා ඇවිත්.. දැං ඉතිං කට්ටියම ඒ ගැන කතාව.. ඒවයි වාසි, අවාසි අරවා මේවා.. බරටම සාකච්ඡාව යනවා..
මෙහෙම කතාව යද්දි අර අයියා කියනවා..
"දැං බලන්න ඉන්ෂුවරන්ස් එකෙන් අපි ඉස්පිරිතාලෙක නැවතුනත් ගෙවනවා.. හදිස්සියෙන් මට මොනවා හරි උනා.. ඉන්ෂුවරන්ස් එකක් නොතිබ්බා නම් ගෑනියි ළමයිනුයි මට බනි.. මූ කිසි දෙයක් ඉතුරු කරලවත් ගියෙ නැ කියලා.. ඒකටත් එක්ක මම මැරුනොත් මගේ ඉන්ෂුවරන්ස් එකෙන් ලක්ෂ 20ක් දෙනවා.. අඩුම තරමේ මගේ ගෑනිට වෙන කසාදයක් කරං සංතෝසෙං ජීවත් වෙන්න හරි පුලුවං.."
අපේ එවුංටත් කට පියං ඉන්න බෑ.. එකෙක්ට ඇහිලා තියෙන්නේ අර ඉන්ෂුවරන්ස් එක දාලා තියෙද්දි මැරුනොත් ගෑනිට වෙන කසාදයක් කරන් සංතෝසෙන් ඉන්න පුලුවන් කියන එක..
ඉතිං මූ පැනපු ගමන් කියපි,
අඩේ.. එහෙනං මාත් ඉක්මනට මගේ ගෑනිට ඉන්ෂුවරන්ස් එකක් දාලා දෙන්න ඕන :D :D
Aug 26, 2011
Jun 21, 2011
කණියාගේ සටහන අනූනමයෙන් සීයට
කණියාගේ සටහනේ සියවෙනි ලිපියත් ලියවුනා. ලිපි තුන් හාරසීය ලියන අයත් එක්ක සීයක් ලියපු එකත් කජ්ජක්ද.. ඒත් මම අද ඇත්තටම සතුටු වෙනවා මගේ බ්ලොග් එක කියවපු කෙනෙක් ඒකෙන් මොකක් හරි දැනුමක් හෝ අත්දැකීමක් තමන්‍ගේ ජීවිතයට ගන්න ඇති කියලා. මොකද මම කවදාවත් ලියපු දෙයකින් තවත් කෙනෙක්ට වැරදි මාර්ගයක යන්න අනුබල දීමක් සිදු කලේ නැ.
මේ දවස් වල සිංහල බ්ලොග්කරණය ගැන ලියන්න හිතුනා, කියවලා තමන‍්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.
බ්ලොග් කරණය සදාචාරාත්මකව සිදුකල යුතුයි කියන මතයේ මම එදා ඉඳන්ම හිටියා. නමුත් අද සමහරෙක් මේ සදාචාරාත්මක භාවය පිලිබඳ කිසි සැලකිල්ලක් නැ. උදාහරණයක් විදිහට ගන්නවා නම් සමහරු බ්ලොග් එකේ තමන්ගේ වීරත්වය පෙන්වන්නේ තමන් බේබද්දෙක් කියන එක මුලු රටටම කියාපාමින් (බොන හැම එකාම මෙහෙම නැ). නැත්නම් තමන් කරපු බලු වැඩක් මහා වීරකමක් විදිහට බ්ලොග් එකේ දාන එකත් දැං එක්තරා ෆැෂන් එකක් වෙලා. අනිත් කාරණය තමයි බ්ලොග් එක මගින් අනිත් අයගේ අනුකම්පාව දිනාගැනීම. බ්ලොග් එකක් තියෙන්නේ තමන්ගේ දුර්වලකම්, අඩුපාඩු වැනි දේවල ප්‍රදර්ශනය කරන්න නෙමෙයි.
අනික තමයි තමන්ගේ බ්ලොග් එකෙන් මොකක් හරි දෙයක් හෝ අදහසක් තමන්ගේ පාඨකයන්ට ඉදිරිපත් කලා නම් ඒවාට ලැබෙන සදාචාරාත්මක ප්‍රතිචාර වලට උත්තර දෙන්න අපි බැදී සිටිනවා. කමෙන්ට් වලට බයේ පැනලා යන එක නෙමෙයි කරන්න ඕනා. ඒත් කවුරු හරි කුනුහරුප කමෙන්‍ට් එකක් දාලා ගිය පලියට ඒක පබ්ලිෂ් කරලා ඒකට උත්තර බඳින එක මගේ මතයට අනුව නම් වැරදියි.
මේ මම කිවුවේ මම දකින වැරදි.. ගොඩක් අය එහෙම නැ කියන එකත් ගොඩක් සතුටින් කියන්න ඕනා. ඒත් කිරි හැලියට එක ගොම බිංදුවක් වැටුනා නම් හොදටම ඇති.
සියලු බ්ලොග්කරුවන්ට කාරියන්ට සුබ අනාගතයක්!! ඒ වගේම මේ ලියන අයට මීට වඩා වටිනාකමක්, පිලිගැනීමක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

Jun 15, 2011
පන්සලට නැති ගෞරවය දේවාලයට..
ඉස්සර ටෙක්නිකල් ලිපි වලට මූලිකත්වය දුන්නත් බ්ලොග් එකක් ඇත්තටම තමන්ගේ පුද්ගලික අත්දැකීම් වලිං සම්පූර්ණ වෙන්න ඕනා කියන කාරණය නම් මම තරයේම විශ්වාස කරනවා. අපි මගතොටදී කොයි තරම් සිදුවීම් වලට මුහුණපානවද.. මේත් ඒවගේම මම දැකපු දෙයක්..
මම මගේ සේවා ස්ථානයට යන්නේ බස් එකේ. පාර ඇවිල්ලා 224 (නිට්ටඹූව-ගිරිඋල්ල). මම වැඩිය බස් වල ගමන් කරන්න පුරුදු උන කෙනෙක් නෙමෙයි. කෝච්චියෙම තමයි ගමන. ඒත් ඉතිං මට ඕන හැම තැනටම කෝච්චි නැති නිසා බස් එකේ යනවා :D
මුලින් දවසක් දෙකක් බස් එකේ ගියා.. බස් එකේ මිනිස්සු ගැන එච්චර අයිඩියා එකක් නැ. මොකද පලවෙනි දවසෙම මට වැරදිලා හෝල්ට් එකක් පහු වෙලයි බැස්සේ. ඉතිං බහින තැන ගැන අවධානයෙන් ගියා මිසක් යන මිනිස්සු ගැන ගානක් නැ..
දවසක් දෙකක් යනකොට පාර ටිකක් හුරුයි.. දැං ඉතිං යන අතරේ බස් එක නිරීක්ෂණය කරනවා.. දවසක් අහම්බෙන් වගේ මම දැක්කා බස් එකේ බොහෝ දෙනෙක් එකපාරටම ඉඳගෙන ඉන්න සීට් එකෙන් පොඩ්ඩක් ඉස්සෙනවා.. නිකං පස්ස පැත්තේ මොනවා හරි ඇනෙනවා වගේ :D මම ෆුල් හොල්මන්.. දෙවනි දවසෙත් බැලුවා.. බැලින්නම් බස් එක දේවාලයක් පහු කරන් යනවා.. ඒ දේවාලෙ බලේට තමා කට්ටිය උඩ යන්නේ..
ඔය යන පාරෙම ලස්සන පන්සලක් තියේ.. මුං නැගිටිනවා තියා බලන්නෙවත් නැ... මේකට හේතුව විදිහට මම නම් දකින්නේ මිනිස්සුන්ගේ බය. දේවාල වල මම දන්න තරමින් නම් ඉන්නේ යක්කු. මොකද දෙවිවරු කවදාවත් ඔය වගේ කලුවර දුං වැදිච්ච තැන් වල ඉන්නෙ නෑ..
මේ පින්බර පොසොන් පෝය දිනයේ වත් මේ මිනිස්සුන්ගේ මිත්‍යාදෘෂ්ටික මති මතාන්තර නැති වේවායි පතනවා.
සැමට සම්මා සම්බුදු සරණයි !

Labels:
Kaniya,
Loard buddha,
Poson
Jun 14, 2011
ලක්ස් තියේද?
මේකත් මම ඉන්න වර්ක්ෂොප් එකේ සිද්දියක්. අපේ ඉන්නවා ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්. වැඩිය වයස නැ, තනිකඩ කොල්ලා. හැබැයි මනුස්සයාගේ පොඩි අවුලක් තියේ. සමහර වචන උච්චාරනය කරන්නේ වරද්දලා. මේක ඇවිල්ලා ඒ නිසා උනු ඇබැද්දියක්.
අපේ workshop එකේ තියෙන පොඩි store room එකේ නැති දෙයක් ගන්න Main store room එකට යන්න ඔනා. ඒකට අවශ්‍ය දේ Material request එකක් විදිහට ඉංජිනේරුවාගෙන් අරන් යන්න ඕනා.
ඉලෙක්ට්‍රිකල් වැඩ වලට අවශ්‍ය දෙයක් තමයි වයර් කනෙක්ට් කරන ලග් (electrical lug). මේවා වගයක් නැතුව අපේ ඉලෙක්ට්‍රිෂියන් ඉංජිනේරුතුමා ගාවට ගියා Material request එකක් ලියාගන්න.
ඉංජිනේරු මහතා: මොනවද දැං ඕන?
ඉලෙක්‍ට්‍රිෂියන් : මහත්තයා ලක්ස් ඕනා..
ඉංජිනේරු තුමාටත් එවෙලෙ පොඩ්ඩක් මීටරේ අවුල් ගිහිං අරකේ Lux කියලා ලියලා.
දැං අපේ බුවා අර කොලෙත් අරං යනවා main store room එකට.. ගිහිං දුන්නා අරක. ඒකෙ ඉන්න කොල්ලා කියනවා.. අනේ අයියේ ලක්ස් නම් නැ සන්ලයිට් නම් තියේ.. හැබැයි වෙනදට සබන් ගෙනියන්න එන්නේ නම් උපුල්.. (උපුල් කිවුවේ අපේ tool keeper)
වැඩේ වැරදුනා කියලා මිනිහට තේරිලා තියෙන්නේ එතකොට තමා..

Electrical,
Lug,
Lux,
sinhala,
Workshop