ඒක නෙමෙයි.. ඔන්න අපිත් ගොඩ කාලෙකින් ගියා trip එකක්.
සංවිධානය මීරිගම Beetaacom Multimedia Computer Studies ආයතනයෙන්.
trip එක ගැන කියන නම් ඉතින් ආයෙ full ආතල්. අපි හෝටන් තැන්නෙ ඇවිදින ගමන් ඉතින් පුංචි ලෝකාන්තය, ලෝකාන්තය & බේකස් ඇල්ල එහෙමත් බැලුව. සෙට් එක කොච්චර වාසනාවන්තද කියනව නම් ලස්සන මල් වැස්සක් එක්ක තමයි අපි හෝටන් තැන්නෙ ඇවිදින්න පටන් ගත්තෙ. පොඩ්ඩක් පාරවල් නම් යට උනා තමයි, ඒත් ඉතින් ජිවිතේ හැටි ඔහොම තමයි. මොනව උනත් පුදුම සීතලක් තමයි තිබුනෙ. හිතාගන්න පුලුවන්නෙ වැස්සෙන් නාල, එහෙම්මම නුවර එලියෙ සීතල දැනෙනකොට කොහොමද කියල. මම ඉතින් වීරය වගේ ජර්සි එකක් වත් තැතුව ගියෙ. පොඩ්ඩක් විතර වෙව්ලුව.. වැඩිය නැහ් :D
බස් එකේ ටයර් එකක පොඩි අවුලක් ගියා. මේ එවෙලෙ ගත්තු පොටෝ වගයක්.
තව දෙයක් කියන්න තියෙනව, හෝටන් තැන්නට ගන්න ටිකට් එක නම් ඇත්තටම ගනන් වැඩී..(100ක්)
කොහොම උනත් අපේ රටටමනෙ කියල හිත හදාගන්න එකයි තියෙන්නෙ.
මෙතන තමයි හෝටන් තැන්නෙ පිවිසුම. අපි මෙතනින් තමයි දවල්ට කෑවෙ. කට්ටියම බත් ගෙනත් තිබුන. මතක් කරල හෝටන් තැන්නට යනව නම් කෑම අරන් යන්න. ලඟ කඩයක් තියෙනව, කෑම නම් පට්ට ලාබයි, හෙහ් හෙහ්..
ආ.. මේ ඉන්නෙ අපේ සංවිධායක මණ්ඩලය, මෙයාලගෙ කැපවීම නිසා තමයි අපිත් ට්‍රිප් එක ගියෙ..
මෙයාලට ගොඩාක් පින්. හෙහ් හෙහ්..
මොනව උනත් හෝටන් තැන්න කියන්නෙ අපේ ජාතික වස්තුවක්...
බලන්න යන්න, ගිහින් ඒකෙ සුන්දරත්වය විදින්න. හැබැයි විනාස කරන්න නම් එපා......

4 ප්‍රතිචාර:
කික්ම තමයි... අපි අපේ සංවිධායක මණ්ඩලයට ආදරය කරන්න ඕන... Trip එක නම් ෆුල්ම ෆුල් ආතල්... ඒකෙ කතා දෙකක් නෑ....
ඒකයි මේ හොරේ................
මම බැලුවේ කොහොමද තැන දැනගත්තේ කියලා..........හහ් හහ්.................
හම්.........
Kaalekata passe mata me photo tika balanna hithuna :D e para thamai me patas gaala umbe adawiyata gihin balala , (2843 722125 424252) , comment ekak demme :D
Post a Comment
Thanks for your comments :)