Apr 11, 2009

අවුරුදු ලඟ එනවෝ!!!!!!

මල කෙලියයි... දන්නෙම නැතුව අවුරුද්දත් කට ලඟටම ඇවිත්..
අවුරුද්දත් අපේ වෙලාවට තිබුනෙ.. නැත්නම් ඉතින් ඇඳුමක් අරගෙනත් ඉවරයි..
අපි ඉතින් අලුත් ඇඳුමි ගන්නෙ අවුරුද්දකට පාරක්නෙ.. හෙහ් හෙහ්....
කොහොම හරි මමත් මගේ ජාතික ඇඳුමෙන් දෙකක් විතර ගත්ත.
හැබැයි මගෙ ජාතික ඇඳුම නම් සරමයි අර මොකක්ද එකයි නම් නෙමෙයි, ඩෙනිමයි Tshirt එකයි.
ඕකෙන් අවුරුද්දක් රන් කරන්නත් ඕන..
ඉස්සරහට එන අවුරුද්ද නම් අපේ රටට හොඳයි වගේ.. යුද්දෙ ඉවර වෙනව නම් ඕන කෙහෙල්මලක්.
අද ලංකාදීපෙ ලග්න පලාපල වල හැටියට මට නම් සුභයි, 1st year exam එක ගොඩ යයි වගේ.. :D:D

ඉස්සර නම් මට මතකයි අවුරුදු ලං වෙනකොට කොහා එහෙම කෑ ගහනව, හැබැයි දැන් මට පේන විදිහට කොහාගෙත්
timing controller එක අප්සෙට් ගිහින් වගේ.. දැන් කොහා කෑගහන්නෙ අවුරුදු ඉවර උනාම.
ඔහොම ගියොත් තව ටික කාලෙකින් කොහා වෙසක් එකට කෑ ගහන්න පටන් ගනී..
එක අතකින් කොහාගෙ පැත්තෙන් සාධාරණයි මේ රටේ සිද්ද වෙන දේවල් වල හැටියට....
කවුද මේවට වග කියන්නෙ??? හෙහ් හෙහ්...

2 ප්‍රතිචාර:

චින්තක said...

ඔහොම ගිහින් ගිහින් කොහාට ලංකාවට එන්න අමතක වෙලා මැඩගස්කරේ පැත්තට ගිහින් අඩපු දාට තමයි නියම වැඩේ. . .
timing upset, landing upset.!!! කොහාට නෝ ඇඩ්රස්!!

Prabhath said...

කොහාගෙ Timing කෙසේ වෙතත් අපිනම් Right time වැඩ....
ඒ නිසා දැන් කොහාගෙන් වැඩක් නෑ. අපි අවුරැදු කනවා (ඇත්තටම අවුරැද්ද අපිව කනවා..........)

Post a Comment

Thanks for your comments :)