May 27, 2009

3G දුරකතනයක නියම ප්‍රයෝජනය

හම්මෝ.. laptop එක නැතුව දවස් 3ක් ඉන්නව කියන එකත් ලේසි වැඩක් නෙමෙයි..
ඒවයින් දැන් වැඩක් නෑ, සීන් එක උනේ අද train එකේදි, මම කොටුවෙන් නැග්ග කුරුණෑගල train එකට.
නැග්ග වෙලේ ඉදන් ඉතින් මගෙ වැඩේ තමයි බෙල්ල කැඩෙනකන් වටපිට බලන එක. මම දන්නව වෙලාවක මාව අල්ලන් යනව ත්‍රස්තවාදියෙක් කියල :D :D
කොහොම හරි මම හිටපු පෙට්ටියෙ හිටිය ගොලු අයියල දෙන්නෙක්, ඒ දෙන්න එයාලගෙ බාසාවෙන් බර කතාවක්. මමත් ලගමයි හිටියෙ, එකපාරටම එක්කෙනෙක් ගත්ත 3g phone එකක්, මෙන්න ඒ පාර එයාලගෙ තවත් යාලුවෙක් එක්ක 3g වලින් කතා කරනව. අරෙහෙට මෙහෙට අත් හොල්ල හොල්ල වීඩියෝ වලින් කතාවක්. voice නෑ, එයාලගෙ බාසාවෙන් කතාව....
මම ඉතින් මග දිගට කල්පනා කර කර ආවෙ අපේ කොල්ලො ආතල් එකට තියන් ඉන්න 3g phone වලත් කොච්චර වටිනාකමක් තියෙනවද කියල....

11 ප්‍රතිචාර:

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

සංවේදී සිදුවීමක්

ඉ-නැණ පියස said...

හ්ම්....

Udara || උදාර මදුෂංක said...

ඇත්තම කිව්වොත් මාත් මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ... මං නම් මේ වගේ සිද්ධින් හැමදාම දකිනවා... මොකද මම වැඩ කරන්නේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ සංවිධානයක් එක්ක නිසා... පුළුවන් වෙලාවක මාත් පෝස්ට් එකක් ලියලා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාන්නම්කෝ හැමෝටම 3ජී වල අගේ පේන්න...

පොතේ ගුරා said...

ඇත්තටම අපි නොහිතන පැත්තක්..පුංචි සිදුවීමක් උනත් හිත ඇදගන්න දෙයක්..

Kanishka said...

මටත් පොටෝ එකක් ගන්න ආස හිතුන, ඒත් දැන් කාලෙ ආරක්ෂක තත්ත්වෙ හැටියට ටිකක් බය හිතුන. ෂුවර් නෑනෙ :D :D

ගයන්ත said...

අන්න 3G...

deeps said...

හැමොටම පෙන්නන්න විතරක් 3G phone අතේ කටේ එල්ලගෙන යන එව්න්ගෙ phone STF දාල හොරකම් කරල මේ වගේ අයට දෙන්න ඔනෙ

නුවන් චින්තක said...

ඇත්තටම ඒ 3G භාවිතය කොතරම් සංවේදී ද? මට නම් මෙය නැවුම් අදහසක් කොට සලකනව අනාගත 3G භාවිතය පිළිබදව ඡංගම දුරකථන සමාගමක දැන්විමක සිදුවීමකට

Kanishka said...

@ deeps, අනිවා මචන්, මගෙන් full support ඔය කියන වැ‍ඩේට :D :D

@ නුවන්, නරකම නෑ මචන් අයිඩ්යා එක..

Sanjaya said...

Ape gedarata udaha gedara Gayan aiya gena uba dannawane kani. Eyath ohoma 3G calls gannawa. Eyage yaluwo godak eyalage gedara enawa. Eyalath 3G walin loku prayojanayak gannawa. E wagema eyala Vedio MMS ewanawa. Apitath oka dakka mula dawase (danata masa ganakata kalin) godak puduma hithuna

Kanishka said...

හම්... මටත් මතකයි එයාව... කොහොම හරි එයාලට ඒකෙන් හොදක් වෙන එක ගැන සතුටුයි මට නම්...

Post a Comment

Thanks for your comments :)