May 24, 2009

මගේ කොම්පියුටර් ඉතිහාසය...

ශාකුන්තලට ස්තුති කරන්න ඕන මේ වගේ මාතෘකාවක් ඇදල ගත්තට. ආ.. ඒ වගේම උදාරටත්.
මෙන්න මේකයි මගේ කතාව..
මමත් පුංචිම තැනෙන් පටන් ගත්තු කෙනෙක්, කොහොම හරි එතකොට මම 6 වසරෙ (1999) විතර ඇති, නිවාඩුවකට අම්මලත් එක්ක ගමේ ගියා.. ඒ පැත්තෙ අපි අදුරන ගෙදරකට ගියා, මෙන්න බොලේ තියෙනව අමුතුම භාන්ඩයක්..
‍කොම්පියුටර් වල රූප දැකල තිබුනට එදා තමයි ඇත්තටම එකක් මේ තරම් ලගට දැක්කෙ..
කොහොම හරි ‍කොම්පියුටර් ගැන මම දන්න දෙයක් තිබුනෙ නෑ එතකොට,
කොහොම හරි ආසාවක‍ට වත් ඒක අල්ලන්න හම්බුනේ නෑ ම‍ට.
මම එදා හිතාගත්ත කොහොම හරි ‍කොම්පියුටර් ගැන ඉගෙන ගන්නව කියල. ඒ කාලෙ මට මතක විදිහට විජය පත්තරේ ගියා පොඩි ලමයින්ට ‍කොම්පියුටර් උගන්නන ලිපි පෙලක්.. ඒක තමයි මගෙ ‍කොම්පියුටර් ඉගෙන ගැනීමේ මූලික පියවර..
‍කොම්පියුටර් වල ඩෙස්ක්ටොප් එකේ රූප එහෙම දැක්කම පිස්සු වගේ ඒ කා‍ලෙ..
ඊට පස්සෙ කොහොම හරි අපේ ඉස්කෝලෙට හම්බුනා කොම්පියුටර් 4ක්. එතකොට මම 7 විතර ඇති, අ‍පේ පන්තිය භාර ටීචර්ට තමයි කොම්පියුටර් කාමරය භාර උනේ, ඒක නිසා අපිට ගොඩක් චාන්ස් හම්බුනා කොම්පියුටර් එක්ක වැඩ කරන්න..
ඒ දවස් වල අර විජය පත්තරේ ලිපිමයි කියවන්නෙ.. හොදට ඒව බලාගෙන තමයි ඉස්කෝලෙට ගියෙ.මේ දවස් වෙනකොට කොම්පියුටරයක් ගැනීමේ අ‍වශ්‍යතාවය තදින්ම දැනිල තිබුන, මේ අතරෙ තමයි අපේ බාප්ප කෙනෙක් ආරන්චියක් අරන් ආවෙ කොම්පියුටර් 2ක් පන්සලක ස්වාමින්වහන්සේ කෙනෙක් විකුනනව කියල. එකක් පෙන්ටියම් 1, ඒක 8000ක්, අනික 486 එකක්, ඒක 7000ක්. මම පෙන්ටියම් 1 එක ගන්න තීරණය කලා.. බාප්ප 486 එක ගත්ත.
පෙන්ටියම් 1 කිව්වට පස්සෙ කාලෙකදි තමයි දැනගත්තෙ ඒකත් 486 එකක්මයි කියල.
මේ තියෙන්නෙ ඒකෙ කන්‍ෆිගරේෂන් එක.
486 DX/4 (100 MHz), 16 Mb Ram, 546 Mb HDD, CD ROM (4X), Creative ISA sound card, Oak technology VGA card (512 KB memory) තව 3.5 floppy drive එකකුත් තිබුන. windows 95, office 97, පොඩි පොඩි ගේම්ස් ටිකක් එහෙමත් තිබුන..
ඇත්තමයි මම ඕකෙන් තමයි මගෙ කොම්පියුටර් ජීවිතේ පටන් ගත්තෙ, පණ්ඩිත වැඩ කරන්න ගිහින් windows වලට කෙල උන වාර ගනන අනන්තයි, හැම පාරකටම windows දාන්න රුපියල් 500යි. දෙතුන් පාරකින් පස්සෙ තාත්ත තීරණය කරා ම‍ට සල්ලි නොදෙන්න, දැන් ඉතින් මොනව කරන්නද මාසයක් විතර ට්‍රයි කරල ඒකත් කොහොම හරි ඉගෙන ගත්ත..
ඊට පස්සෙ ඉතින් සතියකට පාරක් අනිවා windows දානව. ඔහොම ටික කාලයයි දිව්වෙ, නොහිතපු වෙලාවක hard disk එකට කෙල උනා.. දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද, මම බැස්ස කෙලින්ම DOS වලට.
CD ROM එක තිබුන නිසා DOS games collection එකක් තියෙන CD එකක් හොයාගත්ත, startup disk එකෙන් boot කරල CD එක දාල game ගහන්න ගත්ත. හැබැයි මේ කාලෙ DOS ගැන ගොඩක් දේවල් හෙව්ව, ඒ වගේම DOS ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත...



පස්සෙ කාලෙක ආයෙත් 516 MB hard disk එකක් ගත්ත. windows 95 පාවිච්චි කරන කාලෙ මම windows 3.1 එකත් දාල බැලුව, ඒත් ඒක දවසෙන් එපා උනා.. වැඩ කරන්න හෙන අමාරුයි, ඒත් ඒකත් හොද අත්දැකීමක්..
මේ කොම්පියුටරේ mother board එක ඇරෙන්න අනික් හැම දෙයක්ම තාමත් වැඩ.


කොහොම හරි 2004දි විතර මම Pentium 1, 200 MHz IBM Desktop pc එකක් ගත්ත. නියම pc එකක්, යකා වගේ වැඩ. මේකෙදි තමයි මම හරියටම windows 98 වලට මාරු උනේ. කලින් 486 එකටත් 98 දැම්ම, ඒත් ඒකෙ 98 ගොඩක් ස්ලෝ, Windows 95c කියන version එක තමයි පාවිච්චි කලේ. ඕවයි ඔරිජිනල් bootable CD වල කොපි තාමත් මම ගාව තියෙනව.
අර IBM එකට (ඒකෙ ‍නම IBM PC 300GL) මම windows Me, Windows 2000 එහෙමත් දැම්ම. XP දාන්න විදිහක් තිබුනෙ නෑ, Ram එක 32Mb තිබුනෙ.

පස්සෙ මම parts ගෙනත් තනියම PC එකක් ඇසෙම්බල් කලා.. ඒකෙ මුලින් win98, XP dual boot system එකක් විදිහට පාවිච්චි කරත් අන්තිමට XP වලටම මාරු උනා.. ඔහොම ඉන්නකොට Vista ආව, ඒත් vista දාන්න හම්බුනේ නෑ මගෙ PC එකේ Ram එක මදි නිසා..

ඒකත් අවුරුදු 4ක් විතර ඇද්ද, campus යන්න පටන් ගත්තට පස්සෙ laptop එකකට ආස හිතුන, අන්තිමට බොහොම අමාරුවෙන loan එකක් දාල මේක ගත්ත. Lenovo 3000 N500 තමයි model එක. දැන් දුවන්නෙ Vista Genuine software. ලගදිම Windows 7 වලට මාරු වෙන්න අදහසක් තියෙනව, අපි බලමුකෝ....



ඕක තමයි මගේ කතාව, වෙලාවකට හිතෙනව මීටත් කලින් කොම්පියුටරයක් හම්බුනා නම් කියල...
ලියන්න නම් තව ගොඩක් සිද්ධි තියෙනව, ඔක්කොම ලියන්නත් අමාරුයි.
ඒත් ආපස්සට හැරිල බලනකොට නම් ගොඩක් සතුටුයි..

10 ප්‍රතිචාර:

ශාකුන්තල said...

බලාගෙන ගියාම මාර මාතෘකාවක්නෙ මම ඇදගෙන තියෙන්නෙ. :)
අළුතෙන් ක්ෂේත්‍රයට එන ගොඩක් අය නොදන්න කරුණු එළියට එනවා. ඒ අය ආස වෙයි කියවන්න. ස්තුතියි පිළිතුරු ලිපියට. :)

බ්ලොග් ලිපියකට පිළිතුරු ලිපියක් ලියනකොට මුල් ලිපියේ අග තියෙන Create a Link කියන ලින්ක් එක හරහා එන්න. එතකොට ඒකෙන් පිළිතුරු ලිපියට එන්න ලින්ක් එකක් හැදෙනවා. එහෙම කළාම කියවන අයට අවස්ථා සම්බන්ධය හොයාගන්න ලේසියි. දැන් අපි හිතමු කවුරුහරි මේ ලිපිය Google Search හරහා හොයාගත්ත කියල (සිංහල බ්ලොග් කියවනයෙ සම්බන්ධයක් නැතිව). එතකොට එයා බලයි කවුද මේ ශාකුන්තල කියල. :P
ඒ නිසා වෙනත් බ්ලොග් ලිපියක් ගැන ලියද්දි ලින්ක් කරන්න. http://udarasblog.blogspot.com/2009/05/flashback-on-ma-history-of-computers.html?showComment=1243157533628#c5795837337415922922

Sampath said...

MaXxa Kani.....
mama nam 1ma computer1 2003 idan tamat use karanawa upgrade karakara....

Good luck ... !!

Kanishka said...

ඇත්තටම අලුත් අය එකපාරටම P4 machine වලින් වැඩ කරන්න ගන්නව.. ඒත් අපි විදපු අත්දැකීම් කවදාවත් ඒ‍ගොල්ලන්ට විදින්න බෑ, ඉස්සර කොම්පියුටරේක වැඩ කරනව කියන්නෙ පුදුම ඉවසීමකින් කරන්න ඕන දෙයක්. ඇත්තමයි මාත් ‍ගොඩක් ඉවසීම පුරුදු උනේ මගෙ පරන කොම්පියුටරෙන්..

said...

මාත් පටන්ගත්තේ PI 133MHz එකකින් තාමත් දුවන්නේ Celerone 2GHz එකක් වෙන අය ඇවිත් මගේ Machine එක Slow Slow කියනකොට දෙන්න හිතෙනවා ...
මචං Lenova Laptop එක හොඳයිද?

Kanishka said...

මමත් assemble කරපු pc එක celeron 2.5 GHz.
laptop එක එල මචන්, මගේ වැඩ වලට නම් හොදටම ඇති.
processor එක celeron 2GHz, cache 1 mb, 1gb ram, 160 HDD, DVD writer, wifi, webcam, 15.4" display,
2.7 kg weight.

DDDD said...

mewa dakiddi parana dewal mathak wenawa
ethakota dan inna thana gana godak adambara hithenawa, mage palaweni PC eka 486DX2
66Mhz 8MB ram cd rom ekak thibba namata eeka atapi newei no hard disk, mama mulinma computer eka ekka dangaluwe hard eka detect karala denna, e kale hard ekak auto detect wenne na serama parameters manual input karanna one me lo sasarak danne na computer gana ohe danna danna hithena hithena dewal kara. mama mulinma mage pc eke wada kare bios wal kiyala kiuwama kattiyata hina yai
eeth mama masa ganak eeken sahenna dewal waradi waradi igenagaththa, ada mama inna me thathweta enna mata sahenna udau una,
e gawata yaluwekgen boot disk ekakui thawa disk ekakata supper mario dagana awith nathi wenna gahuwa,
mama kiyanna lajja na mage 1st hard eka 127 MB western digital hard ekak eeka mage thaththa genawe bothal paththara kaden, andunana aiya kenek thama oke bad secters thiyeddima windows 95 dala dunne.windows dammata passe anithwa danna idak na.
kattiyata kiyawanna boring nam sory wenna one. bt mathak weddi asai. windows dammata passe driver cd ekak asse thibila doom 95 set una eeka thiyagana maruwa egawata. onna ohomai mama patangaththe, command prompt ekata dos editer ekata adatath mama godak asai, mokada windows walin danna bari godak sellam DOS walin gemak nathuwa denna puluwan. ada mama computer tecnician kenek mage PC eka quad core 2.4 ram 4GB eeth adatath mage gawa mage 486DX2 processor
ekai 1MB sim 8i thiyenawa

Kanishka said...

අඩෝ උඔ නම් අදහන්න වටින පොරක්. මමත් තාමත් ආස පරන කොම්පියුටර් වලට. ඒ දවස් වල තිබුන ගේම් වලින් ගත්තු ආතල් එක දැන් ගේම් වලින් ගන්න බෑ. මමත් මගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ම‍ගෙ පරන 486 එකෙන්. mother board එක ඇරෙන්න අනික් ඔක්කොම වැඩ. 200mb hard disk එකකුත් තියෙනව.

මිථිල කරුණාරත්න said...

නියමයි.......!
බොහොම ස්තූතියි මචං සම්බන්ධ වුනාට....මගේ කොම්පියුටර් ඉතිහාසේ නම් ඔච්චර දුරට විහිදෙන්නෙ නෑ....කොහොමත් අදුර ගන්න ලැබීමත් සතුටක්....
මිථිල කරුණාරත්න....!

ත‍රිඳු said...

interesting. මම මුලින්ම පාවිච්චි කරපු එකේ තිබ්බෙ windows 3.1. එතකොට් 95 තිබ්බෙ නෑ. ඒකත් ඉතින් කියන්න වරදක් නෑ DOS වලිනුත් ගොඩක් වැඩ කලා. පෝස්ට් එක කියවනකොට මටත් මගේ අතීතය මතක් උනා

Kanishka | කණියා said...

සිරාවටම ඉස්සර තරම් ආතල් එකක් දැන් කොම්පියුටර් වල වැඩ කරනකොට දැනෙන්නෙ නෑ.

Post a Comment

Thanks for your comments :)