අපි දන්නෙ නැති උනාට ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ නැති මවුස් හදාගන්න පුලුවන්..
මුලින්ම මවුස් එකට power ලැබෙනවද කියල බලන්න ඕන.. Optical මවුස් එකක නම් හරිම ලේසී.. පත්තු වෙලා තිබුන බලුප් ඔක්කොම එහෙම්මම තියේද බලන්න.. බෝල මවුස් එකක් නම් කරන්න දෙයක් නෑ..
පලමු පියවර එහෙම වෙනකොට ඊලගට කරන්න තියෙන්නෙ පොඩි ඇහැරවීමක් කරන එක.. කොම්පියුටරේට උනත් තමන් ගාව තියෙන මවුස් එක අමතක වෙන්න බැරි නෑ.. USB මවුස් එකක් නම් කොමිපියුටරේ ඔන් එකේ තියෙද්දිම වෙන USB port එකකට ගහල බලන්න.. PS2 හරි Serial හරි නම් කොමිපියුටරේ ඔෆ් කරල මවුස් එක ගලවල ආයෙ ගහන්න..
ඊට පස්සෙ නැවත ඔන් කරන්න.. වැඩේ හරි ගියොත් ගොඩ.. නැත්නම් ඉතින් ඊලග පියවරට යන්න..
තව දෙයක් තියේ.. බෝල මවුස් වල Roller වල කුණු බැදුනමත් ඒව වැඩ කරන්නෙ නැතුව යනව.. ඒත් එහෙම උනා කියල මවුස් එක සම්පුර්ණයෙන් අක්‍රිය වෙන්නෙ නම් නෑ.. කෝකටත් ඒකත් පොඩ්ඩක් බලන්න...
වයර් සහිත මවුස් ගැන තමයි මම මෙතන කතා කරන්නෙ..
99% ක්ම මවුස් වල ලෙඩ දෙන්නෙ ඒකෙ තියෙන බාල වයර් මිටිය නිසා..
ගොඩක් වෙලවෙට මවුස් එකේ වයර් එක නැමෙන තැනකින් ඔය වයර් එකක් හෝ දෙකක් කැඩෙනව.. මවුස් එකක සාමාන්‍යයෙන් power & data යන වයර් 4ක් තියේ.. 4ම එක හවුසින් එකක තියෙන්නෙ.. වයර් කැඩෙන්නෙ ඔය හවුසින් එක ඇතුලෙදි.. ඒක නිසා පිටින් පේන්නෙ නෑ කැඩිලද නැද්ද කියල..
ඹන්න ඔය රවුම් කරල තියෙන තැන් වලින් වයර් එක කැඩෙන සම්භාවිතාව වැඩි.. මොකද ඒ තැන් නිතරම නැමෙනවනෙ.. ඔන්න දැන් ඉතින් ඔපරේෂන් එක පට්ටාන් ගන්නයි යන්නෙ..
බවුත් එකක්, පාස්සන ඊයම් ස්වල්පයක්, Desoldering pump එකක්, මල්ටි මීටරයක් ලගට ගන්න..
බෝල මවුස් එකක් නම් මුලින්ම බෝලෙ පන්නල ඉන්න.. Optical මවුස් නම් කිසි අවුලක් නෑ ගලවල දාන්න. (හැබැයි ගලවනකොට විසි වෙන කෑලි ගැනත් ඇහැ ගහගෙන ඉන්න

පරන මවුස් වල නම් වයර් එක ප්ලග් කරල තියෙන්නෙ.. අලුත් ඒවයි නම් ගොඩක් වෙලාවට පාස්සල තියෙන්නෙ..
වයර් ටික ගලවන්න කලින් මල්ටි මීටරෙන් වයර් ටික චෙක් කරල බලන්න loos connection නැත්තම් short circuit කේස් තියේද කියල.. එහෙම තියේ නම් ගේමට එන්ටර් වෙමු..

ප්ලග් එකක් නම් තිබුන විදිහ මතක තියන් ගලවන්න.. පාස්සපු වයර් ටිකක් නම් වයර් වල පාටයි තිබුන තැනුයි කොලේක ලියාගෙන වයර් පාස්සපුව Desolder කරල ගලවන්න.. දැන් ඉතින් වයර් එක අරන් අර නැමෙන තැනකිත් (මවුස් එක අසල) කපල දාන්න, ආයෙත් චෙක් කරල බලන්න, වැඩේ හරි නම් වයර් ටික තිබුන විදිහටම පෑස්සුව, මවුස් එක සෙට් කරා...
සමහර විට PS2, USB හෝ Serial port එක ගාවින් කැඩිල තියෙන්න පුලුවන්.. එහෙම උනොත් නම් ඒ වර්ගයේ ජැක් එකක් හොයාගන්න වෙනව..
මීට අමතරව ඉතින් මීය මැරිල වෙන්න පුලුවන්.. එහෙම උනොත් නම් එක්කො මොළයක් බද්ධ කරන්න වෙනව..
(නමුත් අලුත් මවුස් වල IC ගලවන්න බෑ)

මෙන්න Skirt මවුස් එකක්.. මේ මවුස් එක ගැන මොකද හිතෙන්නෙ??
ඔන්න ගෑනු ළමයි මාත් එක්ක තරහ වෙන්න එපා හොදද?

11 ප්‍රතිචාර:
මගෙත් මවුස් දෙකකට විතර බඩු හම්බවුණා. වයර් එකේ අප්සෙට් එකක් වෙන්නැති කියල හිතුණෙම නෑනෙ. පොඩ්ඩක් ගලෝල බලන්න ඕන.
ස්කර්ට් මවුස් එක නම් සිරා. මීයට මාර සැප ඇත්තෙ! :D
මාත් ඔය වැඩේ කරල තියනව. අති සාර්ථකයි.
අය්යා මගේ dell ම්යෙක් ඉන්නවා උගේ යට ලයිට් වැඩ ...... pc එක ගන්නෑ ???????? මොකෝ කොරන්නෙ ? :-/
මගෙනම් දැනට පාවිච්චි කරන මීයගෙ ගන්නකොට තිබුන එකේ ලෙල්ල විතරයි තියෙන්නෙ මොලේ විතරක් නෙවෙයි අනිත් කෑලිත් වෙන මීයන්ගෙන් ගලවල ගත්ත ඒව. ඒත් පොඩි අවුලක් තියනවා මීය උස්සපුහාම cursor එක එහෙමෙහෙ දුවනවා.
@තමීර
මාත් ඔය ජාතියෙ මවුස් එකක් හොයනව තාම :D
@anu එළ
@ushan
ක්‍රමේ කියවල ට්‍රයි කරල බලපන් :D
@සහන්
මීය උස්සන්නෙ නැතුව ඉදපන් :D :D
එල කිරි පෝස්ට් එක. මගේ යූ.එස්.බී මවුස් එකත් වෙලාවකට හරිම වාතයක්. ගලවලා ආපහු ගහන්න ඕනේ.
@kasun VP
බලන් යනකොට මීයත් එසේ මෙසේ ප්‍රශ්ණ නෙමෙයි ඇති කරන්නෙ :D
මං ලඟත් පරණ මවුස් දෙකතුනක් තියෙනවා.. බලන්න ඕනෙ මේ පිලියම කරලා..
අඩෝ මහාමාරිය හැදේවි රු500 වගේ නෙමේ
මහන්සි වලා ලියපු එකක්. බොහෝම ස්තූතියි මේවා කිව්වට.
මීයට ජය වේවා...
@ ඉන්දරේ
බලල හරි ගියොත් කියපන් හොදද :D
@Ushan :P :P
@රනා :) තැන්කූ වේවා කොමෙන්ටයට :)
Post a Comment
Thanks for your comments :)