Sep 2, 2009

සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණය

සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයක් අද මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.. මෙහිදී ඇත්තටම කතාබහට ලක්වුනේ මෘදුකාංග දේශීයකරණය, ඒ කියන්නෙ දැනට පවතින වානිජ වගේම ඕපන් සෝර්ස් මෘදුකාංග වල අතුරු මුහුණත් සිංහල වගේම දෙමල භාෂාවට පරිවර්තනය කිරීම සහ අන්තර්ජාලයේ දේශීය භාෂා අන්තර්ගතය වැ‍‍ඩිදියුනු කිරීම පිලිබඳව..

බොහෝමයක් කරුණු සාකච්ඡා උනා මෙතනදි.. සිංහල යුනිකෝඩ් පිලිබඳව,  භාෂා පරිවර්තක, සිංහල ගේම්ස්, ඔන්ලයින් පුස්තකාල..


ඒ වගේම මධුර සිංහල- ඉංග්‍රීසි ශබ්ධ කෝෂය නිර්මාණය කරපු මධුර කුලතුංග අයිය, කපුටා.com එකෙන්, ඒ වගේම කොළඹ වටේ කියන mobile phone ගේම් එක නිර්මාණය කරපු අයත් හි‍ටිය.. තව හෙනට හිටිය, මට මතක හිටපු කට්ටිය තමයි ඔය..


තව ඉතින් ‍අපේ බ්ලොග් ලියන කීප දෙනෙකුත් හම්බෙන්න චාන්ස් එකක් හම්බුනා මේකෙන්...
මේ ඉන්නෙ ඒ කස්ටිය.... (මාත් ඉන්නව :P )
ඊලග සම්මන්ත්‍රණය 2010 මාර්තු මාසෙ පැවැත්වීමට නියමිතයි... පද්ධති හා යෙදුම් දේශීයකරණය කිසියම් හෝ දායකත්වයක් දැක්වීමට කැමති නම් සහභාගි වෙලා බලන්න...

 ප.ලි
තමීර එයාගෙ පොටෝ එකක් නෑ කියල අඬනව, ඔන්න ඉතින් එයා ඉන්න එකකුත් දැම්ම හොඳේ.... වම් පැත්තෙම පොඩි එකා වගේ ඉන්නෙ තමීර :P




16 ප්‍රතිචාර:

Prabhath Darshana said...

සම්මන්ත්‍රණය නම් වටිනවා. හැබැයි කලින් කිවුවනම්....
ලබන පාරවත් කලින් කියන්න හොඳෙ.

Kanishka said...

මාත් දැනගත්තෙ ගොඩක් ලන් වෙලා.. ඊලග එක අනිවා කියන්නම්..

තමීර said...

අඩෝ උඹට මාත් ඉන්න පො‍ටෝ එකක් දාන්න බැරි වුණානෙ :D

Kanishka said...

@තමීර ‍
ඕං දැම්ම :P

පළගැටියා said...

වැඩේ නම් හොදයි. ඒ උනාට සියබසින් වදන් යොදන විට ඒවා රට්ටු හිනස්සන්නෙ නැතුව කරන්න. මම එහෙම කිව්වෙ සමහරු අපිට කියාගන්නවත් බැරි එහෙමත් නැත්නම් මහ මෝඩ තේරුමක් ඇති වදන් යොදාගෙන අපේ බස අප අතරම හිනාවට ලක් කරන නිසයි.
ඒ ගැනත් පොඩ්ඩක් හතලා වැඩේ හොදට කරගෙන යන්න පළගැටියත් සුභ පතනවා.

Kanishka said...

@පළගැටියා
සහතික ඇත්ත, අපිට තියෙන ප්‍රශ්නෙත් ඕකමයි.. ඔය ප්‍රශ්නෙ එතනදිත් පැන නැගුන. බය වෙන්න එපා, අපි සටන අත අරින්නෙ නෑ..
මම ලගදිම මේ ගැන පෝස්ට් එකක් දාන්නම්..

පළගැටියා said...

http://trueorcrazy.blogspot.com/2009/08/word-production.html
මම හිතන්නේ මේක හොද ලිපියක් මේ ගැන ලියවුන.

ආගන්තුකයා said...

ආහ් මමත් ඉන්නවනේ... වැඩේ නම් හොඳයි. අඩු පාඩු ඉතිං අපි කතාකලානෙ හැමෝටම කියන්න ඕනි නෑනෙ. අපි සෙට් වුන එකම ලොකු දෙයක්..

ධනික | Dhanika said...

මේ කනියෝ... බුද්ධිමය දේපළ වලට නඩු දානවා හො‍ඳේ.... :D
(ඔය ෆොටෝ එක ගත්තෙ කරුමක්කාරයා.. ගත්තෙ මගේ ෆෝන් එකෙන්... මේ කනියා එවෙලෙම නිල්දත් කරගත්තා නෙව!)

එළ එළ මමත් ඉන්නවනේ ෆොටෝ එකේ... උඹට ලිපියෙදි එක දෙයක් මිස් වෙලා කොල්ලො... කොහෙද ඉතිං උඹ ආවෙ පරක්කු වෙලානෙ.... උඹ එන්න කලින් තිබ්බා මහාචාර්ය J.B.දිසානායකගේ මරු දේශනයක්.... ඒක නම් නියමයි... හරවත් සහ රසවත්!

Kanishka said...

@ආගන්තුකයා
ආ.. ඉන්න‍ව නේන්නම් :P දන්නෝ දනිති :D

@ධනික
අපි කවද්ද වෙලාවට වැඩක් කලේ :P හිමිකම් ගැන වැඩිය සද්ද දාන්න ආවොත් එදා උන රස කතා ටික එලියට දානව හොදද :P

කරුමක්කාරයා said...

අනේ ඉතින් මේ ජායාරූප ගත්තු කවුරුත් මාව ගත්තෙ නෑ නොවැ.. කැතැයි හොදේ...

Kanishka said...

@කරුමක්කාරයා
අනේ සොරි වෙන්ඩ ඕන.. පොටෝ ගත්තෙ ඉතින් ධනිකයෙ පෝං කබලෙන් නෙව :D

H. Madhawa Ranga said...

එදා කතා කලේ මෘදුකාංග දේශීයකරණය ගැනමනෙ, ඒත් ඊට වඩා හොඳ නැද්ද මේ පරිගණක ක්ෂේත්‍රය තුළ හා, අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩි දියුණු කිරීම ගැන කතා කළා නම්, ඒකම නේද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ දැක්මත්.
ඒ ගැන එයාල බලන්නෙ නැත්තම් අපි හරි බ්ලොග් ලිවීම ඇරුනම වෙනත් මොනවහරිත් කරන්න ඕනෙ.

Kanishka said...

@Madhawa
හම්... ඒක නම් ඇත්ත..

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

මේ සම්මන්ත්‍රණයට අපේ වැඩක් එක්ක මමත් සහභාගී වෙන්න හිටියත් මට එන්න උනේ නෑ. ඒත් ඒ ප්‍රොජෙක්ට් එකේ මූලිකත්වය ගෙන ක්‍රියා කරපු තවත් සිංහල බ්ලොග්කරුවෙක් වන රවිමල් බණ්ඩාර නම් මෙයට සහභාගී උනා.

Kanishka said...

@ඉන්දරේ
ආ අපි දැක්ක ඔයාලගෙ වැඩ.. සතුටුයි..

Post a Comment

Thanks for your comments :)