ඩිස්ක්ලේමරය - මෙම උපදෙස් පිලිපැදීම මගින් ඔබගේ පරිගණකයට හෝ සිම් කාඩ් පතකට සිදුවන හානි පිලිබඳ මා වගකියනු නොලැබේ.. අපහැදිලි නම් නොකර සිටීම හොදය.
(බය වෙන්න එපා මෙච්චර කාලෙකට මොකුත් වෙලා නම් නෑ)
එහෙනම් බහිමුකො මාතෘකාවට, අද තියෙන ප්‍රවණතාවයක් තමයි එක්කෙනෙක් නෙට්වර්ක් කීපයක සිම් භාවිතා කිරීම. ගොඩක් වෙලාවට එක්කෙනෙක් ගාව ලංකාවෙ හැම නෙට්වර්ක් එකකම සිම් තියෙනව. දැන් තියෙන ප්‍රශ්නෙ මේ සිම් ඔක්කොම දාන්නෙ කොහෙටද කියන එක. මට මතකයි සමහරු, උපහාර ආපු දවස්වල සාක්කු දෙකේ පෝං දෙකයි. අනේ උගේ අනාගතේ අඳුරෙනෙ :P
කොහොම හරි මේ දවස් වල එක පෝන් එකට සිම් දෙකක් දාන්න පුලුවන් ගැජට් ඇවිත් තිබුන.. ඒත් ගොඩක් ඒව සාර්ථක උනේ නෑ.. අනික සිම් 2කට වඩා දාන්නත් බෑනෙ. තව ඉතින් දැන් තියෙන චයිනීස් පෝන් වලටත් සිම් 2ක් දාන්න පුලුවන්..
කොහොම හරි මේ හැම දේටම ආපු විසඳුම තමයි Super Sim එහෙම නැත්තම් Sim Max කියලත් කියනව..
මේ තියෙන්නෙ සිම් රීඩර් එක..
සුපර් සිම් එකක් සාමාන්‍ය සිම් එකක ප්‍රමාණයම ගත්තත් ඒකෙ ධාරිතාව සාමාන්‍ය සිම් එකක් වගේ 6 ගුණයක්, 12 ගුණයක් , 16 ගුණයක් හෝ 24 ගුණයක් වෙන්න පුලුවන්..
අපිට මේ සිම් රීඩර් එකක් රු 1000ක් වගේ මිලකට ගන්න පුලුවන්, මේ එක්කම සොෆ්ට්වෙයා සීඩී එකකුයි 6 in 1, 12 in 1 වගේ සුපර් සිම් එකකුත් හම්බෙනව..
හරි එහෙනම් අපි වැඩේට බහිමු.. මතක් කරල මුලින්ම CD එකේ තියෙන usb driver එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ reader එක ගහන්න. detect කරා නම් හරි. ඊට පස්සෙ Device Manager එකට ගිහින් සිම් රීඩර් එකේ COM port එක COM 1 to COM 8 අතර එකකට හදාගන්න.. ( ගොඩක් අලුත් ඒවයි COM 2 ෆ්‍රී)
අපි මෙහෙම කරන්නෙ සිම් රීඩ් කරන සොෆ්ට්වෙයා එකේ reading system 2ක් තියෙනව, වේගෙන් කරන්න ඕන නම් අනිවා මේක කරන්න ඕන.. අනික් ක්‍රමේ පට්ට ස්ලෝ...
ඊට පස්සෙ හම්බුන සුපර් සිම් එකේ වර්ගෙ බලන්න.. ඒක අනුව අපි දාන software version එක වෙනස් වෙනව..
6 in 1 -- Ver 6.6
12 in 1 -- Ver 6.3 , Ver 7.0
මෙහෙමයි සීන් එක.. software එක ඉන්ස්ටෝල් කරල ඒකෙ Sim Scanner කියන එක ඕපන් කරාම ඒකෙ වැටෙනව ඒකට හරියන සුපර් සිම් එකේ රූපයක්, software ඔක්කොම ඉන්ස්ටෝල් කරල හරි යන එක බලාගන්න එක ලේසී...මම වැඩේට පාවිච්චි කරන්නෙ 6 in 1 සිම් එකක්, මුලින්ම බලමු super sim එක වැඩද කියල, එහෙනම් සිම් එක රීඩර් එකට දාල USB port එකට ගහන්න.
දැන් software එක ඕපන් කරගන්න, මේකෙ පේනව ඇති Use new scan engine (useful on COM 1 -COM 8) කියල තියෙනව, ඒකයි මම මුලින් රීඩර් එකේ COM port එක වෙනස් කරන්න කිව්වෙ..
මේකේ මෙනු එකේ Sim backup --> Write to sim එකට යන්න.. කවදාවත් super Sim එක ස්කෑන් කරන්න එපා ! (Never Scan the Super Sim) ඒකෙන් සිම් එක විනාශ වෙන්න පුලුවන්.. මේකෙ read sim කියන එක ක්ලික් කරාම මේ වගේ සිම් එක රීඩ් වෙනව නම් ගොඩ, ඒත් Error එකක් එනව නම් පොඩ්ඩක් COM port settings බලන්න. තව මේ රීඩර් එකේ පොඩි ස්විච් එකක් තියෙනව Reading frequency වෙනස් කරන්න, අන්න ඒකත් දාල බලන්න..
හරි, දැන් ඉතින් සිම් කොපි කරන වැඩේට බහිමු..
මුලින්ම කියන්න ඕන මේ ක්‍රමෙන් කොපි කරන්න පුලුවන් Dialog සහ Mobitel සිම් විතරයි...
සිම් එක රීඩර් එකට දාල Software එක ඕපන් කරගන්න. දැන් Sim backup--> Sim Scan යන්න.
Error එකක් ආවොත් Frequency මාරු කරන්න.
මෙතන මුලින් Test කියන එක ක්ලික් කරල බලන්න, (මෙතනදි COM potr, COM port speed හරියට තෝරන්න ඕන, COM port speed එක ස්විච් එක අනුවයි තීරණය වෙන්නෙ)
Test ක්ලික් කරාම මෙහෙම එකක් ආව නම් වැඩේ ගොඩදැන් තියෙන්නෙ සිම් එක ස්කෑන් කරන එක, මේකෙ තියෙන Find Ki කියන එක ක්ලික් කරන්න, එතකොට සිම් එක ස්කෑන් වෙන්න ගනී...
ස්කෑන් වෙලා ඉවර උනාම සිම් එකේ ඩේට ටික සේව් කරන්න අහවි, ඕන නම් ඒ ෆයිල් එකට පාස් වර්ඩ් එකකුත් දෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් සිම් එකක් ස්කෑන් වෙන්න විනාඩි 10 ඉඳන් පැය එකහමාරක් විතර වෙනකන් යන්න පුලුවන්.
දැන් ඉතින් කොපි කරපුව super sim එකට write කරමු. කලින් වගේ Super sim එක දාල මුලින් sim එක රීඩ් කරගන්න,
ඊට පස්සෙ කොපි කරපු සිම් වල data file ඕපන් කරල write කරන්න ඕන එක උඩ ඩබල් ක්ලික් කරන්න.පාස් වර්ඩ් එකක් දුන්න නම් ඒක අහවි. ඊට පස්සෙ write කරන්න ඕන slot එක තෝරල write කරන්න. ඒ වැඩේ සාර්ථක නම් දැන් තියෙන්නෙ සිම් එක පෝන් එකට දාන එක. මේ සිම් එකේ වෙනමම මෙනු එකක් තියෙනව. අපේ ඔය dialog servise, mobitel servise කියන සිම් සර්විස් මෙනු මේකෙන් replace වෙනව.
මේ තියෙන්නෙ Sony Ericsson K510 i phone එකකට දාපු සුපර් සිම් එකක මෙනු එක.
බැරි වෙලාවත් සිම් එක දාපු ගමන් චයිනීස් ආවොත් STK ඕපන් කරල දෙවනි එක තෝරල ආයෙත් දෙවනි එක තෝරල ඊට පස්සෙ පලවෙනි එක තෝරන්න. Language එක English වේවි. තව ඉතින් මෙ මෙනු එකේ utilities වලුනුත් ගොඩක් දේවල් කරන්න පුලුවන්.
Sony Ericsson phone නම් මෙනු එකෙන් සිම් එක මාරු කරාම රි ස්ටාර්ට් වෙනව. නොකිය නම් sim action එක refresh කරගන්නව රි ස්ටාර්ට් නොවීම. ගැටලු තියේ නම් අහන්න. ලැජ්ජ වෙන්න එපා :P 










23 ප්‍රතිචාර:
මරු ලිපිය.. මැක්සා. !
මේ සුපර් සිම් එක 1000/= ගන්න පුලුවන් තැනක් කියන්ඩකො.
ඔක්කොම හොඳයි, SonyEricsson ෆෝන් restart වෙන එක තමයි එපා වෙන්නෙ.. :(
@ඉන්දරේ: SuperSim එකක් රු1000ට අඩුයි මම හිතන්නෙ.. o.O
නියමයිනේ.
එතකොට , අපි ඔන් කරන් ඉන්න අංකෙට විතරද කෝල්ස් එන්නේ?
මමත් පාවිච්චිය ඔය Super Sim එකක් තමයි. මගෙ ලඟ තියෙනව Mobitel Upahara, Mobitel Smart, Dialog Kit සහ Hutch සිම් හතරක්. මම මගෙ super sim එකට කොපි කරල තියෙන්නෙ mobitel 2 සහ dialog 1 විතරයි.
Tigo, Hutch සිම් කොපි කරන්න බෑ, ලොක් කරල තියෙන්නෙ. දැන් එන අලුත්ම dialog සිම් එකත් කොපි කරන්න බෑ.
මම dialog එක කොපි කර ගත්තට, දැන් ඒක පාවිච්චියක් නෑ, මොකද smart එක ඊට වඩා ලාබ නිසා. hutch එක කොපි කරගන්න බැරි එක ගැන නම් දුකයි. Airtel ගැන නම් දන්නෙ නෑ.
තව වැදගත් දෙයක්, මෙම වර්ගයේ සිම් භාවිතය නීතිවිරෝධියි, ආරක්ෂක හේතූන් මත එය තහනම් කළා, ඒත් පිටකොටුවෙ සමහර වෙළඳසැල් වලින් හොයා ගන්න බැරිකමක් නෑ. දන්න අඳුනන කෙනෙක් හරහා නම් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි.
සිම් කාඩ්පත හා සිම් කාඩ් රීඩරය 750/= කර අඩුවෙන් පිටකොටුවෙන් හොයා ගන්න පුළුවන්, හැබැයි පොඩ්ඩක් රස්තියාදු වෙලා හොයන්න වෙයි.
@ .::පිස්සා::. : ඔව්. එක පාරකට වැඩ කරන්නෙ එක ජාලයක් පමණයි, සිම් දෙක තුනකින්ම කෝල්ස් එන්න ඔනෙ නම් මේක හරියන්නෙ නෑ.
අපිත් Super Sim තමයි.. මචෝ ප්‍රවීන්.. සිම් එක රැපියල් 500 ක් විතර (6 in 1)
ෂීක් අපේ පැත්තෙ හැම තැනම මම ඕක හෙව්ව නැනෙ. දුක තමා
හොද ලිපියක් තොරතුරු ගොඩාක් දෑනගත්තා.ඒත් පොඩි ගෑටලුවක් මමත් s.e k800 දුරකතනයක් පාවිච්චි කරන්නෙ.මමත් ඔය සුපර් සිම් කරන්න ගියාම කෙනෙක් කිව්වා 3G සපෝර්ට් කරන්නේ නෑ සුපර් සිම් වලට කියලා.ඒ නිසා වෑඩේ අත ඈරියා.මේ ක ඈත්තද?
Super sim එක හා card reader එක පිටකොටුවෙ ගන්න පුලුවන් තැනක් දන්වල එවන්න පුලුවන්ද ?
dimuster@gmail.com
@ඉන්ද්‍රනාම , Dimu , ushan
6 in 1 සුපර් සිම් එකක් නම් රුපියල් 500ක් විතර වෙන්නෙ. sim reader නම් එක එක ගනන්.. 1000 කට විතර රීඩර් එකයි සිම් එකයි දෙකම ගන්න බැරි නෑ.. පිටකොටුවෙ පොඩ්ඩක් ඇවිදල බලන්න..
@NUWAN"s lane
සුපර් සිම් වල 3G වැඩ කරනව.
සුපර් සිම් එකේ අවුල මොබිසර්විස් ,ඩයලොග් සර්විස් කියන මෙනුව කොපි නෙවිම
අපරාදේ උපහාර තියෙන අයට ලයින් 2 විදියට ස්මාට් එක දාගන්න පුලුවන් එත් ටිකදවසක ඉදන් ආරක්ෂක හෙතුමත වැඩෙනැවතිලා මොබිටෙල් අක්කට අමතන්න
"උපහාර ආපු දවස්වල සාක්කු දෙකේ පෝං දෙකයි. අනේ උගේ අනාගතේ අඳුරෙනෙ :P"
හරි හිනා.
@ෂදීශ් ගේ සටහන
data ඔක්කොම කොපි වෙනව, ඒත් phone වල sim service මෙනු එකයිනෙ පෙන්නන්න පුලුවන්, ඉතින් මූලිකත්වය ලැබෙන්නෙ
STK මෙනු එකට. නැත්තම් ඉතින් සිම් මාරු කරන්න විදිහක් නෑනෙ..
මම ගෙන්න ගත්ත එකේ USB driver install වෙන්නෙ නැහැ. කාට හරි පුලුවන්ද driver installation files rapidshare වලට වගේ upload කරල මට ලින්ක් එක ඊමේල් කරන්න?
ලොකු උදව්වක්.
dimuster@gmail.com
කොහෙන්ද මේක ගන්න පුලුවන් ?
ishan@ishans.info
මමත් කරලා බලන්නම්...යථා කාලයේදී.......
සිමි එක ස්කෑන් වෙද්දි ki 2ක් විතර Unknown කියලා වැටෙනවා.අනිත් එ්වා OK කියලා වැටෙනවා.එහෙම උනොත් ඒ සිම් එක කොපි කරාට වැඩ කරන් නැද්ද?
ඔයා පාවිච්චි කරන්නෙ Old scan engine එක. sim scaner එකේ com port එක com 2 වගේ එකකට හදල New scan engine එක පාව්ච්චි කරල බලන්න (පෝස්ට් එකේ මැද හරියෙ විස්තර ඇති). Ki එක අසම්පුර්ණ නම් කොපි කරල වැඩක් නෑ. අනික ඕකට හෙන වෙලාවක් යනව.
මගේ Dialog KIT sim එක ප්‍රශ්නයක් නැතුව copy උනා. ඒ වුනාට Dialog postpaid sim එක (max sim) copy වෙන්නෙ නැහැ. Airtel එකත් copy වෙන්නෙ නැහැ.
උදව්වක් කරන්න පුලුවන්ද?
@ Dimuthu
ඕකට හේතුව තමයි Sim card වල version වෙනස් වීම. කොපි කරන්න බෑ අපි දැනට පාවිච්චි කරන Reader එකෙන්. ඒවට හරි යන Reader එකක් හොයාගන්න වෙනව :)
මේක හරි යන්නෙ මොබිටෙල් සිම් වලට විතරයී
@Hasitha
පරන dialog සිම් වලටත් හරි යනව. අලුත් මොබිටෙල් ඩයලොග් සිම් දෙකම දැන් Anticlone කියන Technology එකෙන් එන්නෙ. ඒක නිසා ඒව බෑ
Post a Comment
Thanks for your comments :)