Nov 13, 2009

මගේ වින්ඩෝස් 7




පහුගිය ටිකේ Windows Vista එපා වෙලා හිටියෙ.. ම‍ගේ කොම්පියුටරේ බ්‍රෑන්ඩඩ් එකක් නිසා ඔක්කොටම තිබුනෙ එක පාට්ෂන් එකයි.. පාට්ෂන් කීපයක් පාවිච්චි කරල තිබුන පුරුද්ද නිසා මෙහෙම ඉන්නකොට නිකන් පිස්සු වගේ. කොහොම ‍කොහොම හරි මාස 6කුත් පාවිච්චි කරා කියමුකෝ.. දැන් ඉතින් පට්ට ස්ලෝ.. මොනව කරන්නද, හිතට දහිරිය අරගෙන හිතුව ලයිසන් සොෆ්ට්වෙයා යකාට ගියාවෙ කියල අලුත්ම වින්ඩෝස් 7 දාල බලන්න.

දැන් ඉතින් format කරන්න කලින් ඩේට ටික බැකප් කරන්ඩ එපැයි.. අපිට කොයින්ද Portable HDD. ඒපාර දන්න තැනක PC එකක් එක්ක නෙට්වර්ක් කරල ඔක්කොම ඩේට ටික බැකප් කරා.. කොහොම හරි 80 GB විතර ඩේට ටිකක් කොපි වෙන්න පැය 4ක් විතර ගියාද කොහෙද.. නෙට්වර්ක් ස්පීඩ් 100Mbps උනත් ඉතින් ෆයිල් ගොඩක් තියෙනකොට අමාරුයිනෙ..

වැඩේ හරි දැන් ඉතින් නමෝ විත්තියෙන් හත දාන්න තමයි තියෙන්නෙ.. ඔන්න ඉතින් කොහොම හරි දාල ඇක්ටිවේටර් එක රන් කරා.. හපොයි, මොන බම්බුවක්ද.. මේ ඇක්ටිවේටරේ වැඩ නැ...
දැන් ඉතින් පිස්සු වගේ.. ඔක්කොම මහන්සිය වතුරෙ නේද කියල හිතුන..

කොහොම හරි මට මේක දීපු අයියව සම්බන්ද කරගෙන ඇක්ටිවේටරේ අලුත් වර්ෂන් එකක් ගත්ත.. හම්මෝ ඇති යන්තම් ඒක වැඩ.. දැන් නම් පුදුම සන්තෝසයක් තියෙන්නෙ..

මම ඉන්ස්ටෝල් කරේ Windows 7 Home Premium. විස්ට වලට වඩා ගොඩක් හොඳ බව ඔන් කරනකොටම දැනුන.. Performance චෙක් කරාම තේරුනා රැම් එකත් අඩුවෙන් පාවිච්චි කරන්නෙ කියල..

තව ඉතින් ගොඩක් Drivers ඔටෝ ඉන්ස්ටෝල් වෙලා තිබුන.. ඒත් ඉතින් මම කෝකටත් කියල Drivers ඔක‍්කොම ඉන්ස්ටෝල් කරා.. ඔය උඩින් දාල තියෙන්නෙ මගේ ඩෙස්ක්ටොප් එකේම පොටෝ එකක්..
Windows 7 දාල වෙනස අත්විඳල බලන්න :)

29 ප්‍රතිචාර:

Thilina said...

එළ එළ..., windows අප්ඩේට් ගන්න පුළුවන්ද?

~බිன்ku~ said...

මම නම් තාමත් ලැප ගන්නකොට දීපු විස්ටාමයි. හැබැයි Backup Partition එකත් මකලා දන්න කෙනෙක්ගෙන් Windows Vista Genuine Service Pack 2 සිඩි එකකුත් අරං (අත්තර්ජාලේ තියෙනවා හැබැයි, එකකුත් මම භාගත කරා පවුලේ මැෂිමට) සම්පුර්ණයෙන් Format කරලා මුලින් විස්ටා දාලා මාසයක්ට ආසන්න කාලයක් භාවිතා කරා මට ඕන මාදුකෘශ වගේම අවුරුදු ගාණකට පස්සේ Game එකකුත් ( Need for Speed Most Wanted & Carbon) දාලා Ubuntu 9.10 ඉනකං හිටියා, දැන් නම් සම්පුර්ණයෙන්ම වාගේ ඉන්නේ Ubuntu උඩ නිසා වින්ඩොක් එකට එන්නේ නැති තරම්.

පවුලේ මැෂිමටත් උබූන්ටූ දාලා Desktop ඒකටත් AWN Dock ඒකටත් Shortucuts දාලා පොඩි Tweaks කරලා දුන්නා. දැන් ඒ අයත් අවුලක් නැතිව භාවිතා කරනවා (නංගි නම් ටිකක් කච්චල් ගහනවා Live Messager වගේ නෙමේලු aMSN ඒක). ඒ හැරෙන්න කරදරයකුත් මට බයකුත් නෑ එක්ක. මම FOSSවාදීයෙක් නොවුණත් නිතර කරදර වීමටත් මුදල් වියදම් විමත් කාලයත් එක්ක මන්දගාමීවිමත් වගේ ගැටලූ නිසායි එසේ කලේ. කොහොම වෙනත් වින්ඩොස් දැනට නම් Graphic Design and Photographic කේ්‍රෂතුය කරන අයට (මං වගේ) වැදගත්, මොකඳ මාදුකෘශ නිසාග

සහන් said...

මචෝ win7 version එක මොකක්ද? (retail එකද, නැත්තං RTM ද)

Chrishi said...

මචං ටොර‍න්ට් එකකින්ද ගත්තෙ ? පුළුවන්නම් ලින්ක් එක දෙනවද ?

Kanishka | කණියා said...

@Thilina
අප්ඩේට් කරේ නම් නෑ මචෝ.. මම හිතන්නෙ පුලුවන් ඇති.

@~බිன்ku~
මමත් Tweaks කරල ගොඩක් වෙලාවට පාව්චිචි කරනව. ඒත් පාට්ෂන් ප්‍රශ්නෙ නිසයි ෆෝමැට් කරේ..

@Sahan
මේක මචන් RTM Version එක

@Chrishi
මටත් මේක දුන්නෙ යාලුවෙක්.. පේන විදිහට නම් Demonoid torrent එකක් වගේ.. File name එක
Windows 7_AIO_x86_x64_7600.16385_TSB
Torrent එක නම් මම ගාව නෑ..

සහන් said...

ඇක්ටිවේටරේ අලුත් වර්ෂන් එක දෙන්න බැරිද (ඒත් එක්කම අප්ඩේට් වෙනවද කිලලත් දාන්න)

Chrishi said...

64bit version එකක්ද ?

Kanishka | කණියා said...

@සහන්
ඇක්ටිවේටරේ අවශ්‍ය නම් පුද්ගලිකව ඉල්ලන්න

@Chrishi
64bit 32bit දෙකම තිබුන. ඉන්ස්ටෝල් කරනකොට තො‍්රන්න ඕන.

H. Madhawa Ranga said...

partition editor එකක් පාවිච්චි කරල partition කරගන්නකො. නැත්තම් gparted වගේ එකකින් හරිම ලේසීනෙ. මමත් යාලුවෙක්ගෙ ලැප් ටොප් එකකට 7 දැම්ම, මමමත් ටිකක් ඒක පාවිච්චි කලා. එලම තමා, විස්ටා වලට නම් වඩා හුඟක් හොඳයි.

Kanishka | කණියා said...

@ Madhawa
3rd party සොෆ්ට්වෙයා සුවර් නෑනෙ, එකපාරක් partition Magic නිසා මගෙ hard disk එකක පාට්ෂන් වලට කෙල උනා..
මම නම් දැන් ඉතින් දිගටම 7 තමයි.. ගොඩක් හිතට අල්ලල ගියා මේක.

Wolveriŋe ™ said...

අහ් කලින් කිව්වෙ නෑනේ එහෙනම් ඇක්ටිවේටර් පස්සේ යන්න ඔනේ නැ මගෙ ගාව තියෙනව ඔරිජිනල් වින්ඩොස් 7 ප්‍රොඩක්ට් කී තිබුනා. [ඇපිට් එකෙන් දෙන ලයිසන් එකත් එක්ක] අප්ඩේට් වැඩ එකම අව්ල නෙට් එන කොට බැකප් වින්ඩො එකක් එනවා

Kanishka | කණියා said...

@Wolveriŋe ™
ඇක්ටිවේට් කරන්න පුලුවන් ව්න්ඩෝස් version එක මොකක්ද කියල කියනවද? විස්තර සහිතව..

Wolveriŋe ™ said...

මෙහෙමයි අපිට ඇපිට් එකෙන් දුන්න ඔක්කොම වගේ අප්ඩේට් වෙනවා කිසි අව්ලක් නැ. එත් ප්‍රොඩක්ට් කී එක තව එකක පාවිච්චි කරන්න බෑ :( windows 7 professinal eka thama mama gaththe අනිත් ඒවායේ ප්‍රොඩක්ට් කීස් ටියෙනවා ඔනේනම් කියන්න දෙන්නම් ;)

පැතා said...

අපිට කොඉන්ද වින්ඩෝස් 7? අපි දුප්පත්නෙ

Lahiru said...

මම නම් තාම XP ....Mac වලට තමා මාරු වෙන්න ඉන්නෙ :)

Ranga saman said...

මම රංග සමන් මට ඹය Windows 7 RTM එකක් කොපියක් ගන්න පුලුවන්ද
මගේ email rangasaman@gmail.com

sanath said...

මමත් 7 වලට මාරු වුනා මාස 2 කට විතර කලින්. එලම තමා. කිසි අවුලක් නැතිව වැඩ. ඒත් මචන් ලගදි ඉදන් demon tools වැඩ නැහැ. මොනව වුනත් ආයෙ vista වලට මාරු වෙන්න හිත දෙන්නෙත් නැහැ. විකල්පයක් හොයාගෙන 7 ම දුවවනවා.

Kanishka | කණියා said...

@පැතා
අපිත් සල්ලි කාරයො නෙමෙයි බන් :P අපිට win 7 වටින්නෙ ඉතින් DVD එකේ ගාන තමයි :D

@Lahiru
අම්බෝ මම නම් මැක් ඇහැට දැකල වත් නැද්ද කොහෙද :D

@Ranga saman
හම්බෙන්න පුලුවන් නම් DVD එකක් දෙන්නම්..

@sanath
Virtual Clone Drive පාව්ච්චි කරන්න. ඒක හොදයි.

තමීර said...

7නුත් එපා වුණාම උබුන්ටුවලටම මාරු වෙන්නාකෝ! එතකොට ඔය ඇක්ටිවේට් කරන කතා අනං මනං මොකකුත් නෑ :)

Sudev said...

Win 7 niyamai. maath use karanawa. laptop ekata niyameta set wenawa ethi neda? mage lotta desktop pc ekatath niyameta weda.. :)

Kanishka | කණියා said...

@තමීර
7 එපා වෙනකොට 8 ඒවිනේ :P

@Sudev
අනිවා.. එලටම සෙට් වෙනව ලැපකට නම්..

har said...

Windows Vista වල ඉදල උඩ OS වල HDD Partition Re-size කරන්න ලේසියෙන්ම පුළුවන්, Computer Manage හී Disk Management වලින්.

Kanishka | කණියා said...

@har
Rezise කරන්න තිබුන unallocated space එකක් ඉතුරු වෙලා තිබුන නම් හරි වැ‍ඩකට නැති තවත් පාට්ෂන් එකක් තිබුන නම් හරි.. Branded laptop වල hard disk ගැන කියන්න ඕන නෑනෙ :)

Prabhath Darshana said...

මමත් දැම්මනේ වින් 7 දැම්මනේ. වින් විස්ටා වලට වඩා සෑහෙන හොදයි. මම දැන් පාවිච්චි කරන්නෙම වින් 7.

සාරානාත් said...

ගොඩක් ස්තුතියි. මමත අද තමයි දාලා බැලුවේ නියමෙට වැඩ.

ඉශාන් තිළිණ said...

මෙයා මහ හොරෙක්නේ . ඕවා වැරදි වැඩ. අනික 7 කැම්පස් අයට නිකං දෙන කතාවක් තියනවා නේද??

Kanishka | කණියා said...

@ඉශාන් තිළිණ
මේක ලංකාවනේ.. :P අනික පුලුවන් නම් මට එකක් අරන් දියන්කො...

හේරත් said...

32Bit
9JBBV-7Q7P7-CTDB7-KYBKG-X8HHC

64bit
C43GM-DWWV8-V6MGY-G834Y-Y8QH3

ඔය Key ටික MS එකෙන් මම ගත්තු ඒවා. මුල් දවස් වල නිකන් දුන්නා.Activators ඕනෙ නෑ. ෆ්‍රී Key එකකින් වැඩ කරන්න පුලුවන්. මේ දීලා තියන Key දෙක මාර්තු වෙනකන් වැඩ කරනවා. ඊට පස්සේ වින්ඩෝස් පැය දෙකෙන් දෙකට Shutdown වෙනවා. ජුනි වෙනකොට RTM Version වැඩ නැතිව යනවද කොහෙද මට මතක හැටියට. :)

දැන් නම් මම පාවිච්චි කරන්නේ Daz Loader, ( Windows 7 Ultimate Retail version)

Kanishka | කණියා said...

ඔය RC Version එකට දුන්න keys. මම පාවිච්චි කරන්නෙ Windows 7 OEM version එකක්.. ඇක්ටිවේට් කරාට පස්සෙ කිසිම අවුලක් නෑ..

Post a Comment

Thanks for your comments :)