ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. අද මම ලියන්න හිතුවෙ එක පාරක් ගියොත් ආයෙ යන්න හිතෙන තැනක් ගැන.. ඔයාල දන්නව ආරන්‍යයක් කියන්නෙ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා වැඩ වසන ස්ථානයක්.
අක්කර 50ක භූමි භාගයකින් සමන්විත මෙම සෙනසුන විලිකුලාකන්ද වන රක්ෂිතයේ පිහිටා තියෙනව.. කොළඔ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොලින් අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානය දෙසට කිලෝමීටර 2ක් පමන එනකොට අපිට මේ රක්ෂිතය හමු වෙනව. 1964 ජනවාරි මස 18 වන දින මෙම සෙනසුන ආරම්භ කරනවිට මෙහි වැඩ සිටියේ කුඩුම්බිගල තපෝවනයේ වැඩ සිටි තාඹුගල ආනන්දසිරි නාහිමියන් සහ තවත් හිමිවරු දෙනමක්..
ඇත්තටම මේ තැනට ගියාම නම් පුදුම නිදහසක් දැනෙන්නෙ.. දාන ශාලාව තියෙන්නෙ කන්ද පහල, ස්වාමීන් වහන්සේලාගේ කුටි තියෙන්නෙ කන්ද මුදුනෙ. තව කුඩා ස්ථූපයක්, බෝධීයක් වගේම බුදු මැදුරකුත් තියෙනව.
අපි ඊයෙ යනකොට හිටියෙ හාමුදුරුවරු 4 නමයි. ඇත්තටම ගොඩක් ලොකු උත්සව තියල උපන්දින වගේ ඒව සමරන අය පුලුවන් නම් මේ වගේ තැනකටත් දානයක් දෙන්න..
පුලුවන් වෙලාවක බලන්න යන්න, 12ට කලින් නම් ගොඩක් හොදයි.. හැබැයි ගිහින් එතන කරදරයක් වෙන විදිහට හැසිරෙන්න එපා..




