අවුරුද්ද ඉතින් පටන් ගන්නෙ ජනවාරි මාසයෙන් නේ.. මුල්ම වැදගත් සිද්ධිය තමයි අපේ ඇකඩමික් වැඩ හාහා පුරා කියල පටන් ගත්තු එක. මිකැනිකල් කියල ෆීල්ඩ් එකක් තිබුනට මෙලෝ දෙයක් දැනන් හිටියෙ නෑනෙ.. අනික ඉතින් මාස එකහමාරක්ම කැම්පස් එකේ කඩ්ඩ කෝස් එකක් කරන ගමන් එපා වෙන්නම රැගත් කාල දෙයියනේ කියල ජනවාරි වල ආවෙ දැන් නම් රැග ඉවර ඇති කියල හිතන්.. මොන පිස්සුද.. හවස හම්බුනා රම්පෙට පොරි හැලෙන්න :D ඒත් ඉතින් කට්ට කාගෙන ගියා.. ඉගෙන ගන්නත් එපැයි..
මේ දවස් වල මම රියදුරු බලපත්‍රය ගන්නත් පට්ට ගේමක් දීගෙන හිටියෙ.. ලර්නර්ස් එකට නම් දෙසැම්බර් මාසෙ ඉඳන් ගියත් කැම්පස් පටන් ගත්තට පස්සෙ ගියෙ සෙනසුරාද , ඉරිද විතරයි.. කොහොම හරි ඒකෙ ලිඛිත පරීක්ෂණයට තුන් පාරක්ම යන්න බැරි වෙලා අන්තිමට යන්තම් හතර වෙනි පාර ගිහින් ලියාගත්ත.. වෙච්ච ඇබැද්දි මම ලංකාවෙ Driving license කියල ලියල ඇති.. හැබැයි ඉතින් ට්‍රයල් එක නම් දෙයියනේ කියල ගොඩ..
දැන් නම් ලියන්නත් කම්මැලි.. ඒත් ඉතින් නවත්තල බෑනෙ.. මගේ ජීවිතේ තවත් වැදගත් සිදුවීමක් තමයි අපි හෝටන් තැන්නට ගියපු ට්‍රිප් එක... මේකෙදි තමයි මට ජීවිතේ ගොඩක් වැදගත් වෙන කෙනෙක් හම්බුනේ.. වැඩිය විස්තර කියන්න නම් බෑ..
ඊට පස්සෙ ඉතින් කියන්න තියෙන්නෙ ගොඩක් වැදගත් දෙයක්.. පලවෙනි පාරට මමත් මූලිකත්වය අරන් සංවිධානය කරපු අවුරුදු උත්සවයක් පැවැත්වුව.. පුංචි පහේ එකක් උනාට එකෙන් ලැබුවෙ ගොඩක් ලොකු සතුටක්.. ඔහොම ගිහින් ගිහින් ජූනි තුන් වෙනිද ආව.. කට්ටිය බලනව ඇති මොකක්ද හප්පේ ඇත්තට මේ දවසෙ තියෙන වැදගත්කම කියල.. :D එදා තමයි මගේ උපන් දිනය.. වයස විසි එක සම්පූර්ණ උනා.. පාටි නැතත් මාත් වාන් පාටියක් කාල දවස ගෙව්ව :D
මේ දවස් වල ඉතින් ගෑනු ලමයගෙ වැඩෙත් කරගෙන ගියේ.. දුෂ්ඨයොත් නොහිටියම නෙමෙයි... ඒත් ඉතින් මගේ වාසනාවත් තිබ්බ..
ඔය අස්සෙ හෙමින් හෙමින් බෝඩිමකටත් සෙට් උනා තව යාලුවෙක් එක්ක. වැඩක් කරන්න කියල තමයි සෙට් උනේ.. වැඩ කරපු හැටි 1st year එක්සෑම් රිසල්ට් වලින් බලාගන්ඩ පුලුවන් :D
මේ අතරෙ අපේ කැම්පස් එකේ තිබුන සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුන.. මෙතනදි තමයි මම මුලින්ම අපේ බ්ලොග් කරුවන් කීප දෙනෙක් සියැසින් දැක ගත්තෙ. එදා හමුඋන කට්ටිය තමයි තාමත් මගේ ලඟින්ම ඉන්නෙ..
කොහොම කොහොම හරි අපේ ඉගෙනීම් කටයුතු අවසන් වෙලා 1st Year එක්සෑම් එකත් ලං උනා.. බ්ලොග් කෙරුවාව ටිකක් අඩු කරන්න උනා මේක නිසා.. ඒත් ඉතින් ටච් එකේ හිටිය.. අනේ මන්ද.. ගොඩක් දේවල් මතකත් නෑ..
ඊට පස්සෙ වැදගත් දෙයක් කියන්න කියල තියෙන්නෙ අපේ SBU හමුව.. ගොඩක් අහ මේක ගැන දන්නවනේ.. මේ අතරෙ අපේ තාත්ත අනතුරනට මුහුණ දුන්න.. දැන් ඉන්නෙ කොළඹ මහ රෝහලේ.. ඒක නිසා මේ දවස් වල ගොඩක් වැඩ වැඩී..
දැන්නම් බඩගිනී.. ආයෙ ලබන අවුරුද්දෙ හමු වෙමු.. හැමෝටම සුබ නව වසරක් වේවා කියල පතනව...





13 ප්‍රතිචාර:
Elakiri machaan..... Wish you a very happy year ahead and also may your Father get well soon.....
එළ එළ.., 2009 සාර්ථක අවුරුද්දක් වගේ :),
ඇකඩමික් ගොඩයන අපිටත් කෙල්ලො හරියන සුබ නව වසරක් වේවා!
@sanjaya
Wish you a happy new year too :)
@Thilina
ලබන අවුරුද්දෙ තමයි කල කම් පල දෙන්නෙ :D
@තමීර
අනිවා :D එසේම වේවා !!!
ඔය බෝඩිමට සෙට්උන යාලුවද ඊට උඩින් පින්තූරෙ ඉන්නේ. :P.
සුභ නව වසරක් වේවා!!!
එළ එළ.. මට නම් මේ අවුරුද්ද තනිකරම ඔන්ලයින් අවුරුද්දක්.. ඒ ගැන පෝස්ට් එකකුත් ලිවුවා.. :D
@පහන්
ඌත් ඒ වගේ තමා :P
එසේම වේවා :)
@ගයන්ත
ආ අපිත් දැක්ක :P
දැං තාත්තාට කොහොමද මචං..
සුබ නව වසරක් වේවා...
තාත්තට ගොඩක් හොඳයි..
එසේම වේවා :)
මටත් 2009 සෑහෙන සාර්තක අවුරුද්දක්...
අලුත් අවුරුද්දට මගෙන් සුභ පැතුම් අයියෙ.
තාත්තට ඉක්මන සුවය පතනවා...
@Prabath Darshana
ඔන්න මගෙනුත් සුබ පැතුම් :)
ඔන්න මගෙනුත් සුබ පැතුම් :)
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ. දන්නවනේ ඉතිං,අපට අවුරුදු ලැබුවෙ ඊයෙනේ ;) .
දැං තාත්තට කොහොමද? ඉක්මනටම හොද වෙන්න කියලා පතනවා මමත් .
Post a Comment
Thanks for your comments :)