Dec 23, 2009

නොකියා සිකියුරිටි කෝඩ් ..

කට්ටිය කොහොමද ඉතින්.. අති සාර්ථක සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවකින් පස්සෙ මේ කට්ටිය හම්බෙන්නෙ.. එදා ගැන කියනව නම් ඉතින් ආයෙ කියල වැඩක් නෑ.. පට්ටම පට්ට. ආපු නැති අය නම් ගොඩක් දුක් වෙනව ඇති..

        තව සීන් එකක් උනා.. කට්ටියට මතක ඇති මම සිම් කාඩ් කොපි කරමු කියල පෝස්ට් එකක් දැම්ම. ලඟදි නිකන් සර්ච් කරල බලනකොට එකෙක් අමු අමුවෙ පෝස්ට් එක කොපි කරල.. මගෙ විතරක් නෙමෙයි, අපේ මාධව රංග අයියගෙත් පෝස්ට් ලස්සනට කොපි කරල මිනිහගෙ වගේ දාල.. හැබැයි ඉතින් කවුරුවත් බලල නම් නෑ වගේ :D

හරි දැන් ඉතින් මාතෘකාවට බහිමු..ගොඩක් අය දන්නව නොකියා ෆෝන් වල සිකියුරිටි කෝඩ් එකක් දාන්න පුලුවන් කියල. මේක කී පෑඩ් ලොක් එක වගේම සිම් එක මාරු කරපු වෙලාවක දුරකථනයේ ආරක්ෂාව සඳහා භාවිතා කන්න පුලුවන්. ඒ කියන්නෙ සිම් එක ගලවල වෙන සිම් එකක් දැම්මොත් සිකියුරිටි කෝඩ් එක ඉල්ලනව. ඒක නැතුව ඔන් කරන්න බෑ..

ප්‍රශ්නෙ තියෙන්නෙ අපිම දාපු කෝඩ් එක අමතක උනොත් කරන්නෙ මොකක්ද කියන එක. සමහරු නම් security code reset කරනව කියල හෙන ගනන් කඩා ගන්නව. නොදන්න කමට අපිත් රුපියල් 500ක් විතර දීල කරගන්නව..

ඇත්තටම මේකට පොඩි විසඳුමක් තියේ.. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමේ හරි යන්නෙ DCT3 හා DCT4 කියන වර්ග වලට.




මේ හැම නොකියා ෆෝන් එකකම සිකියුරිටි කෝඩ් එකක් දැම්මට ඒක bypass කරන්න පුලුවන් මාස්ටර් කෝඩ් එකක් තියෙනව. ඒක හොයා ගත්ත නම් මොන කෝඩ් එක දාල තිබුනත් Master Code එක ගැහුවම ලොක් එක ඇරෙනව. මේ මාස්ටර් කෝඩ් එක generate කරන්නෙ ෆෝන් එකේ IMEI අංකය භාවිතයෙන්.

 මෙතනින් පුලුවන් Master Code එක generate කරගන්න.

8 ප්‍රතිචාර:

Sampath Sandaruwan said...

MAXxa Post 1...
Link 1ta gihin tawa godak dewal denagatta...
Usefull Post 1k..!!!

තමීර said...

N70ට ක්‍රමයක් නැද්දෝ?

ඉශාන් තිළිණ said...

එතකොට අපේ 4න් ලොක් උනොත් දෙයියංගේ පිහිටද??? :'(

Kanishka | කණියා said...

@Sampath
:)

@තමීර
මේක බලන්න
http://www.unlockme.co.uk/security.html

@ඉෂාන් තිළිණ
මොකක්ද පෝං එක? :P

H. Madhawa Ranga said...

එල එල. මම්ත් මාස්ටර් කෝඩ් එක හොයා ගත්ත. ට්‍රයි කරල බලන්න ඕනෙ.
ඒක නෙමෙයි, මොකද්ද මගේ කොප්ය් කරල තියෙන ලිපිය???

Kanishka | කණියා said...

@ H. Madhawa Ranga
මම ඒක ඊමේල් කරන්නම් :)

සහන් said...

එල එල හුගක් වටින post එකක්..... ඒත් මම SE නේ.
පුලුවන්නම් Sony Ericsson වලටත් ක්‍රමයක් දෙන්න

K.H.Malitha Madushan said...

කොහොමද nokia 4n1 lock කරන්නේ?

Post a Comment

Thanks for your comments :)