Dec 12, 2009

Unicode Font Workshop 2

කට්ටිය කොහොමද ඉතින්.. මාත් ඉතින් ඩොමේන් එකකුත් ගත්ත ගත්තමයි සද්දයක් වත් නෑ.
Font Workshop එකේ දෙවන වැඩසටහන පැවැත්වුනත් කිසිම කෙනෙක් ඒ ගැන නොලියපු එක තමා පුදුමෙ..(පෝස්ට් ලියන අතරදි දැක්කෙ අපේ කණිෂ්ක හෙන්නායක සහෝදරය ලියල තියේ කියල) ඉතින් බලන් ඉඳල බැරිම තැන මම තීරණය කරා මේ ගැන ලියන්න..

මුලින්ම කියන්න ඕන මේක සංවිධානය උනේ ICTA ආයතනය හා UCSC මගින්. 2009 නොවැම්බර් මාසෙ 8, 15, 22, 29 කියන ඉරිදා දවස් හතර පුරාවටම UCSC ගොඩනැගිල්ලෙ පැවැත්වුනු මෙම වැ‍ඩමුළුව ඉතාමත් සාර්ථක උන බව සතුටින් කියන්න පුලුවන්. ඇත්තටම මේකට සහභාගි වුනු කෙනෙක් විදිහට ඉතා විශාල දැනුමක් ලබාගන්න පුලුවන් උනා.

ඇත්තටම මෙතනදි අපේ දේශක මණ්ඩලය මතක් කරන්න ඕන.

  • Mr. Harsha Wijayawardhana (UCSC)
  • මහා‍චාර්ය රෝහිණී පරණවිතාන (සිංහල අංශය, කොළඹ විශ්ව විද්‍යාලය)
  • Mr. G. Balachandran (ICTA)
  • Prof. Gihan Dias (UOM)
  • Ms. Dineesha Ediriweera
  • Mr. Chamara Disanayaka ( LK domain Registry)
  • Mr. Vini Hettigoda
ඒ වගේම ඉතින් ආපු කට්ටිය ගැනත් කියන්න එපැයි.. වැඩමුළුවට 20 දෙනෙක් පමණ සහභාගි උනා. එතන හිටපු අපේ සිංහල බ්ලොග් කරුවන් මතක් කරනව නම් පහන් , චමිල , ආගන්තුකයා (ලසිත), කණිෂ්ක හෙන්නායක වගේම මමත් සහභාගි උනා..
තව සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් 15 දෙනෙක් පමණ සහභාගි වෙලා හිටිය.

ඇත්තටම font එකක් හදනව කියන එක ලේසි වැඩක් නෙමෙයි කියල තේරුනේ මේ වැඩමුළුවෙන් පස්සෙ. මූලිකම දේ තමයි භාෂාවේ ගුණාංග රැක ගැනීම. ඒ නිසා වැඩිම කාලයක් ගත උනේ අපිට සිංහල උගන්න්න්න :D ඒ වගේම අකුරු වල හැඩතල, අකුරු පිහිටුවිය යුතු ආකාර පිලිබඳවත් වි‍ශේෂයෙන් කියල දුන්න.
ඒ වගේම තමයි ඉතින් කෑමෙන් බීමෙන් නම් කිසිම අඩුවක් උනේ නෑ :P

දැනටමත් ගොඩක් font වල වැඩ ඉවර වේගෙන එනව. ලඟදිම ඔයාලටත් ලස්සන සිංහල යුනිකෝඩ් ෆොන්ට් ටිකක් බලාගන්න පුලුවන් වෙයි... පහල පොටෝ වල ඉන්නෙ අපි.. අහම්බෙන් ගතපුව ඕවත්.. පොටෝ නැති අය සමාවෙන්ඩ ඕන....






 




9 ප්‍රතිචාර:

පහන් said...

චමිලගෙ ලස්සන photo එකක් තියෙනවා ඒකත් දාන්නනෙ තිබුනේ. :D දැන් පොර ටෝක් දුන්න වගේ නෙවෙයි fonts හදපං. :P.

Kanishka | කණියා said...

@pahan
අම්මෝ ඒක දාල මට මිනිහව තරහ කරගන්න වෙන්නෙ :P

දර්ශන said...

අපි බලගෙන ඉන්නව කණියාගෙන් ලස්සන සිංහල යුනිකෝඩ් ෆොන්ට් දෙක තුනක් එකතු වෙනකං.....

ඉශාන් තිළිණ said...

සමීර අයියා ආවෙ නැද්ද??

දුකා said...

ela ela . . ikmanata dennako ea fonts . . !!

susantha said...

puluwan nam englisht to sinhala convertor ekak hadanna

Ranga saman said...

Font එක හදලා මටත් දෙන්න. දන්නවනේ ඉතින් මගේ සිංහල ටයිපින් ගැන ගහන එක නෙවෙයි ටයිප් වෙන්නේ කුනු හරප නැද්ද සිංහල යුනිකෝඩ් පුලුවන් වෙන්න පාමසියක ටැබ්ලට් එකක්වත්

Kanishka | කණියා said...

@ඉශාන් තිළිණ
ආවනම් නොකිය ඉන්නවද? :P

@susantha
මේක බලන්න
http://thameeragetheeraya.blogspot.com/2009/06/blog-post_25.html


@Ranga saman
මේක තමා අලුත්ම ටැබිලට් එක :P
https://addons.mozilla.org/en-US/firefox/addon/53146

කணிshක Hennayake said...

හික්..හික්...පොස්ට් එක දැක්කා ගමන් ටිකක් බය වුනා...ටිකක් හිනා ගියා... අපි යුනිකේත හදන ගමන් නේද කණියෝ? :P
පහනුයි අනිත් අයත් දැන් සෑහෙන්න වැඩ ඉවරයිලූ :P
හෑබට ම වෙන පොටෝ එකක් තිබුනේ ම නැද්ද දාන්න? :O

Post a Comment

Thanks for your comments :)