ලැබුවාවූ අලුත් අවුරුද්ද, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සෞභාග්‍යමත්, අපේ රටට තිරසාර සාමයක් උදාවන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ඒ වගේම, මේ නිමක් නැති අන්තර්ජාලයේ
අපේ අනන්‍යතාවය පවත්වගෙන යන අපේ කොල්ලො කෙල්ලොන්ට මෙන්න මගෙන් ගට.
ඒ වගේම, ඉන්ටනෙට් ගාස්තු තවත් අඩු වෙලා, හැමෝටම ඉන්ටනෙට් පාවිච්චි කරන්න සම අවස්ථා ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව..
ඇත්තටම ලංකාවෙ ඉන්ටනෙට් ව්‍යාප්තිය කියන්නෙ වෙනමම මාතෘකාවක්,
ඒව අපි පස්සෙ කතා කරමුකෝ....
එහෙනම් ආයත් කියන්නම්,
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!
Apr 14, 2009
Apr 11, 2009
අවුරුදු ලඟ එනවෝ!!!!!!
මල කෙලියයි... දන්නෙම නැතුව අවුරුද්දත් කට ලඟටම ඇවිත්..
අවුරුද්දත් අපේ වෙලාවට තිබුනෙ.. නැත්නම් ඉතින් ඇඳුමක් අරගෙනත් ඉවරයි..
අපි ඉතින් අලුත් ඇඳුමි ගන්නෙ අවුරුද්දකට පාරක්නෙ.. හෙහ් හෙහ්....
කොහොම හරි මමත් මගේ ජාතික ඇඳුමෙන් දෙකක් විතර ගත්ත.
හැබැයි මගෙ ජාතික ඇඳුම නම් සරමයි අර මොකක්ද එකයි නම් නෙමෙයි, ඩෙනිමයි Tshirt එකයි.
ඕකෙන් අවුරුද්දක් රන් කරන්නත් ඕන..
ඉස්සරහට එන අවුරුද්ද නම් අපේ රටට හොඳයි වගේ.. යුද්දෙ ඉවර වෙනව නම් ඕන කෙහෙල්මලක්.
අද ලංකාදීපෙ ලග්න පලාපල වල හැටියට මට නම් සුභයි, 1st year exam එක ගොඩ යයි වගේ.. :D:D
ඉස්සර නම් මට මතකයි අවුරුදු ලං වෙනකොට කොහා එහෙම කෑ ගහනව, හැබැයි දැන් මට පේන විදිහට කොහාගෙත්
timing controller එක අප්සෙට් ගිහින් වගේ.. දැන් කොහා කෑගහන්නෙ අවුරුදු ඉවර උනාම.
ඔහොම ගියොත් තව ටික කාලෙකින් කොහා වෙසක් එකට කෑ ගහන්න පටන් ගනී..
එක අතකින් කොහාගෙ පැත්තෙන් සාධාරණයි මේ රටේ සිද්ද වෙන දේවල් වල හැටියට....
කවුද මේවට වග කියන්නෙ??? හෙහ් හෙහ්...

Labels:
sinhala
Apr 9, 2009
අහිමි වූ ආදරය....
සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්.....
කොට්ටෙ පුළුන් කන්නම්.....
කිසිදා ඔබෙ අත නොලැබේ නම්......
මෙට්ටෙ කොහුත් කන්නම්........
කොට්ටෙ පුළුන් කන්නම්.....
කිසිදා ඔබෙ අත නොලැබේ නම්......
මෙට්ටෙ කොහුත් කන්නම්........
Labels:
sinhala
Apr 6, 2009
හෝටන් තැන්නට අපිත් ගියා...
ඔන්න ඉතින් මම ආයෙත් මගේ බ්ලොග් එක පැත්තෙ ආව.
ඒක නෙමෙයි.. ඔන්න අපිත් ගොඩ කාලෙකින් ගියා trip එකක්.
සංවිධානය මීරිගම Beetaacom Multimedia Computer Studies ආයතනයෙන්.
trip එක ගැන කියන නම් ඉතින් ආයෙ full ආතල්. අපි හෝටන් තැන්නෙ ඇවිදින ගමන් ඉතින් පුංචි ලෝකාන්තය, ලෝකාන්තය & බේකස් ඇල්ල එහෙමත් බැලුව. සෙට් එක කොච්චර වාසනාවන්තද කියනව නම් ලස්සන මල් වැස්සක් එක්ක තමයි අපි හෝටන් තැන්නෙ ඇවිදින්න පටන් ගත්තෙ. පොඩ්ඩක් පාරවල් නම් යට උනා තමයි, ඒත් ඉතින් ජිවිතේ හැටි ඔහොම තමයි. මොනව උනත් පුදුම සීතලක් තමයි තිබුනෙ. හිතාගන්න පුලුවන්නෙ වැස්සෙන් නාල, එහෙම්මම නුවර එලියෙ සීතල දැනෙනකොට කොහොමද කියල. මම ඉතින් වීරය වගේ ජර්සි එකක් වත් තැතුව ගියෙ. පොඩ්ඩක් විතර වෙව්ලුව.. වැඩිය නැහ් :D

බස් එකේ ටයර් එකක පොඩි අවුලක් ගියා. මේ එවෙලෙ ගත්තු පොටෝ වගයක්.
තව දෙයක් කියන්න තියෙනව, හෝටන් තැන්නට ගන්න ටිකට් එක නම් ඇත්තටම ගනන් වැඩී..(100ක්)
කොහොම උනත් අපේ රටටමනෙ කියල හිත හදාගන්න එකයි තියෙන්නෙ.

මෙතන තමයි හෝටන් තැන්නෙ පිවිසුම. අපි මෙතනින් තමයි දවල්ට කෑවෙ. කට්ටියම බත් ගෙනත් තිබුන. මතක් කරල හෝටන් තැන්නට යනව නම් කෑම අරන් යන්න. ලඟ කඩයක් තියෙනව, කෑම නම් පට්ට ලාබයි, හෙහ් හෙහ්..

ආ.. මේ ඉන්නෙ අපේ සංවිධායක මණ්ඩලය, මෙයාලගෙ කැපවීම නිසා තමයි අපිත් ට්‍රිප් එක ගියෙ..
මෙයාලට ගොඩාක් පින්. හෙහ් හෙහ්..
මොනව උනත් හෝටන් තැන්න කියන්නෙ අපේ ජාතික වස්තුවක්...
බලන්න යන්න, ගිහින් ඒකෙ සුන්දරත්වය විදින්න. හැබැයි විනාස කරන්න නම් එපා......