හම්මෝ.. laptop එක නැතුව දවස් 3ක් ඉන්නව කියන එකත් ලේසි වැඩක් නෙමෙයි..
ඒවයින් දැන් වැඩක් නෑ, සීන් එක උනේ අද train එකේදි, මම කොටුවෙන් නැග්ග කුරුණෑගල train එකට.
නැග්ග වෙලේ ඉදන් ඉතින් මගෙ වැඩේ තමයි බෙල්ල කැඩෙනකන් වටපිට බලන එක. මම දන්නව වෙලාවක මාව අල්ලන් යනව ත්‍රස්තවාදියෙක් කියල :D :D
කොහොම හරි මම හිටපු පෙට්ටියෙ හිටිය ගොලු අයියල දෙන්නෙක්, ඒ දෙන්න එයාලගෙ බාසාවෙන් බර කතාවක්. මමත් ලගමයි හිටියෙ, එකපාරටම එක්කෙනෙක් ගත්ත 3g phone එකක්, මෙන්න ඒ පාර එයාලගෙ තවත් යාලුවෙක් එක්ක 3g වලින් කතා කරනව. අරෙහෙට මෙහෙට අත් හොල්ල හොල්ල වීඩියෝ වලින් කතාවක්. voice නෑ, එයාලගෙ බාසාවෙන් කතාව....
මම ඉතින් මග දිගට කල්පනා කර කර ආවෙ අපේ කොල්ලො ආතල් එකට තියන් ඉන්න 3g phone වලත් කොච්චර වටිනාකමක් තියෙනවද කියල....
May 27, 2009
May 24, 2009
මගේ කොම්පියුටර් ඉතිහාසය...
ශාකුන්තලට ස්තුති කරන්න ඕන මේ වගේ මාතෘකාවක් ඇදල ගත්තට. ආ.. ඒ වගේම උදාරටත්.
මෙන්න මේකයි මගේ කතාව..
මමත් පුංචිම තැනෙන් පටන් ගත්තු කෙනෙක්, කොහොම හරි එතකොට මම 6 වසරෙ (1999) විතර ඇති, නිවාඩුවකට අම්මලත් එක්ක ගමේ ගියා.. ඒ පැත්තෙ අපි අදුරන ගෙදරකට ගියා, මෙන්න බොලේ තියෙනව අමුතුම භාන්ඩයක්..
කොම්පියුටර් වල රූප දැකල තිබුනට එදා තමයි ඇත්තටම එකක් මේ තරම් ලගට දැක්කෙ..
කොහොම හරි කොම්පියුටර් ගැන මම දන්න දෙයක් තිබුනෙ නෑ එතකොට,
කොහොම හරි ආසාවකට වත් ඒක අල්ලන්න හම්බුනේ නෑ මට.
මම එදා හිතාගත්ත කොහොම හරි කොම්පියුටර් ගැන ඉගෙන ගන්නව කියල. ඒ කාලෙ මට මතක විදිහට විජය පත්තරේ ගියා පොඩි ලමයින්ට කොම්පියුටර් උගන්නන ලිපි පෙලක්.. ඒක තමයි මගෙ කොම්පියුටර් ඉගෙන ගැනීමේ මූලික පියවර..
කොම්පියුටර් වල ඩෙස්ක්ටොප් එකේ රූප එහෙම දැක්කම පිස්සු වගේ ඒ කාලෙ..
ඊට පස්සෙ කොහොම හරි අපේ ඉස්කෝලෙට හම්බුනා කොම්පියුටර් 4ක්. එතකොට මම 7 විතර ඇති, අපේ පන්තිය භාර ටීචර්ට තමයි කොම්පියුටර් කාමරය භාර උනේ, ඒක නිසා අපිට ගොඩක් චාන්ස් හම්බුනා කොම්පියුටර් එක්ක වැඩ කරන්න..
ඒ දවස් වල අර විජය පත්තරේ ලිපිමයි කියවන්නෙ.. හොදට ඒව බලාගෙන තමයි ඉස්කෝලෙට ගියෙ.මේ දවස් වෙනකොට කොම්පියුටරයක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනිල තිබුන, මේ අතරෙ තමයි අපේ බාප්ප කෙනෙක් ආරන්චියක් අරන් ආවෙ කොම්පියුටර් 2ක් පන්සලක ස්වාමින්වහන්සේ කෙනෙක් විකුනනව කියල. එකක් පෙන්ටියම් 1, ඒක 8000ක්, අනික 486 එකක්, ඒක 7000ක්. මම පෙන්ටියම් 1 එක ගන්න තීරණය කලා.. බාප්ප 486 එක ගත්ත.
පෙන්ටියම් 1 කිව්වට පස්සෙ කාලෙකදි තමයි දැනගත්තෙ ඒකත් 486 එකක්මයි කියල.
මේ තියෙන්නෙ ඒකෙ කන්‍ෆිගරේෂන් එක.
486 DX/4 (100 MHz), 16 Mb Ram, 546 Mb HDD, CD ROM (4X), Creative ISA sound card, Oak technology VGA card (512 KB memory) තව 3.5 floppy drive එකකුත් තිබුන. windows 95, office 97, පොඩි පොඩි ගේම්ස් ටිකක් එහෙමත් තිබුන..
ඇත්තමයි මම ඕකෙන් තමයි මගෙ කොම්පියුටර් ජීවිතේ පටන් ගත්තෙ, පණ්ඩිත වැඩ කරන්න ගිහින් windows වලට කෙල උන වාර ගනන අනන්තයි, හැම පාරකටම windows දාන්න රුපියල් 500යි. දෙතුන් පාරකින් පස්සෙ තාත්ත තීරණය කරා මට සල්ලි නොදෙන්න, දැන් ඉතින් මොනව කරන්නද මාසයක් විතර ට්‍රයි කරල ඒකත් කොහොම හරි ඉගෙන ගත්ත..
ඊට පස්සෙ ඉතින් සතියකට පාරක් අනිවා windows දානව. ඔහොම ටික කාලයයි දිව්වෙ, නොහිතපු වෙලාවක hard disk එකට කෙල උනා.. දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද, මම බැස්ස කෙලින්ම DOS වලට.
CD ROM එක තිබුන නිසා DOS games collection එකක් තියෙන CD එකක් හොයාගත්ත, startup disk එකෙන් boot කරල CD එක දාල game ගහන්න ගත්ත. හැබැයි මේ කාලෙ DOS ගැන ගොඩක් දේවල් හෙව්ව, ඒ වගේම DOS ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත...

පස්සෙ කාලෙක ආයෙත් 516 MB hard disk එකක් ගත්ත. windows 95 පාවිච්චි කරන කාලෙ මම windows 3.1 එකත් දාල බැලුව, ඒත් ඒක දවසෙන් එපා උනා.. වැඩ කරන්න හෙන අමාරුයි, ඒත් ඒකත් හොද අත්දැකීමක්..
මේ කොම්පියුටරේ mother board එක ඇරෙන්න අනික් හැම දෙයක්ම තාමත් වැඩ.

කොහොම හරි 2004දි විතර මම Pentium 1, 200 MHz IBM Desktop pc එකක් ගත්ත. නියම pc එකක්, යකා වගේ වැඩ. මේකෙදි තමයි මම හරියටම windows 98 වලට මාරු උනේ. කලින් 486 එකටත් 98 දැම්ම, ඒත් ඒකෙ 98 ගොඩක් ස්ලෝ, Windows 95c කියන version එක තමයි පාවිච්චි කලේ. ඕවයි ඔරිජිනල් bootable CD වල කොපි තාමත් මම ගාව තියෙනව.
අර IBM එකට (ඒකෙ නම IBM PC 300GL) මම windows Me, Windows 2000 එහෙමත් දැම්ම. XP දාන්න විදිහක් තිබුනෙ නෑ, Ram එක 32Mb තිබුනෙ.
පස්සෙ මම parts ගෙනත් තනියම PC එකක් ඇසෙම්බල් කලා.. ඒකෙ මුලින් win98, XP dual boot system එකක් විදිහට පාවිච්චි කරත් අන්තිමට XP වලටම මාරු උනා.. ඔහොම ඉන්නකොට Vista ආව, ඒත් vista දාන්න හම්බුනේ නෑ මගෙ PC එකේ Ram එක මදි නිසා..
ඒකත් අවුරුදු 4ක් විතර ඇද්ද, campus යන්න පටන් ගත්තට පස්සෙ laptop එකකට ආස හිතුන, අන්තිමට බොහොම අමාරුවෙන loan එකක් දාල මේක ගත්ත. Lenovo 3000 N500 තමයි model එක. දැන් දුවන්නෙ Vista Genuine software. ලගදිම Windows 7 වලට මාරු වෙන්න අදහසක් තියෙනව, අපි බලමුකෝ....

ඕක තමයි මගේ කතාව, වෙලාවකට හිතෙනව මීටත් කලින් කොම්පියුටරයක් හම්බුනා නම් කියල...
ලියන්න නම් තව ගොඩක් සිද්ධි තියෙනව, ඔක්කොම ලියන්නත් අමාරුයි.
ඒත් ආපස්සට හැරිල බලනකොට නම් ගොඩක් සතුටුයි..

May 19, 2009
නිදහස් සැමරුම..NDT අපි
අද නම් හිතට පුදුම සතුටක්.. කැම්පස් එකේ වැඩ පැත්තකට දාල අපිත් බැස්ස පාරට..
කැම්පස් එකේ ඉදන් කටුබැද්ද හංදියට යනකන් පාගමනින් ගියා..
දන්නවනෙ ඉතින් අපේ සද්දෙ..
බලන්නකෝ පොටෝ ටික..

Labels:
sinhala
May 18, 2009
කොටියා කපෝති....

දශක දෙකකටත් වැඩි කාලයක් පැවතුන කාලකන්නි යුද්ධය අවසානයි....
මගේ හිතට නම් දැනෙන්නෙ පුදුම සතුටක්. මේ නිවට කොටින්ට මේ ඉරණම උරුම වෙන බව අපි කවුරුත් දැනගෙන හිටිය. දැන් ඉතින් ජයග්‍රහනයේ සතුට භුක්ති විදින කාලය ඇවිත්..
යුද්ධය ගැන විස්තර කරන්න උවමනාවක් නෑ.. මොකද මටත් වැඩිය කට්ටිය දැනුවත්..
ඇත්තටම මම මේ වෙලාවෙ අපේ රණ විරුවන්ට මගේ හද පිරි ප්‍රණාමය පුද කරනව..
ඒ වගේම අපේ මේ අභිත යුධ හමුදාවට නායකත්වය දුන් අපේ ජනාධිපති තුමා ඇතුලු සියලුම රාජ්‍ය මෙන්ම හමුදා නායකයින්ටත් මගේ ස්තුතිය පුදනව..
අපේ නිදහස් නිවහල් රට ගොඩනගන්න කාලයයි මේ.......
Labels:
sinhala
May 16, 2009
ආදරය....
ජීවිතේ හරි පුදුමයි.. වෙලාවකට අපි ප්‍රාර්ථනා කරන දේවල්ම ලැබෙනව, ඒත් ගොඩක් වෙලාවට එහෙම නෑ..
මේකයි කතාව....
ඹබ දන්නව නම් එක කඳුලු බිඳක්..
හිත යටට වෙලා දුක් විඳින තරම්...
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්..
යලි ඔබේ පයට පෑගෙනවා නම්...
මේකයි කතාව....
ඹබ දන්නව නම් එක කඳුලු බිඳක්..
හිත යටට වෙලා දුක් විඳින තරම්...
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්..
යලි ඔබේ පයට පෑගෙනවා නම්...
Labels:
sinhala
May 8, 2009
අපේ වෙසක්....
ඔන්න ඉතින් වෙසක් නිවාඩුවට ගෙදර ආපු පාර පරන යාලුවො ටික සෙට් උනා වෙසක් බලන්න යන්න..
ඒ පාර කට්ටියම බයික් සෙට් කරගෙන ගියා වෙසක් බලන්නයි දන්සැල් වඳින්නයි..
මීරිගමින් ගමන පටන් ගත්තු අපි දිවුලපිටියෙන් මිනුවන්ගොඩට ගිහින් එතනින් ගම්පහට ගිහින් නිට්ටඹුව හරහා ආයෙත් මීරිගමටම ආව..
මේ පාර දන්සැල් අඩුයි වගේ.. ගමිපහ තොරණත් බැලුව, හැබැයි තොරණෙ තිබුන ජාතක කතාව මොකක්ද කියල නම් අහන්න එපා...
ගම්පහ තොරණ

අපි යන ගමන්....

දන්සැල් වන්දනාව :D :D

මේ මම.....

May 1, 2009
අපේ පුංචි අවුරුදු උත්සවය
ඔන්න ඉතින් මම ආයෙත් ආව මගෙ බ්ලොග් එක පැත්තෙ
පහුගිය ටිකේ වැඩ කෝටියයි.. ඒත් කොහොම හරි අපිත් කලා අවුරුදු උත්සවයක්..
දිනය 2009 අප්‍රේල් 26 ඉරිදා, ට්‍රිප් එක වගේම මේකෙත් මූලිකත්වය ගත්තෙ මීරිගම BMCS ආයතනය.
පුංචි අවුරුදු උත්සවයක් උනත් මේක ගොඩක් ගාම්භීර විදිහට තිබුන..
මමත් ඉතින් ඔක්කොම වැඩ අමතක කරල අවුරුදු උත්සවේට බැහැලම වැඩ කලා..
සතියක් පරක්කු උනත් මේක blog එකේ දැමිමෙ නැත්තම් මගෙ හිතට හරි නෑ වගේ...
බලන්නකො photo ටික....