Jun 30, 2009

මෙන්න මගේ ක්‍රමය..

ඉතින් කොහොමද කට්ටිය.. ඔන්න මට නම් මේ දවස් වල නිවාඩු. INCO එකත් එක්ක 2nd term එක ඉවර උනා..
සති 3ක් කාලෙ කන්න පුලුවන් sengihnampakgigi

අද මම කතා කරන්න බැලුවෙ අපි සාමාන්‍යයෙන් කොම්පියුටරේ ඔන් කරාම කරන දේවල්..
මම නම් ඉතින් 99%ක්ම ‍හැමදාම එකම දේ තමයි.. මෙන්න මෙහෙමයි..

කොම්පියුටරේ ඔන් කරන විදිහ ඕන නෑනෙ, ඔන්න ඉතින් power on switch එක ඔබල කම්මුලට අත තියන් බලන් ඉන්නව.. හැමදාම වගේ සුපුරුදු password එක (******) ගහනව.. (password එක කාටවත් කියන්න එපා හොදද? jelir ) කොහොම හරි desktop එක ලෝඩ් වෙනව.. desktop එකට ආපු ගමන් කරන්නෙ task bar එකේ load වෙලා තියෙන application 2ක් අයින් කරන එක. (sound card එකේ software එකයි, තව message center කියල lenovo එකෙන් ආපු එකකුයි. Application වල settings වලින් හැදුවට ඒව කවදාවත් task bar එකෙන් අයින් වෙන්නෙ නෑ..)

ඊට පස්සෙ පුලුවන් තරම් ඉක්මනට kaspersky ඔපන් කරන් බලන් ඉන්නව ඒකෙ startup scan එක පටන් ගන්නකන්.. පටන් ගත්තු ගමන් ඒක නවත්තල දානව sengihnampakgigi (අහන්න එපා මොකද කියල jelir )

දැන් හරි.. USB modem එක ගහනව laptop එකේ වම් පැත්තෙ තියෙන USB port එකකට, ඒකත් ඉතින් මම පුරුදු වෙලා තියෙන හැටි.. Internet connect උන ගමන් කරන්නෙ google talk open කරගන්න එක.
ඊට පස්සෙ ඒකෙ තියෙන email notification වලින් Gmail වලට යනව.. ඒත් එක්කම Facebook, Blogger, sinhalabloggers කියන site 3ත් ඕපන් කරගන්නව..

එතනින් එහාට සිද්ද වෙන දේවල් මම වත් දන්නෙ නෑ.. ඕක තමයි මගේ ක්‍රමේ.. ඔයාලගෙ ක්‍රමත් කියන්නකො බලන්න sengihnampakgigi

Jun 27, 2009

මගේ inco අත්දැකීම්..

අම්මෝ අද නම් එපා උනා..
කට්ටිය බලනව ඇති මොකද මේ කියල නේද? ඔයාලට මම කිව්වනෙ inco 2009 එකේ අපෙත් ප්‍රදර්ශන කුටියක් තියෙනව කියල, ඔන්න මමත් අද ගියා අපේ යාලුවොන්ගෙ උදව්වට. උදේ 7 ඉදන් 3.30 වෙනකන් හිටගෙන.. (7 ඉදන් 9.30 වෙනකන් Hall entrance එක ගාව sengihnampakgigi ඒක වෙනමම කතාවක් jelir )
Demonstration පටන් ගත්තට පස්සෙ කන්න මතක් උනෙත් නෑ..
සෙනග එනව ඉවරයක් නෑ, සමස්තයක් වශයෙන් exhibition එක හොදයි..
හැබැයි කියන තරම් නව නිර්මාණ නම් නෑ. ගොඩක්ම තිබුනෙ කඩ..
ඇත්තටම අපි නැත්තම් exhibition එක අල තමයි.. sengihnampakgigi (අපි කිව්වෙ NDT, HNDE, IET)
බොහොම අමාරුවෙන් මම මගේම පොටෝ එකක් මගෙ කබල් පෝං එකෙන් ගහ ගත්ත.. මේ ඉන්නෙ..

Jun 23, 2009

inco 2009

‍වසරේ දැවැන්තම කාර්මික හා ‍වෙළද ප්‍රදර්ශනය, inco 2009, මේ මස(ජූනි) 26-28 දිනවල බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇත.. සියල්ලෝ පැමිනෙත්වා....

ආ.. මේකට NDT, IET(ඉස්සර TTI) වගේම HNDE ත් සහභාගි වෙනව.. නව නිර්මාණ එහෙම ගොඩක් බලාගන්න පුලුවන් වේවි...

Jun 13, 2009

මගේ පරණම OS එක..

ඔන්න ඉතින් අද මම කට්ටියට කියන්න යන්නෙ මම පාවිච්චි කරපු පරණම OS එක ගැන. DOS පරණයි තමයි, ඒත් පරණම ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එකක් තියෙන OS එකකට මම පාවිච්චි කලේ windows 3.11, ඒ මීට අවුරුදු 6කට විතර කලින්.
ඇත්තටම ඒ දවස් වල මට තිබුන ආසාව තමයි හැම දෙයක්ම මුල ඉදන් පටන් ගන්න එක.. විශේෂයෙන් ‍කොම්පියුටර් වල. මොකද තාක්ෂණය තේරුම් ගන්න නම් ඒකෙ මුලට යන්න ඕන..



Windows 3.11 කියන්නෙ සරලයි කියල පේන, ඒත් ඒක ආපු කාලෙ හැටියට ඉතාමත් සංකීර්ණ OS එකක්.
මේ තියෙන්නෙ ඒකෙ System Requirements

- IBM compatible 80286 or higher (386 recommended)
- 640K Conventional memory
- 256K extended memory (XMS v 2.0 or higher)
- 1024K extended memory recommended on 80286
- 2048K extended memory recommended on 80386
- 5.25-inch (high density) or 3.5-inch floppy drive
- Fixed drive with 6 megabytes free (10 megabytes
recommended)
- EGA, VGA, SVGA, XGA, 8514/A, or Hercules video
card or 100% compatible card, and monitor
- Mouse recommended

Floppy drive එක ඇරෙන්න අනික් ඒව නම් දැනට තියෙන පරණම color display phone එකකත් තියෙනව නේද? Windows 3.11 release කරේ 1993.12.31, OS එක නම් ගොඩක් සරළයි.. Windows 95 වගේ Start button එකක් නම් නෑ.. Program Manager කියල window එකක් තියෙන්නෙ, ඒ වගේම තමයි මේක දැන් තියෙන OS වගේ Auto load වෙන්නෙ නෑ. DOS වලින් අපි ලෝඩ් කරන්න ඕන. මේක හරියට නිකන් DOS උඩ දුවන තවත් එක ඇප්ලිකේෂන් එකක් වගේ..



කොහොම උනත් කවුරු හරි හිතනව නම් Windows 3.11 කොහෙන් හරි හොයන් Install කරගන්න පුලුවන් කියල ඒකෙ පොඩි නීතිමය ගැටලුවක් තියෙනව, අ‍වුරුදු 16 කටත් වඩා පරණ උනත් මේකෙ අයිතිය තාමත් Bill Gates අන්කල්ගෙ.. අනේ මේ මිනිහගෙ තණ්හාව..
හැබැයි සල්ලි කාරයො ඉන්නවනම් ගන්න, www.eBay.com , http://www.recycledsoftware.com බලන්න, 10$ - 20 $ අතර ගානකට ගන්න පුලුවන්.

Jun 6, 2009

පොසොන් දන්සැල, NDT අපි

ඔන්න කාලෙකට පස්සෙ මමත් ආයෙ බ්ලොග් එක පැත්තෙ ආව..
ඔන්න අපෙනුත් ‍පොසොන් එකට දන්සැලක්..
කැම්පස් එක ඉස්සරහම උදේ ඉදන් හවස් වෙනකන්..
බෙලිමල් වතුර තමයි දුන්නෙ..ආ.. තව හකුරුත් දුන්න. බලන්නකො පොටෝ ටික..

ඔන්න කට්ටිය වෙද පප්පගෙ අරිෂ්ටෙ හදනව :D


ඔන්න ඉතින් කට්ටිය අරිෂ්ටෙ බෙදන්නයි යන්නෙ..


මම නැති පොටෝ මේ බ්ලොග් එකේ තියෙන්න බෑනෙ, ආ.. එහා පැත්තෙ ඉන්නෙ මගෙ යාලුව හිරෝෂ්.. දකුනු පැත්තෙ කෙල‍වරේ ඉන්නෙ තනුජ, මම දන්න විදිහට මිනිහ තමයි දන්සැල open කලේ.. :D


ඔන්න කස්ටිය ගේමට එන්ටර් උනා..

Jun 3, 2009

මගේ උපන් දිනය..

නිදහසේ වර්ෂයේ පොසොන් මස තෙවැනි දින අපරභාග 3.45ට ලැබූ සුබ හෝරාවෙන්,
මාහ‍ට 21 වසක් සපිරුනු බව සකල වාසී සිරිලක් ජනයාට දැනුම් දෙන්නේ හදපිරි සතුටිනි..

කට්ටිය බය වෙන්න එපා.. ඔන්න මටත් 21යි. (3.45 කියන්නෙ මම උපන් වෙලාව)
සතුටු සාද තියන්න නම් හම්බුනේ නෑ..
ඒත් ඉතින් ආපහු හැරිල බලනකොට නම් ගොඩක් සතුටුයි...
කියන්න දේවල් නම් ගොඩක් නෑ..
හැබැයි ටිකක් කල්පනා කරන් යනකොට අනේ අපිත් කවද හරි වයසට යනව නේද කියල නම් හිතුන....