Jul 26, 2009

Mission Possible :D

ඉතින් කොහොමද කස්ටිය... කට්ටියම බලනව ඇති දැන් මේ මොකක්ද අලුත් ෆිල්ම් එකක් වත්ද කියල.. sengihnampakgigi
මාත් මුලින් නම් හිතන් හිටියෙ මේක mission impossible කියල.. ඒත් ඉතින් විශේෂ බලකායෙත් කල නොහැක්කක් නොමැත කියල කියනවනෙ..

මම දන්නව කට්ටිය තාමත් හොල්මන් වෙලා බලන්න ඉන්නෙ මොකක්ද මේ කියල.. jelir

මේකයි සීන් එක..

මමත් මාස 4ක විතර කටු ප්‍රෝග්‍රෑම් එකකින් පස්සෙ ගොඩ ගියා...

තවත් තේරෙන්නෙ නැති අය මෙතනින් එහාට කියවන්න එපා.. sengihnampakgigi

කෙල්ලො ගැන ඉතින් මෙතන කියන්න ගියොත් මට කැම්පස් යන එක නවත්තල පොතක් ලියන්න වෙනව..

මුලින් නම් බෑ.....මයි කිව්වෙ.. මාත් ඉතින් අත ඇරියෙම නෑ.. (මොනව උනත් මම මුල්ම පාර ඇන උන වෙලාවෙ ගොඩ යන්න කියල දුන්න ලහිරු අයියට නම් දිව්‍යලෝක සැප සම්පත් ලැබෙන්න ඕන..)
කෙල්ල මට පුදුම වදයක් දුන්නෙ ඒ දවස් වල.. මට එපා කරවන්නමයි හැදුවෙ..(ඒව කොහෙද මාත් එක්ක kenyit)

කොහොමින් කොහොම හරි අන්තිමට එයා මාව තේරුම් ගත්ත.. (මාස 4කට පස්සෙ)
දැන් නම් ගොඩක් සතුටුයි..

උඹලට මට කියන්න තියෙන්නෙ මෙච්චයි..
"කරතොත් කරපන් හරියට, බැරිනම් පලයන් අහකට" fikir jelir

Jul 19, 2009

භීෂණය නැවතත්....

භීෂණය කියන්නෙ ආයෙ කියල වැඩක් නෑ.. sengihnampakgigi මේක හැබැයි පුද්ගලික මානසික භීෂණයක්...
කට්ටිය බලනව ඇති මූ මොනව කියවනවද කියල.. jelir

මොනවවත් නෙමෙයි හෙට අපිට campus පටන් ගන්නව... doa
සති 3ක නිවාඩුවක් තිබුන කරේ මොනවද කියල මට වත් මතක නෑ.. Drawing, Coursework ගොඩ ගැහිල..
ඒ මදිවට පොතක් අතින් ඇල්ලුවෙ නෑ.. පට්ට ආතල් එකේ හිටිය, දැන් තමයි හීන් දාඩිය දාන්නෙ.. sedih

අද තියෙන වැඩේ අදම කරන්න.. මම වගේ වැඩ කල් දාල tumbuk කෙලවගන්න එපා...

Jul 18, 2009

ටැම්ප්ලේට් කෙරුවාව..

ඔන්න මමත් මගෙ බ්ලොග් එකේ ටැම්ප්ලේට් එක මාරු කෙරුව..
බලමු දැන්වත් කට්ටිය ඒවිද කියල.. sengihnampakgigi

කොහොම හරි ටැම්ප්ලේට් එක දානකොටම කියපි මගෙ පැත්තෙන් දාල තියෙන විජට්ටු හෙන ගොඩක් මක්නන ඕන කියල.. ඉතින් මාත් ඔක්කොම පැත්තකින් තියල ඒව බැකප් කලා.. දැන් නම ඔක්කොම හරි..
බලල කියන්නකො ලස්සනද කියල... callme comment තමයි ඕන...

Jul 11, 2009

2000+ hits, ස්තුතියි හැමෝටම....


අද මට ගොඩක් සතුටුයි... මගේ blog එකේ හිට්ස් 2000 පැනල.. මෙච්චර දවසක් මාත් එක්ක හිටපු හැමෝටම මම මේ වෙලාවෙ ස්තුති කරනව. මගේ පිස්සු talks කියව කියව මාත් එක්ක හිටියට.. ඉදිරියටත් හැමෝම මාත් එක්ක ඉදීවි කියල බලාපොරොත්තු වෙනව... senyum

Jul 10, 2009

ලංකාවෙ Internet

අනේ අපොයි.. මේක ගැන නම් කතා කරල වැඩක් නෑ.. මට නම් එපා වෙලා ඉන්නෙ..
ලංකාවෙ ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර්ස්ල නම් ඕන තරම්.. නමුත් මට හිතෙන විදිහට මෙයාල තමයි ඉස්සරහින්ම ඉන්නෙ,
  • SLT
  • Dialog
  • Mobitel
  • Airtel
තව ඉතින් Lankabell, Suntel එහෙමත් දෙනව.
මගේ අත්දැකීම් වලට අනුව මෙයාලගෙත් හොද නරක ගොඩක් තියෙනව..
ADSL දෙන්නෙ SLT ‍විතරක් නිසා එයාලට තරගයක් නැති උනත් කොළඹින් පිට ADSL උනත් අල..sigh
512kbps උනත් අපේ පැත්තෙ නම් 100kbps වත් නෑ.. මෙයාල ගාස්තු අඩු කලාට සේවයේ ගුණාත්මක භාවය නම් වැඩි කරල නෑ වගේ...

ඒ අතින් බලනකොට Dialog Wimax ගොඩක් ඉදිරියෙන් ඉන්නව, හැබැයි ඒවයිත් ගාස්තු අඩු වෙලා Traffic වැඩි උනාම අල වෙයිද දන්නෙ නෑ.. කොච්චර උනත් ADSL තරම් හොද නෑ තමයි, ඒත් දුර පලාත් වලදි ADSL තරම් Bandwidth ප්‍රශ්න නම් නෑ..

Mobile broadband ‍වලදි නම් Dialog, Mobitel දෙක අතරෙ තරගයක් තියෙනව, එක පාරටම උඩ පැනපු Airtel නම් දැන් චාටර් කියල තමයි ගොඩක් අය කියන්නෙ..
හැබැයි Dialog, Mobitel දෙකේම ගාස්තු නම් ඉවසන්න බැරි තරම්....
අනික ‍දෙකේම Unlimited package නෑ.. (dialog වල unlimited කිව්වට FUP ගැන දන්නවනෙ..)garupale

Suntel ලත් unlimited internet connection එකක් එයාලගෙ CDMA phone වලින් දෙනව, ස්පීඩ් එක නම් ඉතින් 112.5 kbps, ඒත් වෙන කිසිම දෙයක් නැති දුර පලාත් වලට ඒකත් ගොඩක් වටිනව.

කොහොම උනත් ඉතින් අවසානෙට කියන්න තියෙන්නෙ ගුණාත්මක සේවයක් සමගින් අඩු ගාස්තු සහිත unlimited package එකක් හදුන්වාදෙන්න මේ dialog, mobitel ආයතන දෙකටම වාසනාව ලැබේවා කියල තමයි... jelir