කට්ටිය කොහොමද ඉතින්.. ඔන්න ඉතින් මාත් කොහොම හරි ඩොමේන් එකක් ගත්ත..
දැන් නම් ඉතින් පොඩි ගතියක් තියේ.. අලුත් බව වැඩි වෙන්නත් එක්ක ඔන්න අලුත් තීම් එකකුත් දැම්ම..
ආ.. උදව් කරපු කට්ටිය මතක් කරන්න එපැයි. :D
මුලින්ම ඉතින් මට ඩොමේන් එක අරන් දීපු Nibras අයියට ස්තුති කරන්න ඕන.. එයා තමයි ඔක්කොම වැඩ පාඩු කරන් මේකෙ ඩොමේන් එක පැත්තෙන් වෙන්න ඕන සෙටින්ස් ටික හදල දුන්නෙ..
තව ඉතින් අපේ ශාකුන්තල ටත් ස්තුති කරන්න ඕන විශේෂයෙන්, මේකෙ ඩොමේන් එක දාපු ගමන් කමෙන්ට් ටික අතුරුදහන් උනානෙව :D. ඉතින් කන්න වහ කෑල්ලක් හොය හොය ඉන්නකොට තමයි මෙයා ඇවිත් වැඩේ හරිගස්සල දුන්නෙ..
කොහොම කොහොම හරි ඉතින් මේ ටිකේ වැඩ කටයුතු කරන් යනව.. අලුත් පෝස්ට් කීපයක්ම ලගදි දාන්නම්.. එහෙනම් ඕන් මම ගියා..
Nov 26, 2009
Nov 19, 2009
TechnoMax 2009 තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය
කට්ටිය කොහොමද ඉතින්.. පොඩි නිවුස් එකක් අරන් මම ආවෙ.. මුලින්ම කියන්න ඕන මම මේ කරන්නෙ වෙළඳ ප්‍රචාරක දැන්වීමක් නෙමෙයි හොදද..
පලමු වරට මීරිගම නගරයේ මේ වගේ ප්‍රදර්ශනයක් කරන්නෙ.. හොඳ වැඩකට ඉතින් අපි උදව් නොකර ඉන්නෙ නෑනෙ.. පුංචි පහේ ප්‍රදර්ශනයක් උනාට වැදගත් වේවි ගොඩක්.. පැවැත්වෙන දින, වෙලාවන්, ස්ථානය ගැන විස්තර උඩ තියෙන ඇඩ් එකේ තියෙනව.
අන්තර්ගතය ගැන පොඩ්ඩක් කියනව නම්...
මේ තියෙන්නෙ එන විදිහ.. ලඟපාත අය පුලුවන් නම් එන්න, ඇතුල්වීම නොමිලේ :P

- පරිගණක දෘඩාංග තාක්ෂණය..
- පරිගණක ක්‍රීඩා..
- මුද්‍රණය පිලිබඳ ඔබ නොදත් දේ..
- පරිගණක ජාලකරණය සහ Ncomputing..
- ඔබ නොදුටු මෙහෙයුම් පද්ධති..
- වීඩියෝ කැමරා තාක්ෂණය..
- ව්‍යාපාරයට අන්තර්ජාලය යොදා ගන්න ක්‍රම..
- පරිගණක පොත් පත්..
- මීරිගම අන්තර්ජාල අඩවියට ප්‍රවේශයක්..
- විශේෂ සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ...
මේ තියෙන්නෙ එන විදිහ.. ලඟපාත අය පුලුවන් නම් එන්න, ඇතුල්වීම නොමිලේ :P
Labels:
sinhala
Nov 13, 2009
මගේ වින්ඩෝස් 7
පහුගිය ටිකේ Windows Vista එපා වෙලා හිටියෙ.. මගේ කොම්පියුටරේ බ්‍රෑන්ඩඩ් එකක් නිසා ඔක්කොටම තිබුනෙ එක පාට්ෂන් එකයි.. පාට්ෂන් කීපයක් පාවිච්චි කරල තිබුන පුරුද්ද නිසා මෙහෙම ඉන්නකොට නිකන් පිස්සු වගේ. කොහොම කොහොම හරි මාස 6කුත් පාවිච්චි කරා කියමුකෝ.. දැන් ඉතින් පට්ට ස්ලෝ.. මොනව කරන්නද, හිතට දහිරිය අරගෙන හිතුව ලයිසන් සොෆ්ට්වෙයා යකාට ගියාවෙ කියල අලුත්ම වින්ඩෝස් 7 දාල බලන්න.
දැන් ඉතින් format කරන්න කලින් ඩේට ටික බැකප් කරන්ඩ එපැයි.. අපිට කොයින්ද Portable HDD. ඒපාර දන්න තැනක PC එකක් එක්ක නෙට්වර්ක් කරල ඔක්කොම ඩේට ටික බැකප් කරා.. කොහොම හරි 80 GB විතර ඩේට ටිකක් කොපි වෙන්න පැය 4ක් විතර ගියාද කොහෙද.. නෙට්වර්ක් ස්පීඩ් 100Mbps උනත් ඉතින් ෆයිල් ගොඩක් තියෙනකොට අමාරුයිනෙ..
වැඩේ හරි දැන් ඉතින් නමෝ විත්තියෙන් හත දාන්න තමයි තියෙන්නෙ.. ඔන්න ඉතින් කොහොම හරි දාල ඇක්ටිවේටර් එක රන් කරා.. හපොයි, මොන බම්බුවක්ද.. මේ ඇක්ටිවේටරේ වැඩ නැ...
දැන් ඉතින් පිස්සු වගේ.. ඔක්කොම මහන්සිය වතුරෙ නේද කියල හිතුන..
කොහොම හරි මට මේක දීපු අයියව සම්බන්ද කරගෙන ඇක්ටිවේටරේ අලුත් වර්ෂන් එකක් ගත්ත.. හම්මෝ ඇති යන්තම් ඒක වැඩ.. දැන් නම් පුදුම සන්තෝසයක් තියෙන්නෙ..
මම ඉන්ස්ටෝල් කරේ Windows 7 Home Premium. විස්ට වලට වඩා ගොඩක් හොඳ බව ඔන් කරනකොටම දැනුන.. Performance චෙක් කරාම තේරුනා රැම් එකත් අඩුවෙන් පාවිච්චි කරන්නෙ කියල..
තව ඉතින් ගොඩක් Drivers ඔටෝ ඉන්ස්ටෝල් වෙලා තිබුන.. ඒත් ඉතින් මම කෝකටත් කියල Drivers ඔක‍්කොම ඉන්ස්ටෝල් කරා.. ඔය උඩින් දාල තියෙන්නෙ මගේ ඩෙස්ක්ටොප් එකේම පොටෝ එකක්..
Windows 7 දාල වෙනස අත්විඳල බලන්න :)
Nov 11, 2009
දූපත් පාරාදීසය :P
කොහොමද ඉතින්.. දැන් ලියන්න දෙයක් හිතට එන්නෙත් කලාතුරකින්..
ගොඩක් අය දන්නව මූනු පොතේ නැගල ගියපු ගේම් එකක් තමයි Barn Buddy ඒත් ඉතින් ඕනම ගේම් එකක එක දිගට ගහනකොටත් එපා වෙනව. Barn Buddy ගේම් එකත් දැන් ඒකාකාරී වගේ.. මෙන්න ඒකට නියම පිළියමක්.
ගේම් එකේ නම Island Paradise
තමන්ගෙම දූපතක ආතල් එකේ වවාගෙන ඉන්නයි තියෙන්නෙ.. Barn Buddy ගේම් එකට වඩා වැඩ කෑලි තියෙනව, BB එපා වෙච්ච අයට ආයෙත් පටන් ගන්න හොඳ ගේම් එකක්. අනික ඉතින් හොරුන්ටත් චාන්ස් තියෙනව. හැබැයි අරක වගේ හොරකමෙන්ම ජීවත් වෙන්ඩ නම් බෑ පුතෝ.. :D

Nov 5, 2009
නාවිමන ආරන්‍ය සේනාසනය
ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. අද මම ලියන්න හිතුවෙ එක පාරක් ගියොත් ආයෙ යන්න හිතෙන තැනක් ගැන.. ඔයාල දන්නව ආරන්‍යයක් කියන්නෙ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා වැඩ වසන ස්ථානයක්.
අක්කර 50ක භූමි භාගයකින් සමන්විත මෙම සෙනසුන විලිකුලාකන්ද වන රක්ෂිතයේ පිහිටා තියෙනව.. කොළඔ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොලින් අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානය දෙසට කිලෝමීටර 2ක් පමන එනකොට අපිට මේ රක්ෂිතය හමු වෙනව. 1964 ජනවාරි මස 18 වන දින මෙම සෙනසුන ආරම්භ කරනවිට මෙහි වැඩ සිටියේ කුඩුම්බිගල තපෝවනයේ වැඩ සිටි තාඹුගල ආනන්දසිරි නාහිමියන් සහ තවත් හිමිවරු දෙනමක්..
ඇත්තටම මේ තැනට ගියාම නම් පුදුම නිදහසක් දැනෙන්නෙ.. දාන ශාලාව තියෙන්නෙ කන්ද පහල, ස්වාමීන් වහන්සේලාගේ කුටි තියෙන්නෙ කන්ද මුදුනෙ. තව කුඩා ස්ථූපයක්, බෝධීයක් වගේම බුදු මැදුරකුත් තියෙනව.
අපි ඊයෙ යනකොට හිටියෙ හාමුදුරුවරු 4 නමයි. ඇත්තටම ගොඩක් ලොකු උත්සව තියල උපන්දින වගේ ඒව සමරන අය පුලුවන් නම් මේ වගේ තැනකටත් දානයක් දෙන්න..
පුලුවන් වෙලාවක බලන්න යන්න, 12ට කලින් නම් ගොඩක් හොදයි.. හැබැයි ගිහින් එතන කරදරයක් වෙන විදිහට හැසිරෙන්න එපා..