Jan 25, 2010

කන්දොස්කිරියාව.. ප‍ච.. මඩ..

අනේ තව දවස් කීයක් මේක ඉවසන් ඉන්නද.. ජනාධිපතිවරණෙ කියල මෙහෙමත් වද විඳින්න ඕනද අප්පා.. මේ දවස් වල ඉතිං සින්ඩියෙ තත්වෙ කියන්න ඕන නෑනෙ..

මාසෙකට සැරයක්කට පෝස්ට් එකක් නොදාපු සමහරු පශ්චාත් භාග ගිණි අරන් පෝස්‍ට් දාපු හැටිත්,
මහත්වරුන් ලෙස දේසපාලනය පිළිබඳ ප්‍රබුද්ධ සාකච්ඡා කරපු අයත් අපි දැක්ක..

සමහරු ත‍රගෙට පට්ටපල් බේගල්, මඩ හතර අතේ විසි කරනව.. ඇත්තම කියනව නම් මඩ ගොඩක රේස් දුවනව..
ඇත්තත් යන්තමින් කියවෙන්න ඇති..






අනේ මන්ද.., ඒ අස්සෙ දේසප්‍රේමී බ්ලොග් කරුවො කියල බයිසිකලේක විතර පටවන් යන්ඩ පුලුවන් සංගමේකුත් හදාගෙන ඔන්න  :D  අද බලනකොට නම් ඒක නෑ..

ඒ අස්සෙ කට්ටියකගෙ ඇලෙක්සාද මොකද්ද කියන රෑන්ක් එකකුත් වැ‍ඩි වෙලාය කියන්නෙ :D
ඕකට තමා බොර දියේ මාලු බානව කියන්නෙ. :D
ඔය රෑන්ක් දිගටම තියාගන්න හැකිනම් තමා ඒකෙ වටිනාකම.

වැදගැම්මකට නැති දේසපාලන පච වලින් අන්තර්ජාලය පුරවන වෙලාවෙ, වත්ත පිටිය ටිකක් උදලු ගෑව නම් මොකද වෙන්නෙ..
අහෝ ඛේදයකි ඉරකි තිතකි....

15 ප්‍රතිචාර:

සම්පත් සඳරුවන් said...

සිරා කතාව කණි..තව නම් ඉතින් දවසයිනේ නේද? :D
ඒත් මේ දේසප්‍රේමී බ්ලොග් කරුවන්ගේ කතාව මොකක්ද ??

සහන් said...

තව දවසනේ..... ඔනෙමනං තව දවසක් කස්ටියක් පාරම්බාන්න ගනී (දිනපු අය) තව කස්ටියක් හොර චන්ද කතාවක් ඇදල ගනී (පැරදුන අය) ඔක්කොම සෙල්ලං තව දවස් දෙකක් තියෙයි පස්සෙ සේරම අමතකයි.....
අහෝ ඛේදයකි ඉරකි තිතකි....

Kanishka | කණියා said...

@සම්පත් සඳරුවන්
දන්නෝ දනිති :D

@සහන්
:P

Prabhath Darshana said...

හෙටින් පස්සෙවත් ඔව ඉවරවෙයි නෙ...

snjflame said...

You guys wanna see my wallpaper,
here the #1 wallpaper in 2010
http://img11.imageshack.us/img11/2505/37862333512a7dee07fco.jpg

Sam said...

ඔය කතාව ලියන්න මට වෙලාවක් නැතිව උන්නේ. මසුරන් කතාව.

Kanishka | කණියා said...

@prabath Darshana
ඉවර උනොත් හොඳා..ඒත් මම නම් හිතන්නෑ ඉක්මනටම ඉවර වෙයි කියල..

@sanjiflame
:D :D

@sam
මමත් ඉඳල ඉඳල ලිව්වෙ 11.30 ටද කොහෙද :D

තමීර said...

ඔව් අප්පා, මේ ආසාවෙන් කියව කියව හිටපු බ්ලොග් පවා කඩේ යන්න පටන් ගත්තනෙ. පටන්ගත්තම ඉවරයක් නෑ, සමහරු අන්තිම දවස්වල පෝස්ට් 4, 5 දානවා. :D
ආසාවනෙ, ඔන්න ඔහොම කඩේ යද්දෙන් කියල මාත් ඉවසගෙන හිටිය. :D

Chejana said...

ඇත්තම කතාව..
මේව දැකල අහල එපා... වෙලා

පහන් said...

සිරාවට... බ්ලොග්නම් අකමැති නම් ‍නොබල ඉන්න පුළුවන් කියමු. ඒත් මේ චැට් දාන්න එන උං. ඊයෙ එකෙක්ව බයිටකට අල්ලගෙන තාමත් හිනා.

Kanishka | කණියා said...

@තමීර
කතා කරල වැඩක් නෑ බන් :D

@Chejana
හික් :P

@පහන්
:P මතකයි මතකයි.. වැඩේ කියන්නෙ මිනිහ අන්තිමට ඇත්ත පිලිගත්ත එකනෙ :D

අනේවාසික said...

මට පෙණුනු විදියට සමහරු මරා ට කඩේ ගියහ. සමහරු සෆෝ ට කඩේ ගියහ. එසේම, BF ලා ද, ටැබූ ලා ද තම මත වෙනුවෙන් පෙනී සිටීමෙන් සිංහල බ්ලොග් වල යම් සමතුලිතතාවයක් ඇතිවුනි.

මෙය ජාතික රූපවාහිනිය හා දිනමිණ සමග සසඳන්න....!!!

අපේ වාසනාවට, දුකා, කතන්දරකාරයා, ඇබ්නෝමල් මයින්ඩ්ස්, ම, ලන්කන් ග්රල් සහ අරුණී ශැපිරෝ වැනි බ්ලොග් ලියන්නෝ සිටියහ. උන් ට ජයවේවා!

හෙට සිට වත් සිංහල බ්ලොග් අවකාශයේ මේ political වැහි වලා මැකී සුපුරුදු පරිසරය උදාවේවායි නොරට සිට පතමි.

මේ,

අනේවාසික
http://anewasika.blogspot.com/

ඉශාන් තිළිණ said...

අදින් පස්සෙවත් කනක් ඇහිලා ඉන්න හම්බෙයිද ??

Kanishka | කණියා said...

@අනේවාසික
සහතික ඇත්ත.. පැවතුන තත්වය පිළිබඳ මනා අවබෝධයකින් ඉඳල තියෙනව :)

@ඉශාන් තිළිණ
දන්නෙ නෑ... දන්නෙ නෑ.. නෑ නෑ නෑ.. :D
(අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ..)

said...

දැන් ඕකට පුරුදු වෙලා නිසා බැරි වෙලා හරි මඩ ගහගන්නේ නැති ඡන්දයක් තිබ්බොත් මිනිස්සු මොනා කරයිද මන්දා. එක්කෝ ඡන්දේ නැහැ කියල හිතා ගනී

Post a Comment

Thanks for your comments :)