කට්ටිය දන්නව මොබිටෙල් එක මුලින්ම හඳුන්වා දීපු Broadband පැකේජ.. ඕවයින් මම ගත්තෙ අඩුම පැකේජ් එක... මාසෙට 250mb, මාසික ගාස්තුව රුපියල් 300ක්ද කොහෙද.. ඕක ඉතිං ඔහොම හෙමින් හෙමින් පාවිච්චි කරා..
ඔන්න දැන් තමා සීන් එක පට්‍ටාන් ගන්නෙ.. වැඩි තන්හාවටද කොහෙද මොබිටෙල් එකෙන් ආයෙත් data bundle වැඩි කරා. සමහර පැකේජ් වල මාසික ගාස්තුත් අඩු කලා.. ඒත් එක පැකේජ් එකක විතරක් කිසිම වෙනසක් නෑ.. මගේ දුප්පත් zoom 490 පැකේජ් එක..
ඉතිං මල පනින එක අසාධාරණද? වහාම බල පවත්වන පරිදි බිල් ගෙවීම නැවැත්තුවා..
කොහොම හරි billing date එක 15 නම් 18 වෙනිද connection එක කැපුව.. කපනකොට බිල 2573යි. කපපු මාසෙ බිලයි (ඒ මාසෙ දවස් දෙකයි පාවිච්චි කරන්න ලැබුනෙ, ඒකට ගාස්තුව රුපියල් 600ක් විතර) තව මාසෙක එකකුයි ආව.. (ඒක 321 යි ) දැන් බිල 3538යි..
ඕක ඉතින් ගානක් ගියේ නෑ.. මාත් ඔහෙ හිටිය.. මෙන්න දවසක් mobitel කෙල්ලෙක් මට කෝල් කරනව
දුක සැප අහන්න නම් කමක් නෑ.. ගත්තු ගමන් අහපි බිල ගෙවන්නෙ කවද්ද කියල
තව ඉතින් මගේ පැකේජ් එකට වෙච්ච අසාධාරනේ ගැනත් හොඳවයින් තේරුම් කරල දුන්න.. පහු පහු වෙනකොට කෙල්ලට බිල ගැන මතක නෑ.. මට කියනව ඕව customer care එකට කියන්නලු
ඔහොමයි කතාව ඉවර උනේ.. හැබැයි එදයින් පස්සෙ කෝල් නෑ.. බලමු ආයෙත් මතක් වෙයිද කියල..

10 ප්‍රතිචාර:
අඩො මරු බන්.... කියපන් කුඩු වෙන්න. කෙනෙකුට එවා මෙවා කියලා බනිද්දි මට හිනායනවා. පස්සෙ මම බැන පු එකත් හිනා වෙනවා. මෙක දැකලා මට හිනා ගියා....
මාරු නොවී ඩයලොග්වලම හිටපු එක ඇඟට ගුණයි වගේ :)
Pre Paid පාවිච්චි කරන එක ලාබයි වගේ...
එල නියමයි මට ඔහොම එකක් මට නඩු දානවා කියලා ලිවුනුත් අවා ඒත් මම බිල නම් තාම ගෙව්වේ නැ
මොබිටෙල් එකෙන් ගේම අතඅරින්නෙම නැති පාටයි වගේ..
මම දන්න කියන කීපදෙනෙක්ටත් නඩු දානව කියන ලියුම ඇවිත් තිබුනා..
බැලුවම මුන් ඔක්කොම එකනේ :P
නඩු දැමීම කෙසේවෙතත් ඔබට වෙනත් මොබිටෙල් සම්බන්දතාවයක් ලබාගැනීමත නොහැකිවනු ඇත.
මොබිටෙල් එකේ කෙරුවාව මතක් කරන්න එපා...මුලු පරම්පරාවම සමහර වෙලාවට මතක් වෙනවා.. :D
හික් හික්, මොබිටෙල් කෙල්ලන්ට අපිව මතක් වෙන්නෙ බිල් ගෙව්වෙ නැත්තම් තමයි ඉතින්...
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.
අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.
www.gazzan.net
Post a Comment
Thanks for your comments :)