Feb 14, 2010

පරිගණක හාඩ්වෙයා පාඩම - 1

පරිගණකය අද අප අතර වඩාත් ප්‍රචලිත උපකරණයක් වී ඇත. මෑත අතීතයේ සුඛෝපබෝගී භාණ්ඩ ගණය‍ට අයත් වූ පරිගණකය අද වන විට බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් වී ඇති බව අපි දන්න කරුණක්. මෙම පාඩම් මාලාවෙන් අප බලාපොරොත්තු වන්නේ පරිගණක හාඩ්වෙයා පිළිබඳ සරළ මට්ටමේ සිට යම්තාක් උසස් මට්ටමක් දක්වා දැනුමක් ඔබ වෙත ලබා දීම හා වෘත්තීය දෘඩාංග ශිල්පියෙකුගේ මට්ටම ඔබ වෙත ලඟා කර දීමයි.

මුලින්ම අපි පරිගණකයක් යනු කුමක්දැයි සොයා බලමු, දත්ත තොරතුරු බව‍ට සකසන උපකරණයක් පරිගණකයක් වනුවෙන් ස‌රළව හඳුන්වන්න පුලුවන්. අප අත ඇති කුඩා ගණක යන්ත්‍රය පවා පරිගණකයක් යන්න අද බොහෝ දෙනා නොදන්නා කාරණයක්. මෙම පාඩම් මාලාව පිළිබඳ ඔබගේ අවධානය යොමු කලොත් ඇත්ත වශයෙන්ම න්‍යායාත්මක කරුණු වලට වඩා ප්‍රායෝගික දැනුම පිලිබඳ විශේෂ අවධානයක් අප මෙහිදී යොමු කරල තිබෙන බව කිව යුතුයි.



මුලින්ම අප දැනට භාවිතයේ ඇති පරිගණක වර්ග පිලිබඳ සොයා බලමු,

1. පුද්ගලික පරිගණක (PC) එහෙමත් නැත්නම් Desktop Computer (ක්ෂුද්‍ර පරිගණක/micro computer යනුවෙන්ද මේවා හැදින්වේ).
2. Note Books, Laptops.
3. PDA (Personal Digital Assistant).
4. Super Computer.

Main Frame, Mini Computer වැනි දෑ දැනට භාවිතයේ නොමැති තරම්ය. මෙම පාඩම් මාලාවේදී අපගේ විශේෂ අවධානය පුද්ගලික පරිගණක වෙත යොමුවන අතර ලැප්ටොප් පිළිබඳවද යම්තාක් සාකච්ඡා වනු ඇත. ඉදිරි කොටස් වලදී පුද්ගලික පරිගණකය, පරිගණකය ලෙසින් කෙටියෙන් හඳුන්වන බව සලකන්න.


මුලින් අපි පරිගණකයේ බාහිරින් පෙනෙන කොටස් හඳුනා ගනිමු.



System Unit (පද්ධති ඒකකය)

අද බොහෝ දෙනෙකු System unit නමින් හැදින්වෙන කොටස CPU එක නමින් වරදවා හදුන්වන අතර මෙහිදී CPU යනු Central Processing Unit බව සැලකිය යුතුය. පරිගණකයේ බොහෝ වැදගත් උපාංග මෙය සමන්විත වන අතර ඒවා පිළිබඳව ඉදිරියේ සාකච්ඡා වනු ඇත. විශේෂ සැලැස්මකට නිර්මාණය වූ පරිගණකයක හැරුනුකොට සෑම විටම පුද්ගලික පරිගණකයක් system unit එකකකින් සමන්විතවේ.

Monitor (මොනිටරය)

රූපවාහිනී යන්ත්‍රයක පෙනුම ගන්නා මෙම උපකරණය පරිගණකයක ඇති තවත් එක් වැදගත් කොටසකි. සකස් කෙරෙන දත්ත දර්ශනය කරවීම මෙමගින් සිදු කෙරෙන කාර්යයයි. ප්‍රධාන වශයෙන් භාවිතා වන මොනිටර වර්ග දෙකකි. එනම් CRT (Cathode Ray Tube) සහ LCD (Liquid Cristal Display) ය. ඉහත රූප සටහනේ දක්වා ඇත්තේ LCD මාදිලියට අයත් මොනිටරයකි. අනෙක් වර්ගයද ඔබ දැක ඇති බව අපි උපකල්පනය කරමු. ඉදිරි‍ පාඩම් වලදී මේවා පිළිබඳ වි‍ශේෂයෙන් සාකච්ඡා වනු ඇත.

Key Board (යතුරු පුවරුව)

අතීතයේ සිටම පරිගණකයේ සියලු දත්ත ඇතුලත් කිරීම් හා විධානයන් ලබා දීම යතුරු පුවරුව මගින් ‍සිදු වී ඇත. අදටත් යතුරු පුවරුවකින් පමණක් අපහසුවෙන් වුවද පරිගණකයක් හැසිරවීම සිදු කළ හැක. දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වන යතුරු පුවරුව QWERTY නමින් හැදින්වේ.

Mouse (මූසිකය)

මැත කාලයේ පරිගණකයක ඇති අත්‍යවශ්‍යම උපකරණයක් බවට මූසිකය පත්වී ඇත. අද භාවිතා වන බොහෝමයක් මෘදුකාංග වල වධානයන් මෙය මගින් ලබා දීමට හැකි වීම මෙයට ප්‍රධානම හේතුවයි. ක්‍රියා කරන පරිගණකයක් ඉදි‍රියේ කිසිවෙක් හිද ගතහොත් 90% කගේම අත් මුලින් යන්නේ යතුරු පුවරුවට නොව මූසීකය වෙත බව ඔබ අප සැවොම දන්න කාරණයක්.

Speakers (ස්පීකර)

ස්පීකර අපට නුහුරු දෙයක් නොවන අතර මේවා නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. පරිගණකය මගින් නිපදවන විද්‍යුත් සංඥා ආකාරයෙන් ඇති ශබ්ද අපට ඇසෙන ආකරයට පරිවර්තනය කිරීම මෙමගින් සිදු කෙරෙන කාර්යයි.

මෙම කොටස් වලට අමතරව අප සාකච්ඡා කල යුතු තවත් විශාල උපාංග ප්‍රමාණයක් ඇත. නමුත් මූලික වශයෙන් පරිගණකයකට ඉහත දක්වා ඇති කොටස් වුවද ප්‍රමාණවත්. සමහරවිට මෙම කරුණු පරිගණක පිලිබඳ නොදන්නා කෙනෙකුට යම්තාක් අපහැදිලි විය හැක. මා මෙහිදී පරිගණකය පිලිබඳ මූලික හැදින්වීමක් සිදු කර ඇති අතර ඉදිරි පා‍ඩම් වලදී වඩාත් විස්තරාත්මක කරුණු බලාපොරොත්තු වන්න.

ඇත්තටම මට වඩා මේ ගැන දන්න අයත් මෙතන ගොඩක් ඇති.. ගැටළු තියේ නම් comment මගින් අහන්න.



15 ප්‍රතිචාර:

ඉශාන් තිළිණ said...

නියමයි! නොදන්න අයට මේක ගොඩක් වටිනවා. Keep it up!!

Kanishka | කණියා said...

මේ පාඩම් මාලාව දිගටම ලියන්නයි බලාපොරොත්තුව.. ටිකක් කල් ගියාම සංකර්ණ දේවල් ගැන සාකච්ඡා කරනවා.

සහන් said...

එල එල දිගටම ක‍රගෙන යන්න.........

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

හොඳ වැඩක්. ජය..

Supun Budhajeewa said...

මුල ඉඳන්ම එපැයි වැඩක් පටන් ගන්න; නැද්ද?

Kanishka | කණියා said...

@සහන්, සුසිත
ස්තුතියි :)

@බුධා
නැතුව නැතුව :D

සම්පත් සඳරුවන් said...

ඕ... දැන් දැක්කේ බන්.. සිරා වැඩක්.. නියමයි..
වැදගත් දේවල් ගොඩක් ඉස්සරහට ඉගෙන ගන්න පුලුවන් වෙයි වගේ..

Kanishka | කණියා said...

@සම්පත්
අනිවා.. ගුරු මුට්ටි නැතුව ඔක්කොම ලියනවා :D

änthräX said...

මරු මරු. අ යන්නෙන්ම පටං අරං තියෙන්නෙ.

Kanishka | කණියා said...

@änthräX
හෝඩියම කරල ව්‍යාකරණත් කරන්නයි මගේ කල්පනාව :D

PRASANNA SANJEEWA MUNASINGHE said...

හොද උත්සාහයක්

ධනික | Dhanika said...

හොඳ වැඩක් මලයො දිගටම කරගෙන යන්න. සුභපැතුම්!

Kanishka | කණියා said...

@PRASANNA SANJEEWA MUNASINGHE
@ධනික | Dhanika

ස්තුතියි :)

Amila Prasad said...

All The Best Machan

Amila Prasad said...

All the best Machan

Post a Comment

Thanks for your comments :)