Feb 3, 2010

අලුත් වැඩක්..

කට්ටිය කොහොමද ඉතිං.. මේ ටිකේ ඉතිං මටත් ටිකක් free. ඒක නිසා ඉතිං අන්තර්ජාලෙ එහෙම ටිකක් වැඩිපුර සැරිසරනව.. ගොඩක් වෙලාවට මාව Gtalk එකේදි එහෙම අල්ල ගන්න පුලුවන්.. කැමති අය ඇඩ් කරන්නකෝ (kani97).



ඒ කතා ඇති දැන්. කට්ටියම දන්නවනෙ අපේ දසුන් අයියගෙ Cplus මැගසින් එක ගැන. මමත් ඉතින් ඒකට පුංචි ලිපි ටිකක් ලියනව පරිගණක හාඩ්වෙයා ගැන.. දන්න අයට නම් කිරි කජු වගේ ඇති.. අනික මුල් කොටස් වල ඒව නම් කියන්න ඕන දේවලුත් නෙමේ.. ඒත් ඉතිං නොදන්න අයත් ඉන්නවනේ.. ඉතින් මම බැලුව සියලු සත්වයාගේ හිත සුව පිණිස ඒ ලිපි මගේ බ්ලොග් එකේ පළ කරන්න, මැගසින් එකට අසාධාරණයක් නොවෙන විදිහට.. හැබැයි ඉතින් මාසෙකට එක ලිපියයි. ඒ උනාට කල් යනකොට ගොඩක් දේවල් ලියවෙයි.. පරිගණක හාඩ්වෙයා කියල වෙනමම ලේබල් එකක් යටතේ ලියන්නයි කල්පනාව..



ඉතිං හාඩ්වෙයා ගැන ලියනව කියල නිකන් යන්නත් බෑනෙ.. ඒක නිසා මම බැලුව පොඩි තෑග්ගක් දීල යන්න.. මේක ඇවිල්ල පරන Dos Software එකක්. පරිගණකයේ විවිධ කොටස් වල විස්තර තමයි තියෙන්නෙ.. ඇත්තමයි දැන‍ටත් මට නම් ආස හිතෙනව මේ වගේ ඒව දැක්කම. ඉස්සර සීමිත සම්පත් ප්‍රමාණයක් තිබ්බ පරිගණකයකින් අපි කොච්චර වැඩ ගත්තද.. ඒත් අද බලන්න.. අද අපි මොනවද කරන්නෙ කියල..

Computer Works


ගොඩක් දුරට මේක Vista , Windows 7 වගේ ඒවයි කෙලින්ම වැඩ කරන එකක් නෑ.. ඒක නිසා Run කරන්න Dos Box පාවිච්චි කරන්න.

මෙතනින් බාගන්න.

Computer Works - Download
DosBox - Download

8 ප්‍රතිචාර:

Nadun said...

කරන්න යන වැඩේ හොදයි

ගයන්ත said...

Maxxa work...
ඔහොම යං... :)

හසී said...

පට්ට කණීයෝ.....ඔහොම යාං.........

තමීර | Thameera said...

නියමයි, උබුන්ටුවල dosbox එකෙත් එලට වැඩ.

Kasun Nadeeshana said...

එළ එළ ජය වේ

änthräX said...

සිරා වැඩක්. ;)

Rajitha0245 said...

good work bro...

ඉශාන් තිළිණ said...

All the best for d nice wrk :)

Post a Comment

Thanks for your comments :)