Mar 1, 2010

විද්‍යුත් චුම්බක ස්පන්ද | EMP

කට්ටිය කොහොමද ඉතිං.. මේ ටිකේ මාර විදිහට අලුත් බ්ලොග් එකතු වෙලා.. අපිව කට්ටියට මතකද දන්නෙත් නෑ  jelir. හරි.. ඒව වැඩක් නෑ. අපි මාතෘකාවට බහිමු. මොකක්ද මේ විද්‍යුත් චුම්බක ස්පන්දයක් නැත්තම් EMP එකක් කියන්නෙ? The Matrix බලල තියෙන අයට නම් EMP කියන්නෙ ඒ තරම් අමුතු දෙයක් නෙමෙයි. Nebuchadnezzar යානයේ තිබුන  EMP Geneator එක මතක ඇතිනේ..

කෙටි කාලයකදී විශාල වශයෙන් නිකුත් වෙන බලවත් විද්‍යුත් චුම්බක තරංගයකට EMP එකක් කියලා කියන්න පුලුවන්. මෙහිදී න්‍යෂ්ඨික පිපිරුම් මගින් ඇති කෙරෙන EMP පිලිබඳ නෙමෙයි සාකච්ඡා කරන්නේ. නමුත් ඒවාත් මෙයට ඇතුලත්.



Smallville හි EMP එකක් ඇතිවන දර්ශනයක්

ඉතින් මේ EMP එකකින් මොකද වෙන්නෙ..? කලින් සඳහන් කලා වගේ මෙමගින් එකවර ඉතා ප්‍රබල විද්‍යුත් චුම්බක තරංගයක් ඉතා කුඩා කෙටි කාලයක් සදහා නිකුත් කෙරෙනවා. මෙවැනි තරංගයකින් අපි භාවිතා කරන බොහෝමයක් ඉලෙක්ට්‍රොනික උපකරණ අඩපන කරන්න පුලුවන්. මෙහිදී එම උපකරණයේ බොහොවිට තිබෙන Microcontroller එක තමයි විනාශ වෙන්නෙ. ඒවගේම විද්‍යුත් චුම්බක ආකාරයෙන් දත්ත සටහන් කරල තියෙන මාධ්‍ය වලත් දත්ත විනාශ වෙන්න පුලුවන්. ඇත්තටම කුඩා පරිමාණයේ electromagnetic pulse gun , Programmable Chip වල තියෙන දත්ත මකන්න පාවිච්චි කරනව. හැබැයි මේව අර ෆිල්ම් වල වගේ නිල් පාටින් පේන්නෙ නම් නැති බවත් මතක තියා ගන්න.

සැහ්.. කියවන් යනකොට කට්ටියගෙ මූනට එන හිනාව.. දැන් හිතනව ඇති , ඉඳපංකෝ... දෙන්නං අරූගෙ කොම්පියුටරේට කියල sengihnampakgigi

ඉතිං EMP ගැන කියව කියව ඉඳල වැ‍ඩක් නෑනෙ. ගේම දෙන්න නම් එකක් හදාගන්න වෙනව. මෙ‍හිදී පාවිච්චි වෙන්නෙ ධාරිත්‍රකයක ගබඩාඋන විද්‍යුත් ශක්තියෙන් විද්‍යුත් චුම්බක තරංගයක් නිපදවා ගැනීම. මේ චුම්බක ක්ෂේත්‍රය නිපදවන්න පාවිච්චි කරන්නෙ බොහෝ විට Single loop coil එකක් . නමුත් මේක අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා.

මේ පිලිබඳ ඇමරිකා විශ්ව විද්‍යාලයක සිසුවෙක් කරපු project එකක් හම්බුනා. ඒ මගින් ප්‍රායෝගිකව EMP generator එකක් හදාගන්නෙ කොහොමද කියල දැනගන්න පුලුවන්.


Original Download link
New download link

 EMP gun එකක්. මේවා microcontroller වල memory erase කිරීමට පාවිච්චි කරනවා.


PS
කට්ටිය සමාවෙන්න ඕන. වැඩකටයුතු නිසා ලිංක් එක දාන්න ප්‍රමාද උනා..

12 ප්‍රතිචාර:

Bunny ! said...

අනේ කනියො අර link එක වැඩ කරන්නෑනේ :(
ලිපියනම් මරේ මරු. දෙන්ට ඔනේ කාට හරි ගේමක් :D ;)

Thilina said...

මේවා පව් පිරෙන වැඩ :P :P; ලින්ක් එක වැඩ කරන්නෙ නෑ

ගයාන් තාරක said...

ඉදපං එකක් හදාගන්නකං දෙන්න බැටේ. මුලින්ම දෙන්නෙ බනියට ඊලගට කණියට. ඩේටා බැකප් කරල තියාගනිං ඕං නොකිවුවයි කියන්න එපා

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

අර අලුත් ලයිටර් වල තියෙන piezoelectric ගැජට් එකත් ඔය වැඩේට use කරන්න පුලුවන් ...ඒත් එකේ range එක මදි.ඔන්න ගෑස් ලිපේ තියෙන එකනම් ඇතිවෙයි :P
(ඔන්න ඉතින් කස්ටිය ගෙදර තියෙන ගෑස් ලිප ගලවනවා නෙවේ)

Anonymous said...

ඔය emp මදුරුවො එළවන්න වගේ පාවිච්චි කරන්න බැරිද

Anonymous said...

කෝ බඩු නෑනේ මචං. අනික් පාර ඕවගෙ එකක් දැක්කම download කරගනින් ඉස්සෙල්ලාම...

Kanishka | කණියා said...

Link updated :)

änthräX said...

එල එල, ඕක ටැස් කලා කියලා කූඩු කරන්න බෑ නේද?

Kanishka | කණියා said...

බෑ බෑ.. ඒව ෆිල්ම් වල විතරයි පුලුවන්.. :D

රොකියා | Udara said...

EMP gun එකක් හොයාගන්න තැනක් එහෙම ලඟපාතක නැද්ද ?

Madhawa Habarakada said...

මමගෙ aයාළුවෙක් එකක් හදල තිබ්බ අපි ඒ ලෙවල් කරන කාලෙ. මිනිහ නම් පාවිච්චි කරල තිබ්බෙ මට මතක විශිහට ට්‍රාන්ස්ෆෝමර් එකකුයි තව මොනවද මන්ද දේවල් ටිකකුයි.

milan said...

i wish i could make one of these.nice article.

Post a Comment

Thanks for your comments :)