Dec 10, 2010

බුදු හාමුදුරුවොද හොඳ ජේසුස්වහන්සේද?

මුලින්ම කියන්න ඕනා කිසිම ආගමකට නිගරුකිරීමේ අදහසකින් නෙමෙයි මම මේ ලිපිය ලියන්නේ. මේක මම අත්දැකපු පුද්ගලික සිදුවීමක්.

වෙනදා ව‍ගේම තමයි මම බ්‍රහස්පතින්දා හවස ගෙදර එන්න මොරටුවෙන් බස් එකට නැග්ගා. කොහොමත් මොරටුව පිටකොටුව බස් වල සෙනගත් අඩුයි. මෙහෙම යනකොට ගොලුමඩම හන්දියෙන් විශේෂ කට්ටියක් බස් එකට නැග්ගා. මුලින්ම නැග්ගේ අන්ධ ළමයෙකුයි එයාගේ තාත්තයි. ඒත් එක්කම පෙනුමින් වයස 18ක විතර ‍බිහිරි ගෑනු ළමයෙක් එයාගෙ තාත්තා එක්ක නැග්ගා. නැගලා වාඩි උනේ මට ඉස්සරහා සීට් එකේ. මේ දෙන්නාම රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමයි.

ඇත්තටම මේ අන්ධ විද්‍යාලයේ මේ වගේ ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපිත් දවසක් මේ අය එක්ක ගත කලා. ඒ අපේ පලමු වසර් ශ්‍රමදානයකදී.  ඉතින් ආපු වෙ‍ලාවේ ඉඳන් ඒ ළමයා බොහොම ආසාවන් වටපිට බලනවා. තාත්තාට එක එක ඒවා තමන් දන්න විදිහට කියන්න උත්සාහ කරනවා. තාත්තත් එයාගේ අල්ලේ අකුරු ලිය ලිය පුලුවන් විදිහට ළමයාට උත්තර දෙනවා. මේ විදිහට යනකොට බස් එක ලොකු පල්ලියක් පාස් කලා. ඒත් එක්කම ළමයා තාත්තා දිහාට හැරිලා තමන්ගේ සිරුරේ කුරුසය ස‍ටහන් කරලා අත මිට මොලවලා මහපට ඇඟිල්ල උස්සලා (Thumbsup) තාත්තාට කියනවා ‍ජේසුස්වහන්සේ හොඳයි කියලා.



තාත්තා එකපාරටම ඔලුව දෙපැත්තට වනලා නෑ කියලා කියනවා. මට ඒකෙන් වැටහුනා තාත්තා බෞද්ධයෙක් වෙන්න ඕනා කියලා. ඊට පස්සේ තාත්තා අත්දෙක එකතු කරලා වඳින විදිහ පෙන්නලා ඒත් එක්කම විතර්ක මුද්‍රාව පෙන්නලා කියනවා නෑ බුදුන්වහන්සේ හොඳයි කියලා. සමහර විට අපි ගොඩක් බුදුපිලිම වල විතර්ක මුද්‍රාව දකින නිසා වෙන්න ඇති ඒ තාත්තා එහෙම පෙන්වන්න ඇත්තේ.


ඒත් ළමයා පිලිගන්නෙ නෑ. ආයෙත් කුරුසය සටහන් කරලා අතමිට මොලවලා මහපට ඇගිල්ල උස්සලා එයා හරි කියලා පෙන්වනවා. මේ වෙලාවේ තාත්තා වැරදි නමුත් උපහාසාත්මක වැඩක් කලේ. තාත්තත් කුරුසය සටහන් කරනවා වගේ පෙන්නලා අන්තිමට ඔලුවට ඇගිල්ල තියලා අතින් පෙන්වනවා ඔලුවේ මොකුත් නෑ කියලා. ‍බෞද්ධ පියෙක් විදිහට තමන්ගේ ආබාධිත දරුවාට එයා වැරදියි කියන්න උත්සාහ කරපු හැටි නම් අගය කරන්න ඕනා. ඒත් අනිත් ආගමකට අපහාස කිරීමේ අදහසින් කරා නම් ඒක වැරදියි. ‌මේ වගේ ළමයින්ට හරි මොකක්ද වැරදි මොකක්ද කියන එක ගැන හරි වැටහීමක් නෑ.  තාත්තා උත්සාහ කලේ ළමයාට හරි ‍දේ වටහාදෙන්න.

ඉතින් මම මග එන ගමන් කල්පනා කලේ උපතින් බෞද්ධ දරුවෙක් මේ ‍වගේ වෙනස් වෙන්න හේතු මොනවද කියලා. ගොඩක් දුරට මගේ හිතට ආපු කාරණය තමයි මේ ළමයින්ව හැමෝම අතරඇරලා දාලා තියෙන එක. සමහර විට හාමුදුරු කෙනෙක් නොදකිනවා වෙන්න ඇති. අනික හාමුදුරුවරු තෑගි අරන් එන්නෙ නෑ. ඇත්තටම මේ ළමයින්ගේ නොහැකියාවන් නිසා එයාලට ධර්මය ඉගෙන ගැනීමේ හැකියාවක් නෑ. මොකද ඊට කලින් ලියන්න, ලියපු දෙයක් තේරුම්ගන්න ඉගෙන ගෙන ඉන්න ඕනානේ. ඒත් පල්ලියකින් ලැබෙන තෑග්ගක් නිසා මේ වගේ ළමයින්ට උපතින් ලැබුනු දායාදය අමතක වෙන්න පුලුවන්. ඇත්තටම මේක කණගාටුවට කරුණක්. ළමයාගේ පැත්තෙන් වැරැද්දක් නෑ. මම නම් හිතන්නේ බෞද්ධයන් කියලා කියන අපේ අතේ තමයි මේ වගකීම තියෙන්නෙ කියලා.

20 ප්‍රතිචාර:

Astro Boy said...

ඔය වගේ මිත්‍යාදෘශ්ටික ආගමකට නිගරු කිරීමක් වශයෙන් තාත්ත එහෙම කලාට කිසිම වැ‍රැද්දක් නෑ. ක්‍රිස්තියානි කාරයො වගේ මිත්‍යා මත පස්සෙ යන්න නොදී ක්‍රිස්තියානි කියන්නෙ මොලේ නැති ආගමක් බව පෙන්නල දීපු තාත්තව අගය කරන්න ඕනෙ. ඕක ක්‍රිස්තියානි ආගමට නිගරු කිරීම සඳහා ලියපු ලිපියක් කිව්වත් ඒකෙ කිසි වැ‍රැද්දක් නෑ. මේ ලිපිය මම අගය කරනව.

Kanishka | කණියා said...

@Astro boy
මොන දේ උනත් ආගමකට බනින එක, නිගරු කරන එක වැරදීයි. බෞද්ධ කමට නිගරු කරන බෞද්ධයොත් ඕනා තරම් ඉන්නවා. හරි දේ කිරීමයි වැදගත් වෙන්නේ.

Anonymous said...

E thattawath, e lamayawath, lipiya liyapu obath nevi, menna me udin comment eka dapu eka nam modayek, tamunge agama witarak usus kiyala hitala anik agam walata garahanne, tamange agamawath hariyata danne nathi ola mottalayo

Hasitha ජයසූරිය said...

හොද පෝස්ට් එකක් අයියෙ... සමබරව ලියල තියෙනව

අපේ තාත්ත ආගමේ, අම්ම බුද්ධාගමේ.. මන් ආගම් දෙකටම ගරු කරනව. ඒත් මම බුද්ධාගම විශ්වාස කරනව වගේම බුද්ධාගමට ලොකු භක්තියකුත් තියෙනව... මන් හිතන්නෙ හරියට ආගමක් අදහන්න පුලුවන් වෙන්නෙ හැම ආගමක් ගැනම හරි වැටහීමක් ලබාගෙන තමන් විශ්වාස කරන්න පුලුවන් දර්ශනයක් තියෙන ආගමක් අදහනවනන් කියල

budhajeewa said...

ලිපියට: තාත්තයි, පුතයි දෙන්නා තම තමං දන්න තරමිං තම තමන්ට හරිය කියලා පේන එක වෙනුවෙන් තර්ක කළා. දෙන්නගෙං කවුරුවත් වැරදිවත්, කවුරුවත් හරිවත් නෑ.

ප්‍රතිචාර ත්‍රෙඩයේ සංවාදයට: මොළගෙඩියක් කියල දෙයක් අපි හැමෝගෙම ඔළු ගෙඩි ඇතුලෙ තියෙන්නෙ කවුරුවත් කීව පළියට හැමදේම පිළිගන්නවත් හැමදේම ප්‍රතික්‍ෂේප කරන්නවත් නෙවෙයි. තමන්ගෙ සිහිබුද්ධියෙන් විමසල බලනකොට යම් දෙයක් නිවැරදියි කියල තමන්ට හැඟෙනවා නම්, ඒක බුදුහාමුදුරුවෝ, ජේසුතුමා, මොහොමඩ්තුමා නෙවෙයි මොකා කීවත් ඒක හරි.

ඉතිං අරයට වඩා මෙයාහොඳයි, මෙයාට වඩා අරයා හොඳයි කියන මොන්ටිසෝරි සැසඳුම් මේවාට හරියන්නේ නෑ.

අපි දන්නේ නැහැ මේ කියන ආගමික ශාස්තෲ වරුන් ඇත්තටම හිටියාද නැද්ද කියන එකවත්. හිටියා නැතා කියන එක අපිට වැදගත් වෙන්නෙත් නෑ. කොහොමහරි බිහිවෙච්ච ඔය සංකල්ප වල ගත හැක්කක් තියේනං අරගෙන, ඒක කරතියානොගෙන ඉන්න පුළුවන් නම් ඒක ලොකු බුද්ධිමත් කමක්.

Vishantha said...

මන් උපතින් බෞද්දයෙක්.මන් අත්දැකිමෙන් දන්න දෙයක් තමය් අපෙ හාමුදුරුවරුන්ට වැඩිය පල්ලියෙ FATHER මිනිස්සුන්ට හිතවත්.තමුන්ගෙ දරුවන් පිලිබද හොයනව.අපෙ සමහර හමුඩුරුවන්ට රහසක්වත් හරියට රකින්න බැහැ.ඔක්කොම ටික බන ගෙදරදි කියල දානව.
ඔයාල දන් හිතන්නෙ මෙක මට උන දෙයක් කියලනෙ. ha ha මෙක මට උන දෙයක් නෙමෙය්.

Anonymous said...

මේක මම අත්දැකපු දෙයක්:

අපේ පැත්තේ (මාතරින් ආපු)මනුස්සයෙක්(මෙයා බෞද්ධ බිරිද කතෝලික) එයා ඉස්සර බේබද්දා වගේ බිබී පාරේ වැටි වැටි හි‍ටියෙ. රක්ෂාවක් වත් තිබ්බේ නෑ. පස්සේ ටික කලෙකට ඉස්සර බීම නවත්වලා එහෙම පොඩි ව්‍යාපාරක් ආරම්භ කරලා ටිකක් විතර දියුනු වුනා. ටිකක් නෙමේ සැලකියයුතු ප්‍රමාණයක් ඉතින්!.

අපේ ආච්චිලා කතෝලික නිසා දවසක් අම්මා කතා කලා ආච්චි අසනීපෙන් නිසා එයා වෙනුවෙන් යාඥාවක් තියන්න ඒනන කියල. මාත් ගියා. බලපුවාම මෙන්න මේ මනුස්සය මේක සංවිධානය කරල තිබ්බේ.

මාත් ඉතින් හිටිය මොකද වෙන්නේ කියල බ‍ලාගන. මෙන්න මේ මනුස්සයා යාඥාවට ඉස්සෙල්ල කථාවක් කරන්න ගත්ත.

කියාපි
"මමත් ඉස්සර බිබී බෝගස් වටේ කල අරන් ඇවිද්දා දේවාල ගානේ ගියා ඒත් මට උන සෙතක් නෑ . මේ පල්ලියේ ෆාස්ටර් ව හම්බ වුනාම තමා මට ජීවිතය කි‍යන්නේ මොකක්ද දෙවියන් වහන්සේ කියන්නේ කවුද දියුණු වෙන්නේ කොහාමද කියල මාර්ගය පාදා දුන්නේ. උන් වහන්සේ තමා මාව බීමත් කමින් මිදෙව්වේ... අද මට මේ හැම දෙයක්ම දුන්නේ දෙවියන් වහන්‍සේ උන්වහන්‍සේට තුති වේවා! .... ඔහොම කියාගෙන ගියා.

ආච්චිගේ හිතසුව පිණිස කරන දෙයක් නිසා මම මුකුත් කියන්න ගියේ නෑ.

ඒත් මට අහන්න තියෙන්නේ.

බේබදු කම ලංකාව‍ට ගෙනාවේ මේ ක්‍රිස්තියානි කාරයෝ නෙවිද? හොර මැරකම් ජඩ කම් මේවා ඔක්කෝම ගෙනාවේ මේ ක්‍රිස්තියානි කාර‍යෝ නෙවිද? මිනිවල ලමයාගේ අධ්‍යාපනය විවාහය කියන හැම දෙයක්ම ඇපයට තියාගෙන පල්ලි වරෙවි කියන මේ ආගම ද ‍ආගම?

දැන් මේවයින් මිනිස්සු ‍මුදවන්නේ දෙවියන් වහන්සේලු....
හතර හිනා..
අනේ ඉතින් මුන් ‍ව‍ගේ එවුනුත් ඉන්නවනේ ලෝකේ!!!

Kanishka | කණියා said...

මේ වෙලාවට රොබට් නොක්ස් ලියපු An Historical Relation of the Island Ceylon පොතේ සිංහල පරිවර්තනයේ ලංකාවෙ මිනිස්සු ගැන ලියපු කොටසක් මතක් වෙනවා.

සිංහලයො වනාහී දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අයවෙති. භාග්‍ය සම්පන්නද වෙති. ඔවුහු මධුර කථා ඇති අතර ආදරශීලි මනුෂ්‍යයෝය. සින්හලයාගේ ගුණධර්ම සැකවින් වර්ණනාකරතොත් මෙසේය, ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමද ඉතා උදාරය. යම් කිසිවක් වහා තේරුම් ගතහැකි විචක්ශණ ඤාණයක් සින්හලයන්ට ඇත.ඔවුහු ස්භාවයෙන්ම මස් කෑමත්, මත්පැන් බීමත් අප්‍රියකරති.ඔවුහු කිපෙන සුළු නොවෙති. කෝපයක් ඇති වුවත් වහා සංසිදුවාගෙන සමගිවෙති.සින්හලයෝ ඇඳුමෙන් පිරිසුදුය. ඉතා ශිෂ්ඨ ලෙස ආහාර අනුභව කෙරෙති.වැඩිවෙලා නොනිදති.

සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතය. ගමන ඉතා සංවරය.සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමේ ඉතා දක්ෂය.පුරුෂයෝ ස්වකීය භාර්‍යාවන් අතිශයින්ම විශ්වාස කරති.සිංහල ස්වාමිදුව මහේශාක්‍ය වුවත්,දැසිදස්සන් සිටියත්,සියතින්ම සියළුම කටයුතු කීරීමට උනන්දුවෙයි.

සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණ වැල නම් වූ ඇට වලින් සැදුනු මාලයක් අතින් ගෙන නිතර භාවනාවෙ යෙදෙති.හොරකම් කිරීම අතිශය පිලිකුල් කොට සලකති.කිසිම සිංහලයෙකු කිසිම දිනක හොරකම් කල බවක් මම අසා නොමැත. සිංහලයෝ කරුණා කරති. අන් අයට උපකාර කරති. ආගන්තුකයින්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයෝ ළග මේ ගුණධර්ම ඇතිබව මම අත්දැකීමෙන් දනිමි. සින්හලයන්ගේ භාෂාවද සින්හලයන් මෙන්ම පොහොසත්ය.එය මටසිලි‍ටුය, සුමධුරය, අලංකාරය. සිංහලයෝ චතුර කතිකයෝය.සිංහල ද්වීපයේ එකම හිගන්නෙක්වත් නැත

indi said...

ක්‍රිස්තියානි අය ප්‍රතිශතයක් විදිහට අඩු උනාට ඒ අය ලමයින් ගැන විශේෂ සැලකිල්ලකින් කටයුතු කරනව..මම දන්න විදිහට ක්‍රිස්තියානි පල්ලි වලින්ම පවත්වගෙන යන ළමා නිවාස බොහොමයක් තියෙනව..ඒ වගේම ලමයිට තෑගි බෝග වාගෙ ඒව දෙන්නත් ක්‍රිස්තියානි අය බොහොම වියදම් කරනව...ධර්මෙ කඳුගහගෙන ඉඳන් කිසි දේකට සතපහක් නොදෙන අටෝරාසියක් බෞද්ධයින්ට වඩා ක්‍රිස්තියානි අය බොහෝ ප්‍රායෝගික දේවල් කරනවා...

Kanishka | කණියා said...

@indi
ළමයින්ව තෑගී බෝග වලින් රවට්ටන්න බොහොම පහසුයි. පල්ලියක තියෙන ළමා නිවාසයත මූලික අරමුණ දෙමාපියන් නැති දරුවන්ට උදවු කිරීම උනත් ඒ අයව තමන්ගේ ආගමට හරවා ගැනීමත් ඒ එක්‍කම සිදු වෙනවා.
අනික් කරුණ තමයි හාමුදුරු කෙනෙක්ට කාටවත් තෑගි දෙන්න හැකියාවක් නෑ. මහණකම කියන්නේ රස්සාවක් නෙමෙයිනේ.

kaushalya said...

ආගම මොකක් උනත් අදහන කෙනාගෙ සිහි බුද්ධිය මතයි විශ්වාසය පදනම් වෙන්නෙ...බුද්ධියෙන් හීන අනුගාමිකයො දහස් ගාණක් ඉන්නවට වඩා බුද්ධියෙන් අදහන එක අනුගාමිකයෙක් හිටියත් ආගමකට ඇති...ඕක තමා බුදු හමුදුරුවො සද්ධාවෙ ආකාර පෙන්නලා දීලා තියෙන්නෙ...ආකාරවතී සද්ධාව...අමූලිකා සද්ධාව...වගේ වචන වලින් කොයි එකටද ඔය තෑගි භෝග සහනමලු වලට ඇතිවෙන සද්ධාව වැටෙන්නෙ කියලා හිතලා බලන්නකෝ...වරද තියෙන්නෙ කිසිම ආගමක ශාස්තෘ වරුන්ගෙ නෙමෙයි...ඒක තමන්ගෙ වාසියට පෙරලගෙන ඉන්න අනුගාමිකයන්ගෙ අතේ...බුද්ධාගමේ එක එක කාලෙට එන අරුමෝසම් වැඩ...හින්දු ආගමේ බිලි පූජා...ඉස්ලාම් ආගමේ සත්තු මරන් කන එක වගේම, ක්‍රිස්තියානි ආගමේ ධර්ම ප්‍රචාරයත් එකම වගේ මුලාවුන සද්ධාවෙන් කරන පටු වැඩ...ආයෙ ඒකට ආගම් භේදයක් නෑ

ඇටමැස්සා said...

මං හිතන්නෙ ඔය දෙන්නම අපිට වඩා ලක්ෂවාරයක් හොඳයි. ඒ නිසා මං කැමතියි අර තාත්තා කුරුසෙත් ඈඳල, විතර්ක මුද්‍රාවත් ඈඳල ඊට පස්සෙ අත්​දෙකෙන්ම Thumbsup කලා නම්.

Kanishka | කණියා said...

@ඇටමැස්සා
කියන්න ඕන දේ හරියටම කිව්වා. hats off :D

sam said...

ආගමට තර්ක කරලා වැඩක නැ. ආගම කියන දේ තමන්ගේ හිතේ විතරක් තියාගන්න.හැම ආගමකින්ම කියලා දෙන්නේ යහපත්
දේ.ආගමට බනින හැම කෙනෙක් තුලම ඇත්තේ. වෛරයක් හ ඉරිසියාව. එක පැහැදිලිවම මේකෙන් පේනවා.

Anonymous said...

@indi

ඔය ඔක්කොම හොඳ මූණ පෙන්නගෙන වැඩ කරන්නේ ආගමට මිනිස්සු බාගන්න. එතකොට පල්ලියේ ඉන්කම් එකත් වැඩී නෙ. NGO ඕනෙත් නෑ නේ....

"මිනිවල ලමයාගේ අධ්‍යාපනය විවාහය කියන හැම දෙයක්ම ඇපයට තියාගෙන පල්ලි වරෙවි කියන මේ ආගම ද ‍ආගම?"

උත්තර තියේද?;

මේ රටට මේ වසකුරු ආගම පෙව්වේ අපේ රටේ හිටිය අහින්සක මිනිස්සු අම්මමල තාත්තලා මරා කුඩාදරුවන්ව බෞතීස්ම කරගෙන දාලා කුඩා දරුවන්ව මරාදාල ලොකු අය බෞතීස්ම කරගෙන ගෑණු දූෂය කරල.

ඔයා ඕක නොදන ඉන්න තොත්ත බබෙක්ද?

ඒ පව්කාර ආගම හොදයි කියන්නේ ඒවා අනුමත කරනවා කියන එකත් නෙවිද?

නොදැක විෂ්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය.
අපිට නම් උන් අමු මෝඩයෝය!!!

ඒකම විස්වාස කරහන්!!!

ස්වප්නා said...

ඔය කතාව හරි.
අපි දෙපැත්තකට ඇද ඇද ඉන්නවා මිසක් හරි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන්නෙ නෑ.
අපි හාමුදුරුවරුන්ට බනිනවා. හාමුදුරුවරු අපිට බනිනවා :)
පල්ලියක බලන්න ඒ ස්වාමී තුමන්ලා ගෙවල් වල මිනිස්සුන්ගෙ ප්‍රශ්න හොයල බලනවා. සම්පත් දායකත්වය ලබා දෙනවා.
අපේ කට්ටිය ඉතින් අසූ රියන් කියයි, දඹ රත්තරන් කියයි සල්ලි නාස්ති කර කර ඉන්නවා ...

dimesh said...

@ ස්වප්නා
බේබදු කම ලංකාව‍ට ගෙනාවේ මේ ක්‍රිස්තියානි කාරයෝ නෙවිද? හොර මැරකම් ජඩ කම් මේවා ඔක්කෝම ගෙනාවේ මේ ක්‍රිස්තියානි කාරයෝ නෙවිද? මිනිවල ලමයාගේ අධ්‍යාපනය විවාහය කියන හැම දෙයක්ම ඇපයට තියාගෙන පල්ලි වරෙවි කියන මේ ආගම ද ආගම?

සත්‍ය සිදුවීමක්
මම දිනක් හදිසියකට communication එකකටග ගිය අවස්ථාවේ ආබාධිත කෙනෙක් ඇවිත් ජංගම දුරකථය චාර්ජ් කර ගැනීමට පුලුවනිද කියා අයිතිකරුගෙන් ඇහුවා. අයිතිකරු දුරකථනය බලා මේකේ චාජර් නැතැයි කී වි ඔහු මල්ලේ තිබු චාජරය දුන්නා. රෑවෙලා නිසා මෙයා කොහේද යන්නේ කියල මම ඒ අතර තුර ඇහුවා.

මට දැන් සහෝදරයෝ සලකන්නේ නෑ. මම කොස්වත්තේ යනවා කිව්වා.
කොස්වත්තේ කොහේද යන්නේ කියල ඇහුවම කොස්වත්තේ පල්ලියට යනවා කිව්වා.එහේ fastor මාව දන්නවා මාව දේව මෙහෙයන් වලට එක්කගෙන ගිහිල්ලත් තියෙනවා අද මම එහෙ යනවා කිව්වා.

වැඩිදුර ඇහුවාම කිව්වේ මෙයාව එක්ක යනවා එයාට සනීපවෙන්න කියලා ප්‍රාර්තනා කරන්න දේව මෙහෙයන්ට කියලා.

ඉතින් ෆෝන් එක පැය 1/2 චාර්ජ් වෙලා ඉවර වුනාම මෙයා කොල් කරන්න ගත්තා acc එකේ සල්ලි තිබුනේ නැති තැන මම මගේ දුරකථනයෙන් call 1 අරන් දුන්නා.

කැඩි කැඩි කථා කල නිසා දුරකථනය ගෙන මම කිව්වා මෙහෙම එක්කෙනෙක් ඉන්නවා fastor එයාට ඕනෙ වෙලාවක එන්න කියලා තියෙනවා කියල ඇහුවා එහා පැත්තතෙන් කථා කල අය පැවසුවේ fastor දැන් නැති බවත් කාවවත් එහේ නවත්වා ගන්නට නොහැකි බවක්ය.

මම ආබාධිත අයට මේක කියා දැන් මොකද කරන්නේ කියා ඇහුවා. මම කොළඹ යාලුවෙක් ගේ ගදර යනවා කියු නිසා මම ඔහුට සුලු මුදලක් දී ආවා..

හැම fastor ගේම මෙහෙම කරුණාවක් ද තියෙන්නේ කියල මට හිතුනා.
ලෙඩ්ඩු අරන් ගිහිල්ලා බොරුවට හොඳ කරනවා කියලා මැරවේ!!!ඔය කාලකන්නි පාදිලි වහන්සේලා තමා ජේසු තුමාගේ නාමයෙන්!!! 20 30 ක් විතර මැරුවා ඔය කාලකන්ණි පාදිලියෝ.... ඉතින් උම්බලට මොකෝ උම්බලගේ කවුරුවත් නෙමේ නේ මැරුන්!!

කිඹුල් කදුලු කියල ජාතියකුත් තියෙනවානේ නේද ස්වප්නා.....

Anonymous said...

kaniya wade paththu wenna wage yanne.

Kanishka | කණියා said...

ආගම් වල හොඳ නරක සාකච්ඡා කිරීස පස්සෙ වෙලාවක කරන්න බැරියැ :D ඔබ බෞද්ධයෙක් නම් සෑම ආගමකටම ගරු කරන්න. කවදා හරි මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි.

@ඇනි.
වැඩේ පත්තු වෙන්න කලිං ඕං නිමන්න යන්නේ. :D

ස්වප්නා said...

@dimesh: :) පිස්සු විකාර .. අපේ රටේ මිනිස්සු රවටන්න, නොදරුවොද?
ජාතිය, ආගම කියන්නෙ මිනිස්සු තමන්ගෙ ඔලුගෙඩි වල හදා ගත්ත බහුබූත !!
බුදු හාමුදුරුවොන්ගෙ බණ ටික හරියට තේරුම් අරන් තියනව නං, පිළිපදිනව නං ඔය විදිහෙ ප්‍රතිචාරයක් ඔබතුමා ලියන්නෙත් නෑ!!
වචන වල තියෙන්නෙ නොහික්මුණු කමකුයි, පාලනය කර ගත නොහැකි වුණු හැඟීම් ගොඩකුයි විතරයි.