Dec 25, 2010

බ්ලොග් ව්‍යාපාරික මල්ලිලා වෙත ලියමි..

සිංහල බ්ලොග් කලාවේ නවතම නැම්ම බ්ලොග් ව්‍යාපාරික කලාවයි. පශ්චාත්භාගය ඉදිරියට යොමා නැමෙන්නේ කුපාඩිකමට බව අපි දන්නෙමු. නමුත් මෙහිදී නැම්ම යනු එකිනෙකා ඉදිරියේ නැමීම නොවන බව සිහිපත් කල යුතුය. පරිගණකය හෝ අන්තර්ජාලය යනු අපගේ පොකැට් එකට විදින එකක් මිස පොකැට් එක සරු කරන එකක් බව නම් ඒවා සොයාගත් එකෙකු වත් නොසිතන්නට ඇත. නමුත් ඒ මත පට්ටාපල් බොරු වෙමින් පවතී. සමහරවිට ආසියාවේ ආශ්චර්යය නිසා වෙනවා වන්නටද හැකිය.


තාක්ෂණයට අනුව අප්ඩේට් නොවන ඉස්කෝලේ උගන්වන හැටියට ලංකාවේ ප්‍රධාන අපනයන‍ බෝග ‍තේ, පොල් සහ රබර්ය. නමුත් ඒවාද ප්‍රධාන ආනයන බෝග වන්නට යන බැවින් ඕනෑවට වඩා විස්වාස නොකල යුතුය. මේ වෙලාවේ අපේ මෙන්ම රටේ වාසනාවට පිහිටට එන්නේ අපේ මේ බ්ලොග් ව්‍යාපාරික මල්ලිලා ටිකය. අනේ  (අ)වාසනාවන්..

අතීතයේ අපි සල්ලි හොයන්නට මැද පෙරදිග ගියෙමු. නමුත් දැන් මැදපෙරදිග යන්නේ එක්කෝ හද්දා ඩොටේ එකෙකි.. නැතිනම් අමු මෝඩයෙකි. මෙතරම් පහසුවෙන් බ්ලොග් ව්‍යාපාර කල හැකිව තියෙද්දී අතින් පයින් වියදම් කර එක එකා‍ගේ කුණු අපුල්ලන්නට යන්නේ පශ්චාත්භාගයේ අමාරුවටදැයි සැක සිතේ. හැකිනම් බ්ලොග් ව්‍යාපාරික මල්ලියෙක් ලවා එසේ යන එකෙකුට අමාරුව හොඳ වන තෙක් මඩු වලිගයකින් තැලිය යුතුය. තලා මදිය. පලා ලුණු දැමිය යුතුය. ලුණු ගනන් නම් මූදු වතුරද අවුලක් නැත.

මේ යන ආකාරයට බ්ලොග් ව්‍යාපාර මගින් අප රට අංක එකට පැමිණෙනවා නොඅනුමානය.  මේ අතර බක්ස් සයිට් ප්‍රධාන තැනක් ගනී. බක්ස් සයිට් කරන්නේ පිට රටවල් වල සල්ලි අච්චුගහන බුවාලා බව මා දැන ගත්තේ මේ මෑතකදීය. උන් අච්චු ගසනා සල්ලි වලට කරන්නට දෙයක් නොමැති බැවින් මේ බක්ස් සයිට් හදයි. හදා අප වැනි සංවර්ධිත රටවල බ්ලොග් ව්‍යාපාරික මල්ලිලාට ඒවායින් මුදල් ඉපයීමට අවස්ථාව ලබා දෙයි.  ආන්ඩුවට ව‍ඩා අපේ විරැකියාව ගැන උන් වද වෙයි.. සිරාවට මේවා අසන්නට දකින්නට ඉපදිමද වාසනාවකි.

නමුත් ලංකාවේ බ්ලොග් ව්‍යාපාරික මල්ලිලාගේ එකම හතුරා වෙනකෙක් නොව ගූගල්ය. ඌට සල්ලි නැතිවාට ඉරිසියාවට අපේ  කොල්ලන්ට ඇඩ් නොදෙයි. අනේ උගෙ බම්බුවෙ ඇඩ්. අපට අපේ බක්ස් සයිට් ‍හොඳය..

දැන් මෙය කියවන විට අර මොකක්ද තෘප්තියට බ්ලොග් ලියනා උංගේ ඇගේ මාළු නටනවා විය යුතුය.  ආසාවේ නලියනවා විය යුතුය.. උබලාද පරක්කු නැත. අපේ වාසනාවට, බලා ඉගෙන ගන්නට අ‍පගේ බ්ලොග් ව්‍යාපාරික මල්ලිලා ඇත. මේ වන විටත් උන් හම්බ කරන්නේ තුට්ටු දෙකේ රුපියල් නොව ඩොලර් ය.  එයද දහස් ගණනින්ය. ඒ නිසා තොපිද උන් ගුරු කොට උගත යුතුය. නැත‍හොත් තොපි මේ ආස්චර්යමත් රටේ දේශද්‍රෝහීන් වනවා නොඅනුමානය.

බ්ලොග් ව්‍යාපාරික මල්ලිලා අතර ගැවසී මාද ඉගෙන ගත් කරුණු කීපයක් ගුරු මුෂ්ඨි රහිතව ලබාදෙන්නට සිතුවෙමි. පින් තකා නොව මෙයින් මට ලැබෙන රිෆරල් ප්‍රමාණය නිසාය. ඒ මොනවාදැයි කියා මෝඩ ප්‍රශ්න අසන්නට සිතේ නම් කට පියාගත යුතුය. දෙන තරමට ලැබෙන බව මා උගෙන තිබීමද තොපේ වාසනාවක්ය. දහස් ගණන් වියදම් කර ඉගෙන ගත යුතු ඒවා තොපිට පිනට දෙන්නේ රට ගැන සිතාය. ඉගෙන ගැනීම ‍උබලාගේ වැඩක්ය.

  • බ්ලොගයක් තනා ඇඩ් පිරවිය යුතුය. ඒ අතරින් කොහෙන් හෝ කොපි කරන ලද ලිපියක් දෙකක් දැමිය යුතුය. එසේ කරන්නේ බ්ලොග් ව්‍යාපාර නාමයේ ගෞරවය තකාය.
  • බක්ස් මාමා කෙනෙක් කා‍ට හෝ සල්ලි දුන් විගස එහි ස්ක්‍රීන් සොට් එකක් ගත යුතු අතර පොටෝ සොප් දන්නා එකෙකු ලවා එහි ඇති අගයට බිංදු කීපයක් එකතු කල යුතුය. ව්‍යාපාරයට එන ජුන්නන්ගේ මොරාල් හදන්නේ එසේයග
  • බ්ලොගය ලෝඩ් වෙන්න හැට පැයක් ගත වුවද ගනන් නොගත යුතුය. මන්ද යත් ලෝඩ් වෙන වෙලාව අඩු ඌ පලියට අපට මුදල් නොලැබෙන බැවිනි.
  • ඒ අතර කොහෙවත් නැති අමාරුවට සින්ඩි කරන උන්ට බ්ලොග් ප්‍රචාරණය බාර දිය යුතුය. පිට රට ඇඩ්වටයිසිං කොම්පැනි වලට නිස්කාරනේ මුදල් නොගෙවිය යුතුය.
  • අලුතින් සොයා ගන්නා බක්ස් සයිට් හැමෝම අතර හඳුන්වා දිය යුතුය. (බක්ස් කාරයෝ ස්වභාවයෙන් ලැජ්ජාශීලි බැවින් උංගේ ලැජ්ජා නැති කරන චක්‍රලේඛයක් ගෙන ඒම ගැන ආන්ඩුව සලකා බැලිය යුතුය)

බ්ලොග් ව්‍යාපාරික මල්ලිලා‍ගේ වෙළඳ දැන්වීම් සලකන විට මීට අමතරව ජාතික වශයෙන් සිදුවිය යුත්තක්ද ඇත. වහාම බලපවත්වන පරිදි කාන්තා ඇඳුම් හා යට ඇදුම් පිළිබඳ අමාත්‍ය වරයාට බ්ලොග් ව්‍යාපාරික අමාත්‍ය තනතුරද ලබාදිය යුතුය.  මේ දෙක බොහෝවිට බ්ලොග් ව්‍යාපාරික කරණයේ යන්නේ එකටය. මේවා නැත්නම් කරන එකා හොම්බෙන් යා හැකිය.

අවසානයේ මේ ටිකද කිව යුතුමය.

ඇත්තමයි මල්ලියේ උබලා ජාතික සම්පත්ය. තව අවුරුදු දහයකින් අපේ රට ලෝකයේ ධනවත්ම රට වීම නම් ගූගල් කාරයාට වත් නැවැත්විය නොහැකි බව අනිවාර්යය. රටේ මල්ලිලා මේ වගේ පෝසත් වන විට සතුටු වන්නේ අප වැනි දුප්පත් බ්ලොග් ලියන අයියලාය. යකුනේ අපි ගැනත් බලපල්ලා.. හික්..

46 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

හේ හේ ...පට්ට හොදේ ...... අපි රටවෙනුවෙන් වෙහෙසෙමු.. හික්zzz

පූසා said...

පට්ට පට්ට කණියෝ....

ස්වප්නා said...

ටිකක් තරහෙන් වගේ ලියල තියෙන්නෙ. ඔච්චර කෝප ගන්න එපා මල්ලියේ :) ඉක්මණට නාකි වෙයි :)
ඔය කවුරු මොනා කර ගත්තම අපිට මොකෝ? තම තමන් කරන දේ අනුව පල විපාක තම තමන්ටනේ ....

Anonymous said...

යකො කණියො පොඩ්ඩක් ඔක උඩින් ගිහිල්ලා කිලික් එකක් දාලා යමන්, සල්ලි යන්නෙත් අපෙම එකෙකුටනෙ :D, ඌට සල්ලි ඔනා නිසානෙ ඔක කරන්නෙ. මොකද්ද බන් ඔව්වට තරහා ගන්නෙ. උන් දඟලලා හම්බ කරන්න හදද්දි අපිනෙ පොඩි ශප් එකක් දෙන්ඩ එපැයි.

Anonymous said...

පට්ටය පට්ට්ය

Kanishka | කණියා said...

@ස්වප්නා
අපෝ තරහක් නෑ..

සෝරෝ said...

හිහ්...... :D

Thameera said...

ඔව් දැන් ගූගල් ඇඩ් බංකොලොත් වෙන්න ඇවිල්ල ඇති මේ බක්ස් සයිට් නිසා :D

ළමයා said...

ඇඩ් දාමු. රට නගමු කිව්වලු.. හික් හික්.. අනේ ඇත්තට මමත් හරිම ආසයි ඔය ඇඩ් පුරවලා තියෙන බ්ලොග් වලට ගිහින් ඇඩ් එකක් දෙකක් ක්ලික් කරලා එන්න. ඒ සල්ලි ඉතින් අපේ රටටනේ..

Anonymous said...

සිංහල බ්ලොග් එකක් කරනවානම් බ්ලොග් එක තුල ඇඩි නොදා ඉන්න ඕනෙ කියලා නියමයක් නෑ. තමන්ගෙ බ්ලොග් එක තුල ඇඩි දාලා කීයක් හරි හොයා ගත්තහම තමුසෙට තියෙන අමාරුව මොකක්ද? . බ්ලොග් එකක් කියන එකේ නියම තේරුම දන්නෙ නැති හරක් ඔහොම හිතන්න පුළුවන්. බ්ලොග් එකක් කියන්නේ පෞද්ගලික එදිනෙදා ලිපි පළ කරන අඩවියකට. ඒ වගෙ එකක තමන්ට කැමති ඔනෑම දෙයක් කරන්න පුළුවන්. ණයට කහින්නෙ නැතුව ඉදපන්....

පුතා said...

මටනම් අහවල් උඹ කියල තියෙන එව්වයින් සෑහෙන ප්‍රමාණයක් තේරුනේම නැත... හැබැයි මේං මේ ඡේදයටනම් මම හරිම කැමතියි...
\\අතීතයේ අපි සල්ලි හොයන්නට මැද පෙරදිග ගියෙමු. නමුත් දැන් මැදපෙරදිග යන්නේ එක්කෝ හද්දා ඩොටේ එකෙකි.. නැතිනම් අමු මෝඩයෙකි. .................\\ නියම කතාව මචං....

පුබුදුවා said...

පට්ට පට්ට සහෝ,නියමෙට ලියලා.මාත් දාගන්න ඕන ඇඩ් ටිකක් :p හික් හික්

Hasitha ජයසූරිය said...

කියල වැඩක් නෑ අයියෙ... ඒව දැක්කම මෙච්චර මහන්සිවෙලා ජොබක් හොයන්න කට්ට කන්නෙ මොකටද කියල හිතනවනෙ බ්න... එක එක දවසට එක එක සයිට් .. ඒ මදිවට දෙනවයි කියන ගාන? .....හැබැයි ඉතින් ඔය කියන කට්ටිය එච්චර හොයනවන් මෙලහට ලංකාවට වැඩිය විදේශ විනිමයක් උපයන ලිස්ට් එකේ ඇතිනෙ oO

Lasindu Nadishan | Admin - www.Slbloggs.com said...

සුද්ද සිංහලෙන්ම කියල තියනව :D

Anonymous said...

@First Anno

බ්ලොග් එකක් කියන එකේ නියම තේරුම දන්නෙ නැති හරක් ඔහොම හිතන්න පුළුවන්.

Sirawata umbanam blog kiyanne mokakda kiyala hondatama danna ekek wenna ona :D, aneda kiyanne. ai danne na okata "ATM" hari "MONEY" kiyala hari noda "BLOG" kiyala nama damme. hik hik.

Anonymous said...

@First Ano
ණයට කහින්නෙ නැතුව ඉදපන්...

Sirawata umbanam kahinne salli walata wage :D

෴ හසියා ෴ said...

අඩේ අම්මපා කණියෝ උඹ කියනකන් සල්ලි හොයන එක මේ තරම් ලේසියි කියලා මං දැන්න උන්නේ නෑනේ...හපටන්කෝ...මාත් පුරවනවා ඇඩ් වලින් මුළු බ්ලොග් එකම...තව දහයක් දොලහක් විතර බ්ලේග් හදලා අනුන්ගේ ලිපි දානවා..එහෙමනේ ඉන්න ඕනි...අහ් උඹේත් හිට් වෙච්ච ලිපි ටිකක් මං උස්සනවා...අපි කියලා ගන්නේ....(අපි ප්‍රෙෆෙෂනල් හොරුනේ බං...)

පට්ට කතාව බං...අපේ මෝඩ හැත්තට ඕක තේරේන්නේ නෑනේ...තේරුම් ගන්නේත් නෑ...අන්තිමට බලපුවහම හම්බෙච්ච ලබ්බකුත් නෑ,...අනේ මෙහෙම ගොං රැලක්....

මෙන්න‍ මේ ලිපියත් ගොඩක් වැදගත් වෙයි...හොම්බ දාල බැලුවනම්.....
http://status-chanaka.blogspot.com/2010/08/blog-post_24.html

Anonymous said...

අපෝ මචං. තරහ වෙන්ඩ ​එපා. මේ වගේ ඇඩ්ක්ලික් කරන Bux පස්සෙ යන පොන්න හැත්තක් ​තවත් නෑ. ඕනෑම business එකක මුදලාලියා වාසිය ගන්නේ කොහෙන් ද යන්න දැනගත යුතු නමුත් මේ බූරු රෑන තමන්ගේ වැඩ පාඩු කරගෙන ඇඩ් ක්ලික් කිරීම හා වෙන මගුල් කරති.
මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක අරමුන ඊට අදාල ප්‍රේක්ෂකයන්ට පෙන්වීමයි. නමුත් මේ ​කොහෙවත් නැති නපුංසක පරිගණක ඔස්තාර්ලා ඇඩ් වලින් සතෙන් සතේ ඉතුරු කරන්​නේ ඒවාට ගෙවන ව්‍යාපාරිකයාගේ අරමුණ ද නවතා දමමින්ය. එහෙව් මගඩි පිරමීට ​​​හෝ වෙනත් වංචා ගණයකට අයත් විය යුතු බව මගේ හැගීමයි.

Nadun said...

ela ela Ban Okunta Ohoma tami kiynna ona ela Post akk niyami tikak tada vala vaga liylla tiynna kath aka hari tada valda maka livva ?

dedunu said...

හිහ් මම දැක්කේ දැන් මම ඇඩ් මගේ බ්ලොග් එකට දැම්මා විතරයි

Kanishka | කණියා said...

@හසියා
ඇඩ් දාලා වැඩක් නෑ බං. මම බැලුවේ බක්ස් සයිට් එකක් හදන්න කියලා.. උදව්වට මල්ලිලා ඉන්නවනේ :D

dedunu said...

http://www.dedunumax.info/?p=654

Janani said...

නියම කතාව...මල් හතයි! මල්ලි තමයි මල්ලි දවසකටවත් මිනිහා!

Anonymous said...

machan post eka hodai.eath mama ehema hoyana eke waradak dakinne na.mokada ape ewn fb ekata wela payaganak kale kana eke miniththu 5k 6k owwata wiyadam karala kiyak hari hoyaganna eka waradak ya.

Anonymous said...

gmharshana@gmail.com මෙයත් bux හදනවලු

චන්දික said...

අඩේ සිරා පෝස්ට් එක කනියා...............

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

නියමයි... බක්ස් පස්සෙ යන බස්සොන්ට නියමෙට වදින්න ඇති. හැබැයි ඉතින් මෙහෙමත් එකක් තියෙනවා...තමන්ගේ බ්ලොග් එකේ තමන්ට ඕන මගුලක් කරන්න කාගෙන්වත් තහනමක් නැහැනේ... මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදි රටක්නේ... උබේ බ්ලොග් එකේ ඇඩ් දැම්මොත් උබ ඇඩ් දැම්මා කියලා මට පුලුවන්ද උබට බනින්න... හිහ්... මම ඇඩ් වලට අකමැති නම් උබේ බ්ලොග් එක කියවන්නෙ නැතුව ඉන්න එක මගේ වැඩක්... එහෙම නැතුව උබ ඇඩ් දාලා කියලා මම තැන තැන බැන බැන ගියාම හරිද?... හැබැයි ඉතින් ඔය බක්ස් සයිට් පස්සේ ගිහිල්ලා හිගා කනවට වඩා... කීයක් හරි හොයාගන්න පුලුවන් වෙන ක්‍රමයක් පාවිච්චි කරාට මම නම් එකේ වරදක් දකින්නේ නැහැ...:ඩී

igash said...

ඇ‍ඬෙනවා... :D මේ උඹද කියලා සැකයි මට.. :P

Anonymous said...

@ -HacKrisH- | හැක්ක්‍රිෂ්

I agreed to your comment.

Madhawa Habarakada said...

හිහ්. කතා ටික නම් හරි. නමුත් ඉතින් අර කිව්ව වගේ තමුන්ගෙ බ්ලොග් එක. ඒකට මොනව කරගත්තත් අනිත් අයට මොකුත් කියන්න බෑ.
බක්ස් ගැන නම් ඉතින් කියල වැඩක් නෑ. මමත් කාලයක් කළා. මට එපා වෙලා අත ඇරල දැම්ම.

Anonymous said...

ඇත්ත ටිකක් තිත්තයි තමයි. එල !

Anonymous said...

yaluwa bux site walinuth hodata hamba karanna puluwan.samanyayen bux site walin hambakaranna gihin homba bima anunama mehema dewal kiyanawa.hamadetama akul helanna epa.mama danna kenek innawa miniha masekata $400k vithara bux site walin hamba karanawa.eta amatharawa google ad walin $100k vithara hoyanawa.

ekkenek kala kiyala hamotama karanna bari kathawanam aththa.mokada ehema hamba karanna nam masaganak katta kanna one.eta passe godama thamai.

nikan hithala balanna rassawakata giyath muladi labenagana adui.ewnata expiriyance gaththama henalabayak labanna puluwan.

waradawa therumganna epa.ehema kiyala dena ayath apita yamak kiyala denawa.mama me oyage post eka vivechanaya karanawa nemei.

Anonymous said...

ubata pissuda.apita google ads hodai,,ණයට කහින්නෙ නැතුව ඉදපන්...

වැප් said...

මේ කොච්චර කිව්වත් ..... හෙට කවුරු කිව්වොත් ...... ඌට ඩොලර් 1 ක් අවා කියලා .......... කස්ටියම නැවතත් ඔය පස්සේ දුවනවා :D

Kanishka | කණියා said...

@වැප්
සිරාව‍ට :D :D

Sajith Tharaka said...

පට්ට :D

Pravin Indranama said...

මේ දවස්වල පුදුම bux පිස්සුවක් නොවැ තියෙන්නෙ O_o

Kanishka | කණියා said...

@ඉන්දරේ
අපි ඉතිං ආසි‍යාවේ ආශ්චර්යයනේ බං :D

පිටස්තරයා said...

තම තමන්ගේ බ්ලොග් වල තමන්ට කැමති දෙයක් කර ගත්තට කිසිම අවුලක් නැහැ. හැබැයි ගොන් වැඩක් කරනකොට ඒ ගැන කියල දෙන එක ගැන වෙන කාටවත් මොනවත් කියන්නත් බැහැ. කණියා කියල තියෙනවා. අහන එක බ්ලොග් ව්‍යාපාරිකයින්ගේ වැඩක්.

අනිත් එක ඉවක් බවක් නැතුව කොපි කරන එක ටිකක් නැවැත්තුවොත් අඩුම ගානේ ව්‍යාපාරයට විරුද්ධ වෙන එකවත් නවතී. එකවත් ටිකක් හිතල බැලුවනම්‍?

Tera@® said...

\\අතීතයේ අපි සල්ලි හොයන්නට මැද පෙරදිග ගියෙමු. නමුත් දැන් මැදපෙරදිග යන්නේ එක්කෝ හද්දා ඩොටේ එකෙකි.. නැතිනම් අමු මෝඩයෙකි. .................\\

මොනවා වුනත් මෙවචන ටික නමි හිතට ගොඩක් වැදුනා. මොකද මමත් මැද පෙරදිග රටක රැකියාවක් කරන නිසා...සාමානයෙන් ශ්‍රීලංකාව ආදායමෙන් භාණ්ඩාගාරයට ප්‍රධාන වශයෙන් සල්ලි ලැබෙන එක් ප්‍රධාන මාර්ගයකට අපිත් සමිමාදමි වෙලා තියෙනවා කියලා මට නමි හිතෙන්නේ... ඒක හමිබකරගන්න අපි නමි නොවිදෙනා දුකක් විදි‍න්නේ...එහෙවි එකේ මෙවාගේ වචන ටිකක් පාවිචි කරන එක අඩුකරනවා නමි හොදයි මල්ලි... ඒවගේම අන්තර්ජාලය කියන්නේ මගේවත් ඔයාගේවත් අයිති දෙයක් නෙමෙයිනේ.... තමාට කැමැති විදියට එය පාවිචිකරන්න පුලුවන්...කාටවත් කරදයක් නොවන අයුරින්...කියෙන් කිදෙනාද ඒකෙන් ප්‍රයෝජන ගන්නේ.. අපේ රටට මෙම සිංහල බිලොග් අඩවි වලින් සැහෙන සේවයක් සිදුවෙනවා... මමත් දන්නැනි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මුදලට යටවෙන අය ගොඩක් වැඩි මොකද, ලංකාවෙ හැමෝටම තමන්ගේ අවශ්‍යතාවය සපුරාගන්නටවත් මුදල් නැති නිසා... මම හිතන්නේ ඒක නිසා තමා ගොඩක් අය මෙවැනි දේවල් වලට යොමුවෙන්නේ.....

Kanishka | කණියා said...

සමාව ඉල්ලනවා හිත් රිදීමක් උනා නම්.ඇත්තටම අයියේ මම ඒක පාවිච්චි කලේ ‍‍මේ වගේ කට්ටිය හිතන ආකාරය ගැන පෙන්වන්න. ලිපිය උපහාසාත්මක ආකාරයෙන් ලියලා තියන නිසා ඒකෙ හාස්‍යය විතරක් ගන්නවා නම් තමයි හොඳ :)

Tera@® said...

හ්මි..

MyID.config.php said...

ape ewun me bux site walata rewatena tharamata wena monawatawath rewatenne nathuwa athi.. lol :P

mama nam ithin patan gaththu dawase idalama Google Adsense thamai. Me wenakota hoda gaanak hoyalath thiyenawa.. habai ithin mahansi wenna ona :)

ape aya hadanne instant method walin salli hoyannane :P

Bugs Bunny said...

අනේ බං උබ මේ අඩන්නෙ ඇඩ් එකක් දාගන්න බැරිවනේ.. ඔන්න අපි ක්ලික් කරන්නම් දාපං :P :P

ලොල්.. සයිට් ලෝඩ් උන්නැතත් මොකැ ..සල්ලි ලැබෙනවානම්.. මාත් දානවා අද ඉදන්.. :P

Shyam said...

Methek kal kiyavapu Pattama pattama patta Ela post eka

pasindu said...

super ban..

Post a Comment

Thanks for your comments :)