අපි සාමාන්‍යයෙන් අපිට එන ලස්සන කියන ඊමේල් ෆෝවඩ් කරනවා. සමහර වටිනා කියන දේවල් මටත් මේ විදිහට ලැබිලා තියේ. ඒවා ගැටලුවක් නෑ. ඒත් එක එක අයගේ බොරු වලට අහු වෙලා ඊමේල් ෆෝවඩ් කරන්න ඕන නෑ නේද??
මේ ඊමේල් වල ලක්ෂණ කීපයක් තියේ..
- බහුලවම යොදාගන්න එක තමයි මේ ඊමේල් එක මෙච්චර වෙලාවක් ඇතුලත යම්කිසි පුද්ගලයින් ගණනකට යැව්වොත් ඔබට හතර මහා නිධානය පහල වෙනවා කියන එක.
Don't open if u can't FWD... (IT'S REALLY EFFECTIVE) Mahalaxmi worth a try
Please send 10 copies and see what happens in 4 days.
You will definitely receive some good news in 48 hours!!!!
"Send this to at least 15 people ,and then press F6 ; the name of the person you love will appear..."
- තවත් එකක් තමයි කාට හරි කරදරයක්, මුදල් ඕන කියලා ඉල්ලලා.. මුදල් එපා.. මේ ඊමේල් එක ෆෝවඩ් කරන්න. එකකට අපිට මෙච්චර ගානක් හම්බෙනවා කියන එක. (මේකෙ සත්‍ය අසත්‍යතාවය නම් මම දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න)
" Bla bla bla.. Therefore we are asking for your help. For each forwarded email her parents will get 3 cents. Please help them and forward that email to as many people as you can! "
- අනිත් ජාතිය තමයි පට්ටපල් බොරු දෙසාබාන ඊමේල්..
Norton Anti-Virus are gearing up for this virus!
Get this E-mail message sent around to your contacts ASAP.
PLEASE FORWARD THIS WARNING AMONG FRIENDS, FAMILY AND CONTACTS!
You should be alert during the next few days. Do not open any message with an attachment entitled 'POSTCARD FROM HALLMARK,' regardless of who sent it to you. It is a virus which opens A POSTCARD IMAGE, which 'burns' the whole hard disc C of your computer.
This virus will be received from someone who has your e-mail address in his/her contact list. This is the reason why you need to send this e-mail to all your contacts It is better to receive
this message 25 times than to receive the virus and open it.
If you receive a mail called' POSTCARD,' even though sent to you by a friend, do not open it! Shut down your computer immediately. පුදුම ආදරයක් නේද තියෙන්නේ..
This is the worst virus announced by CNN.. It has been classified by Microsoft as the most destructive virus ever. This virus was discovered by McAfee yesterday, and there is no repair yet for this kind of virus. This virus simply destroys the Zero Sector of the Hard Disc, where the vital information is kept.
පේනවනේ ඇත්ත කියලා ඒත්තු ගන්වන්න කියල තියෙන දේවල්..
ඉතිං මේවා බලන අපේ හාවො (බනියා නෙමේ) හාවියො කරන්නේ මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඕක ෆෝවඩ් කරන එක. මුලින්ම පොඩ්ඩක් ඕවා ෆෝවඩ් කරන්න කලින් හොයලා බලන්න. අනිත් කාරණය තමයි ෆෝවඩ් කෙරිල්ල අත්‍යවශ්‍යමයි කියලා හිතෙනව නම් ඒකත් එක්ක ආපු ඊමේල් ඇඩ්‍රස් ටික මකන්න..
ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒවා.
ස්පෑම් කාරයෙක්ට මේ වගේ ඊමේල් ඇඩ්‍රස් ලිස්ට් එකක් මාර විදිහට වටිනවා. මට ආපු මේ ඊමේල් එකේම ඊමේල් ඇඩ්‍රස් 500කට වඩා තිබුනා. ඇයි අපි ඊමේල් ෆෝවඩ් කරන ගමන් අපේ මිතුරු මිතුරියන් අමාරුවෙ දාන්නනේ..
අනිත් කාරණය තමයි සමහර ඊමේල් වල තියෙන්නේ තර්ජන.. මේක පැයක් ඇතුලත 10 දෙනෙක්ට නොයැව්වොත් උබ මැරෙනවා වගේ කතා තමයි කියන්නේ.. මම නං ජීවිතේකට ඕවා යවලා නෑ. මට මොකුත් වෙලත් නෑ..
අවසානයේ කියන්න තියෙන්නේ ඊමේල් ෆෝවඩ් කලාට කමක් නෑ. ඇඩ්‍රස් එකක් විතරක් To: කියන තැනට දාලා අනික්වා BCC විදිහට දාන්න. එතකොට කාටවත් ගැටලුවක් නෑ.
ආ ඒ අස්සේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
හැමෝටම සුබ නව වසරක් වේවා :)


14 ප්‍රතිචාර:
ඔහොම 5 දෙනෙකුට ෆෝවඩ් කරල නිධානෙ පහළ වෙච්ච අය ඉන්නවද කියල හොයල බලන්න ඕන xD
සුබ නව වසරක්!
@තමීර
හික්.. මාත් මේ හොයනවා.. හම්බුනොත් කියහං :D
අනේ අම්මෙ.. හාවා කීවාම මම උඩ ගියා :D
මටත් ඇවිල්ලා තියෙනවා ඔහොම මැසෙජ් නම් ඔනේ තරම් :D මෝඩ කමට මොනා කොරන්නද..
හා එහෙනම් බොටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.. :D
ඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...
@බනියා
ඕක දැනං තමා බොට නෙමේ කියලා කිව්වේ :D
අනේ බං වැඩ නැත්තං ඔවා කොර කොර හිටියහැකි...
ඔය අපේ නංගි කෙනෙකුත් ඉන්නවා..රටෙ මගුල් එවනවා.
හැබැයි ඉතිං ඉදලා හිටලා හොඳ ඒවාත් එවනවා.
කෝක ආවත් මං කොරන්නේ ඉතිං කියෙව්වා මැකුවා..ඔච්චරයි.
ඔන්න අපේ වැප් මලයයි..ඉලංදාරියයිනං එවන ඒවා මකන්ට හිත් දෙන්නේ නැහැ.උං එව්වොත් එවන්නේ වැඩකට ඇති දෙයක් විතරයි.
ඉතිං මලේ එව්වා පැත්තකින් තියහං..බොට සුභ නව වසරක් වෙවා.
මල විකාර නේද..අපේ වැඩෙ සුභ පත පත ඉන්න එක මටනං දැං ඒකත් එපාපාපාපා වෙලා තියෙන්නේ.
පිස්සු මරගාත..
ඉතිං දැන් මෙ ටිකේ මොකද මලයා ගැන සද්දයක් නැත්තේ..අම්මපා ඉතිං ඔහොම හිටියට පත්තරෙකට දාන්න වටින තරං කොල්ලෙක්නේ...
(අර තිබුනු කේන්තිය වැඩි උනේ හෙම නැහැ නෙව..)
@මාරයා.
හික්.. මල විකාර තමා.. :D
හොඳ ලිපියක් !!
එක ඇඩ්‍රස් එකක් වත් දාන්න ඕනෙ නැහැ නේද? ඔක්කොම් bcc කරන්න පුලුවන්නේ?
ආහ් කියන්නත් අමතක වුනා, ඔය forward කරනකොට donations දෙන කතාව පට්ට පල් බොරු. ඔහොම email track කරන්න බැහැ.
http://www.hoax-slayer.com/amy-bruce-charity-hoax.html
The concept of individual emails being "tracked" as they journey through cyberspace is a common theme among hoax emails. The only way to keep track of the random journeys of a particular email would be to embed some sort of hidden script in the email. To be effective, this hidden script would have to remain intact and working through thousands of subsequent forwardings. In reality, the message would be very unlikely to remain in a format that allowed the script to continue working for long. Moreover, many modern email programs would remove or disable any sort of tracking script for security reasons. Thus, it would be simply impossible to collect any accurate or meaningful data about an email that could ultimately be forwarded many thousands of times and therefore impossible to calculate the amount of money to be donated.
In any case, tracking an email in the way described would be considered by many to be a significant privacy infringement and it is highly unlikely that any ethical charity organization would knowingly participate in such a practice. Furthermore, it is absurd to suggest that any responsible organization would base the amount to be donated on how many times an email was forwarded. There is simply no valid reason whatsoever for imposing such a cruel and callous restriction. If an organization is willing and able to offer financial help, they will do so directly and the amount donated will not depend on the random forwarding of an email. Any message that claims an email is being tracked and that money will be donated for every forward is virtually certain to be a hoax.
හොඳ ලිපියක්...
සුභ නව වසරක්
සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!
හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!
සුභ නව වසරක්
උඹටත් සුභ නව වසරකට ආසිරි!!!
ඔය වගේ මේල් කොච්චර එනවද, වෙලාවකට අනේ කියල හිතෙනවා.
ඔය 10කට 20කට ෆෝවඩ් කරන්න කියල එන ඒව නම් ඉතින් ඔක්කොම කුණු කූඩෙට තමා. හැබැයි ඉතින් ලස්සන කවියක් රූප ටිකක් වගේ තිබ්බොත් නම් පොඩි ෆෝවඩිං පාරක් දානව. :)
ඔය ෆෝවඩ් එකකට සතයක් දෙකක් ලැබෙනව කියන ඒව නම් කවදාවත් ෆෝවඩ් කරන්නෙ නෑ.
තව ඔහොම එක එක විදිහෙ ඒව එනව. කලාතුරකින් හිතිල ෆෝවඩ් කරල තියේ, ඒත් යැව්වට පස්සෙ හිතෙන්නෙ මොන මගුලකටද යැව්වෙ කියල.
මම නම් හැම වෙලේම මේල් එකක් ෆෝවඩ් කරද්දි ඇතුළෙ තියෙන ඊමේල් ලිපින ටික හා සිග්නේචර් ටික ඉවත් කරනවා.
මම යවන අයගෙ නම් දාන්නෙත් ඔක්කෝම Bcc එකට.
Post a Comment
Thanks for your comments :)