Dec 20, 2010

කණියාගේ GPS හා SBU සුහද හමුවට පසුවදනක්

හැමෝම සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදේ සුහද හමුව ගැන ලියද්දි කණියාටත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරානම් හොඳයි කියලා හිතුනා.

මුලිංම ඉතිං කතාව කියන්න එපැයි. සුහද හමුවට දවස් ගානක් තියං කණියා කට්ටිට සෙට් කරගෙන හිටියේ. අන්තිමට හැමෝටම එක එක වැඩ. කොහොම හරි කණියගේ මල්ලියි, තව cousin කෙනෙකුයි සෙට් වෙලා මීරිගමින් ආවේ. මගින් Confiuzd ප්‍රෝග්‍රැමර් ජෝඩුවත් සෙට්කරගත්තා. කොටුවෙන් නොහිතපු වෙලාවක හසී පවුලේ සෙට් එකම සැට් උනා. අන්න මරු සෙට් එක :D. ඉස්ටේසන් එක ගාවත් ටික වෙලාවක් වාත වෙලා කොහොම හරි කට්ටිටම බස් එකකට නැග්ගා.

 මේ ඇවිල්ලා කට්ටිය කොටුවේ බස් හෝල්ට් එකේ.

එතන හිටපු කවුරුවත් පලවෙනි හමුවට ඇවිත් තිබ්බේ නැ.. ඉතිං කණියා තමයි දැං නඩේ ගුරා :D

නඩේ ගුරා වගේ නෙමෙයි දැං බස් එකට ටිකට් ගන්නත් එපැයි.. වැරැද්දක් කියන්න බැ ඉතිං හැමෝගෙංම සම්මාදං එකතු උනා. අන්තිමට කණියට ලාබයි.. :D

දැං කට්ටියම බස් එකේ යනවා. කවුරුවත් බිල්ඩිම තියෙන තැන දන්නේ නෑ.  කෝකටත් කියලා කණියත් ජීවිතේකට වැඩක්  නොගන්න GPS එක ඔන් කරගත්තා. ෂා.. ලස්සනට පාර පෙන්නනවා. ඔන්න නවලෝකෙ කියලා බස් එකත් නැවැත්තුවා.. කට්ටිය බහින්නත් ලේස්තිය. ඒත් හැබැයි GPS එකේ හැටියට නං නවම් මාවත තව ඉස්සරහා. කෝකටත් කියලා ඊලඟ හෝල්ට් එකෙංම බහින්න හිතුවා.

දැං ඉතිං බස් එක යනවා යනවා ඉවරයක් නෑ.. නවම් මාව‍තේ කෑලිත් නෑ .. කවුද අප්පා දන්නෙ බස් කාරයා GPS එකට ඕන තැන නවත්තන්නැ කියලා.. කොහොම හරි කට්ටිට බැස්සේ හෙන දුරක් ගිහිං..
පස්සේ තමා කණියට තේරුනේ මේකත් GPS එකේ තියෙන විසේස අංගයක් කියලා.. ඒක තමා "හෙවන සහිත හොඳම මාර්ගය සෙවීම"

කොහොමිං කොහොමිං හරි  මීටර් 300 පාගමන කි‍ලෝමීටරේකට විතර දික් උනා.

කතාව තව තවත් දික් වෙනවා. හමුව ගැන අදහස් ප්‍රකාශ කරන්නත් එපැයි.
ඇත්තම කියනවා නම් Auditorium එකේ තව ටිකක් වෙලා හිටියා නං කණියා සීතලේ ගල් ‍ගැහෙනවා. කාලිංග අයියා ප්‍රශ්න තියේ නං අහන්න කියපු වෙලේ  AC එක අඩු කරන්න බැයිද කියලා අහන්න හිතුනු වාර ගනන නම් අනන්තයි.

හමුවේ Agenda එක කලින් අපිට නොකියපු එක නම් ලොකුම අවුලක් වෙලා තිබ්බේ. මොකද අපි දන්නෙ නැ ‍මොනවා කතා කරනවද කියලා. කලින් කියලා තිබ්බා නම් ප්‍රශ්න ටිකක් හිතාගෙන වත් එන්න තිබුනා.

ගියපාර හමුව වගේම තමයි මේ පාරත් කීපදෙනෙක් කතා කලා මිසක් බොහෝ දෙනෙක් හැංගිලා වගේ හිටියේ. මීට වඩා කට්ටිය interactive උනා නං කියලා හිතුනා. අනික හැමදාම දේශන අහන අපිට ‍නිදාගන්න හොඳම කොයි වෙලාවෙද කියලත් කට්‍ටිය දන්නවනේ :D

කෑම ටික නං අගේ කරන්න ඕනා. ඒකට නම් Thumbsup.

කෑමට විසුරුවා හැරීමත් එක්ක කට්ටිය අයාලේ ගියා වගේ මට නම් දැනුනේ. ගියපාර හමුවේ ව‍ගේම ලොකු ලොකු අය එකට සෙට් උනා. පොඩි පොඩි උං අතරමං උනා. මමත් පුලුවං තරමින් හැමතැනම ඇවිදලා කට්ටියට කතා කලා.  ඒත් සංසදේ ඇඩිමින්ලා නම් කට්ටියගෙන් ගොඩක් දුරස් වෙලා වගේ හිටියේ.

ඕවා තමා ඉතිං මගේ අදහස්. කට්ටියගේ පැමිණීම නම් ඉතා හොඳයි. 100කට ආසන්න ගානක් ඇවිත් හිටියා.

මම කටිටිය දිහා බලලා ආපු පුංචි නිගමන කීපයකුත් තියේ. ඒවත් කියලම දාලා යන්නං :D

  • මුලින්ම බනියා තමා අල්ල ගන්න්න ඕනා. සිරාවට මම හිතුවේ නෑ මේක මෙච්චර සයිස් එකෙක් කියලා. ඌ‍ Foss නිසා කෑමට සල්ලි හෙනට ඉතුරු වෙනවා ඇති.
  • හසි පවුල නං සිරා. මරුම සෙට් එකක් තමයි හිටියේ.
  • රචින්තයාගේ කට තමයි කට ..
  • වන්නි අයියාගේ ගියපාර තොප්පිය, මේ පාර ගෑනු ලමයි කොන්ඩෙට දාන බෑන්ඩ් එකක් වෙලා.. ඊලඟ පාර මොනවා වෙයිද මන්දා ..
  • කාලිංග අයියත් නෝනගෙ ක්‍රීම් ගාලද මන්දා ගියපාරට වඩා ටිකක් සුදුයි වගේ :D
  • වත්සලා අක්කා තමුන්ගේ  කවර් එකට එයාගෙ නංගි ගෙනාපු එක තමා දවසේ සිද්ධිය.. Group පොටෝ එක බැලුවා නං කට්ටියට තේරෙයි..
  • තිස්ස දොඩං අයියාටත් හිතන තරං වයසක් පෙනුන්නෑ..
  • ගයන්ත නං ඇස්වහක් කටවහක් නැ හිටපු ගානමයි..
මම ගැන ඉතිං කමෙන්ට් වලිං කියන එකයි ඇත්තේ..

32 ප්‍රතිචාර:

Hasitha ජයසූරිය said...

අපේ කණීය අයියගෙ GPS එකේ පිහිටෙන් හොයා ගත්ත පාරෙ පිස්සු කෙල කෙල හුලන් වැදි වැදි ගිය හින්ද පයින් ගිය ටික දැනුනෙවත් නෑ වගේ

හමුවනන් සුපිරි තමා... දැකලනැති ගොඩ දෙනෙක්ව දකින්න හම්බුනා... ෆන් එකකුත් ගත්ත... එලම තමා

හසී said...

අප්පේ එකට ගිහිල්ලත් මම දන්නේ නෑනේ GPS කථාව.. මොනවා උනත් නඩේ ගුරාට ස්තුතියි අපිව එක්කන් ගියාට.. හරිම සතුටු දවසක්...

දුකා said...

එහ්නම් අපි කියමු ලබන පාර එක මීට වැඩිය හොඳට ඕගනයිස් කරන්න කියලා.

ඇජෙන්ඩා එක කලින්ම දීලා.

දේශන වගේ නැතුව ග්‍රූප් ඩිස්කෂන් එකක් වගේ.

අහ් මමත් තාම පින්තූර වලින් හොයනවා කස්ටිය කව්ද කවුද කියලා . .

෴ හසියා ෴ said...

හේහේහේහේ අපි කෙ‍හොමත් රොක්ස් ෆැමිලි එකක් හරිද මල්ලී....

හේහේ උඹ කිව්වනම් මගේ ෆෝන් එකේ GPS බලනවා.හැබැයි ඒකේ විදිහටනම් පයින් ගිහින් තියෙන්නේ හරියටම මීටර් 500ක් විතර.එච්චරත් නෑ....

දවසනම් ඉතිං මැක්සාම තමයි....

පබලු said...

මට ලබන පාරවත් සෙට් වෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.. :)
කෝ කට්ටියගේ පින්තූර ටිකක් එහෙම ගන්න අමතක වුනාදෝ අපිටත් බලන්ට..

Unknown_User/හිඟන්නා said...

කනියා ට්කක් කලු වෙලා වගේ . මුහුනුපොතේ දාලා තිබ්බ පරන පින්තුර එක්ක බලනකොට ...

කොහොම කොහොම හරි කට්ටිය දෑකගන්න ලබිම සතුටක් ....

මධුරංග said...

නියමයි නියමයි !!!! තාක්ශනේට වැඩ එහෙනම් !!! කොහොමද ඔය සුහද හමුවට යන්නේ ? ඒකට මොකක් හරි අයි ඩි එකක් තියෙන්න ඕනෙද ?

මම නම් ගිහින්ම නැති හන්දයි ඇහුවේ

Kanishka | කණියා said...

@පබලු
Facebook පැත්තේ ගියා නං.. ‍පින්තූර ගමකට තියේ :D

ගයන්ත said...

හ්ම්! ගිය සැරේට වඩා කට්ටිය "සැට්" උනා අඩුයි වගේ..

මම හිටපු ගාන වගේ 2X කියල තමයි අනිත් කස්ටිය නම් කියන්නෙ.. :S

Kanishka | කණියා said...

@Unknown_User/හිඟන්නා
හික්.. කවදද බං අපි සුදු උනේ :D

@මධුරංග
අයි‍යෝ බන්.. සුහද හමුව තියලා ඉවරයිනේ.. මේ ටිකේ බ්ලොග් බැලුවේ එහෙම නැද්ද?

පූසා said...

ඕං මමත් කණියා එක්ක වචනයක් දෙකක් කතා කළා. බොහෝම සතුටුයි බ්ලොග් ලියන ගොඩ දෙනෙක්ව දකින්න ලැබුණ එක ගැන

මුචලින්ද said...

මොකද්ද යකෝ මගේ කටේ තිබ්බ අවුල? :D

Bugs Bunny said...

මගුලයි.. මම එච්චර මහතදැ ? o_O
මම නම් හිතාන උන්නට වඩා උබ උසයි.. දෙකට කැඩිලානේ උබ මූන බැලුවේ :D

නියමයි නියමයි .. සෙට් එකම බලාගන්න තිබ්බ එක නම් කියලා වැඩක් නැ... :)

පූසා said...
This comment has been removed by the author.
amila.tk said...

Auditorium එකේ සීතල නම් ටිකක් වැඩි තමා. :) :)

Pravin Indranama said...

තිස්ස අයියා කොණ්ඩෙ ඩයි කරලා හිටියට 50 පැනලා මයෙ හිතේ... :D

ගීත් | Geeth said...

ඇයි මමත් ආවෙ‍෴ ආයෙ හම්බුවුන වෙලාවක ගනන්බේරගමුකො‍..hikz

කොහොමහරි හමුව සාර්ථක වුනා‍‍‍‍... කට්ටිය හඳුනගැනීම සතුටක්!

පුබුදුවා said...

ඕං අපිව අමතක වුනා

Kanishka | කණියා said...

@ගීත්, පුබුදුවා..
උබලා මනුස්ස පාටට හිටියනේ බං.. ඒකයි මොකුත් කිව්වේ නැත්තේ. උබලව අමතක වෙනවද එහෙම :D

Thameera said...

හප්පා.. නොමිලෙද කෑම දුන්නෙ? සැහ් :(

Kanishka | කණියා said...

@Thameera
කොහෙද ඉතිං උබලට ‍කෝල් කරලා වත් ගෙන්න ගන්න බෑනෙ :D

Malinthe Samarakoon said...

අනේ අම්මප, මාත් GPS එකකින් බලාගෙන තමා ආවෙ. කිසි අවුලක් වුණේ නෑනෙ බොල :P

Thilina said...

එළ එළ ඔය ලියලා තියෙන්නේ.. ඒක නෙවේ උඹ ඔච්චර උස‍ ගියේ කොහොමද? :D

ගයාන් තාරක said...

@තමීර
උඹ ආවනං මේපාරත් අතිං කයිට් වෙනවා සුවර්.

කණියා උඹ නේද කියල අහපුවෙලේ උඹේ මූනෙ පින්තුූරයක් ගන්න තිබුනේ. ලොල්

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

ඔය කණියග් GPS නැත්නම් .. නොදන්න කොලබ රටේ අතරමං වෙනව නොවැ අපි කට්ටිය

Sujith said...

mawanam mathaka nathuwa wage..
Mamath innawa side ake neda...
marama fun aka
thnx kani aiya...

තනෝජා රාජපක්‍ෂ said...

එන්න උනේ නැති උනත් මේව ගැන දකිනකොට අප්‍රමාණ සන්තෝෂයි!! පළවෙනි පාර හිතුව දෙවෙනි පාර යනව කියලා.... දෙවෙනි පාරත් යන්න බැරි වුනානෙ... දැන්නම් හිතන්නෙ ආයෙත් යන්නෙම නෑ කියලා... එහෙම හිතලවත් බලමු ලබන පාර එන්න :)

වැප් said...

එන්න තමයි බොහෝ කල් ඉඳන් බලං උන්නේ .... කොහෙද ඒත් හදිස්සියෙම ...වෙනත් අත්‍යවශ්‍ය ගමනක් යෑමට සිදුවූ බැවින් මේ මොහොත මග හැරී ගියා

කසුන් නදීශන said...

මායි ගීතිකයිත් බහින්නේ තව නූලෙන් එහා හෝල්ට් එකෙන්. වොලාවට මට ඉවෙන් වගේ තෙරුණා මෙතන තමා තැන කියලා.
අහ් කිට්ටිය බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න කොට ගීත් කෝල් එකක් ගන්නේ මට වෙන්ඩැ පරක්කු මොකද කියලා :D

namila007 said...

maruwata thibilanee......

Neranji___නෙරංජි said...

ආ කණි අයියෙ අපිත් ආවා...

Sajith Tharaka said...

අප්පටහුඩු :D මට මගේ යාළුවෙක් කිව්වා අන්න උඹේ ෆොටෝ එකක් නෙට් එකේ දැක්ක කියල.. මල කෙලියයි කියල ඇවිත් බැලින්නම් මෙන්න බඩු :D අඩේ බන් ඕක ගන්නව මම දැක්කෙත් නැහැනෙ :D තව මොනමොනව අරන්ද දන්නෙ නෑ... :(

Post a Comment

Thanks for your comments :)