මම ඊයේ අත්දැකපු පුංචි සිදුවීමක් ගැනයි කියන්න ලේස්ති වෙන්නේ. වෙනදා වගේම මමයි යාලුවෙකුයි දවල්ට කෑම ගේන්න බෝඩිමෙන් පිටත් උනා.. ගිහින් කෑමත් අරන් බෝඩිමට එනකොට මහ පාරෙන් අතුරු පාරකට හරවන්න ඕනා. කොහොම හරි අපිට කලින් ඉස්සරහින් ගියපු කාර් එකක් අතුරු පාරට දැම්මා.. අපි දැන් කාර් එක පිටිපස්සේ..
ඉස්සරහින් සාමාන්‍ය ප්‍රමාණයේ වංගුවක් තියෙනවා.. පාර කොන්ක්‍රීට් කරපු එකක්. දෙපැත්තෙම බැමි බැඳලා නිසා වංගුවේ එහාපැත්ත පේන්නෙ නෑ.. එකපාරටම ඉස්සරහින් තව බයික් එකක් එනවා දැක්කා. කොහොම හරි කාර් එක දැකපු බයික් කාරයා කලබල වෙලා බයික් එක එකපාරම ගස්සලා හැරෙව්වා. ඒ එක්කම තමයි කවුරු හරි වැටෙනවා දැක්කේ.. මම නම් දැක්කේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය උඩ ගියපු පොඩි ළමයෙක් වැටෙනව වගේ.. යාලුවා දැකලා තියෙන්නේ බයික් එක උඩ ඉන්දන් ගියපු බල්ලෙක් වැටෙනවා වගේ..
කාර් එක නැවතුනා.. බැලින්නම් බයික් එකේ ඉඳන් ආපු කෙල්ලෙක්.. හෙල්මට් දාලත් නෑ.. දණහිස අල්ලගෙන කෑ ගගහ අඬනවා.. වැටුන පාර කෙලින්ම දණහිස තමයි කොන්ක්‍රීට් පාරේ වැදිලා තියෙන්නේ.. දැං ඉතිං මොනවා කරන්නද.. යාලුවා ගියා ත්‍රීවීල් එකක් ගේන්න. කොහොම හරි කෙල්ල ඇඳන් ඇවිත් තිබ්බෙත් අර තෙල් ගාලා වගේ බස්සන කලිසමක්.. දැං ඉතිං ඹහොම්මම යමුකො ඉස්පිරිතාලෙ..
මට කියන්න තියෙන්නේ මෙච්චරයි.. කෙල්ලොන්ට තමයි මේක වලංගු වෙන්නේ.. ඇඩ් එකට කවදාවත් බයික් එකක හරහට යන්න එපා.. අඩුම තරමෙ පාපැදියක වත්. මොකද එහෙම යනකොට බයික් එක පදින මනුස්සයටත් බැලන්ස් නෑ.. ඉස්සරහට වැටුන එකෙන් ඔහොම බේරුනා.. අනිත්පැත්තට වැටුනා නම් කෙලින්ම ඔලුව වදින්නේ..
පරිස්සම් වෙනවා නම් තමයි හොඳ.... හරි විදිහට ගියා නම් ගැටලුවක් නෑනෙ..


19 ප්‍රතිචාර:
යාපනේ පැත්තෙ ගොඩක් ගෑණු යන්නෙ ඔහොමයි මං හිතන්නෙ. මේ පැතිවල නම් දැකල නෑ.
ඔහොම යන්නේ දෙමල ජාතික කට්ටිය. ඒ වුනාට ඔහොම යද්දී බැලන් ස් කරගන්න ගොඩක්ම අමාරුයි.
හොද ලිපියක් දැනුවත් කලාට ගොඩක් තුති
ලංකාවෙ නීතියට අනුවනම් මේක සම්පූරන වැරැද්දක්.... ඉන්දියාවෙ අවුලක් නෑ (ඉන්දියන් බයික් වල අර සාරි ගාඩ් එක එන්නෙත් ඒකටනෙ) නමුත් මෙහෙ පොලෝසියෙන්නම් කේස්.
තෙල් ගාලා බැස්සුවනම් හරි විදියට යන්නේ කොහොමද අයියා...... පොඩ්ඩක් හිතන්න කියන්න කලින්.
හිකිස්..... :P
මාත් මේ පැත්තේ වැඩිය දැකලා නෑ. දෙමළ අය මුස්ලිම් අය තමා ගොඩක් වෙලාවට එහෙම යන්නේ.
ඔව් මේ පැතිවල එහෙම යනවා මමත් දැකල තියෙන්නේ හරිම අඩුවෙන්. ඒහෙම යනකොට වැටෙන්න තියෙන ඉඩ නම් ගොඩක්ම වැඩියි තමා.
ෂා කණියටත් මාර ඒව තමයි මීටර් වෙන්නෙ ඈ.. කොහොම උනත් වැදගත් ලිපියක්...
තෙල් ගාලා බස්සන ජාතියෙ කලිසමක් අඳගෙන බයිසිකලේ හරහට යන්නෙ ඇයි කියන එකයි මටනම් ප්‍රශ්නෙ. කලිසමක් නිසා හොඳට කකුල් දෙක දෙපැත්තට දාලා යන්න තිබුනනෙ.
අඳුම් ගැන මගේ අදහස් මෙතනින් කියවන්න.
http://random-adahas.blogspot.com/2011/01/kaanthaavanta-pamanayi.html
ඒ විදිහට මේ කොළඹ අවටනම් කෙල්ලෝ යනවා මම දැකලා නෑ. ඒත් දුර පැති වල මම දැකලා තියනවා.
"ඉස්සරහට වැටුන එකෙන් ඔහොම බේරුනා.. අනිත්පැත්තට වැටුනා නම්"
මට මේක ටිකක් වෙන විදියකටනේ හැගුනේ... :P
(වල් හාවා) :P
ඔය කිව්වට එහෙම යන එකෙත් අමුතු ආතල් එකක් ඇති බන්....
ඇති ඇති.. අමුතුම ආතල් එකක්.. ආතල් එක බලාගන්න පුලුවන් වාහන එහෙම ගොඩක් යන පාරකවත් වැටුනනම්...
ela post ekak macho, aththatama wadagath. machan mama godak dawas comments danna haduwa sinhalen, eath mata wenama type karala copy paste karanna bane, ai danne na neada. jaya
ගොඩක් දමිළ ගැහැනු ඔය විදිහට යනවා නං දැකලා තියනවා.
ඔතන ඇඩ් එකට යාමේ ගැටලුවක් නෙවෙයි තියෙන්නෙ. මොකක් හරි සාම්ප්‍රදායික හිතුවිල්ලකට කොටු වෙච්ච එකෙන් වෙන වැඩක් මට හිතෙන්නෙ
අම්මො බයික් නම් අන්තිම භයානකයි ඒ හින්ද ද මන්ද බයික් වලට මෙච්චර ආස අපි පදින්න.ඊට අමතරව සාරි අඳින දිග සායවල් අඳින අය හරිම පරෙස්සම් වෙන්න ඕනි..රොදෙ එතුනොත් බඩුම තමයි,අනික ඔය මොනො ශොක් එක තියෙන බයික් වල එහෙම යන කොට පිට් පස්සෙ කකුල තියාගෙන යන අය විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනි.බයික් හදිසියෙ ගැට්ටක් උඩින් යනකොට ගැස්සිල කකුල රොදෙ අස්සෙ යන දැඩි අවදානමක් තියේ..
අනික පොඩි ම අය පුලුවන් තරං අම්මටයි තාත්තටයි මැද්දෙන් තියා ගන්න.ටැංකිය උඩ තියා ගෙන යන එකත් අන්තිම අවදානම්.
මහ මැටි මෝල්ලු. අපරාදෙ බයික් එකේ පිටිලස්සට කකුළ තියා ගන්න එක අංඩක් විතරක් සැට් කරන්න තිබුනනෙ.
අම්මෝ සාරි ඇදන් නම් බයික් වල යන එක මාරාන්තිකයි. අපේ ලොකු අම්මට.. තව නැන්ද කෙනෙක් දෙන්නම ඔය සාරි පැටලිලා කකුල් කඩාගෙන මාස ගානක් වෙදකම් කලා.
ඔය පැත්තට යන්නෙ නම් හුඟක් දෙමළ මිනිස්සු. දැන් නම් ඒක අඩුයි මම හිතන්නේ. අපේ පැති වල නම් දැකලම නැහ.
මචං පොඩි උපදෙසක් ඕනා,
“කවදාවත් බයික් එකක හරහට යන්න එපා. අඩුම තරමෙ පාපැදියක වත්.“
පා පැදියේ දික්අතට යන්නෙ කොහොමද බන්?
:)
@හුලං
ඇයි බං ලැගේජ් එකේ.. :D දැං බයිසිකල් වල මොන ලැගේජ් ද නේද :D
හ..හා!
සිරාවට
:-))))
Post a Comment
Thanks for your comments :)