අද කියන්න යන්නේ අපේ සෙට් එකේ බුවෙක්ට වෙච්ච සිද්දියක්.. සිද්දිය වෙලා ගොඩක් කල් උනාට අපි නම් තාමත් මතක් කර කර හිනා වෙනවා.. පුද්ගලයාගේ නම් ගම් කියන එක හොඳ නෑනෙ.. මේකයි කතාව..
අපේ සෙට් එකේ පවුල් කාරයෝ වගේම ඉතිං වයසට ගිහිං පවුල් පන්සල් වෙන්න බැරි උන අයත් හිටියා.. බැජ් එකේ කෙල්ලොත් ඉන්න නිසා මේ කියන පුද්ගලයා බැලුවේ එහෙමවත් ගොඩ යන්න.. මිනිහා ටිකක් ලැජ්ජ කාරයා ( මේ මම වගේ :D ). කෙල්ලෙක් ගෙන් කෙලින් අහන්න තරම් හැකියාවකුත් නෑ.. ඒ වගේම ඉතිං මනුස්සයා Facebook එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක්...
ඔන්න ඉතිං අපේ බැජ් එකෙත් ඉන්නවා මිනිහා ලයින් දාන කෙල්ලෙක්.. අපි නම දාලා තිබ්බබේ කෞෂලී කියලා.. පෙනුම නිකං අර ඉතිං ඊට පස්සෙ කතාවෙ ඉන්න කෞෂලී කියන කෙල්ල වගේ..
දවසක් ඉතිං සෙට් එකම ලයිබ්‍රි ඇවිත් එහෙමෙහෙ වෙන අතරේ මේ කෙල්ලත් යාලුවො එක්ක ආවා.. අපේ බුවා ඇතුලට ආවෙ නෑ.. අපි පොත් අරං එනකොට මෑන්ස් ඔලුවේ අත ගහගෙන ඉන්නවා...
අපි ඉතිං බැලුවා මොකදෑ මේ කියලා..
අපි නැති අතරේ මෑන්ස් කෙල්ලට කතා කරලා.. මෙන්න මෙහෙමයි සිද්දිය..
බුවා මනමාල හිනාවක් දාගෙන කෙල්ල ගාවට ගිහිං.. දැකලා පුරුදු නිසාත්, කෙල්ලො සෙට් එක අපේ උං දන්න නිසාත්, මේකිත් මූ එක්ක හිනා වෙලා..
බුවා : මේ... ඔයා පේස් බුක් ඉන්නවද???
කෙල්ල : ආ ඔවු අනේ.. මම පේස් බුක් ඉන්නවා.. හැබැයි ඉතිං මගේ අකවුන්ට් එක හැන්ඩ්ල් කරන්නේ නම් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් තමයි..!!!


27 ප්‍රතිචාර:
පව් වැඩේ...
ලොල්ස්... :P
මේකනම් පුතෝ උඹට වෙච්ච වැඩක්....
ඔය බුවා අපි දන්න එකෙක් එහෙම නෙමෙයිනේ? හික් හික්
@..ChAnDiKa..
ඔන්න ඉතිං මගුලක් කතා කරනවා :D
@ සිරකරුවා
නෑ බං.. උබලා දන්න කෙනෙක් නෙමෙයි..
ඇත්ත කියපන් ..උබට නේද උනේ ??
පිස්සුද බං... :D මට උනා නං මේක දාන්නෙත් නෑ :D
this is personal experience :-)
බොරු නොකිය හිටු... උබට වෙච්චී දේට අනුන් අල්ලනවා ... :D
මේ මල්ලි! විභාගේ කිව්වා නේද? මට බොරුවට අඩලා මෙතන බ්ලොග් පොස්ට් එකකුත් ලියලා... මේක මෙයාට වෙච්ච එකක් තමයි!!
අප්පට සිරි.. මටත් දැන් පොඩි බයක් බයක් වගේ එනවා කෙල්ලෝ එක්ක චැට් කරන්නත්..
මේක විහිලු කතාවක් වෙන්න ඇති. ඒත් ඇත්තටම boyfriend/husband පාලනය කරන FB account මේ රටේ ඕන තරම් තියනවා! vise versa also!
එහෙම කිව්වා ම ලොවෙත් නෑ නේ!! හික් හික්!! පොර කර වෙන්න අටි එකසිය ගානට පව් වැඩේ
නෑ නෑ කණියා උඹටම තමා මේක වෙලා තියෙන්නේ... හූ හූ
අනිවා ඩෙපා......... මේක වෙලා තියෙන්නෙ හැමෝම දන්න කණිෂ්ක නොහොත් කණෛයා කියලා කෙනෙක්ටලූ......... ( උබලගෙ සෙට් එකේද බං ඌත් ;)
@Janani
ආ අක්කේ :P
@humgle , ජේ.ඩී , තීර්ථ යාත්‍රිකයා
මේක ඇත්ත කතාවක්.. වෙච්ච කෙනාගෙ පොටෝ උනත් මගේ බ්ලොග් එකෙන් හොයාගන්න පුලුවන්.. අපි සෙට් එකක් එකතු වෙලා කරපු ප්‍රොජෙක්ට් එකක් ගැන ලියපු පෝස්ට් එකක් තියේ.. ඒ සෙට් එකේ ඉන්නවා..
@සූර සරදියල්
සිරාවට.. :D
කණියට උනු සීන් එක වගේම සීන් එකක් :D
මම නම් ඊලගට අහනවා ඔබගේ බෝයි කොල්ලාත් මූණුපොතේ ඉන්නවද කියලා
පව් අහිංසකයා.බිංදුවටම වැටෙන්න ඇති.
මේක නම් කණියට තමා වෙලා තියෙන්නේ. මම දැකලා තියනවනේ මෑන්ස් පැණි මූණ දාන් ඉන්නවා කැම්පස් එකේ :P
පැණි කණී :(|)
හික් හික් මේක පට්ට සීන් එක බන්.. උබට එහෙම නෙමෙයි නේ උනේ ?
මවු මචං . ඒකා 0000 වටම වෑටෙන්න ඈති.
මොනව උනත් කෙල්ල ඇත්ත කිව්ව එක ලොකු දෙයක්..
ඇත්තම කිව්වොත් මම නම් විරුද්ධයි account හවුලේ තියන් ඉන්න එකට...
අඩේ මේක මේ මට වෙච්ච සීන් එකක්නෙ.... උඹ කොහොමද දැන්ගත්තේ...... :D
Interesting.
sira ada kale meka sirawata wena wadak
පව්! අහිංසක හිත්! හිකි හිකි
Post a Comment
Thanks for your comments :)