Feb 4, 2011

මිනිසාගේ පැවැත්මට ආහාර වෙනුවට සූර්ය ශක්තිය

මුලින්ම කියන්න ඕනා මේ දවස් වල මම මගේ අවසන් විභාගයට පෙනීසිටිමිනුයි ඉන්නේ.. පාඩම් කරන අස්සේ කෑමට යන්නත් ඕනානේ. ඒ යන වෙලාව නම් අපි ව‍ගේ අන්තිම මොහොතේ පාඩම් කරන අයට ලොකුම ලොකු පාඩුවක්.. උදේ පාන්දර පාඩම් කර කර බිස්කට් එකක් කකා ඉන්‍නකොටයි මට මෙහෙම හිතුනේ..

ඇත්තටම මිනිසාගේ ශරීරයේ පැවැත්ම තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන් ආහාර මත. නොකා නොබී දින ගණනක් හිටියම අවසානයේ අපි මැරෙනවා.. මට ඉතිං හිතුනා මිනිස්සුන්ටත් විකල්ප බලශක්තිය ලබා ගැනීමේ ක්‍රමයක් තිබ්බා නම් කොච්චර හොඳද කියලා.. හරියට සූර්ය ශක්තිය වගේ.. අපේ හම ක්‍රියා කරනවා සූර්ය කෝෂ විදිහට.. අඩුම තරමේ 90%ක වත් කාර්යක්ෂමතාවයකින්.. හැබැයි නිශ්පාදනය වෙන විදුලිය පාවිච්චි කරන්න පුලුවන් වෙන්න අපේ අනික් අවයව සකස් වෙන්න වෙනවා..



එහෙමත් නැත්තනම් අපේ හමත් ශාක පත්‍ර වගේ උනා නම්.. හරිතප්‍රද මගින් සූර්ය ශක්තියයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි පාවිච්චි කරලා ප්‍රභාසංස්ලේෂණය කරනවා නම්.. එ‍හෙනම් ශරීරයට අවශ්‍ය ආහාර ශරීරය තුලම නිපදවෙනවා.. අතිරේකව අවශ්‍ය වෙන්නේ ජලය හා ඛණිජ ලවණ විතරයි.

එ‍හෙම උනා නම් කෑම හොයන්න මහන්සි වෙන්න ඕනත් නෑ.. බඩගිනි උනාම යනවා අව්වට.. හැබැයි මේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ශාකයකට වඩා 10 ගුණයකින් වත් කාර්යක්ෂම වෙන්න ඕනා.. නැත්තං ඉතිං දවසම අවුවේ තමයි හිටගෙන ඉන්න වෙන්නේ..

පොඩි ගැටලුවක් වෙන්නේ අව්ව නැති කාලෙට.. මේ තියරිය නම් අර Predator කියන film එකෙත් පාවිච්චි වෙනවා.. හැබැයි ඌ නම් මස් කනවා. ඒ අතර ශක්තිය තමන් විසින් නිපදවාගන්නවා.

මේ වගේ දෙයක් උනොත් දැං සුදු කලු හැමෝම‍ කොල පාට වෙයි.. ඒවාටත් ආයෙ ලස්සන කරන අරවා ‍මේවා එයි..

ඇයි රෑට නිදාගෙන උදේට නැගිටිනකොට කට්ටිය සුදුමැලි‍ වෙලා නැගිටියි.. AVATAR ‍ෆිල්ම් එකේ හිටපු නිල් මිනිස්සු වගේ ලෝකෙම කොල පාට මිනිස්සු ඉඳියි..

හැබැයි මිනිස්සු අර වගේ ප්‍රභාසංස්ලේෂණය කරන අතරේ ගස් වැල් අපි වගේ කන්න පටන් ගත්තොත්..  එතකොට අපි ගස්.. ගස් මිනිස්සු...

එකම දෙයයි ප්‍රාර්ථනා කරන්න ඕනා...

අනේ ගස් වල‍ට ඇවිදින්න නම් පුලුවන් වෙන්න එපා. !!!

13 ප්‍රතිචාර:

Pravin Indranama said...

හොඳ අදහසක්! :)

Prabhath Darshana said...

හිහ් හිහ්.... ඒකනං සුපිරි අදහසක්

පූසා said...

හෆොයි පාඩම් කරලා වැඩිවෙලා මේකාට විකාර හිතෙනවාද කොහෙද :O

Kanishka | කණියා said...

@පූසා
සිරාවට :D

ස්වප්නා said...

ඉන්ජිනියරින් මොලේකින් බයොලොජි හිතන්න ගියාම මෙන්න මේ වගේ තමා.
අනේ මේ බොරු පච වලට ඔයාගෙ සූර්‍ය ශක්තිය නාස්ති කරගන්න එපා.
විභාගෙට පාඩම් කරගන්න ඉතිරි කර ගන්න :)
හී හී

Kanishka | කණියා said...

@ස්වප්නා..
හික්.. ඇත්ත තමා..

ගීතික බුලත්සිංහල said...

මාත් යනවා අව්ව තපින්න....

මෝල්ඩර් ෆයිල්ස් said...

wow nice thought ayya attamai reserch eakk karanna pluwan nam sooi,chlorafil walin minissuntath atp hada ganna pluwan nam sooi,attamai nice thought ayya

ගීත් (සහෘදයා) said...

හිහ් හිහ් මරු අදහසක් අප්පා.....දිගටම හිතහන් අද සිතුවිල්ල හෙට නව ලොව නව නිපැයුමක් වෙන්න පුළුවන්.

ගීත් | Geeth said...

එල අදහසක්....

Black Panther said...

OOOOOOOOOOOpppps.... paadam karana gaman auwwe inna baane. ethakota ira eliye thiyana adika aalooka rashmiya pothata watila, pothen esata watila es penne nathuwa yai :|

Iresha Dias said...

:D mara dewakne hithenne ehema unoth minissu rassawal karana 1 nawatthai. minis pewethmak nathiweida mabda ;) kohoma unath adahasanam shok... :)

සුළඟිල්ල | pinkie said...

ක්ලැප් ක්ලැප්...>
අනෙ මෙහෙම ගොනෙක්.. සිරා පොස්ට් ලියනව.... ඒත්.. මෙක..
ගස්පලට ප්‍රබාසංස්ලේශනය කරන්න පුලුවන්.. අපිට බැ.. ඒකයි සොබාදහමේ නියමය... ඉතින් අපි ඒක අබිබවායන්න ගියොත්...
අපිට වෙනදේ හිතාගනවත් බරි වෙයි...

Post a Comment

Thanks for your comments :)