Feb 16, 2011

ගණිත ප්‍රශ්ණ පත්‍රය ඇන ගැනීම

පහුගිය ටිකේම විබාග කටයුතු.. ඉතිං බොහෝම කාර්ය බහුල ජීවිතයක් තමයි ගත උනේ.. විබාගෙට කලින් දවසේ කොයි තරම් පාඩම් කරන්න තියේද.. ඒවයිනුත් අනිතිමට තිබ්බ පේපර් එක ඇනගත්තු හැටි තමයි අද ලියන්නේ..

කොහොමත් මේක නම් ෆේල් වෙන බව මුල ඉඳන්ම දැනං හිටපු කණියා විබාග ශාලාවට ඇතුල් උනා.. හපොයි.. පටං අරන් තියෙන්නෙම වැරදි විභාග ශාලාවෙන්.. :D වහාම කට්ටියත් එක්ක හරි ශාලාවට ගියා.. දැං ඉතිං පේපර් බෙදනවා.. පේපර් එකත් ලැබුනා.. මොනවා උනත් ප්‍රශ්න පත්‍රයක් ලැබුනම මුල ඉඳං කියවන්න එපැයි.. කියවනවා කියවනවා.. නිකං ග්‍රීක් වගේ.. බලං ගියපු ගනන් දෙකත් පිස්සු වට්ටන විදිහට දීලා තිබ්බේ..
‍පැය තුනේ පේපර් එක පැයෙං ලියලා ඉවරයි.. කරන්න දේකුත් නැ.. යන්නත් අවුල් වගේ.. ඉස්සරහ බුවා හෝ ගාලා ලියනවා.. දීලා තියෙන උත්තර ලියන පොතට අමතරව තව කොල 10ක් විතරක් ගත්තා.. ෂිහ්.. මූ උගන්නපු ඔක්කොම ලියනවද මන්දා...

කරන්නත් වැඩක් තියෙන්න එපැ.. මාත් පටන් ගත්තා  ‍‍හෝල් එකේ තියෙන ටියුබ් ලයිට් ගාන ගනන් කරන්න.. පේලියකට ටියුබ් ලයිට් 9යි පේලි 4යි.. එකක ටියුබ් ලයිට් දෙක ගානෙ තියේ.. එතකොට ඔක්කොම කියද..

හික්.. දැං ‍‍පොඩි ගානක් හදන්නත් සයන්ටිෆික් කැල්කියුලේටර් නේ අපි පාවිච්චිය.. අමාරුවෙන් ගහලා උත්තරේ ගත්තා.. ටියුබ් ලයිට් 72යි..  එකක් වොට් 80ක් විතර නම් පැය ඔක්කොම වොට් 5769යි.. විබාගෙ පැය 3ක් තියේ.. ඒ කියන්නේ අන්තිමට පැය 3 යනකොට යුනිට් 17.28ක් ඉවරයි..

ආ තව කැරකෙන ෆෑන් ටික.. පේලියක ෆෑන් 8යි පේලි තුනයි.. ෆෑන් 24යි.. ඒවය යුනිට් 7.2යි.. (එකක් වොට් 100ක් විතර කියලා ගත්තොත්..) පැය 3ට ඔක්කොම යුනිට් 24.5ක් විතර.. ලේසී නෑ..

අනික මම මේ බැලුවේ Active power එකනේ.. එතකොට Reactive Power එක? බලන්න ජාතික සම්පත් විනාස වෙන හැ‍‍ටි :D

මම අහලා තියෙන විදිහට කැම්පස් එකේ මාසෙක ලයිට් බිල විතරක් කෝටි ගානක්ලු.. හරියටම ගාන මතක නෑ..

ෂික් තාමත් වෙලාව යන්නෑ.. ඔය ‍ඔක්කොම හිතන්න ගියේ විනාඩි 15ක් විතර.. පේපර් ‍එක ගන්නේ 4ට.. තව පැයයි විනාඩි 45ක් බලං ඉමුකෝ.. :D

ඒ අස්සේ විබාගෙ ඉවර වෙලා ඉස්සරහා බුවා මගේ ගාවට ඇවිත් කියනවා..

"ෂිහ් විබාගෙ අවුල් බං...."

"ඇයි ‍‍මොකද මචං? එකකටවත් ලියාගන්න බැරි උනාද? උබ මාර විදිහට ලිව්වනේ... ම‍ම නම් අනිවා පේල්.."

"නෑ බං..A එකක් එන එකක් නෑ බං.. B එකක් නම් එයි.. " :D :D

11 ප්‍රතිචාර:

පූසා said...

මම ඒ ලෙවල් කරපු පාර ලංකාවේ පළවෙනියා වුන පොර 7 වසරේදී ආවේ මම හිටපු ගණන් පන්තියටමයි. දවසක් පොර මට කියනවා. "බලපන් මට මේ පාර සමාජ අධ්‍යයනයට ලකුණු අඩුවෙලා බං" කියලා ඉතින් මම අහුවා කීයද ලකුණු කියලා. මේකා කියනවා ලකුණු 92 කියලා :D

ජීවිතේමල් said...

හපොයි කණියෝ.... :D

හා පැටික්කි (MS) said...

හෆොයි . අපරාදෙනේ ඉතුරු විනාඩි 45ටත් හරියන්න ඒ හෝල් එකට තව විදුලි උපකරණ ටිකක් දාන්න තිබුනනේ. මේක නම් මහ අපරාදයක්......... :@

හික් අපේ කැමැස්ටිරි සෑර් කියපු කතාවක් මතක් උනා අර කොළ කතාව ඇහුවම. රෑන්ක් එක එකකින් හරි උඩට දාගන්න ඕන නම් අනික් පැත්තේ ඉන්න අයව මානසිකව වට්ටන්න. වෙන මුකුත් නෙමෙයි. පේපර් එක අරන් පොත ඉවර උන්නැතත් ටිකකින් තට්ටුවක් දාලා කොළයක් ඉල්ලන්න. එතකොට අනික් පැත්තේ අය හිතන්නේ මාර ලිවීමක්නේ කියලා. ඉතින් අර අයගේ වෙලාව යනවා. ඔහොම දන්න දන්න ප්‍රශ්නේ දන්න කොටස් ලිය ලිය නොදන්න ඒවට පිටු ගනන් ඉඩ ඇර ඇර කොළ ඉල්ල ඉල්ල ලියන්න ඕනලු. එතකොට වටේ හිටි අය කම්පනා කරන්නේ මොකක්ද ඉතින් කණියා අයියා හිතපු එකම තමා. තව අන්තිමට හෝල් එකෙන් යද්දි කස්ටිය පේපර් එක ගැන ඇහුවොත් තිබ්බ අමාරු ප්‍රශ්නයක් අල්ලන් ශික් මං අරක ලියන්න බැරි උනානේ කියන්න ඕන. එතකොට අර කස්ටියගේ ඊළඟ දවසේ තියන පේපර් එකටත් බඩුම තමාලු. ඇයි පාඩම් කරන්න ගත්තත් මතක් වෙන්නේ අරූ අරක විතරයි ලියලා නැත්තේ කියලමනේ.

ඔන්න ඔහොමලු රෑන්ක් එක සිම්පල් විදියට උඩට දාගන්නේ...... හික්ස්..... :D :D :D :D

chamirae said...

මොනා උනත් මට නම් A/L අවුලක් උනේ නෑ commerce කරපු නිසා A 3ක් ආවා .........

අයියෝ හා පැටික්කි ඔයා මට ඔය කතාව කලින් කියලා තිබුනනම් මගේ රෑන්ක් එක up කරගන්න තිබුනා :D :D

Ranga said...

මේ මාසෙ අන්තිම වෙද්දි මටත් උඹට උනා වගේ තමයි වෙන්නෙ. උඹට නම් එකයි ඇනුනෙ. මට හතරක්ම ඇන ගන්න වෙනව :D

Thameera said...

හික් :D
කැම්පස් එකේ ලයිට් බිල මාසෙකට ලක්ෂ හතළිස් ගාණක් කියල කවුද කිව්ව මතකයි

buwa said...

අපේ යාලුවෙක් හිටිය මිනිහා ඕකෙ අනික් පැත්ත හරිම සුභ වාදී හැබැයි ටිකක් තමන් ගැන ලොකුවට හිතන් ඉන්නේ.කෙටි ප්‍රශ්න පත්‍රයක් ඉවර වෙල මිනිහගෙන් ඇහුවොත් කීයක් විතර ඇතිද කියල මිනිහ කියනව "කොහොමටත් ඉතින් 59 කට වඩ ඇති කියල හැබැයි ලකුණු ආවාම 40 ක් විතර (ඌට හිනා උනාට මට තියෙන්නෙ 20ක් විතර ඉතින්) , මිනිහට වඩා ලකුණු ගත්ත අයත් ඉන්නවා පන්තියේ එච්චර ලොකු ටෝක් නොදීපු උන් .

මිනිහ මොරටුව විශ්ව විද්‍යාලෙ යන්න බලාගෙන ඒක ගැන වර්නනා කරන එක තමයි මුලු ඒ ලෙවල් කාලෙම කලේ. ඒත් ඒ ලෙවල් ලියල ටික කලෙකින් පොර කියනව "මචන් කොච්චර කිව්වත් පේරා තමා කැම්පස් ලයිෆ් නියමෙට තියෙන්නේ මොරටුව වැඩක් නැහැ පේරා යන්න ඕනි" කියල. ඔන්න ප්‍රතිපල ආවා මොන පේර ද ? දිස්ත්‍රික්කේ ඉංජිනේරු තේරුන අන්තිමය විදිහට යන්තම් රුහුනට ගියා දැන් මොකක්ද දන්නවද පොර කියන්නෙ . අනික් දෙකට වඩා ඉගැන්නිල්ල හොඳ රුහුනේ කියල (අනුන්ට මඩ ගහන බුවා තේරුනේ මොන කැම්පස් ද කියල නම් අහන්න එපා ඕං )

Kanishka | කණියා said...

@පූසා
හික්.. මාර විදිහට ලකුනු අඩු වෙලානෙ බං :D

@ජීවිතේමල් :P :P

@හා පැටික්කි (MS)
හා පැටික්කි දන්න දේවල් :D වයසෙ හැටියට නෙමේ දැනුම.. හොඳා හොඳා :D

@chamirae
එල එල :)

@Thameera
මම නං හිතන්නේ ඊටත් වැඩි බං :D

@buwa
මටත් මතකයි ඔහොම බුවෙක් හිටියා.. :D මේ ඒ බුවා නෙමෙයි‍නේ? :D

AmilaArt said...

අම්මේ අපිත් ඔහොම විභාග කීයක ලයිට්, ෆෑන් ගණන් කරලා ඇතිද,
මතක් වෙනකොටත් දුක හිතෙනවා

Bhagya Sanuka said...

ඔහොම බෑ රයිට්..
ෆෑන් එකක් විනාඩියට කැරකෙන වට ගානේ සාමාන්‍ය අගය මම වගේ හොයන්න ඕනේ රයිට් ?? ඒ කිව්වෙ පරීක්ෂණයේ නිරවද්‍යතාව වැඩි වෙන්න වැඩි වාර ගණනක් කරලා .. රයිට් ??

ha patiya ... said...

issara mama AL karana kale(koy kaleda kiyala nam ahanna epa.) mama exam hall ekata giyama mulinma balanne hall eke fan ekak tiyenavada kiyala. ayi itn paper eka deepu gaman ihin kaninn dadiya .. danavane...hi..hi...

Post a Comment

Thanks for your comments :)