අහසේ පාවීම.. ගුවනින් ගමන් කිරීම.. මේවා අපි බොහෝ දෙනෙක් නොකීවත් හිතේ තියෙන හීන. ඉස්සර මට මතකයි පියාඹන කුරුල්ලෝ දිහා බලන් ඉඳලා හිතනවා.. අනේ මටත් අර වගේ පියාඹන්න තිබුනා නම්.. ඊටත් වඩා ආසාව තිබුනේ මේ ඉන්න විදිහෙන් අහසේ ගමන් කරන්න තිබුනා නම් කියලා..
පියෑඹිම නම් විවිධ ක්‍රම මගින් සිදුකරන්න පුලුවන්.. ඒත් පාවීම.. ඒක හාත්පසින්ම වෙනස් සංසිද්ධියක්.. පොලොවේ ඇවිදිනවා වගේ අවකාෂයේ ඇවිදින්න අපිට තියෙන එකම බාධාව තමයි නිවුටන් හොයාගත්තු ගුරුත්වාකර්ෂණය.. අපේ ස්කන්ධය කොයි තරම් අඩු උනත් පෘථිවියේ ස්කන්ධය ඉතා විශාල නිසා අපිට ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න බෑ.. මොකද ගුරුත්ව බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි..
මේ ගැන හිතනකොට මට ආපු තවත් අදහසක් තමයි පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය.. හැමෝටම මතක ඇති මායා බන්ධන කියලා TV series එකක්.. ඒකෙ ආෂ්කා අලුතින් හදන බල ඇඳුම පාවිච්චි කරලා පාවෙනවා.. එතනදි යොදාගන්න මූලධර්මය තමයි පෘථිවියේ චුම්භක බලයට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරලා අහසේ පාවීම..
නමුත් පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය මයික්‍රො ටෙස්ලා 30ත් 60ත් අතර වෙනස් වෙනවා.. මේක ඉතා කුඩා අගයක්.. ගුරුත්වාකර්ෂණ බලයත් එක්ක ගත්තම නොසලකා හැරිය හැකි තරම්.. මොන ක්‍රමයෙන් හරි ඉතා විශාල ප්‍රතිවිරුද්ධ චුම්භක බලයක් නිෂ්පාදනය කල හැකි උනත් ඒ එක්කම ඒකේ ස්කන්ධය වැඩිවීම නිසා මේ ක්‍රමය ප්‍රායෝගික නෑ කියන එක පැහැදිලි ඇති..
ඒ කියන්නේ මායාබන්ධන තියරිය අහසේ පාවිමට තව දුරටත් වලංගු නෑ...
ඒත් අපිට ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිවිරුද්ධ බලයක් යොදන්න පුලුවන් නම්?? එහෙම උනා නම් අපේ ගමනාගමන ගැටලු බොහෝමයක් අඩු වෙන්න තිබුනා.. ඊටත් වඩා මේකෙ වාසිය තියෙන්නේ අභ්‍යවකාශ යානා වලට. අභ්‍යවකාශ යානයක ශක්තියෙන් විශාල ප්‍රමාණයක් භාවිතා වෙන්නේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදීමට.. ප්‍රතිගුරුත්ව බලයක් යොදන්න පුලුවන් නම් හෝ ඒ ස්ථානයේ ගුරුත්ව බලය පාලනය කල හැකිනම් අර ශක්තිය වෙන කටයුත්තකට භාවිතා කරන්න පුලුවන්...
කලින් සඳහන් කලා වගේ ගුරුත්වාකර්ෂණ බලය හැමවිටම ඒ වස්තු දෙකේ ස්කන්ධයට අනුලෝමව සමානුපාතික වෙනවා.. සමාන ආකාරයේ ස්කන්ධ දෙකක් නම් ඒ අතර බලය හැමවිටම ධන අගයක් ගන්නේ.. බලය දෛශිකයක් නිසා දිශාවත් ඕනා.. මේ දිශාව ප්‍රතිවිරුද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ මොකක්ද?? ව්‍යවහාරයේ තියෙන ස්කන්ධය පෘථිවියේ තියෙන දෙයක්.. ඒක වෙනස් කරන්න බෑ.. එහෙනම් වෙනස් කරන්න ඕනා අනිත් ස්කන්ධය.. න්‍යායාත්මකව ගත්තොත් ඒ ස්කන්ධය ඍණ වෙන්න ඕනා.. ඒත් ඍණ ස්කන්ධයක් හොයාගන්නේ කොහොමද? අන්න ඒක නම් ගැටලුවක්..
මේක හොයාගත්තොත් අනිවාර්යයෙන් මානව ඉතිහාසයේ විශිෂ්ඨ සොයාගැනීමක් වෙයි.. මෙතෙක් කාලයක් හැම දේම මිනිස්සු හොයාගත්තා වගේ මේකත් වැඩි කාලයක් හැංගිලා තියෙන එකක් නැති වෙයි කියන එකයි මගේ හැඟීම..


35 ප්‍රතිචාර:
උඹල වගේ කොල්ලො ඉන්නකන් උඩින් යන එක හීනයක් වෙන්නෙ නෑ මචන්......:D:D
මචං කාලක් ගැහුවනම් ගුරැත්වාකර්ෂණය තියා ස්කන්ධයක්වත් හොයා ගන්න බැරිවෙන්න පාවෙන්න පුළුවන්...
සමාවෙන්න ... හොඳ ලිපියක්.. දිගටම ලියන්න
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හිතන්න යමක්
එල ලිපිය දිගටම ලියමු ජයවෙවා!!!
කියවන්න ආස හිතෙන විශයක්.
කොහෙද ඔය නිව්ටන් කියන එකා ඉන්නෙ මිනිහ ඔය ගුරැත්වාකර්ෂණය හොයා ගත්තෙ නැත්නම් මේ කිසි කරදරයක් නැහැනෙ. :D
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............
ඍණ ස්කන්ධ!!!!!
නියමයි!
සෘණ ස්කන්ධයක්.....
උඹටත් පුදුම දේවල්නේ හිතෙන්නේ
එළ එළ....
බූරුවෙක් වෙච්ච මට උනත් තේරෙනව මේ කොලුව අනිවාරෙන්ම උඩින් යන්ට අයිතමයක් හොයාගන්නව කියල. ඕන්න මගෙන් සුබපැතුම්.
එල ලිපියක්.
මලක් ගැහුවමනම් ගුරුත්වාකර්ෂණයෙන් මිදෙනව කියල මල් ගහන යාඵවෝ කියල තියෙනව..
ඔයාල වගේ තරුණ ළමයි තමයි ඒ ඔස්සෙ හිතල ක්‍රමයයක් හොයා ගන්න වෙන්නෙ ඉදිරියේදී.
ලිපිය නියමයි....
ඈ බොල එහෙමනං නිවුටන් ගුරුත්වාකර්ෂනෙද මොකක්ද මගුල හොයාගත්තෙ නැතුව හිටියනං ඉවරනෙ.. ඔය මගුල හන්දනේ මේ සේරම කෙලි.. :(
මේ ඉන්නෙ හොඳ මල් කාරයො ටිකක්. මුන් දන්නවා පාවෙන ක්‍රම...
http://www.blogger.com/profile/15181288388891254296
http://www.blogger.com/profile/05635835530520251012
http://www.blogger.com/profile/07541878786225573325
http://www.blogger.com/profile/07997734335145763555
http://www.blogger.com/profile/03024141230071687472
@ශාමින්ද
:)
@Ano
කාලක් ගැහුවම බර තවත් වැඩි වෙන නිසා පාවීමේ සම්බාවිතාවය තවත් අඩු වෙනවා මචං :D
@Confiuzd ප්‍රෝග්‍රැමර්
අනිවා.. හිතපං :D
@ඉලන්දාරියා
තැන්කූ වේවා :)
@Malith
ඒක නං ඇත්ත :D
@හා පැට්ක්කි
හම්... :D
@දිනේෂ් දීපාල්
:)
@පූසා
අන්න පූසොන්ට නං මිනිස්සුන්ට වඩා පාවෙන්න පුලුවංලු :D
@බූරු පුතා
ස්තුතියි :)
@``` Outsider```
හික්.. :D
@..ChAnDiKa..
සිරාවට.. ඒක තමා ලොකුම අවුල :D
@සෑම්
ඊලඟ පාර වත් මේගොල්ලංගෙන් උපදෙස් ගන්න ඕනා :D
උබ බය නැතිව ඉදිං..මං මේක හොයලා දෙන්නම්.. :D
ඒක තමා බය :D
එළ එළ :D උඹ ඕක හොය ගත්තු දවසට මටත් කියපන් හරි :D මටත් උඩින් යන්න ඕන :D
ඒනකම් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් වගේ..
දැනට කියන්නේ ස්කන්ධයක් සෘණ වෙන්න බෑ කියලනෙ.
මටනම් හිතෙන්නෙ ඔහොම දෙයක් හොයාගන්න තව ටිකක් කල් යයි කියල.
එල ලිපියක් වගේම අයෙමත් A/L කාලෙ මතක් උනා සහෝ, නියමයි, ඒවගෙම comment ටිකත් ලස්සනයි, කාලක් ගැහැව්වම පාවෙන්නෙ ඔලුව විතරනෙ, හොඳා හොඳා, මට හදිස්සියෙවත් ලැබුනොත් අනිවාරයෙන් කියන්නම්, දිගටම ලියන්න, වැදගත් ලිපියක්. ජය
අතිවිශ්ශ්ටයි මචන්... කියපන්න හොද බ්ලොග් 1ක් ලග නැවතුනේ...
එල එල දිගටම ලියහන්...
ඒත් මචන් තරහ නැත්තන් පොඩිදෙයක් කියන්නම්, ගුරුත්වාක‍්රශනයෙන් මිදෙන්න ඔනේ නම් වියෝග ප්‍රවේගයෙන් ගමන්කොරොත් පුලුවන් නේද??
@ මලිත් & චන්දික.. නිවුටන් හොයා ගත්තත් නැතත් මෙ ලෝකෙ ගුරුත්වාකර්ශනය තිබුන බොල! එයා කරෙ එහෙම 1ක් තියෙනව කියල ලෝකෙට හදුන්නවා දීපු එක. ඒ කරපු දෙයින් අද අපි නිවුටනීය යාන්ත්‍රවිද්‍යාව හදාරනව.. මම නම් දහස් වාරයක් වැද නමස් කාර කරනව...!!!
ela ela
@sajith
අනිවා උබව තමා මුලින්ම උඩ යවන්නේ :D
@තාරක Dilsh@n
කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා.. මේකත් බලමු..
@සංහිඳ පාමුළ
ස්තුතියි :)
@සුළඟිල්ල | pinkie
අනිවාර්යයෙන්ම.. ඒත් එක තැනක පාවිමයි වියෝග ප්‍රවේගයෙන් ගමන් කිරීමයි කියන්නේ දෙකක් නේ.. පාවීමේදී ගුරුත්ව බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ලබා දුන්නොත් ඇති නේද? :)
@Pasindu
:)
හික් හික්.. ඒ වගේම අයියෙ.. පාවීමයි ගුරුත්වයෙන් මිදීමයි කියන්නෙත් 2ක්.
@සුළඟිල්ල | pinkie
අනිවාර්යයෙන්ම.. ඒක අපි බලන කෝණය අනුව වෙනස් වෙනවා :)
මම මෙතනදි අදහස් කලේ ගුරුත්ව බලය යටතේ අවකාශයේ එක තැනක රැදී සිටීමේ හැකියාව.. හරියට හෙලිකොප්ටරයක් එක තැන තියෙනවා වගේ.. ගුරුත්ව බලයට ප්‍රතිගුරුත්ව බලයක් යොදලා පාවීම :D
කොහොම උනත් ඔබගේ අදහස් වලට මම ගරු කරනවා :)
උඹව මැදි කරලා පෘථිවියයි තව පෘථිවියට වඩා ටිකක් ස්කන්ධය වැඩි මොකක් හරි තියලා බලපන්.. තියරිය වැඩ කරයි... උඹ පාවෙයි බං !! සිරාවට මාර භාවාත්මකයි !! ඒක තමයි සෘණ ස්කන්ධය වගේ හැසිරෙන්නෙ.. ලොල්
පොඩි පුශ්නයක්. ස්කන්ධය අදිශයක්, ඒ කියන්නෙ දිශාවක් නෑ. ඉතින් කොහොමද සෘණ ස්කන්ධ පවතින්නෙ????
ඒ නිසා න්‍යායාත්මකව විද්‍යාත්මකව හිතුවොත් මේක කරන්න බෑ. (අනිත් එක නිවුටන් හැම වෙලේම හරිමයි කියල ඒකෙම එල්ලිලා ඉඳලත් හරියන්නෙ නෑ. සමහරවිට නිවුටන්ට නොපෙනුනු දේවල් ඇති. :) පෙට්ටියෙන් එළියට ඇවිල්ල හිතන්න ඕනෙ. :))
හොඳම ක්‍රම්යතමයි එහෙනම් ආධ්‍යාත්මික පැත්ත. මනස දියුණු කරල පාවෙන්න පුළුවන්නෙ :)
@Madhawa Habarakada
මනස දියුණු කරලා පාවීම දැනට අපි දන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ.. නමුත් මම විශ්වාස කරනවා එසේ කල හැකියි කියලා..
ස්කන්ධය අදිශයක් කියලා ගත්තොත් නම් ගැටලුවක් තමයි. ඒත් මෙහෙම හිතමු.. අපි දැනට දන්න පරමාණුවක් නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන සහිත න්‍යෂ්ඨියක් වටා ඉලෙක්ට්‍රෝන භමණය වීමෙන්නේ.. ප්‍රෝටෝන වල ප්‍රමාණයේ ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන වලින් සැදුනු න්‍යෂ්ඨියක් වටා ඉලෙක්ට්‍රෝනයක ප්‍රමාණය ගන්නා ප්‍රෝටෝන කැරකුනොත් මොනවා වෙයිද?? එය අපි දන්නා ස්කන්ධයේ ප්‍රතිවිරුද්ධ අර්ථය වෙන්න බැරිද.. මේවා නම් ගැටලු තමයි.. :)
Haven't you heard of "anti-matter"????? Just search on this (http://en.wikipedia.org/wiki/Antimatter).. Scientists have created anti matter, but they are very unstable hence cannot exist more than fraction of a micro second.. This is what people call as 'negative mass' but unfortunately it won't lead to situation like the g-force acting in the opposite deirection, but will be combined with positive matter and release a huge amount of energy according to E = mc^2 ... Seems like you will have to build your argument not upon negative-mass but upon some kind of a "repelling-mass"... Gud luk !
මම දන්න බීමක් තියනවා පත අට එකට හිඳවා අමුවෙන් පානයකල විට ඉහල ගිය හැකිය ..(විහිලුවකි)
එල මචං එල ..නියම ලිපිය ගොඩක් වැදගත් . ඒත් මෙවුවට මැදිහත් වෙන්න බෑ එහෙම උනොත් ඇනගන්න වෙනවා . මම කලා කාරයෙක් නෙව.
වෙනත් දෙයක්. මේක මතකද?
http://madhawaweblog.blogspot.com/2010/03/blog-post_05.html
උඩින් යන්න පුළුවන් ක්‍රමයක්.
@කණියා: ඔව් ස්කන්ධය සෘණ කරගන්න බෑ. ඉතින් එහෙම කරල උඩයන්න නම් බෑ.
ඊට පස්සෙ ඔයා කිව්ව විදිහට උනත්, මහ දෙයක් වෙන එකක් නෑ, එතකොට මේ මුළු ලෝකයම ධන විභවයක් සහිතව වැඩ කරයිනෙ. (දැන් ඉලෙක්ට්‍රෝන නිසා සෘණ විභවයක ඉන්නෙ කියල ගත්තොත්) දැන් හැම දෙයක්ම ඉලෙක්ට්‍රෝන එක්ක කරන විදිහටම ප්‍රෝටෝන එක්ක සිදු කරයි.
මට හිතුනු හැටි, ඒත් ඉතින් හරිද දන්නෙ නෑ.
හ්ම් මං ආස සබ්ජෙක්ට් එකක්.
ඇන්ටිග්‍රැවිටි එකක් හදන්න පුලුවන් කියල මතයක් තියෙනව. සංකල්පයක් විතරයි ඔප්පු කරපු නැති. නමුත් මේ සඳහා super fluid එකක් ඕන වෙනව. කෙටියෙන් කිව්වොත් ඝර්ශනය ඉතා අඩු ගනත්වයෙන් ඉතා වැඩි දියරයක්. මෙයට ආසන්නම සොභාවික ද්‍රව්‍ය තමයි රසදිය. රවණ රජ්ජුරුවන්ගේ දඬු මොනරයට භාවිතා කලේත් රසදියලු, ඊට අමතරව පලඟුභාවිතා කරනව කියලත් කියලතයෙනව. ඒක කොහොම වුනත්, මේ ආකාරයේ එකක් හැදුවොත් ඒ එන්ජිම රවුම් හැඩයක් වෙනවා. ඒලියන්ලා ගැන පිලිගන්න අය කියන්නේ ඒ අය භාවිතා කරන්නේ ඒ ක්‍රමයලු, ඒකලු UFO පීරිසියක හැඩයක් ගන්නේ. කොහොම වුනත් super fluid එකක් එක්ක ඇන්ටි ග්‍රැවිටි එකක් හදන්න බැහැයි කියන්න අමාරුයි. string තියරි වගේ ඒව ගැනත් පොඩ්ඩක් කියෙව්වනම් මේක තවත් පැහැදිලි කරගන්න ලේසියි.
කනිෂ්ක,
නවීන විද්‍යාවට මනස දියුණු කිරි අහසින් ගමං කිරීම පැහැදිලිකරන්න බැරිම නෑ. ක්වන්ටම් වාදයේ ප්‍රධානදෙයක් තමයි නිරීක්ෂකයා කියන එක, අපේ MemBrains වලට භෞතික තලයේ දේවල් පාලනය කරන්න බැරිම නෑ. පරමාණුමට්ටමට හා ඊටත් කුඩා මට්ටමට ගියාම. ආයිත් ඉතින් කැරකිලා string theory ට තමයි එන්න වෙන්නේ. සියල්ල පැහැදිලි කර හැකි එකම විද්‍යාත්මක මතය. තවමත් ඔප්පු කරල නෑ. නමුත් ගණිතයට අනුව සියලුම භෞතික පද්ධතීන් සහ මාන 11ම සම්බන්ධයෙන් යෙදිය හැකි දෙයක්. (මූට පිස්සු වගේ කියල හිතෙනවනම් මේ ටික නොසලකා හරින්න :D )
@දසුන් සමීර
මම String theory ගැන අහලා තිබ්බෙ නෑ. විකිපීඩියා ආටිකල් එක කියෙව්වා. පිස්සු වගේ. කමෙන්ට් දෙකටම ස්තුතියි :)
superconductivity පාවිච්චි කරල මෙහෙම දෙයක් කරන්ඩ බැරිද?
http://www.thenakedscientists.com/HTML/content/kitchenscience/exp/superconducting-levitation/
"අති විශාල චුම්බක බලයක්" නිර්මාණය කරන්න බැරිද එහෙම? :)
super conductivity හරහා යම් යමක් කරගන්න බැරි වෙන එකකුත් නෑ හැබැයි. මොකද ප්‍රතිවිරුද්ධ චුම්බක බල දෙකක් නිර්මාණය කරගන්න පුළුවන් ඒ හරහා. මගෙ නම් ඒ ගැන දැනීමක් ඇත්තේ නෑ. ටිකක් හොයල බලන්න වටිනවා. :)
@kaniya: මට පොඩි දෙයක් මිස් වෙලා. ඔයා මගෙ ඉස්සෙල්ල අදහසකට උත්තර දීල තියෙනවනෙ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තැන් මාරු කරගත්තොත් කියල.
එහෙම උනොත් ඒ පරමාණුව ස්ථායී වෙයිද? මොකද දෙදෙනාගේ ස්කන්ධ බැලුවම පොඩි ඉලෙක්ට්‍රෝනයට හැකි වෙයිද ලොකු ප්‍රෝටෝන ටික තමුන්ගෙ යටතෙ තියාගන්න???
@දසුන්: දසුන් සහෝ බරපතල නමුත් සිතා බැලිය යුතු තියරි ටිකක් කියල තිබෙනවා. මට නම් ඒව මඤ්ඤං වගේ. හැබැයි ක්වන්ටම් ගැන නම් ඩිංගක් දන්නව.
Post a Comment
Thanks for your comments :)