අද ලෝකයේ ඇති විශාලම ගැටලුව තමයි ශක්තිය.. බලශක්ති අර්බුදය සෑම රටකටම පාහේ දැනෙන්න පටන් අරන්.. පොසිල ඉන්ධන වල කාලය බොහොම ඉක්මනින් අවසන් වීගෙන යනවා. මේ නිසා බොහෝමයක් රටවල් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳ අවධානය යොමු කරමිනුයි සිට්න්නේ. නමුත් මේ හැමෝටම තියෙන විශාලම ගැටලුව තමයි නිපදවන ශක්තියට සමානුපාතිකව ඒ ශක්ති ප්‍රභවයේ ප්‍රමාණය විශාල වීම.. සරළම උදාහරණයක් ගත්තොත් වෝල්ට් 1.5 බැටරියකට වඩා වෝල්ට් 12 බැටරියක් විශාලයි..
බලශක්තිය කියද්දී අපිට ප්‍රධාන වශයෙන් මතක් වෙන්නේ විදුලිය. විදුලි බලය තිබේ නම් කල නොහැක්කක් නොමැති තරම්.. තාපය නිපදවාගන්න, තාපය ඉවත් කරන්න, යාන්ත්‍රික ශක්තිය නිපදවන්න.. ආලෝකය.. මේ හැම දේම විදුලියෙන් කරන්න පුලුවන් කියන එක අපිට ඉතා පැහැදිලියි.. එහෙනම් අපිට අවශ්‍ය එක දෙයයි..කුඩා බලශක්ති ප්‍රභවයක්.. ඇයි මේක කුඩා වෙන්න ඕනා??
ටෝච් එකක බැටරියක් ලොරියක් විතර උනා නම්.. අපි මුහුණපාන ගැටලු ගැන කියන්න අවශ්‍ය නෑ.. ගැටලුව තියෙන්නේ අපේ සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභව එක්කෝ ඕනෑවට වඩා විශාලයි.. එහෙ මෙහෙ ගෙනියන්න අපහසුයි.. ගෙනයාමට පුලුවන් ඒවා එක්කෝ බලය මදි.. නැත්තං බලය එක දිගට ලබාදෙන්න පුලුවන් කාලය මදි..
මේ වගේ ශක්ති ප්‍රභවයකට හොඳ උදාහරණයක් තමයි Iron Man ෆිල්ම් එකේ එන Arc Reactor එක.. ප්‍රමාණයෙන් කුඩා නමුත් විශාල ශක්තියක් ලබා දිය හැකි ශක්ති ප්‍රභවයක්.. (ලස්සන එලියකුත් එනවා :D ) මම දන්න තරමින් මෙහි ශක්තිය නිපදවෙන්නේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවකින් ලැබෙන ශක්තිය විදුලිය බවට පරිවර්ථනය කිරීමෙන් .. මෙකෙදි පාවිච්චි කරලා තියෙන තාක්ෂණය නම් විවාදාත්මකයි. නමුත් මම විශ්වාස කරන්නේ නොහැකි දෙයක් නැ කියන එක.
ඒ වගේම තවත් Power source එකක් මායාබන්ධන කියන TV series එකේ පාවිච්චි වෙනවා. ඒක නම් සාමාන්‍ය ප්‍රමාණයේ විශේෂ හැඩැති බැටරියක්. එහි විශේෂත්වය පෙන්වන්නේ මල්ටිමීටරයකින් එය පරීක්ෂා කිරීමේදී මල්ටිමීටරය විනාශ වෙනවා පෙන්වීමෙන්. මෙහිදී නැවතත් ප්‍රමාණයෙන් කුඩා නමුත් විශාල බලයක් ලබාදෙන ශක්ති ප්‍රභවයක් ඉදිරිපත් කෙරෙනවා.
ඇත්තටම බලශක්ති ප්‍රභවය කුඩා වීමේ වාසිය මොකක්ද? එහෙම උනා නම් දැනටමත් අපි මුහුණපාන බොහෝමයක් ගැටලු විසඳී අවසන්. උදාහරණයක් විදිහට දැන් විදුලි බලයෙන් ගමන් කරන වාහන ගැන බොහෝ දෙනෙක් උනන්දු වෙනවා.. මේවායේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි එක්වරක් ආරෝපණය කර ගමන් කල හැකි දුර සීමාවීම. නමුත් ප්‍රමාණයෙන් කුඩා ප්‍රභල බලශක්ති ප්‍රභවයක් තිබුනා නම් අකාර්යක්ෂම දහන එන්ජින් කෞතුකාගාර වල පමණයි දකින්‍න වෙන්නේ..
ඒ වගේම තමයි ලැප්ටොප් එකකට.. ජංගම දුරකතනයකට බැටරියේ වටිනාකම කියලා නිම කරන්න බෑ.. කොහොමද ජීවිතකාලය පුරා අවසන් නොවන ජංගම බල සැපයුමක් තිබුනා නම්.. එහි ප්‍රමාණය දැනට තිබෙන බැටරියක තරම් උනත් කාටත් ගැටලුවක් ඇති වෙන එකක් නෑ.
ඇත්තටම මේ අවශ්‍යතාවය නිසා බොහොමයක් විද්‍යාත්මක සොයාගැනීම් එක්තරා සීමාවක තියෙන්නේ.. මෙවන් ශක්ති ප්‍රභවයක් සොයාගත් දිනක සිදුවන දේවල් ගැන නම් හිතා ගන්න බැරි වෙයි.. Iron Man වගේ යන්ත්‍ර නිපදවෙන දිනත් වැඩි දුරක නැති වෙයි...



12 ප්‍රතිචාර:
අප්පා..පට්ටා...කොරන්න බැරි වැඩකුත් නෙමේ නේ..සන්කල්පය නම් එල....
Exam ඉවරනම් කට වහගෙන හිටපන්කෝ :P
Kidding aaaa...
උබටත් ඉන්න ගමන් අමුතු ඒව හිතෙනවනේ
එල ලිපිය ..
ඔන්න මෝඩ ප්‍රශ්න ටිකක්
/*වෝල්ට් 1.5 බැටරියකට වඩා වෝල්ට් 12 බැටරියක් විශාලයි*/
http://en.wikipedia.org/wiki/CR2032_battery එක 1.5 AAA වඩා පුංචියි :p ඒ කියන්නේ වැඩේ හරිද ?
Iron Man සීන් එකනම් එල .. ඒක දාලා පෝන් එකක් හැදුවොත් .. හදිස්සියට න්‍යෂ්ඨික බෝම්මයක් විදියට පාවිච්චි කරන්නත් බැරියැ
මායාබන්ධන එකේ පෙන්නන සීන් එක static electricity සීන් එකක් නේද ?
@රත්ගමයා
:)
@sanj
හිහ්.. ඒවා ඒ ආකාරයි.. මේවා මේ ආකාරයි.. ලෝකෙ ගෝලාකාරයිනේ :D
@Confiuzd ප්‍රෝග්‍රැමර්
ඔන්න ඉතිං ඇහුවා මෝඩ ප්‍රශ්නයක්.. :D දැං උබේ පොඩි බැටරියෙං mp3 player එකක් පැය කීයක් වැඩ කරවන්න පුලුවන්ද? :D මම හිතන්නේ ලොකූ පැය දශම ගානක් පුලුවං වෙයි නේ :D
මායාබන්ධන එකේ static electricity මගින් හදාගන්න power bolt එකක් යවන්නේ.. නමුත් බල ඇඳුමට බලය ලබා දෙන්න බැටරියක් පාවිච්චි කරනවා.
ඔහොම අමුතුවට හිතන එවුන් නිසා තමයි ලෝකෙ මේ තරම් දියුණු වුනේ මචන්
හිකිzz කාලිනයි අයියෙ... ඒත් අර මාය බන්දන එකෙ වගේ බැටරියක් හදන්නනම් තව ලොකේ ඉස්සරහට යන්න ඔනෙ.. එත් මම හිතන විදියටනම් එහෙම 1ක් හදන්න කලින් ලොකෙ විනාශ වෙනව...
අඩේ මචන් උඹට මරු අදහස් තියනවා බං. ඕවා බ්ලොග් එකේ ලියන ගමන්ම ඒ වහේ දෙයක් හදන්නත් පොඩි ට්‍රයි එකක් දීපන්කෝ
power source ekaka capacity ekai balanna one,voltage or current newei,power ekai...
මූට මේ දවස් ටිකේ මොකක් හරි වෙලා තියෙනවා..කවුරු හරි සර්කෙනෙක් ගැහැව්වාද තඩි පොතකින්වත් ඔලුවට ?
අර iron man එකේ බලශක්තියට වඩා මං නම් කැමති එකේ එළියට :P :D
ඔබ අහල ඇති නේද Fuel Cells ගැන?
මේ හරහා ඔයාගෙ හීනෙ හැබෑ කරගන්න බැරි වෙන එක් නෑ.
නැතිනම් නැනෝ තාක්ෂණය හරහා නම් ඕක අනිවා සර්ථක කරගන්න පුළුවන් වෙනව. :) ඒත් ඉතින් තව කාලයක් බලා ඉන්න වෙනව. :)
අනේ 50%නෙ බන් තේරුනේ :D
ලිපියනන් සිරා!
මෙහෙම දෙයක් තිබ්බනම් අපිත් අනාගත් බලශක්ති අර්බුධයට සූදානම් කියලාවත් කියන්න තිබ්බා.
Post a Comment
Thanks for your comments :)