Mar 15, 2011

වසර දෙකක බ්ලොග්කරණය | 2nd Anniversary

මම මේ ‍පෝස්ට් එක දාන්නේ ගොඩක් සතු‍ටින්.. අවුරුදු දෙකක් එක දිගට සිංහල බ්ලොග් එකක් ලියනවා කියන එක මට නම් පහසු උනේ නෑ.. බ්ලොග් එකේ පලවෙනි උපන්දිනේදි කිව්වා වගේම ආයෙත් කරුණු කීපයක් මතක් කරන්න කැමතියි.. මම සිංහල බ්ලොග්කරණයට පිවිසුනේ අපේ මල්ලි‍ගේ බ්ලොග් එක දැකලා.. ඒ ව‍‍ගේම සිංහල බ්ලොග්කරුවෙන් විදිහට ඉදිරියට එන්න අත දුන්නු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත් ස්තුතිවන්ත වෙන්න ඕනා..

මට මතකයි මම බ්ලොග් එක ලියන්න ගත්තු කාලේ සිංහල බ්ලොග් තිබුනේ තුන්සීයක් විතර. ඒවයිනුත් හරියට කෙරෙන ඒවා සීයක් තියෙන්න ඇති. බ්ලොග් එක මුලින් පටන් ගත්තු කාලෙ හිටපු යාලුවෝ ගැන කියනවා නම් හසියා, ඉන්දරේ, දසුන්, පහන්, චමිල, ලසිත, තමීර, ධනික, මාධව හබරකඩ, ශාකුන්තල, කාලිංග, මලින්ත විශේෂයි... නම නොකිවුන පැරැන්නෙක් ඉන්නවා නම් කමා කරත්වා..

මම මුල් කාලේ ලියපුවා දකිනකොට නම දැන් මටම හිනා යනවා.. ඇත්තටම මේ බ්ලොග් ලිවිල්ල මගේ ලිවීමේ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවෙත් ලොකු වෙනසක් කලා කියන්න පුලුවන්. පොඩ්ඩක් ම‍ගේ මුල් කාලෙ පෝස්ට්.. අවුරුද්දක් විතර ගියාට පස්සෙ පෝස්ට්.. ඒ වගේම මේ කාලෙ පෝස්ට් බැලුවා නම් ලොකු වෙනසක් දකින්න පුලුවන්..

මධ්‍යකාලීනව මාත් එක්ක වැඩ කරපු කට්ටියත් මතක් කරන්න ඕනා.. ඒ අතරින් ලාංකීය සිතුවිලි කණ්ඩායම විශේෂයි.  නම් වශයෙන් කියනවා නං ඉතිං වැප්, චතුරංග, සහන්, සුමින්ද අයියා, තරිඳු සහ බුද්ධි තමයි. ඒවගේම  හසී පවුල.. බස් එකේදි නිතරම උදව්වට ඉන්න මරණෙ, රවා, ඒ ‍වගේම මගේ බ්ලොග් ගෝලයෙක් වෙන Confiuzed ප්‍රෝග්‍රැමර්වත් මතක් කරන්න ඕනා..  ඒ වගේම අපේ කමෙන්ට් නැති ඒත් පිස්සු හැදෙන ලිපි ලියන ගෙහාන්.. කෝච්චි ඇංජිං කිව්වම තමා අදුරන්නේ :D ආ.. ඇයි අප්පේ කරදරකාර බනියා, අසල්වැසි බුල්ටෝ හෙවත් ශාමින්ද, දුකා, ඉෂාන් මල්ලි, තිලිණ බුවා, මුචලින්ද, ගයන්ත, පසන්, රොකියා, පණුවා,  එකී මෙකී නොකී හැමෝම වගේම ජනනි අක්කාවත් ආදරෙන් මතක් කරනවා..  ඇයි බස් සෙට් එක.. (බස් සෙට් එක කිව්වම බස් දුවන හැමෝම අයිතියිනේ..  හැබැයි ඊට වඩා ලේසී සිංහල බ්ලොග් ලියන සෙට් එක කිව්වා නං :D )

ඒ වගේම බ්ලොග් ලිවිල්ලයි ලාංකිය සිතුවිලි සින්ඩිකේටරය නිසයි අඳුන ගත්තු බටුවන්ගල මහා විද්‍යාලයේ අරුණ සර් ඇතුළු මල්ලිලා නංගිලා ටිකත් මතක් කරන්න ඕනා.

බ්ලොග් ලිවිල්ල නිසා අඳුන ගත්තු අය නම් බොහෝයි.. ඔක්කොගෙම නම් දාන්න බෑ.. හැමෝම මේ වෙලාවෙ මතක් වෙන්නෙත් නෑ.. ඒත් ඉතිං මෙච්චර දුරක් ආපු එක ගැන සතුටුයි.. දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා..

ඒ වගේම පුංචි විශේෂත්වයකුත් තියේ.. මම බ්ලොග් ලියපු 2009, 2010  අවුරුදු දෙකේම අවුරුද්දට පෝස්ට් 43යි.. ඒක දිගටම පවත්වාගෙන යන්නත් ඕනා :D

කොච්චර උනත් මේ ටිකත් කියලා යන්න ඕනා.. අපි හැමෝම වගේ මහන්සි වෙලා ලිව්වට.. මේ ලියන ඒවට හරි ඇගයීමක් ලැබෙන්නෑ කියන එකයි මගේ නම් හැඟීම..  අනාග‍තේදි වත් ඒ බාධක නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. අපි අපේ ගමන යමු..


ඔන්න කණියාගෙන් හැමෝටම සුබපැතුම්..

44 ප්‍රතිචාර:

සුළඟිල්ල | pinkie said...

ලොල්ය.. අන්තිම පද ටිකටනම් මම 1000%ක් එකගයි අයියෙ.. :D මගෙනුත් සුබ පැතුම්.. :D :D

මධුරංග said...

සුබ පැතුම් කණියා.සාර්ථක ඉදිරිගමනක් යන්න ලබේවා කියලා එක සිතින්ම පතනවා.

Lasindu Nadishan | Admin - www.Slbloggs.com said...

මේවාගේම චිරාත් කාලයක් හොදින් බ්ලොග් එක පවත්වාගෙන යන්න පුලුවන්වේවා !

වැප් said...

මුලින්ම් අවුරුදු දෙකක් ඇදන් ආවාට සුබ පතන්නම් ....

ඊලඟට ඉතින් ලබන්නවා වූ අවුරුදුදෙත් ලිපි 43 පමණක් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....

ඔච්චර තමයි ඉතින් මේ ලිපියට කියන්න ඇහැකි වෙන්නේ :D

රත්ගමයා said...

අපෝ...තාම දෙකයි....තව යන්න තියෙනවා නේ...අපි නම් ඉතින් අලුත්...අපිට නවක වදය දෙන්නේ නැතිව....අපිවත් බලාගෙන දිගටම ජය වේවා!!!!!

DarKneT | ඉෂාර said...

සුබ උපන්දිනක්යක් වේවා :D

හසී said...

එහෙනම් ඉතින් තව අවුරුදු ගානක්ම ලියමු.. සුබ පැතුම් අයියේ..!

නදී... said...

බ්ලොග් එකත් එක්ක තව දිගු ගමනක් යන්න මගෙනුත් සුබ පෑතුම්!

තීර්ථ යාත්‍රිකයා said...

ජය වේවා කණියා

Anonymous said...

jayawewa!!! digatama liyamu.. :D :D :D



~Pabalu~

Thameera said...

එලකිරි, දිගටම බ්ලොග් ලිවිල්ල අඩාල කරගන්නෙ නැතුව ඉඳල තියෙන්නෙ ටික දෙනයි. කණියත් එයින් එක්කෙනෙක්. තව අවුරුදු බර ගාණකට පෝස්ට් 43 ගාණෙ ලියන්න සුබ පැතුම්! :D

පූසා said...

සුභ පැතුම්!
දිගටම ලියමු මචෝ.....
ජයවේවා!

රංචාගොඩ ළමයා said...

සුබපැතුම්....

ලහිරු said...

සුබ පැතුම් වේවා... ඉදිරියටත් අපිත් එක්ක රැඳි ඉන්න...

Kanishka | කණියා said...

@all
ස්තුතියි :)

හා පැටික්කි (MS) said...

සුභ පැතුම් අයියා. අයියා ‍ගේ බ්‍ලොග් එක තවා දීර්ඝ කාලතක් කර‍ගෙන යන්න ලියන්න අදහස් ගලා‍ගෙන ගලා‍ගෙන පැමි‍ණේවා.....!!!!

ලබන අවුරුද්‍දෙත් 43යි? ෂා මාර සිම්පල් ‍පො‍රොන්දුව. මාත් ට්‍රයි කරනවා ඒ ‍පො‍රොන්දුව දීලා ‍සේප් ‍වෙන්න. ඉහලට දාන්න ඕනා අදහස.

ඒනම් ආ‍‍යෙමත් උතුරා යන හදපිරි සුභ පැතුම් දුප්පත් හාවි‍ගෙන්. :D

Thilina Madhushankha said...

උණුසුම් සුභ පැතුම් සහෝ. මම ඔයාගෙ බ්ලොග් එකේ, ළඟදි දාපු ලිපියක් විතරද කොහෙද කියවල තියෙන්නෙ, මට මතක විදියට. :D ඉස්සරහට හෙමින් සැරේ මේක කියවල, ගුණ, දොස් කියන්නම්.

෴ හසියා ෴ said...

සුභ පැතුම් කණියෝ....ඇත්තටම උඹ කිව්වාම මම නිකන් ගිහින් බැලුවා මගේ පරණ බ්ලොග් එකට....හික් හික්...අතීතය සිහිනයක් පමණමද? හේ ඒ කාලේ මාර ජොලි බං...වලි නෑ කේස් නෑ...ඉදලා හිටලා එකෙක් චූ කරන් දැගලුවොත් මිසක්...දැං වගේ හත් පොලේ ගාගෙන දැගළුවේ නෑ...හික් හික්
ලියමු දිගටම....අපි එන්නම්කෝ කියවන්න....

Thilina said...

එළකිරි මචෝ.. බ්ලොගයේ දෙවෙනි උපන්දිනයට සුභපැතුම්.. දිගටම ලියමු.

හිස් අහස said...

ජය වේවා මචං ...
මගෙනුත් පුංචි සුබ පැතුමක් ...

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

සුබ පැතුම් කනියා ...

said...

සුභ පැතුම මචන්!!!

Bunny said...

මෙමෙ පොඩ්ඩක් හිටපං.. මං කොමද උබට කරදර කලේ ? උඹනේ මට කරදර කරන්නෙ ? :D

එළ එළ සුභ පැතුම්..

අඩේ මාත් අවුරුදු 3 ක් බ්ලොග් ලිවා බොල.. :D

Kanishka | කණියා said...

ස්තුතියි හැමෝටම..

@බනියා..
උබ ගැන දන්නෝ දනිති :D

deeps said...

wohoooo this yoahn kanishka is your brother???? interesting finding :D congrats for the achievement and hope you will not stop writing like me ;)

PS: sorry for commenting in English..got a little technical issue here :(

Chandhi said...

සංවත්සරයට මගෙනුත් සුභ පැතුම්!
අන්තිම කොටසට මමත් එකගයි

නිම්ශා said...

සුභ පැතුම් අයියේ...

nawammawatha said...

සුභපැතුම් කණියා.

සහන් said...

හම්බේ........ අවුරුදු දෙකක් :O
එල කිරි කණියෝ මගේ සුභපැතුම්. දිගටම ලියන්න.

Kanishka | කණියා said...

ස්තුතියි හැමෝගෙම කමෙන්ට් වලට :)

Hasitha ජයසූරිය said...

ජය!

Muthu Hewagama said...

සුභ පැතුම් ... දිගටම ලියන්න...

අනුරාධ said...

එල කිරිස්.... ගානට මැනලා ආඋඑත් 43ක්ම ලියපන්. වැඩි උනොත් හදිස්සියෙවත් වැඩි ටික ඩිලීට් ක‍රපන්.

සුබපැතුම් මචන්. ඔහොම යන්.

රංග - මගේ ලෝකය said...

මගෙනුත් සුභපැතුම්. 43 කියන්නෙ මම මාසෙකට ලියන පෝස්ට් ගනන

දුකා said...

අම්මෝ අවුරුදු දෙකක් කියන්නේ ඇත්තෙන්ම ලොකු කාලයක්.
මගේ සුභ පැතුම් මල්ලී.
දිගටම ලියන්න

..ChAnDiKa.. said...

අම්මට හුඩු අවුරැදු දෙකක්. එලාස් මචෝ. ලාවට පුංචි මඩපාරකුත්(ද මන්දා :/ ) ගැහැව්ව නේද? එහෙනම් මචෝ ඉදිරියටම කරගෙන යමු ආ.... මෙන්න මල්......
ජය වේවා!! ජය වේවා!! ජය වේවා!!
;)

ඉලංදාරියා said...

සුබ පෑතුම් හදවතින්ම ජයවෙවා තවත් බොහෝ කල් රෑදේන්නට අපහා

Pasan said...

අඩේ.. මං ප්‍රමාදයිද මන්දා.. ඔන්න මගෙනුත් සුභම සුභ පැතුම්.. දිගටම බ්ලොග් කෙරුවාවේ රැදෙන්න ලැ‍බේවා!!!!!!!

ජය වේවා මචං...

අරුණ සර් said...

මමත් ගොඩක් සතුටු වෙනවා හදුනා ගැනීමට ලැබීම හා එකට වැඩ කරන්න ලැබුන මේ අවස්ථාව ගැන.

Kanishka | කණියා said...

ස්තුතියි හැමෝටම.. :)

ස්වප්නා said...

අපෙනුත් සුබ පැතුම් !!
හ්ම්ම්ම් ඇගයීමක් අනික් අයගෙන් ලැබුණත් නැතත් , තමන් සතුටු වෙනව නං එච්චරයි :)
අගයනවනං ඉතින් තවත් හොඳයි . :) අපි කවුරුත් ආසයි නෙ හොඳයි කියල අහගන්න :)

ධනික | Dhanika said...

ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්!
අවුරුද්දට ලිපි 43 ක් ලියනවා කියන එක නම් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඇත්තටම සන්තෝසයි ඒ ගැන. බ්ලොග් ලිවිල්ල නිසාම මුල්ම කාලෙ හඳුනගත්තු අපිව තාමත් මතක තියෙන එක ගැනත් හරිම සතුටුයි. බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න ජයෙන් ජයම පතනවා! :)

පිටස්තරයා said...

අවුරුද්දට ලිපි 43ක් කියන්නෙ මගේ හැටියටනම් හෙන ගොඩක්. දැන් මාසෙකට එකක් ලියන්නෙත් බොහොම අමාරුවෙන්. ඉස්සරහට නැත්තටම නැති වෙලා යන ගානට.

කොහොම වුනත් ලිව්ව අවුරුදු දෙකටයි ඉස්සරහට ලියන්න තියෙන අවුරුදු බර ගානටයි සුබ පැතුම් මචං!

Madhawa Habarakada said...

මගෙ නමත් කියල තිබිලත් මට සුභ පතන්න බැරි උනු එකට සමාවෙන්න ඕනෙ මල්ලියේ.
ඔයාගෙ 100වෙනි ලිපියටත් මම සුභ පැතුව.
ඉතින් තව තව ඉදිරියට අපි එකතු වෙලා වටිනා දේවල් ලියමු. (මම නම් සමහරක් වෙලාවට ලියන්නෙ මෙලෝ වැඩක් නැති දේවල්, මම හිතන්නෙ.) ඒ අතින් උඹ හුඟක් ඉදිරියෙන්.
හැමදාම හොඳ දෙයක් ලියන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා!!!

Post a Comment

Thanks for your comments :)