මම ඇත්තටම මේ මාතෘකාව පිලිබඳ කතා කරන්න හිතුනේ මේක බොහෝ දෙනෙකුට බලපාන නිසා. අද ගොඩක් තරුණ තරුණියෝ තමන්ගේ කාලය ගත කරන්න පුරුදු වෙලා කියෙන්නේ අන්තර්ජාලයේ සත්‍යාසන්න මිතුරන් මිතුරියන් ඇසුරු කරමින්. ඇත්තටම මේක වෙන්න හේතු කීපයක් තියෙනවා..
අන්තර්ජාලය තුල බොරු කරන්න හරිම පහසුයි. කොල්ලෙක් නම්, වීරයෙක්.. කෙල්ලෙක් නම්, මැක්සා කෑල්ලක් වෙන්න තියෙන අවස්ථා අනන්තයි (පැණියන්ගේ පිහිටෙන්). සමහරුන්ට යාලුවෝ දහස් ගනන්. Facebook එකේ උපන්දින මතක් කරලා දෙන නිසා උපන්දින සුබපැතුම් පිරිලා.. ඒත් කීයෙන් කීදෙනාද උපන්දිනයක් මතක තියාගෙන සුබපතන්නේ..
මේ දේවල් නිසා අද අපේ කොල්ලෝ කෙල්ලෝ ගමෙන් ඈත් වෙලා.. ගමේ දුප්පත් මනුස්සයාගේ කොල්ලට, කෙල්ලට කොම්පියුටර් නෑ.. ඉන්‍ටනෙට් නෑ.. එතකොට උං ගොඩේ.. ඔන්න ඕවා තමයි අද බොහෝ දෙනෙක්ගේ ආකල්ප. ඒත් මම හිතන විදිහට නං උං අපිට වඩා පොලවේ පය ගහලා ජීවත් වෙනවා.. ගමේ ඕන මනුස්සයෙක් අඳුනනවා. මනුස්සකම අඳුනනවා..
බ්ලොග් වල, buzz වල බණ කියන කීයෙන් කී දෙනාද පන්සලේ හාමුදුරුවන්ව අදුරන්නේ.. කීයෙන් කී දෙනාද පෝයකට පන්සල් යන්නේ.
මට මතකයි කවුරු හරි කියලා තිබ්බා.. ගමේ මිනිස්සු ටික Facebook එකේ හිටියා නම් අදුරගන්න තිබ්බා වගේ කතාවක්.. ඔන්න ඕකයි අද තත්වේ..
තාක්ෂණය තමන්ගේ වහලෙක් කරගන්න. තාක්ෂණයට වහල් වෙන්න එපා.


29 ප්‍රතිචාර:
හ්ම්ම්ම්......ඇත්ත!
කියලා වැඩක් නෑ.....අපිත් මෙතන උදේට වාඩි වෙනවා හවසට නැගිටිනවා.....ජීවිතේ ඔහේ යනවා......ඔව්....අපි කොටු වෙලා තමා
ආවුදයක් උනත් පාවිච්චි කරන්න ඕනි ගැලපෙන දේට, ගැලපෙන වෙලාවට, ගැලපෙන විදිහට. නැත්නම් අත පය විතරක් නෙවෙයි බෙල්ලත් කැපිලයි නතර වෙන්නෙ . අපේ අය එහෙම නෙවෙයි . අන්තර්ජාලයෙදි විතරක් නෙවෙයි හැම මගුලම කරන්නෙ වැරදි විදිහට .
වැඩෙ උනාට පස්සෙ වාරනයන් දාන්න , තහනම් කරන්න , තාක්ෂනය හොයා ගත්ත සුද්දන්ට බනින්නෙ නැතුව අපේ ජනතාව දැනුවත් කරන එකයි ඔය සිවිල් සංවිධාන , මාධ්‍ය වගෙ අයගෙන් වෙන්න ඕනි .... හොඳ ලිපියක් සහෝ
අනේ මන්දා බං :-/
සම්පූර්ණ ඇත්ත...........
ඒත් ඉතින් දැන් මොනවා කියලා කරන්නද? :D
@රත්ගමයා
හිතලා බලලා වෙනස් වෙන්න බලපං.
@buwa
වටිනා අදහසක්.. ස්තුතියි සහෝ..
@පූසා
පූසොන්ට නං ඕවා ගානක් නෑ බං :D
@වැප්..
උඹ ඉතිං හිනා වෙවි ඉඳපං :D
කතාවන් සහතික ඈත්තය. දෑන්නම් කොටල කොටලම මගෙ ඈඟිල්ලිත් ගෙවිල.... :///
ආ දැන් උබ නැ කියාපං.. උබත් කොටුවෙලානෙ ? :D
ඉඳහිට මේවා මතක් කරන එකනම් හොඳටම හොඳා...
ඒත් මේ දුරු රටවල ඉන්නාපිට උඹලා වාගේ මිනිස්සු ලංකරලා දෙන්නෙත් ඒ තාක්ෂණයමයි මලේ...
@janani අක්කා & සුළඟිල්ල
හිතලා බලන්න..
@බනියා
ඔවු බං.. හැබැයි මම ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා.
@තිස්ස අයියා.
ඒ තාක්ෂණය නිසාමයි ලඟ ඉන්න අය ඈත් වෙන්නෙත්.. හම්..
සහතික ඇත්ත මචං
"ඒ තාක්ෂණය නිසාමයි ලඟ ඉන්න අය ඈත් වෙන්නෙත්.. හම්.."
සහතික ඇත්ත...
මම නම් හොඳ ගොවි පොලක හිමිකරුවෙක්.. :D වගා කරනව, සත්තු බලා ගන්නව.. මෙන වැඩක් නෑ... :D ඒත් ජීවිතේටම මතක ඇති කාලෙක සිරාවට හිටවල තියෙන්නෙත් පැල 4ක් විතර....
කතාව නම් ඇත්ත. අනේ ඒත් ඉතින් මොකෑ කොරන්නේ.
හැමදේකම හොදක් වගේම නරකකුත් තියෙනවා....
මැක්සා කෑලි කියල හිතාන ඉන්න කෙල්ලො සැබෑ විදියට දැක්කම අපරාදෙ කාලෙ කා ගත්තෙ කියල හිතෙනවා.හික්.......
මල්ලි මේ ලෝකේ යන්නේ විනාසේට මිසක් දියුණුවට කියලානං වැරදිලාවත් හිතන්න එපා..තාක්ෂණය කියන එක ඒ දේ ඉක්මන් කරවනවා විතරයි.
ඒ අතරෙම අපි තමයි ඒකට මුක්කු ගහන්නේ..මාත් එකෙක්.උඹත් එකෙක්.
ඉඳලා හිටලා හරි මෙහෙම ලිපියකින් අපි අපිටම මතක් කරගත්තට..අපි කවදාවත් ආපහු හැරෙන්න සූදානම් නැහැ...
ඒත් අපි අනිත් අයට මතක් කරලා දෙමු..එහෙම කිය කිය අපි පරණ පාරෙම යමු. ඕක තමයි බං ඇත්ත...
හහ් හා... :D ඇත්ත බන් අයියෙ සහතික ඇත්ත... :D මට වෙලා තියෙන්නෙත් ඕක :-(
අර ගමේ කට්ටිය fb හිටිය සීන් එකනන් මම ද දන්නෑ lol
අතිවිශිෂ්ඨයි සහෝදරයා.........
මට නම් වෙලා තියෙන්නෙ කරන රැකියාව නිසා වැඩිපුර කාලයක් පරිගණක භාවිතා කිරීමට සිදුවීම. මමත් Facebook, IMs වැඩිපුර භාවිතා කරනව. එහෙමයි කියල අනවෂය විදිහට නම් කාලය (විශේෂයෙන් Facebook සඳහා)නාස්ති කරන්නෙ නෑ, පුළුවන් හැම වෙලාවෙම යාළුවෝ මුනගැහෙන්න යනව. අඩුම තරමින් කෑමකට වත්. මම නම් දකින්නෙ මේක අපිට පාලනය කරගන්න පුළුවන්. නමුත් පහුගිය කාලෙ සිදුවුනු අන්තර්ජාලය භාවිතය වැඩිවීමත් සමගනම් දුරකථන ඇමතුම් දීම නම් බොහෝ සෙයින් අඩුවෙලා.
කියල තියෙන දේනම් සහතික ඇත්ත....
අනිවා ...... අනිවා ...... එල ලිපිය ....
උබේ කතාව ඇත්ත බන්. ගොඩක් උන් දන්නෙ අනුන්ට බණ කියන්න විතරයි...
@thinka සහ Ano
ස්තුතියි අදහසට
@Sajith
මම නොදන්නවයැ උබ ගැන :D
@Ranga
තමන්ට පුලුවං අයුරින් කටයුතු කරන එක තමා හොඳ
@නිම්ෂා
ඔවු.. හොඳ දේ අරන් නරක දේ අයින් කරනවා නම් තමයි හොඳ
@dinesh
සහතික ඇත්ත බං :D
@මාරයාගේ හෝරාව
අඩුම තරමේ එකෙක් හරි හැදෙයිනේ අයියේ.. ඒක නිසා කියනවා.
@Hasitha ජයසූරිය
කියවලා බලලා හැදියල්ලා.. උබලා තාම පොඩි උංනේ :D
@මකුළුවා
ස්තුතියි සහෝ..
@har
මට දැං වෙලා තියෙන්නේ ඒකෙ අනික.. කොම්පියුටරේ එක්කම ඉඳලා එකපාරටම වැඩ කරන්න ගත්ත නිසා හවස ගෙදර ආපු ගමන් ඉඳගන්නේ කොම්පියුටරේ ගාව..
@සාතන් සහ ටින් Tin
:)
Monawa karannadda ban..... Apita karanna puluwan de thama hemedema sama barawa karana eka....Onna mata hithichcha de....:D
@ශාමින්ද
හම් හම්..
මාත් මේදවස්වල උත්සහ කොරමින් ඉන්නේ සුට්ටක් මේ ජාලෙන් මිදිලා පොලොවෙ පයගහලා ජීවත් වෙන්න කියලා. හැබැයි ඒක හිතන තරම් ලේසි නැ වගේ.......... :D
මිනිහෙකුට කවදාවත් පොළවේ පය ගහලා ජීවත් වෙන හැටි කියලා දෙන්න බෑ, ඒක තමන්ගේ අත්දැකිමෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් කියලයි මම නම් හිතන්නේ!...
ඇත්ත කතාව. තාක්ෂණයට වහල් වෙන්න හොද නෑ.
great post!
Post a Comment
Thanks for your comments :)