Mar 27, 2011

කවුද යකෝ ඔය බෝතලේ.....

මේක ඇවිල්ලා මම දැනට Training ඉන්න තැන workshop එකේ වෙච්ච සිද්ධියක්.. අපේ මිකැනික්ලාගේ ෆෝමන් තමා සුසිල් අයියා.. අයියා කිව්වට මට වගේ දෙගුණයක් විතර වයස :D ඒ උනාට අංකල් කියලා තරහා කරගන්න බෑනෙ.. අයියා කියලා තමයි කතා කරන්නේ.. එක විදිහක මනුස්සයා.. වැඩිය සද්ද බද්ද නැ.. කරන්න තියෙන වැඩ කරගෙන ඉන්නවා..

ඒ අතරේ අපේ වැඩ කරන කට්ටිය මදි නිසා ගොඩක් වෙලාවට වැ‍ඩ කරන්න පි‍ටිං කන්ට්‍රැක් අරං එන කණ්ඩායම් කීපයක් ඉන්නවා.. මම‍ කො‍හොම හරි මෙන්න මේ ටීම් එකක් එක්ක අපි ගාව තිබ්බ පොඩ්ඩක් අප්සෙටි ගිය centrifugal blower එකක් බැලන්ස් කරන ගේමකට බැහැලා හි‍ටියේ.. ඉතා වේගෙන් මේවා කැරකෙන නිසා Balancing අත්‍යවශ්‍යයි.. නැත්තං බෙයාරිං ගෙවෙනවා.. කෑලි ඇද ‍වෙනවා.. ලෙඩ ගොඩයි..



කට්ටිය දැං Blower එක ගලවලා ඒකෙ blades එකින් එක ගලවලා සුද්ද කරනවා.. ඇද අරිනවා.. වැඩ ගොඩයි.. අපේ ටීම් එකේ කොල්ලෝ 3යි අංකල් කෙනෙකුයි මමයි හි‍ටියේ.. කොල්ලො ටික වැඩ අංකලුත් එහෙං මෙහෙං උදවු දෙනවා... ඒ අස්සේ සුසිල් අයියා ඊට ටිකක් එහා පැත්තෙ ගෑස් කටර් එකෙන් යකඩ disk වගයක් කපනවා.

ඒ අස්සේ ‍ factory එකේ කෙල්ලො ටිකක් workshop එක ගාව පාරෙ යනවා..

මෙන්න එකපාරටම එහාපැත්තෙ කවුදෝ කෑ ගහනවා.. බැලින්නම් සුසිල් අයියා..

කවුද යකෝ ඔය බෝතලේ කට වැහුවේ..!!!

කටිටියටම මීටර් නෑ මොකක්ද මේ කියලා.. බැලින්නම් අර මනුස්සයා‍ අරෙහෙ යකඩ කපන අතරේ අපි ගාව හිටපු අංකල් ඉන්න ගමං ඔක්සිජන් සිලින්ඩරේ වෑල් එක කරකවලා.. ඔක්සිජන් නැතුව සුසිල් අයියාගේ යකඩ කැපිල්ල මග ඇණහිලා.. :D

කටිටියටම බඩවල් අල්ලං හිනා.. හදිස්සියට අංකල්ට වෑල්ව් එක අරින පැත්තත් මතක නෑ.. :D

කොහොමිං කොහොම හරි කතාව workshop එක පුරා පැතිරෙන්න විනාඩියක් වත් ගියේ නම් නැ...
ඒ අස්සේ එකෙක් අහනවා..

"අංකල් ගෑනු ලමයි දැක්ක පාර වෑල්ව් එක නිකංම කැරකුනා නේද?? "  :D

12 ප්‍රතිචාර:

Bunny said...

ROFL :-D

අංකල්ගේ වෙන වෙන වෑල් අරුනද දන්නැ ඔය අස්සෙ :P

"අයියා කිව්වට මට වගේ දෙගුණයක් විතර වයස"
ඒ කියන්නෙ බං ඒ අංකල්ට වයස 86 යිද ? :P

..ChAnDiKa.. said...

"අයියා කිව්වට මට වගේ දෙගුණයක් විතර වයස :D"
අඩේ ඒ කියන්නේ බුවාට දැන් වයස හැට හයද? :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

ඕකනම් කනීයට වෙච්ච වැඩක් නෙවෙයි :D

Hasitha ජයසූරිය said...

කික්ම තමා :D

prasanna86k said...

ඒකටත් මුල කෙල්ලෙක්...

පූසා said...

බෝතලේ? උඹලා බිබීද බං වැඩ කරන්නේ :D

Janani said...

කතාව කියවපු අයගේ ප්‍රශ්නේ කණියාගේ වයස. ඒක හරියටම අවුරුදු උත්සවේ දවසට එනවුන්ස් කරලා කියනවා.

Anonymous said...

යකෝ උබ වෑල්ඩින් ෂොප් එකකද වැඩ???

Kanishka | කණියා said...

@බනියා..
ඔවු ඔවු 86යි අංකල්ට :P

@ගෙහාන්
නැ බං 86යිලුනේ :D

@confiuzed
මට උනා නං මෙහෙම කියයිද බොල :D

@Hasitha ජයසූරිය
කික්ද කියලත් අහනව :D

@prasanna86k
ඒ උනාට හුරුබුහු‍ටි කෙල්ල බං :P

@පූසා
මේ මිනිස්සු ඔක්සිජන්, ඇසිටිලින් සිලින්ඩර් වලට කියන්නේ බෝතල් කියලා බං.. මටත් නිකං හුරු නැ හුරු නැ ‍වගේ :D

@Janani
කියමුකෝ බලන්න :P

@ඇනෝ
ඔවු බං.. අපිත් ජීවත් වෙන්න එපැයි :D

රත්ගමයා said...

හික්....ඉකේයියා.....අංකල්..

නීනු නෙරංජි said...

මරු ::::;;))))))

මධුරංග said...

පට්ට සීන් එක. කෙල්ලෝ දැක්කම අංකල්ට උන් හිටි තැන් අමතක වෙන්න ඇති.

Post a Comment

Thanks for your comments :)