Apr 6, 2011

තවත් එක කතාවක්...

ඔන්න එකෝමත් එක ගමක මිනිස්සු ටිකක් හිටියා.. ගමක් කිව්වම ඉතිං‍ කොල්ලෝ බල්ලෝ හැමෝම ඉන්නවනේ.. මේ අතරේ ගමට අලුතිං මිනිස්සු එනවා.. බල්ලෝ එනවා.. හැමෝම වෙනසකටත් එක්ක ග‍මේ පිට්ටනියට ගිහිං සෙල්ලං කරනවා.. බල්ලොත් ආසයි නෙව සෙල්ලං කරන්න.. මිනිස්සුත් උංව පන්නන්නේ නැ.. ඒත් කාලයක් යද්දී කට්ටියට ගමේ පිට්ටනිට මදි උනා.. ඉතිං ගංකාරයෝ පිටගංකාරයෝ කියලා නැ... කොල්ලො බල්ලො හැමෝම එකතු වෙලා මහන්සියෙං පිට්ටනියක් හැදුවා.. (හැබැයි ඉතිං බල්ලට ඇති වැඩකුත් නෑ හෙමිං ගමනකුත් නෑ කියනවනේ) පරන එකට වඩා ලස්සනයි. සෝයි නමකුත් දැම්මා.. කට්ටිය සෙල්ලං කලා විනෝද උනා..

ඒත් මේ අතර හිටපු එක කොල්ලෙක් අලුත් පිට්ටනියෙයි පරන පිට්ටනියෙයි ලොකු වෙනසක් දැක්කේ නැ.. හැමෝම කලේ තමන් කරපු සෙල්ලං ටික.. සෙල්ලං කරන්න ආසාවෙං උන්නු අයත් හිටියා.. නොකරපු අයත් හිටියා.. ඉතිං‍ හැමදේම ඉවර වෙනකල් ඉඳලා කොල්ලා කෑ ගැහුවා.. අලුත් පිට්ටනියෙයි පරන පිට්ටනියෙයි වෙනසක් නෑ නේ කියලා..

කොල්ලා කලේ වැරැද්දක්.. එහෙම කියන එක හරි නෑ.. එතන හිටපු මිනිස්සු ටික මේක ‍කොල්ලට ‍හොඳිං පැහැදිලි කලා.. මේ අතරේ හිටියා බුරන්න උපං හපන් බල්ලෙක්.. ඌ‍ට කොහොම හරි එදා බියර් මූඩි දෙක තුනක් පෑගිලා.. මිනිස්සු ටික කොල්ලට අවවාද කරනවා දැකපු බල්ලා ඒකෙං ලකුණු දාගන්න කොල්ලට බුරනවා බුරනවා ඉවරයක් නැ.. වටේ හිටපු මිනිස්සු උනත් බල්ලා බුරන එක නවත්තන්න මහන්සි උනේ නැ.. බල්ලනේ :D

කොල්ලා කල්පනා කලා.. බුරන බල්ලට සිංහලෙං පැහැදිලි කරාට තේරුමකුත් නැ..හොඳම දේ තමයි එතනින් අයින් වෙන එක.. මොකද කොල්ලට බුරන්න බැ..

බල්ලෙක් උනත් බුරන ‍සීමාවක් තියේ.. කොල්ලා ගියා කියලා නැ.. අනික බල්ලට පුලුවං බුරන එක විතරනේ.. තේරෙන්න හෝ නොතේරෙන්න ඒක කලා.. වටේ හිටපු මිනිස්සු බල්ලො හදන්න දන්නැති නිසා සද්ද නැතිව හිටියා..

ඒත් කොල්ලා නිකං හිටියේ නැ..

දවසක් දෙකක් ඉඳලා මෙන්න මෙහෙම පොඩි ගලක් අරං බල්ලට දමලා ගැහුවා.. :D

13 ප්‍රතිචාර:

Kanishka | කණියා said...

හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ලියන ලදී.. කමෙන්ට් නැතිවාට තරහා නැත :D

DarKneT | ඉෂාර said...

දැන් ඔය මෙන්න මෙහෙම කියලා ගල අරන් ගැහුවෙ අපිටද ? :D

Bunny said...

එක්කො උබ ඒ කියන කොල්ලා.. එක්කො බල්ලා..

බලු කතා නොකිය හිටු :P

මාරයාගේ හෝරාව said...

දන්න දන්න සහ හිතෙන හිතෙන විදියට සමානකිරීම් කරලා බැළුවා..:D
ඒත් ඔය ගල ගහපු කොල්ල කරපු වරදක්වත් ඌට බිරුව බල්ලෙක් ගානවත් තාමනං ම‍ටනං ආරංචි උනේ නැහැ...
අඳාල නැතත් අපිත් මේවට හොට දාන්න එපැයි..බුහ් බුහ්...

buwa said...

මෙක කියෙව්වාම මට නම් මඤ්ඤං වගේ.... වැරදි පෝස්ට් එකකටද කොහෙද හොට දාල තියෙන්නෙ

Prabhath Darshana said...

බලු කොලු කතාව මින් නිමායිද...

සුළඟිල්ල | pinkie said...

ලොල්ය.. තවත් එක් බලු කතාවකී....

..ChAnDiKa.. said...

මොකක් නමුත් තඩි බලු කතාවක් යටින් තියෙනව වගේ පේනවා.. :D

මධුරංග said...

ඊට පස්සේ ඒ බල්ලට මොකද උනේ ?

දුකා said...

බල්ලන්ගේ හැටි ඔහොම තමයි මල්ලී .. .
ඌට මස් කටු දුන්නම ඒවා එපා කියලා බලු සුප් ඉල්ලනවා.
බලු සුප් දුන්නම ඒවා එපා ගස් ලබු දෙන්න කියනවා.
ගස් ලබු දුන්නම ඒවා එපා පපඩම් දෙන්න කියනවා.
ඒ උන්ගේ හැටි බන්z . .
ගනන් ගන්න එපා.

සවිගු said...

මෙතනින් උඹෙ චරිතෙ මොකක්ද...?උඹ කොල්ලද..? නැත්නම් බල්ලද..?

සම්පත් සඳරුවන් said...

මොකක්ද බං කණි කතාවෙ හොදම හරියෙදි ගොං පාට් එකක් දාල තියෙන්නේ.. ලයියාගෙ කතා ස්වරුපය උපුටාගෙන ඇති හැඩයි.. :)

ඉෂාන් තිළිණ said...

Industrial traning සැපයි වගේ ;)

Post a Comment

Thanks for your comments :)