හැමෝම අවුරුද්දට සූදානම් වෙන අතරේ මම ඇහුවා.. "අයියලා දැං අවුරුද්දට ගෙවල් එහෙම සුද්ද කරලාද තියෙන්නේ " කියලා.. මට ලැබුන උත්තරේ තමයි, "මල්ලි අපිට අවුරුදු නෑ.. අපි ආගමේනේ.."
මට ඇති උනු ප්‍රශ්නය ඔයාලටත් ඇතිවෙන්න ඇති.. ඇයි මේ සිංහල දමිල අලුත් අවුරුදු උත්සවය මේ සිංහල කතෝලිකයන් සමරන්නෙ නැත්තේ ? මගේ දැනුම අනුව අපේ රටට කතෝලික ආගම ලැබුනේ විදේශීය ආක්‍රමණ එක්ක. ඊට කලින් සිංහල මිනිස්සු අවුරුද්ද සැමරුවේ නැද්ද? කෙනෙක් කියන්න පුලුවං ඕන කෙනෙක්ට කැමති උත්සවයක් සමරන්නත් ඒකෙන් වලකින්නත් නිදහස තියෙනවා කියලා.. ඒක හරි..
ඒත් අවුරුද්ද සමරනවාට තහංචි පනවලා තියෙන්නේ ආගමෙන්ද? ඇයි එහෙනම් සිංහල දමිල අලුත් අවුරුද්ද වෙනුවට බෞද්ධ දමිල අවුරුදු උත්සවය කියලා කියන්නේ නැත්තේ??
සංවාදයට විවෘත්තයි..
ලැබූවා වු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


33 ප්‍රතිචාර:
ඕක එක එක්කෙනාගෙ පුද්ගලික කැමැත්ත තමයි... අපේ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් පවුලක් වුණාට අපිවත් නොහදන වෙසක් කූඩු ඒ ළමයි හදනවා... අවුරුදු නැකැත් වලට රතිඥ්ඤත් පත්තු කරනව එයාලා. මගෙ කතොලික යාළුවෙක් ඉන්නවා අවුරුද්ද කියල සැමරුවෙ නැති වුණාට අපටත් වඩා හොඳට නැකැත් චාරිත්‍ර කරන.
ඔය සිංහල හින්දු කෑල්ල වැරදියි නේ. සිංහල දෙමළ වුනා නම් හරි තමයි.
අපි හොඳින්ම දන්න කාරනාවක් තමයි, කතෝලික පිරිස් වෙසක් සහ පොසොන් වලදී දන්සැල් වැඩකටයුතු වලට කොච්චර අතහිතක් දෙනවද කියලා.
නමුත් සිංහල අවුරුදු උත්සවයේදී ඔය කාරනාව වෙනස් වෙනවා. අපි හොඳින්ම දන්න කාරනාව තමයි, අලුත් අවුරුදු උත්සවය මූලික වෙලා තියෙන්නෙ නැකැත් සහ නක්ෂත්‍රය පදනම් කරගෙන, නමුත් කතෝලික ආගම තුල ඔය නැකැත් සහ නක්ෂත්‍ර ක්‍රම තුල විශ්වාසයක් නැහැ.
අනිත් කාරනය තමයි කතෝලිකයා ඔවුන්ගේ නත්තල් උත්සවය තුලදී , ඔය අවුරුද්දට හදන කෑම බීම සෑම දෙයක්ම සාදා, හිත මිතුරන් සහ අසල්වාසීන් සමග බෙදා හදා ගැනීමක් හරනු ලැබෙනවා. ඔන්න ඔය හේතු නිසා මම හිතන්නෙ නෑ, ඔවුන් මෙය ඔවුන්ගේම උත්සවයක් කියලා සැමරීම නොකිරීම මහ ලොකු දෙයක් කියලා!
කතෝලික අය මීට හේතුවක් විදියට කියන්නෙ අලුත් අවුරුද්ද නැකැත් හා සම්බන්ධව තිබෙන සංස්කෘතික උත්සවයක් වීමත්, ඔවුන්ගේ ආගමේ නැකැත් පිලිබඳ විශ්වාසයක් නොතිබීමත්.
@රොකියා සහ ඉන්දරේ..
ස්තුතියි අදහස් වලට.. නක්ෂත්‍රය විශ්වාස නොකීරීම නිසා මේ වගේ දෙයක් අත්හරින එක අපරාධයක් නේද? ආගමික බලපෑමක් නිසා ජාතියක් විදිහට එකට එකතු වෙන්න පුලුවං අවස්ථාවක් මගහැරීමක් නේද?
මමත් දන්න විදිහට නැකත් තමයි හේතුව .. මොකද කතෝලික අය වෙසක් පොසොන් වලදි අපෙ වැඩ වලට සහය දක්වනව සැහෙන්න . අපේ කතෝලික යාලුවෙක් රිය අනතුරකටත් ලක්වුනා දන්සැලක දෙන්න ගිහින් , ආගමික සහජීවනය අතින් ඉතාම ඉහල කතොලිකයින්ට වඩා අපේ සංස්කෘතියත් එක්ක හැඩ ගැසිය යුතු වෙනත් ආගමිකයින් කොට්ටාශ ලංකාවෙ ඉන්නවා , ඒ නිසා කතොලිකයින් ගැන චෝදනා මුඛයෙන් කතාකරන එක නම් වැරදියි සහෝ
@බුවා..
සහතික ඇත්ත.. සාපේක්ෂව ගත්තම කතෝලිකයන්ගේ වැරැද්දක් නොමැති තරම්.. ඔබගේ අදහසට මම ගරු කරනවා..
අලුත් අවුරුද්ද කියන එක අතටම මේ තියෙන උතසවකාරයෙන් සමරන්න ගත්හ්ටේ ලග්ටදී ඉදල
එතකොට ක්‍රිස්තියානි කට්ටිය හැදිලා ඉවරය්
"මේ නැකැත් කෙළිය හෙවත් වසන්ත සැණකෙළිය පසුකාලීනව හින්දු ජනතාවත් සමඟ යම් ආකාරයට මිශ්‍ර වීම නිසා සිංහල, හින්දු අලුත් අවුරුද්ද බවට පත් වී තියෙන්නෙ. එය බොහෝ විට 17 වැනි සියවසේ දී පමණ ලන්දේසීන් විසින් ලංකාවේ උතුරු කරයේ දුම්කොළ වගාවට දකුණු ඉන්දියානු දෙමළ ශ්‍රමිකයන් රැගෙන ඒමත් සමඟම ආරම්භ වන්නට ඇති. මේ තත්ත්වය වඩාත් තහවුරු වී ගියේ උඩරට රජවරු නායක්කාර් බිසෝවරු මෙහි ගෙනඒමත්, පසුව රාජ්‍යත්වයට නායක්කර්වරුන් පත්වීමත් සමඟම. ඒ යුගයෙන් පසුව තමා අප අද මේ කතා කරන සිංහල, හින්දු අලුත් අවුරුද්ද පැහැදිලිව දකින්න පුළුවනි."(සිංහල බෞද්ධයා)
"මේ සම්ප්‍රදායය දිගු කලක් තිස්සේ පැවතුන ද නිසි ලෙස නීති රීති සමඟ පළමුවැනිව සටහන් කර ඇත්තේ 15 වැනි සියවසේ ජයවර්ධනපුර විසූ VI වැනි පරාක්‍රමබාහු රජුගේ මෑණියන් වන සුනේත්‍රා දේවියගේ නමින් පැපිලියානේ ඉදිකළ පිරිවෙනේ ඇති සෙල්ලිපියක ය."( මහාචාර්ය මැන්දිස් රෝහණධීර - සිළුමිණ )
නමුත් අද අපි මාධ්‍යට හා අරිසෙන් අහුබුදු වැනි බොරු කාරයොන්ට අහුවෙලා ඉවරය් ,දැන් අපේ රාජ්‍ය ඉතීහසේ වගේම චාරිත්‍ර ඉත්හසේන්ත් වෙනස් වෙලා තියෙන්නේ
අනිත් ආගම් වල තිබ්බට කතෝලික අයගෙනම් එහෙම ආගම් බේදය තියනව අඩුයි. මම අහගෙන මැල්කම් හිමිපානන් (අර අලුතෙන් නමක් හම්බඋනේ) කියනව මේක බෞද්ධ සංස්කෘතියට හැදිච්ච රටක්. අපි ඒ විදිහට ඉන්න ඕනෙ කියල
ඒත් එයාලගෙ අවුරුද්ද කියන්නෙ නත්තල්. අපි කතෝලික ගෙවල් වලට අවුරුදු යනව වගේ ඒ අයත් නත්තලට කැවිලි අරන් අපේ ගෙවල් වලට එනව. කෑම දෙනව.
@මාලින්ද
සහතික ඇත්ත..
හරිම මාංඩලිකයි.. අපේ උන්ම හදාගත්තුවානේ මෙව්වා.. මට නම් ඔය කිසිම ආගම් බේදයක් අදාල නැ.. :-)
මෙහෙම දෙයක් තියනව අයියේ,, කතෝලික අය පාස්කුව සමරන කාලෙදි තමයි අලුත් අවුරුද්ද ලබන්නෙ.. පාස්කු කාලෙදි ජේසු තුමන් කරපු දුශ්කර ක්‍රියා හා එතුමන් විදි දුක්ගාවිනා සිහි කරන හින්දා කතෝලිකයන් උත්සව සමරන්නෙ නෑ මේ කාලෙදි.. මම අවුරුදු සමරන එකෙන් වැලකීමට හේතුව තමයි මේක.. වෙන හේතු තියනවද දන්නෙ නැ..
කණී මචෝ,,,එකෙක් දෙන්නෙක් ඔහොම උනාට කතෝලිකයෝ අවුරුදු සමරනවා හොදටම,මම ඉන්නේ ඉතාලියේ තියන පන්සල් පාලනය වෙන්නේ සිංහල කතෝලිකයෝ අතින්,,මෙහේ සියලුම අවුරුදු උත්සව ඉරිදා වෙද්දී තියනවා පන්සල් ආශ්‍රිතව,මම පවා ඒ එක් උත්සවයක සංවිදායකයෙක්,,මමත් කතෝලිකයෙක්,, මම ලංකාවේ ඉද්දී අපේ ගෙදර ඇත්තටම නැකත් බැලුවේ නැති උනාට සැමරුවා,අනික අවුරුදු සතිය කියන්නේ අපේ ගෙදරට එන කැවිලි ගොඩ,,ඒ අපි නත්තලට හුවමාරු කරන හින්දා.මිනිස්සු සේරම එක වගේ නෑ නේ,,මමත් හොදට දන්න දෙයක් කතෝලිකයන්ගේ හිතේ ආගම් බේදය අඩුයි.
අනේ මොන විකාරද බං. කිරිබත් ටිකක් උයලා කැවිලි පෙවිලි ටිකක් හදල රටේ හැමෝම එක වෙලාවෙ කන වෙලාවටම කන්න එපා කියල කිසිම ආගමකවත් කියල නෑනේ. අපේ ගෙදරට එහා ගෙදර ඉන්නෙ ක්‍රිස්තියානි පවුලක්. කිසි අවුලක් නැතුව සිංහල අවුරුදුත් කනවා නත්තලුත් සමරනවා. ඒ මදිවට වෙසක් එකට කූඩුත් හදනවා. කෝ එහෙනම් එයාලව පල්ලියෙන් එලවන්න එපැයි. මුන්ගෙ මනෝ විකාර බං.. !!!
මමත් මේ ඊයෙ පෙරේද දවසක දෙන ගත්තේ කතෝලික අය අවුරුදු සමරන්නෙ නැ කියල. මම නම් හිතන්නෙ ඒක සිදු නොවිය යුතු දෙයක් කියල. මොකෝ ආගම මොක උනත් එයාල සින්හල මිනිස්සුනෙ..
මම දන්න කතෝලික කීප දෙනෙක්ම අවුරුද්ද සමරනව... එ එයාල සිංහල හන්ද වෙන්න ඇති...
ඔය නැකත් කතාව තමා සමරන්නෙ නැති අය ඉස්සරහට දාන්නෙ. එත් අවුරුද්ද කියන්නෙ නැකත් විතරක් නෙවෙයි නෙද?
සුද්ද මෙ රටේ තිබ්බ හොන්ද දෙවල් වලට පහර ගහන්න එ කාලෙ පතුරවපු විසබීජ තමා මට නම් තේරෙන විදිහට......
මම දැකල තියනව එයාල දෙමවුපියන්ට වන්දින්නෙත් නැ.
එකට හෙතුව නම් මම දන්නෙ නැ. අනික විවාහයෙදි පොරුවට නගින්නෙත් නැනෙ.
මෙව සිංහල සිරිත් ද බෞද්ධ සිරිත් ද කියල නම් මටත් හරියට තෙරෙන්නෙ නෙ... මොකෝ ලංකාවෙ සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය කියල 2 ක් තිබ්බෙ නැනෙ ඉස්සර. තිබ්බෙ සිංහල - බෞද්ධ සංස්කෘතිය.
ඔව ඉතින් වල් පල්.
ආගම මොනව උනත් ලංකාවෙ සිංහල අය වගේ වැඩ කරනව නම් අපිත් කැමති.... මේක ජාතික උත්සවයක් මිසක් ආගමික උත්සවයක් නොවන නිසා.... සුභ අලුත් අවුරුද්දක් වෙවා හැමොටම.. !!!
මම කතෝලිකයෙක් ඔබ සියලු දෙනාම වටිනා අදහස් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි ...
@bunny
හාවොන්ට මොන ආගම්ද බං :D
@MaRLaN
අදහසට ස්තුතියි :)
@ItalyDilan
ඔය තත්වය ලංකාවෙදිත් ඇතිවෙනවා නම්..
@..ChAnDiKa..
ඇත්තටම නැකැත් විශ්වාස නැති අයට නැකැත් කියන දේ අමතක කරලා රටක් විදිහට මේ දේ කරන්න බැරිකමක් නැ..
@ඇනෝ
ස්තුතියි අදහසට
කතෝලික බොහෝ අය කතෝලික වුනේ සිංහල වෙන්න කලින් ඒකයි හේතුව.
ඒ කියන්නේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ගොඩ බැහැලා ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට එකතුවෙලා එක ජන කොටසක් වෙන්න පරම්පරා ගාණක් යනවා.
ලංකාවට එන කොටම කතෝලික නං හෝ ඇවිත් ටික කලකින් කතෝලික වුණා නම් (සමහර විට ඒ අවට සිටි බෞද්ධයින් වන සිංහලුන් ගේ කෙනෙහිළි කම් නිසා) ඉතිං සිංහල වීම සම්පුර්ණ වෙන්නේ නෑනේ.
මුස්ලිම් මිනිස්සු දෙමල කතා කරන්නේ ඇයි?
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
@කතන්දර
සුබ අලුත් අවුරුද්දක් වේවා :) අර මුස්ලිම් මිනිස්සු දෙමල කතා කරන්නේ නම් ඇයි කියන එක ගැටලුවක් තමයි..
සිංහල කිතුනුවාට සිංහල අවුරුදු නැති වෙලා නෙවෙයි, නැති කරල වගෙයි... ඔවුන්ට සිංහල අවුරුදු වර්ජනය කරන්න තරම් සාධාරණ හේතුවක් මම දකින්නෙත් නෑ... ඒත් ඒක එහෙම වෙලා.. ඒ සඳහා ඉහත කී කාරනා මෙන්ම සිංහල සංස්කෘතියේ විඛන්ඩනයන් දකින්න කැමති පිරිසගේ ක්‍රියාවල ප්‍රතිඵල හේතුවෙන්නත් ඇති කියලයි මට හිතෙන්නෙත්.
සුභ අලුත් අවුරුද්දක් වෙවා!,මෙතන සමහර සහොදරයින්ගේ අදහස් හරිම සුන්දරයි,විද්‍යාත්මකයි,ඇත්ත,ඒවා ජාතික ආගමික සමගිය වඩවනවා මෙහම ලියන එක ලොකු දෙයක්,අපේ කැම්පස් එකේ ඒ දවස්වල හදලා තිබුනා ගවලෙනක්,එක හදන්න කිතුනුවො හිටියේ නෑ ඒ අය නිවාඩුවට ගෙදර ගිහින් ඒක හැදුවේ හින්දු බෞද්ධ ,මුස්ලිම් සහොදර සහොදරයින්,නිවාඩු ඉවරවෙලා ජනවාරියේ කැම්පස් ආපු අපේ කිතුනු සහොදර සහොදරයින්ගේ ඇස් වලට කදුලු ආවා,ඒක කෙතරම් සුන්දරද,අපි ජනවාරි 14 දා පොංගල් උත්සවය පැවැත්තුවෙත් හරිම සතුටින්,හැම උත්සවයක්ම අපට සමගිය සතුට ගේනවා..
ම්ම්.. මමත් කතෝලික, ජෝතිශ්ය ගැන බහුතරයක් විශ්වාස නොකිරීම තමා ප්‍රධානම හේතුව.
සිංහල අවුරුද්ද කියන්නෙ 100% ක් ම වගේ ජෝතිශ්ය මත පදනම් වෙච්ච උත්සවයක් නෙ.
කතෝලිකයන්ගේ වැදගත්ම ආගමික උත්සවය වන පාස්කුව,චතාරික සමය යෙදිලා තියෙන්නේ අවුරුදු සමයේ,ඒ කාලයේදී සාමාන්‍යයෙන් උත්සව පවත්වනේ නෑ.සාමාන්‍යයෙන් විවාහයක් වත් ඒ කාලයේ කරන්නේ නෑ.ඒ කාලය උපවාස සමයක්.ඒ නිසා කනගාටුවෙන් උනත් කතෝලිකයන්ට මේ ජාතික උත්සවය මගහරින වෙනවා,චතාරික සමය ඉවර වෙන්නේ පාස්කු ඉරිදායින්(24).
Interestingly, I also had the same thought and my post on this is in here. Looks like hotel Mt Lavinea too thinks same. You will find a link there and it looks like there already are some positive improvements!
I too agree with Kanishka 100%. Avrudu is purely a national event, nothing to do with any religion! Even astrology is not the main focus of the event, that's why we see all sinhala/tamil people following it, even those who don't believe in astrology! It has more to do with prosperous time for farmers in April, hence the festivities.
I think this needless division was put on sinhala/tamil people as a result of some divide and conquer tactic on the part of our colonial rulers. Those days they may not like to see Christian population moving well with other locals. About time we pass that on and unite as a nation (while keeping our religious identities intact).
Thanks for the great post!
අහම්බෙන් වගේ මේ සටහන දැකලා සටහනත් සමඟ දක්වලා තිබුණ ප්‍රතිචාරත් කියවන අතරේ අඩුවක් දැකලා මේකට ප්‍රතිචාරයක් දක්වන්න හිතුණා. අඩුව තමයි මේ ගැන කතෝලිකයෙක් ප්‍රතිචාර නොදක්වා තිබුණ එක.
කතෝලිකයෙක් හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ මේ දේවල්. කතෝලිකයන් නැකැත් විශ්වාස කරන්නන් නෙවෙයි. කතෝලික ආගමේ හැටියට අපි ඉපදුන වෙලාවේ ඉඳන් අපි ගෙවන හැම තත්ත්පරයක්ම දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් හැටියටයි අපි විශ්වාස කරන්නේ. ඉතින් මේ දේ කරන්න මේ වෙලාව හොඳයි මේ දේ කරන්න මේ වෙලාව හොඳයි කියලා විශේෂ වෙලාවක් ජීවිතේ කිසිම දේකට අපි බලන්නෙ නෑ.
සිංහල අවුරුද්දට අපි කවුරුත් කැමතියි. අපේ ගෙදරත් එදාට කිරිබත් උයනවා. අලුත් ඇඳුම් අඳිනවා. ඒත් බෞද්ධයන්ට තියන තරම් ඒ දිනයේ විශේෂයක් අපිට නෑ. මොකද අපේ නියම අළුත් අවුරුද්ද හැටියට අපි සලකන්නෙ ජනවාරි පළවෙනිදා. ඒකට එක හේතුවක් තමයි අපි මේ ගෙවන්නෙ ක්‍රිස්තු වර්ෂ වීම. කතෝලිකයන් හැටියට අපේ අවුරුද්ද පටන්ගන්නෙ එදායින්. ඒ අවුරුද්ද උදා වෙනකොට අපි ඉන්නේ පල්ලියේ. කිරිබත් උයලා කැවිලි හදලා ඒ හැමදේම කරන්නෙ එදාටයි.
ඒ නිසා වරදවා වටහාගන්න එපා. සිංහල අලුත් අවුරුද්ද සිංහල ජාතියට වගේම බෞද්ධ ආගමටත් බැඳිලා තියන නිසා ජාතියක් හැටියට ඒ දිනය ඕනාම කතෝලිකයෙක් සමරනවා.කතෝලිකයන් හැටියට විශ්වාස නොකරන දේවල් තමයි නොකරන්නේ. ජාතිය එකම වුණත් අපේ විශ්වාසයන්වල සුළු සුළු වෙනස් කම් නිසා මේ වගේ සිද්ධීන් ඇතිවෙන බව තේරුම් ගනියි කියලා හිතනවා.
මේ සටහනට ප්‍රතිචාර දක්වලා තියන බෞද්ධ සහෝදරයන්ට ස්තූතිවන්ත වෙනවා අවංකව ප්‍රතිචාර දැක්වුවාට. මේ ප්‍රශ්නය පැන නැඟුණු, සටහන ලියපු සහෝදරයාටත් ඒ ගැන ස්තූතිවන්ත වෙනවා. නැවතත් ප්‍රතිචාර දක්වන්න අවස්ථාවක් ලැබෙන එකක් නැති නිසා මගේ මේ ප්‍රතිචාරය පැහැදිළියි කියලා හිතනවා.
මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද බුදධාගමත් එක්ක බැදී තිබුනත් එය පසු කාලීනව සිදු වූ දෙයක්.මේ උත්සවය සෘජුවම හින්දු සංකෘතියෙන් සිංහල ජාතියට ලැබුනු දෙයක්.සිංහල බෞද්ධයින් මෙම උත්සවය සැමරුවත් මෙම උත්සයව බෞද්ධ දර්ශනය සමග ගැලපීමක් නෑ. නැකැත් ශාස්ත්‍රය බෞද්ධ සංකල්පයක් නොවේ.එය හින්දු බමුණු සංකල්පයකි. ඒ නිසා මෙය බෞද්ධ උත්සවයක් නොවේ.බෞද්ධයින් ලෙස මේ දිනයේ කිසිම වැදගැම්මක් නෑ. නමුත් සිංහල ජාතීය වශයෙන් මෙහි වැදගැම්මක් තිබීමට පුලුවන්.සිංහල ජාතිය ඉන්දියාවේ සිට පැවත එන නිසා මෙය සිංහල ජාතියට වැදගත් වීමට පුලුවන්. සිංහල ජාතියට බුද්ධාගම ලැබුනේ පසුකාලීනවයි. ඒ වන විට මෙම චාරිත්‍ර සමාජයේ මුල් බැස තිබෙන්න ඇති.නමුත් බෞද්ධ දර්ශනය ඉතා නම්‍යශීලි නිසා මෙම පැරනි සංකල්ප එසේම තිබෙන්නට ඉඩ හරින්න ඇති.
මේක මම අපේ නෑසියොන්ගෙන් අහල තියන දෙයක් (මගේ අම්මා බඳින්න ඉස්සර කතෝලික නිසා)
මම දන්න තරමට , අප්‍රේල් මාසයේ එයාලගෙ ආගමේ ශෝචනීය සිදුවීම් දෙකක් සනිටුහන් වෙනවා. අලු බදාදා සහ මහසිකුරාදා... ඒ දෙකේම තිබෙන්නේ සතුටුදායක සෑමරුම් නෙමෙයි. යේසුස් වහන්සේ කුරුසියේ ඇන ගැසීම සම්බන්ධ දේවල්. ඒ නිසා කිතුනුවන් මේ මාසයේ සතුටුදායක සෑමරුම් කරන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නේ....
මම වෑරදිනම් සමාවෙන්න...
කනියාගෙ හිතට ආපු ප්‍රශ්නෙට ගොඩක් අයගෙන් හරි කරුනු කිහිපයක්ම ලැබුන කියල මම හිතනව..
නෙකෙත් විශවාස නොකිරීම නිස නෙකෙත් විශවාස කරන්න කියල කටවත් කියන්න බැහෙනෙ..එක කතොලික අයගෙ ආගමත් එක්ක ලෙබුන දෙයක්..
අනික සින්හල උනත් එයලා කතොලික නිස සමහර චරිත්‍ර අවුරුද්දට පිලිපෙද්දෙ නෑ කියල ජතික සමගියක් නෙති වෙන්ව කියල මට නම් හිතෙන්නෙ නෙ මොකද අවුරුද්දට බෞඩ්ද අය කැම පිගන් කතොලික අයගෙ ගෙවල් වලට ගිහින් දෙනව. කතොලික අය නත්තලට කෙම පිගන් ගෙනිහින් දෙනව... එවගෙ දෙවල් නිස සමගියක් නෙති වෙන්ව කියන්න නම් අමරුයි...
ඉතින් එහෙම නම් බෞඩ්ද කෙනෙක්, නෙකත් විශ්වස කරල, තමන්ගෙ අගමෙ ශෝචනීය සිදුවීම් අමතක කරල අපිත් එක්ක අවුරුද්ද සමරන්න කියන්න බැහෙනෙද කතොලික කෙනෙක්ට??..
කතාව නම් ඇත්ත ඒත් මේ අව්රුද්දේ මට සුභපැතුම් ආපු මුල් දහ දෙනාගෙන් තුන් දෙනෙක් මුස්ලිම් අය. කෙනෙක් අන් අයගේ ආගම් වලට ගරු කරනවානම් ඒ අයත් අපේ ආගම් වලට ගරු කරවි කියන එක තමා මට නම් කියන්න තියෙන්නේ....!
@all
හැමෝගෙම අදහස් වලට ස්තුතියි :)
මම දන්න තරමින් බුද්ධ දර්ශණය නැකැත් සාස්තරය ගැන කියන්නෙ නැහැ. නැතැක් හෝ නක්ෂක්ත්‍රය ගැන බොද්ධයාට ආගමානුකූලව වැදගත් කමක් නෑ.
අවුරුද්ද සම්පුර්ණයෙන්ම සිංහල සංස්කෘතික අංගයක්. මට නම් පේන හැටියට.
මම හිතන විදියට මිනිස්සුන්ගෙ සිතිවිලි තමා හැම දේකටම බලපාන්නෙ .....
"අයියලා දැං අවුරුද්දට ගෙවල් එහෙම සුද්ද කරලාද තියෙන්නේ " කියලා.. මට ලැබුන උත්තරේ තමයි, "මල්ලි අපිට අවුරුදු නෑ.. අපි ආගමේනේ.."
මම දන්න තරමින් ආගමේ කියලා නැහැ අවුරුදු සමරන්න එපා කියලා ....
ela ela macho....
Post a Comment
Thanks for your comments :)