මේකත් මම ඉන්න වර්ක්ෂොප් එකේ සිද්දියක්. අපේ ඉන්නවා ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්. වැඩිය වයස නැ, තනිකඩ කොල්ලා. හැබැයි මනුස්සයාගේ පොඩි අවුලක් තියේ. සමහර වචන උච්චාරනය කරන්නේ වරද්දලා. මේක ඇවිල්ලා ඒ නිසා උනු ඇබැද්දියක්.
අපේ workshop එකේ තියෙන පොඩි store room එකේ නැති දෙයක් ගන්න Main store room එකට යන්න ඔනා. ඒකට අවශ්‍ය දේ Material request එකක් විදිහට ඉංජිනේරුවාගෙන් අරන් යන්න ඕනා.
ඉලෙක්ට්‍රිකල් වැඩ වලට අවශ්‍ය දෙයක් තමයි වයර් කනෙක්ට් කරන ලග් (electrical lug). මේවා වගයක් නැතුව අපේ ඉලෙක්ට්‍රිෂියන් ඉංජිනේරුතුමා ගාවට ගියා Material request එකක් ලියාගන්න.
ඉංජිනේරු මහතා: මොනවද දැං ඕන?
ඉලෙක්‍ට්‍රිෂියන් : මහත්තයා ලක්ස් ඕනා..
ඉංජිනේරු තුමාටත් එවෙලෙ පොඩ්ඩක් මීටරේ අවුල් ගිහිං අරකේ Lux කියලා ලියලා.
දැං අපේ බුවා අර කොලෙත් අරං යනවා main store room එකට.. ගිහිං දුන්නා අරක. ඒකෙ ඉන්න කොල්ලා කියනවා.. අනේ අයියේ ලක්ස් නම් නැ සන්ලයිට් නම් තියේ.. හැබැයි වෙනදට සබන් ගෙනියන්න එන්නේ නම් උපුල්.. (උපුල් කිවුවේ අපේ tool keeper)
වැඩේ වැරදුනා කියලා මිනිහට තේරිලා තියෙන්නේ එතකොට තමා..


21 ප්‍රතිචාර:
හෙහ් හෙහ් හෙහ්....
Occupational Hazards...!!!
පොරටත් මාරම අවුලක් නේ තියෙන්නේ.
හිකිස්....
ඔතන ඉලෙක්‍ට්‍රිෂියන් කියලා ඇක්ට් කෙරුවේ අපේ කණියද දන්නේ නෑ
@තිස්ස අයියා
අනිවා :D
@මධුරංග
ඒ උනාට හෙන හිත හොඳ කොල්ලා.. ඕක තමා එකම අවුල.
@රත්ගමයා
:P
@රොකියා
පික්සුද බොල :D
චාටර් නේ :පී
හික්z
:D
@චාටර් කොල්ලා
චාටර්දත් අහනවා :D
@නදී :)
@ජනනි අක්කා
thanks ;)
ඉලෙක්ට්‍රිශියන් = කණියා :P
ඊලඟ දවසෙ රෙක්සෝනා ඉල්ලන්න කියන්න.. :D
@බනියා
වරෙංකෝ :D
@මකුලු පැංචි
තව හෙන හෙන කතා තියේ :P
තව ඔය වගේ වරද්ද ගත්ත එව්වා බං? මටත් හිතෙනවා මේක උඹටම වෙච්චි දෙයක්ද කියලා...
@prasanna
මට උන දෙයක් නම් මම කියනව බං :D
@ඇනෝ..
ඔයාගෙ කමෙන්ට් එක පබ්ලිෂ් කලේ නෑ ඒකට පාවිච්චි කරලා තියෙන වචන වල ගැටලුවක් නිසා.. නමුත් මම උත්තර දෙන්නම්. කලාතුරකින් MRN එකේ අවශ්‍ය සයිස් එක දාන්නෙ නෑ. මොකද ඒක main store room එකේ නැති වෙන්න පුලුවන්. එහෙම උනාම එතනින් ලාවට හරි හරියන සයිස් එකක් දීලා MRN එක අප්ඩේට් කරනවා. වැඩේනෙ කෙරෙන්න ඕනා. වැරුද්ද MRN එක ලියපු කෙනාගේ තමයි.
(කට්ටිය කලබල වෙන්න එපා. මම මේ උත්තර දෙන්නේ මම පබ්ලිෂ් නොකරපු ඇනෝ කමෙන්ට් එකකට)
මේකට හිනා යන්නෙ නැහැ
@ඇනෝ..
කවුරුවත් ඇහුවද දැං මේකට හිනා යනවද කියලා? :P
:D :D මටත් තියෙන අවුලක් ඕක.. :D :D :D එලැ එලැ..
මට පේන්නේ Mechanic කියලා ලියන්න ඕන තැනට Electrician කියලා ලියලා වගේ :P :P
මුකුත් කියන්නෙ නැතිව ලක්ස් කැටයක් දීලා ඇරියනම් ඉවරයිනෙ, මොකද වෙන්නෙ බලන්න. කොලේ ලියලත් තියනවනෙ ලක්ස් කියලම.
මොනවද බං කණියො. උඹට වෙච්ච සීන් එකක් නේද මේ? :p
oyata neda mehema une :P
Post a Comment
Thanks for your comments :)