Jun 15, 2011

පන්සලට නැති ගෞරවය දේවාලයට..

ඉස්සර ටෙක්නිකල් ලිපි වලට මූලිකත්වය දුන්නත් බ්ලොග් එකක් ඇත්තටම තමන්ගේ පුද්ගලික අත්දැකීම් වලිං සම්පූර්ණ වෙන්න ඕනා කියන කාරණය නම් මම තරයේම විශ්වාස කරනවා. අපි මගතොටදී කොයි තරම් සිදුවීම් වලට මුහුණපානවද..  මේත් ඒවගේම මම දැකපු දෙයක්..

මම මගේ සේවා ස්ථානයට යන්නේ බස් එකේ. පාර ඇවිල්ලා 224 (නිට්ටඹූව-ගිරිඋල්ල).  මම වැඩිය බස් වල ගමන් කරන්න පුරුදු උන කෙනෙක් නෙමෙයි. කෝච්චියෙම තමයි ගමන. ඒත් ඉතිං මට ඕන හැම තැනටම කෝච්චි නැති නිසා බස් එකේ යනවා :D

මුලින් දවසක් දෙකක් බස් එකේ ගියා.. බස් එකේ මිනිස්සු ගැන  එච්චර අයිඩියා එකක් නැ. මොකද පලවෙනි දවසෙම මට වැරදිලා හෝල්ට් එකක් පහු වෙලයි බැස්සේ. ඉතිං බහින තැන ගැන අවධානයෙන් ගියා මිසක් යන මිනිස්සු ගැන ගානක් නැ..

දවසක් දෙකක් යනකො‍‍ට පාර ටිකක් හුරුයි.. දැං ඉතිං යන අතරේ බස් එක නිරීක්ෂණය කරනවා.. දවසක් අහම්බෙන් වගේ මම දැක්කා බස් එකේ බොහෝ දෙනෙක් එකපාරටම ඉඳගෙන ඉන්න සීට් එකෙන් පොඩ්ඩක් ඉස්සෙනවා.. නිකං පස්ස පැත්තේ ‍මොනවා හරි ඇනෙනවා වගේ  :D මම ෆුල් හොල්මන්.. දෙවනි දවසෙත් බැලුවා.. බැලින්නම් බස් එක දේවාලයක් පහු කරන් යනවා.. ඒ දේවාලෙ බලේට තමා  කට්ටිය උඩ යන්නේ..

ඔය යන පාරෙම ලස්සන පන්සලක් තියේ.. මුං නැගිටිනවා තියා බලන්නෙවත් නැ... මේකට හේතුව විදිහට මම නම් දකින්නේ මිනිස්සුන්ගේ බය. දේවාල වල මම දන්න තරමින් නම් ඉන්නේ යක්කු. ‍මොක‍ද දෙවිවරු කවදාවත් ඔය වගේ කලුවර දුං වැදිච්ච තැන් වල ඉන්නෙ නෑ..

මේ පින්බර පොසොන් පෝය දිනයේ වත් මේ මිනිස්සුන්ගේ මිත්‍යාදෘෂ්ටික මති මතාන්තර නැති වේවායි පතනවා.

සැමට සම්මා සම්බුදු සරණයි !

12 ප්‍රතිචාර:

නදී said...

කතරගමත් ඔහොමයි ගොඩක් අය කිරිවෙහෙරට කලින් යන්නෙ දේවාලෙට.
නුවරදී මාලිගාව ලගින් වැව රවුමෙදි,බස් හරවද්දිත් මිනිස්සු ඔහොම වදිනව.ආය දඹුල්ලෙ බුදු පිලිමේ ලගදී.මතකද අර සින්දුව මාලනී බුලත්සිංහලගෙ

"හිතේ නැති භක්තියක් ගතපුරා තවරගන
හුනස්නෙන් නැගිටිමින් වදිනවා"

buwa said...

මාත් අනන්තවත් ඔය වගේ දේවල් දැකල තියනව . අන්තිමට කරල තියන ප්‍රාර්ථනාවට මාත් එකතු වෙනව . ඒ වගේම ලිපියේ පලවෙනි ඡේදයත් මාත් එකඟ වෙන දෙයක්. ජීවන අත්දැකීම් බෙදාහදා ගන්න එක ගොඩක් හොඳ දෙයක් , එක එකාගෙ වැරදි ගැන ලිය ලිය ඉන්නෙ නැතුව මාත් ඔහොම දේකට අතගහන්න හිතාන ඉන්නව . තාම හිතලු විතරයි :D

සාතන් said...

ඔලුව අතගාල ටොක්කක් ඇනල වගේ...

Bunny said...

අර නදී අක්කා කීව සිංදුව තමා මාත් ටයිප් කරන්න හැදුවෙ.. ඔන්නැ.. කාට කියන්නද බං ඔව්වා.. :-)

Anonymous said...

sahathika aththa Sahoooo

දිල් said...

කණිගෙ කතාවට මාත් එකඟයි. ඔය දේවාල වලට මිනිස්සුන්ගෙ තියෙන්නෙ අමුතු බයක්. ඒ බය නිසා තමා ඔය තැන්වලට බාර හාර වෙන්නෙ

පන්සලක් පැත්ත පලාතෙ අන්නෙ නැති සමහර මිනිස්සු දේවාල ගානෙ ගිහින් වැද වැටෙන හැටි මම දැකලා තියෙනවා.....අපි පන්සලකට යන්නෙ දෙයක් ඉල්ල ගන්න නෙමේනෙ..ඒත් දේවාල ගානෙ යන්නෙ ඉල්ලන්න විතරමයි

hare :-) said...

ඕකට කියන්නෙ ....කේ භක්තිය කියලනේ.... :D

එක අතකට හිනාවෙලා පැත්තකට වෙනව ඇරෙන්න ඕව කතාකරල පහදල දෙන්නත් බෑ නෙව :-)

indi said...

බොසා ඒ රූට් එකට දේවාල එකයි ඇත්තෙ...
පන්සල් ගොඩක් ඇති..
ඉතින් ඔය හැම පන්සල ලඟදිම පස්ස උස්නවට වඩා ලේසියි..එකතැනකදි පස්ස හොඳටම ඉස්සුවම...

Asanka Udara said...

ඕව ගැන නම් කවර කතා ද? වාහනයක් ගත්ත ගමන් අරගෙන යනවා කතරගම දෙවියොන්ට පෙන්නලා එන්න. වැඩි පුරම එහෙම යන්නෙ භක්තියට වඩා ඒ ගමන නොගියොත් දෙවියෝ කෝප වෙයි කියන බයට කියලයි මට නම් හිතෙන්නෙ.

කල්හාර දිසානායක said...

මම හිතන්නෙ අපේ හිත තමා හැම දේකටම මුල් වෙන්නෙ. මොන හේතුවක් නිසාද මන්ද අපේ මිනිස්සු පන්සලට වඩා දේවාලෙ ගැන විශ්වාසය වැඩියි.

ඒකට බය කියලම කියන්න පුලුවන්ද ..............

මධුරංග said...

මුලින්ම අපි හිතන්න ඕනේ අපි බුද්ධශ්‍රාවක ද එහෙමත් නැත්නම් දේවශ්‍රාවක ද කියලා. ඊට පස්සේ තමයි සීට් එකෙන් උනත් නැගිටින්න ඕනේ.

ඔහොම සීට් එකෙන් නැගිටිනවා ගැටඹේ බෝධිය ඉස්සරහත් ඒකේ නම් මම වරදක් දකින්නේ නෑ.

සමහරු යක්කල දේවාලේ ලගදිත් ඔහොම සීට් වලින් නැගිටිනවා මම් දැකලා තියෙනවා.

Madhawa Habarakada said...

එහෙම නැගිටින්නෙ ගෞරව කළ යුතුයි කියල හිතන නිසාත් වෙන්න පුළුවන්. හැබැයි තමුන්ගෙ ආගම බුද්ධාගම නම් ඒකට නැති ගෞරවයක් දෙය්යන්ට තියෙන්න ඕනෙ නෑ. මොකද දෙය්යොත් බුදු හාමුදුරුවන්ට යටයි.
මම ඔය අවස්ථා දෙකෙන් එකකදිවත් නැගිටින්නෙ නම් නෑ. නමුත් මගෙ හිත ඇතුළෙ ඒ ගෞරවය ඉහළින්ම තිබෙනවා.

Post a Comment

Thanks for your comments :)