කණියාගේ සටහනේ සියවෙනි ලිපියත් ලියවුනා. ලිපි තුන් හාරසීය ලියන අයත් එක්ක සීයක් ලියපු එකත් කජ්ජක්ද.. ඒත් මම අද ඇත්තටම සතුටු වෙනවා මගේ බ්ලොග් එක කියවපු කෙනෙක් ඒකෙන් මොකක් හරි දැනුමක් හෝ අත්දැකීමක් තමන්‍ගේ ජීවිතයට ගන්න ඇති කියලා. මොකද මම කවදාවත් ලියපු දෙයකින් තවත් කෙනෙක්ට වැරදි මාර්ගයක යන්න අනුබල දීමක් සිදු කලේ නැ.
මේ දවස් වල සිංහල බ්ලොග්කරණය ගැන ලියන්න හිතුනා, කියවලා තමන‍්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.
බ්ලොග් කරණය සදාචාරාත්මකව සිදුකල යුතුයි කියන මතයේ මම එදා ඉඳන්ම හිටියා. නමුත් අද සමහරෙක් මේ සදාචාරාත්මක භාවය පිලිබඳ කිසි සැලකිල්ලක් නැ. උදාහරණයක් විදිහට ගන්නවා නම් සමහරු බ්ලොග් එකේ තමන්ගේ වීරත්වය පෙන්වන්නේ තමන් බේබද්දෙක් කියන එක මුලු රටටම කියාපාමින් (බොන හැම එකාම මෙහෙම නැ). නැත්නම් තමන් කරපු බලු වැඩක් මහා වීරකමක් විදිහට බ්ලොග් එකේ දාන එකත් දැං එක්තරා ෆැෂන් එකක් වෙලා. අනිත් කාරණය තමයි බ්ලොග් එක මගින් අනිත් අයගේ අනුකම්පාව දිනාගැනීම. බ්ලොග් එකක් තියෙන්නේ තමන්ගේ දුර්වලකම්, අඩුපාඩු වැනි දේවල ප්‍රදර්ශනය කරන්න නෙමෙයි.
අනික තමයි තමන්ගේ බ්ලොග් එකෙන් මොකක් හරි දෙයක් හෝ අදහසක් තමන්ගේ පාඨකයන්ට ඉදිරිපත් කලා නම් ඒවාට ලැබෙන සදාචාරාත්මක ප්‍රතිචාර වලට උත්තර දෙන්න අපි බැදී සිටිනවා. කමෙන්ට් වලට බයේ පැනලා යන එක නෙමෙයි කරන්න ඕනා. ඒත් කවුරු හරි කුනුහරුප කමෙන්‍ට් එකක් දාලා ගිය පලියට ඒක පබ්ලිෂ් කරලා ඒකට උත්තර බඳින එක මගේ මතයට අනුව නම් වැරදියි.
මේ මම කිවුවේ මම දකින වැරදි.. ගොඩක් අය එහෙම නැ කියන එකත් ගොඩක් සතුටින් කියන්න ඕනා. ඒත් කිරි හැලියට එක ගොම බිංදුවක් වැටුනා නම් හොදටම ඇති.
සියලු බ්ලොග්කරුවන්ට කාරියන්ට සුබ අනාගතයක්!! ඒ වගේම මේ ලියන අයට මීට වඩා වටිනාකමක්, පිලිගැනීමක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.


22 ප්‍රතිචාර:
එක එක්කෙනාගෙ අරමුණු වෙනස්නෙ බං... ඒව ගැන කතා කරනව වුණාට අපට වෙනස් කරන්න බෑනෙ ඒ දේවල්... ඒවයින් වැඩක් නෑ... තව කාලයක් අළුත් දේවල් හඳුන්වා දෙමින් නව අදහස් එක්ක බ්ලොග්කරණයේ නියැලෙන්න සුභ පැතුම්!
මෙන්න 100ට සුභ පැතුම් මචෝ!!!!! :) 200ට කමෝන්!!!
සුභ පැතුම් කණී...
ඉදිරියටත් වැදගත් හරවත් ලිපි ලිවීමට දිරිය ශක්තිය ලැබේවා..!!
සුභ පැතුම් සහෝ.... ඔය ලියල තියන අදහස් වලට උඹේ කටේ මසුරන් ,,(සොරි මසුරන් නෙමේ රු 5000 නෝට්ටු මිටියක් ) . දාන්න වටිනව . බ්ලොග් කරනයට සදාචාරය ඉතාම වැදගත් . කුණු හරුපයක් ලියන්න ඕනි නම් ඒකත් කරන විදිහක් තියෙයි . මට නම් තාම කුණුහරුප කමෙන්ට් අත්දැකීමක් නැ (එහෙම නැති එකමයි හොඳ ) . තමන්ගෙ ජීවන අත්දැකීම් ලියන කෙනෙක් අතින් තමන් කරපු වැරදි දෙයක් ලියවෙන කොට අපිට ඒක නම් විවේචනය කරන්න අයිතියක් නැ කියලයි මට නම් හිතෙන්නෙ
සුභ පැතුම් මචං ඊලගට 200ත් ඔය ගැම්මටම ගහමු...
@hare
ස්තුතියි :)
@ගෙහාන්
බලමු 200ක් ලියන්න :D
@සම්පත්
ස්තුතියි :)
@buwa
මේකනේ බං.. වැරදි දෙයක් උනත් ලියන්න පුලුවං ඒකෙන් කෙනෙක්ට පාඩමක් ඉගෙන ගන්න පුලුවන් විදිහට.
@කිඩෝ
ස්තුතියි :)
යකඩෝ 100 යිද ?. මට බ්ලොග් ලියන්න පාර පෙන්නපු බ්ලොගේ 100 පෝස්ට් එක. බෝම් සංතෝසයි කණි. මාත් දැන් 50 කිට්ටු කරලා. ඒ ඉතිං කවුරු හින්දාද කියලා කිව්වොත් ඒ උබ හින්දා. උබ නැතිනම් අදද මම බ්ලොග් ලියන්නේ නෑ. මට පාර කීවාට බෝම් ස්තූති මචං. චිරාත් කාලයක් වැජබීමට ශක්තිය දෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උබට ජය. 200 පන්නමු ඉක්මනින්ම.
මුලින්ම සුභ පැතුම් මචං!
මම හිතන විදිහටනම් හොඳ දෙයක් වුනත් නරක දෙයක් වුනත් කතාව ඇත්තටම සිදුවෙච්ච දෙයක්නම් කරන්න දෙයක් නෑ. ඒක ඇත්ත්ටක්නේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් හැබැයි අකමැති අයට කියවන්නේ නැතුව ඉන්න පුළුවන්නේ.
ඊට වඩා මම දකින බොහොම නරක ඩ්හෙයක් තමයි කොපි කරන එක. මේ දවස්වල මම මේ කාරණේ සෑහෙන්න දකිනවා. අන්න ඒකනම් හෙනම චාටර් වැඩක්. තමන්ට තමන්ගෙම කියලා නිර්මාණයක් කරන්න බැරිනම් නොකර ඉන්න එක හොඳයි කොපි කරනවට වැඩිය.
100 ට සුභ පැතුම් කණියා...!
බ්ලොග් එක පටන් ගත්ත දවස්වල උඹෙ බ්ලොග් එකෙන් මටත් සෑහෙන උදව් ලැබුනා විශේෂයෙන්ම තාක්ෂණීක පැති ගැන..ස්තූතියි
ඔන්න එහෙනම් 100වෙනි ලිපියට මගෙන් සුබ පැතුම්. අවුරුදු දෙකක් බ්ලොග් ලියලා මම් හිතුවේ මල්ලි 200ක්වත් ලියන්න ඇති කියලා. කමක් නෑ.
කතාව ඇත්ත. සමහරු කට්ටිය අද්දව ගන්න 18+ පෝස්ට් දානවා. ලියන්න ඕන සමාජය නොමග යන ඒවා නෙමෙයි සමාජයට වැඩක් වෙන ඒවා.
එල එල කනියා..දිගටම ලියපන්..මම උබෙ මුලු බ්ලොගයම කියෝල තියෙනව..ඒ මට උබ ලියල තියෙන ඔක්කොම වැදගත් හින්ද..ජයවේවා!!
සුභ පැතුම් මචන්.....
දිගටම වැදගත් දෙයක් ලියපන් හැමදාම
උබේ පොස්ට් අතරිං මං කැමතිම පොස්ට් සෙට් එක අර හවර්ක්‍රාෆ්ට් එක හදන එක.. අනික්වා නම් මෙලෝම රහක් නැහැ :P
ජය වේවා මචං..
100 සුභ පැතුම්.. ! :D :D
@ශාමින්ද,මාරයාගේ හෝරාව,පූසා,මධුරංග,චාටර් කොල්ලා,sanj
ස්තුතියි හැමෝටම :)
@බනියා
ඒ වගේ පෝස්ට් දාන්න ඒ වගේ අලුත් දේවල් හදන්න ඕනා බං.. අයිඩියා තිබ්බට ආර්ථිකෙත් හොඳ වෙන්න ඕනානේ.. ඉස්සරහට ඒ වගේ ලිපි ඒවි.. :)
100ට සුභ පැතුම් දිගටම ලියන්න
සදාචාරය ගැන කියන්න ගිහින් මට වෙච්ච දේ මෙන්න.
http://kumbakarnaya.blogspot.com/2011/02/blog-post.html
ඊට පස්සෙ මම බ්ලොග් ලිව්වෙ නෑ. ඉඳල හිටල ඇවිත් මේ වගේ වැදගත් බ්ලොග් එකක් කියවල යනව මිසක්.
ඔබට ජය සහෝදරයා
/කුම්භකර්ණයා
එල කිරි මල්ලි. ඔහොම යං. සුභ පතනව. (මම ඇවිල්ල ඔයාට වඩා අලුත් කෙනෙක් නෙව සිංහල බ්ලොග්කරණයට. ඉතින් ඔයාලගෙන් ඉගෙනගන්න දේවල් තිබෙනවා.)
ඔබ කියන දේවල් හරි, අර කොමෙන්ට් කරල තියෙනව වගේ කොපි කරන එකත් මේ දවස් වල ට්‍රෙන්ඩ් එකක්නෙ. :(
මටත් මේ දවස් වල හරියකට මොකුත් ලියාගන්න බැරි උනානෙ. අර සූර්ය කුණාටු ගැන සමීක්ෂණ කරල ලිව්ව එකටත් එච්චර ප්‍රතිචාරත් නෑ නෙ.
සුභ පැතුම් මචන්
100 සුබ පැතුම්...ඔහොම යං........
සීයට මගේ සුභ පැතුම්.
ඒත් සිය වෙනි ලිපියේ අන්තර්ගතය ගැන නම් මට පොඩි ගැටලුවක් තිබේ.
බ්ලොග් එකක් කියන්නේ කෙනෙක්ගේ පුද්ගලික අදහස් ලියන්න පුලුවන් තැනක් නේද මල්ලී.
ජනමාධ්‍යවේදීන්ට වගේ රකින්න කිසිම ගිවිසුමක් නැති වුනාට අනෙක් අය කියවන නිසා සංයමයකින් ලියන්න නම් ඕන තමයි.
ඒත් තමන් කරපු වැරැද්දක් හරි කෙනෙක් තමන්ගේ බ්ලොග් එකේ ලියන්නේ ඒ වැරැද්දේ බරින් හිත නිදහස් කරගන්න වෙන්න පුලුවන් නේද?
කෙනෙක්ට ඒක මෝඩ චූන් එකක් වගේ ලොකු කම් පෙන්වීමක් වගේ පෙනෙයි.
ඒත් සමහර විට කියවන අයගේ අදහස් වලින් පස්සේ ඒ කෙනාට තමන්ගේ වරද පෙනිලා ආයේ දෙපාරක් ඒ වරද නොකරන්නත් ඉඩ තියෙනවා නේද?
අනේ මන්දා මේ මගේ අදහස . .
@කුම්භකර්ණයා
ඔය වගේ දේවල් වලිං සැලෙන්න එපා බං.. මිනිස්සු විවිධාකාරයි..
@Madhawa Habarakada,Thilina,Aki
ස්තුතියි :)
@දුකා.
මේකනේ අයියේ.. මම දැකලා තියෙන විදිහට තමන් කරපු වැරදි ගැන බ්ලොග් ලියන අය ලියන විධි දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ වැරැද්දෙන් අනිත් අය පාඩමක් ඉගෙන ගෙන ඒක ඒ අයගෙන් නොවෙන්න ඕන කියන මතය එලිදක්වන අය. අනික් බුවාලා තමයි තමන්ගේ වැරැද්ද මහා ලොකු වීරකමක් විදිහට පෙන්නලා කියවන අයට වැරදි ආදර්ශයක් දෙන අය. උදාහරණයක් විදිහට ගන්නවා නම් බේබද්දා වීරයා කියන මතය පෙන්වන්න හදන බ්ලොග් මම දැකලා තියෙනවා. අන්න ඒක වැරදියි කියලයි මම කිවුවේ.
ඔන්න මම අද තමයි මේ පැත්තට අවේ ,,, 100 වෙනි පොස්ට් එකට සුබපැතුම් ....
සුබ පැතුම කනියෝ 100 වෙනි ලිපියට.....
Post a Comment
Thanks for your comments :)