Aug 26, 2011

ඉන්ෂුවරන්ස් එක..

ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ උනේ.. මමත් ඉතිං සිංහල බ්ලොග් කරුවෙක්නේ..
ලියන්න ටෙක්නිකල් දේවල්  ගොඩක් තිබුනත් ලියන්න වෙලාවක් නැ..

කතාව මෙහෙමයි.. සිද්දිය උනේ මම වැඩ කරන workshop එකේ.. සාමාන්‍යයෙන් තේ වෙලාවට කට්ටිය තේ බීලා කතා බහ කර කර ඉන්නවා.. වැඩ කරන අය මාත් එක්ක ටිකක් එකතුයි.. මුලිං trainee කෙනෙක් විදිහට උං එක්ක එකට‍ වැඩ කරපු නිසා හැමෝම බොහොම විවෘත්තව කතා කරනවා..


අද කට්ටියගේ පඩි දවස.. එක්කෙනෙක් තමන්ගේ ඉන්ෂුවරන්ස් එකේ වාරිකය ගෙවලා ඇවිත්.. දැං ඉතිං කට්ටියම ඒ ගැන කතාව.. ඒවයි වාසි, අවාසි අරවා මේවා.. බරටම සාකච්ඡාව යනවා..

මෙහෙම කතාව යද්දි අර අයියා කියනවා..

"දැං බලන්න ඉන්ෂුවරන්ස් එකෙන් අපි ඉස්පිරිතාලෙක නැවතුනත් ගෙවනවා.. හදිස්සියෙන් මට මොනවා හරි උනා.. ඉන්ෂුවරන්ස් එකක් නොතිබ්බා නම් ගෑනියි ළමයිනුයි මට බනි.. මූ කිසි දෙයක් ඉතුරු කරලවත් ගියෙ නැ කියලා.. ඒකටත් එක්ක මම මැරුනොත් මගේ ඉන්ෂුවරන්ස් එකෙන් ලක්ෂ 20ක් දෙනවා.. අඩුම තරමේ මගේ ගෑනිට වෙන කසාදයක් කරං සං‍තෝසෙං ජීවත් වෙන්න හරි පුලුවං.."

අපේ එවුංටත් ක‍ට පියං ඉන්න බෑ.. එකෙක්ට ඇහිලා තියෙන්නේ අර ඉන්ෂුවරන්ස් එක දාලා තියෙද්දි මැරුනොත් ගෑනිට වෙන කසාදයක් කරන් සංතෝසෙන් ඉන්න පුලුවන් කියන එක..

ඉතිං මූ පැනපු ගමන් කියපි,

අඩේ.. එහෙනං මාත් ඉක්මනට මගේ ගෑනිට ඉන්ෂුවරන්ස් එකක් දාලා දෙන්න ඕන :D :D

17 ප්‍රතිචාර:

Hasitha said...

අඩේ මාත් කවද හරි බදින එක්කෙනාට ඒකක් අරන්දෙන්නෝන :D

The Lion said...

කවුද බන් ඒ ඩයල් එක ............:D

නිම්ශා said...

ඔය මතක් වෙලා තියෙන්නේ එකක්..ගැනි මැරෙන කම් ඉන්නේ ..හරි ශො...ක්..

Kanishka | කණියා said...

@Hasita
අනිවා :D

@The Lion
වැඩ කරන බුවෙක් :D

@නිම්ෂා
හික්... :D

පූසා said...

හි හී මරු කතාව! :D

දේවා ගේ අඩවිය said...

ඉන්සුවරන්ස් එකක් දානවා නම් නමට විතරක් තියන එකක නොදා පිලිගත්තු පැවත්මක් තියෙන වසර ගානක විශ්වාසය ‍රැදුන තැනක දාන එක තමා හොදම

වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරිවෙලා ගොඩාක් දෙනවා කියන එවා නැති වෙනවාට වඩා නොදා හිටියානම් හොදයි කියලා නොහිතෙන තැනක ඒක දාන එක තමා හොදම කියලා මම නම් හිතන්නේ

සම්පත් සඳරුවන් said...

කණියත් අරන් ද තියෙන්නේ දැන් ඉන්සුවරන්ස් එකක්?? :D :D

Bunny said...

අනේ ඔය කාලකන්නි ඉංශුවරන්ස් නම් ඔන්නැ.. අපේ තාත්තත් මට දාලා ඉන්ශුවරන්ස් එකක්.. මං ඉන්නෙ 21 උනාම ඒ සල්ලි ටික අරං කැමරාවක් ගන්න :D

අසoක said...

නොදකින් අරුට මොනවා හිතෙන්න ඇත්ද......මරු ස්ටොරිය..:-)

ChammA said...

අන්න නියම ඩයල්...ලොල්

පන්සල් හංදිය said...

ෂුවර් එකටම දන්නවනං අවුරුද්දකින් දෙකකින් මැරෙනවා කියලා ලොකු ඉන්ෂුවරන්ස් එකක් දැම්මට වැරැද්දක් නැහැ, නැත්නම් වැඩක් නැහැ ...

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

ගොඩ කාලෙකින් දැක්කේ. දැන් ඉතිං සල්ලිකාර Busy මහත්තුරුනේ, බ්ලොග් ලියන්න වෙලාවක් නැතුව ඇති. ඔව්වා ඔහොම තමා ;)

මධුරංග said...

මාත් ඉන්සුවරන්ස් එකක් ගන්න ඕනා. එතකොට හරි නේ.

Rajitha Prabath said...

එල කතාව කණියෝ හි හි....

resh said...

oya wagema kattiya thamai factory eketh inne.. neda :P

වර්ණා said...

හිහි මාරු කතාව

leks' world said...

කලකට පස්සේ ත්මයි මමත් මේ පැත්තේ ආවේ. නියම කතාව. ආදර්ශයට ගන්න ඕනි කට්ටිය තමයි! :D

Post a Comment

Thanks for your comments :)