මේ ටිකේ නිවාඩු නිසාත්.. කරන්න වැඩක් ඇත්තෙම නැති නිසාත් මම තිරණය කලා බ්ලොග් එක පැත්තෙ පොඩ්ඩක් කැරකෙන්න. නැත්තං මේ යන විදිහට ගියොත් මාවත් සිංහල බ්ලොග් අවකාසයේ අවලංගු කාසියක් වෙන්න බැරි නෑ

කලිං පෝස්ට් එකේ දාපු Commodore PET එක කට්ටියට අල්ලා ගියපු නිසාත්, අපේ Confiuzd ප්‍රෝග්‍රැමර් ගේ ඉල්ලීම පිට‍ත් අද මම Atari ගැන ලියන්න තීරණය කරා. සරළව හඳුන්වනවා නම් Atari කියන්නෙ පරිගණකයකටත් වඩා game console එකක්. නමුත් මේක තමයි මයික්‍රොප්‍රොසෙසරයක් සහිත පලවෙනි පරිගණක ක්‍රීඩා පද්ධතිය.




Atari VCS කියලා මුලින්ම වෙලඳපොලට නිකුත් උන (පස්සේ Atari 2600 කියලා නම වෙනස් උනා) මේ game console එක මුලින් නම් ඒතරම් ජනප්‍රිය නොවුනත් අවුරුදු කීපයකට පස්සේ මිලියන 8කට වඩා විකිනිලා තියෙනවා. ඔය මැද්දෙං ඔබලා වගේ තියෙන්නේ ඒ ඒ game එකට අදාල cartridge එක. සමහර විට ඔයාලා‍ට මතක ඇති මීට අවුරුදු 10කට විතර කලිං අපි අතරෙත් TV game system තිබ්බා. ඒවයිත් තිබ්බේ මෙන්න මේ වගේ cartridge.

මේකෙ Keyboard input එකක් වෙනුවට තිබ්බේ Joystick දෙකක්. (2ක් තිබ්බේ දෙන්නෙක්ට තමා)  මොනිටර් පා‍විච්චියක් තිබ්බෙම නෑ. කෙලින්ම TV එකට ගහලා වැඩ පටන් ගන්න තිබ්බේ. හැබැයි ඒ දවස් වල ඔය මෙගා ටෙලි නාට්‍ය තිබ්බෙ නැති නිසා හොඳට හිටියා.

කොහොම හරි Atari 2600 එකේ සාර්ථකත්වය නිසාම Atari හදපු සමාගම මේක වැඩි දියුණු කරන්න යොමු උනා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි Atari 400 කියන PC එක නිශ්පාදනය කෙරුනේ.

Atari 400 පරිගණකය On කරාම අපිට දකින්න ලැබෙන්නේ සාමාන්‍ය text editor එකක් විතරයි. අනිකුත් මෘදුකාංග ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය නම් ඒකට අදාල cartridge එක පාවිච්චි කරන්න සිදුඋනා. පරිගණක ක්‍රීඩාත් මේවාට‍ ඇතුලත්. Atari 400 හි ඇති ප්‍රධානම වෙනස වෙන්නේ එහි තියෙන keyboard එක. නමුත් මේකෙත් joystick පාවිච්චි කරන්න ඉඩපහසුකම් සලසා දී තිබෙනවා. (මට නම් keyboard එක දැක්කාම ගේම් එපා උනා). කොහොමත් game ගහන්න පුලුවන් joystick වලින් විතරයි.

 Atari 400 පරිගණකයේ තාක්ෂණික තොරතු‍රු මෙන්න මෙහෙමයි.

  CPU:                 MOS 6502,1.8MHz
  RAM:8K base, 48K max
  Display:24 X 40 text

320 x 192 monochrome

160 x 96 with 128 colors
  Expansion:2 internal expansion slots

1 cartridge slot under front cover
  Ports:4 controller ports

TV video output
  Storage:external floppy drive

cassette recorder
  OS:Atari OS

කොච්චර උනත් මෙයාලත් කැසට් එක නං අමතක කරලා නෑ.Commodore වගේම තමා. මේකට පොඩි Printer එකක් එහෙමත් සම්බන්ධ කරන්න පුලුවන් වෙලා තිබිලා තියෙනවා.

Atari 400 ගේ ලොකු අක්කා Atari  800. හැබැයි  අක්කා ආවේ නංගිට පස්සෙ 


Atari 800 හි විශේෂත්වය තමයි ප්‍රධාන මයික්‍රොප්‍රොසෙසරයට අමතරව sound හා Video සඳහා අතිරේක ආධාරක processor සම්බන්ධ කර තිබීම. මේකෙන් ප්‍රධාන ප්‍රොසෙසරයේ Load එක අඩු කරන්න හැකියාව ලැබුනා. ඒ වගේම මේ පරිගණක වල cartridge වල තියෙන්නෙ ROM නිසා කෙලින්ම සම්බන්ධ කරපු ගමන් වැඩ කරන්න පුලුවන්. ඒ වගේම මේකට Modem එකක්, numeric pad එකක් එහෙමත් සම්බන්ධ කරන්න පුලුවන් වෙලා තියෙනවා.



Atari 800 අක්කාම පොඩ්ඩක් මොඩිෆයි කරලා Atari 800XL කියලා පරිගණකයක් නිකුත් උනා. ලොකු වෙනසක් නොවුනත් පෙනුම ටිකක් වෙනස් කරලා RAM එක 64k දක්වා වැඩි කරලා තියෙනවා. ඊට අමතරව parallel I/O port (PBI) හා general purpose I/O port එකක් ඇතුලත් කරලා තියෙනවා.

කොච්චර කතා කරත් Atari එකක් වැඩ නොකර ඒ අත්දැකීම ගන්න බෑනෙ. ඒක නිසා Atari එකටත් Emulator එකක් දෙන්න තීරණය කලා. මේක install කරාට පස්සෙ ඒ ඒ cartridge වලට අදාල files open කරන්න පුලුවන්.

Download Stella (Emulator)

මේක Commodore emulator එක තරම් ගතියක් නැති උනත් Atari ගැන අදහසක් ගන්න පුලුයවන්.

අවශ්‍ය ROM files මේ වෙබ් පිටුවෙන් Download කරන්න.

Downlaod Apps

reference : www.oldcomputers.net
8

View comments

Loading